Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් මධ්‍යම පළාතේ දිස්ත්‍රික්ක දෙකක් සඳහා නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ. එම අනතුරු අඟවීම් අද (13) පෙරවරු 6.00 සිට හෙට (14) පෙරවරු 6.00 දක්වා වූ ඉදිරි පැය 24 සඳහා වලංගු බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරයි. ඒ අනුව, නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ සහ නිල්දණ්ඩාහින්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අදියර දෙක මට්ටමේ (අවදානයෙන් සිටින්න) අනතුරු ඇඟවීම නිවේදනය කර තිබේ. එමෙන්ම, මහනුවර දිස්ත්‍රික්කයේ පාතහේවාහැට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සඳහා අදියර 01 මට්ටමේ (විමසිලිමත් වන්න) නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
මුදල් වංචා කිරීම් දෙකකට සම්බන්ධ බවට සැකපිට සැකකාරියක් හා සැකකරුවෙකු වයඹ පළාත් පරිඝණක අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇත. අන්තර්ජාල ව්‍යාපාරයක් මගින් මුදල් උපයා ගත හැකි බව පවසා කාන්තාවන් රවටා මුදල් වංචා කිරීමක් සම්බන්ධයෙන් ලද පැමිණිලි මත සිදුකළ විමර්ශනයකින් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ. අන්තර්ජාල ව්‍යාපාරයක් මගින් මුදල් උපයාගත හැකි බව පවසා පැමිණිලිකාරියක් රවටා, වංචා කරන ලද මුදල් රුපියල් ලක්ෂ 31ක (3,141,967) මුදලින් සැකකාරියගේ නමින් ඇති ගිණුමකට රුපියල් ලක්ෂ 2ක මුදලක් වංචනිකව බැර කර, එකී ගිණුම නොදන්නා පාර්ශවයක් වෙත මුදලට අලෙවිකර වංචාවක් සිදු කර ඇති බවට එක් පැමිණිල්ලක මත සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී ඇත. අනෙක් පැමිණිල්ලේ අන්තර්ජාල ව්‍යාපාරයක්…
විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා කිසිවෙකුත් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ කාර්යාල වෙත අද (13) නොපැමිණෙන ලෙස දැනුම් දී තිබේ. මහජන ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටින්නේ පරිගණක පද්ධති බිඳවැටීම තවමත් යථා තත්ත්වයට පත් කර නොමැති බැවින්, අද දිනයේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයට හෝ ප්‍රාදේශීය කාර්යාල වෙත නොපැමිනෙණ ලෙසය. පරිගණක පද්ධතියේ බිඳවැටීම යථාතත්ත්වයට පත්කිරීමට මේ වනවිටත් කටයුතු කරමින් සිටින බව සඳහන්ය. සාමාන්‍ය සේවාවන් ලබන 16 සඳුදා දින නැවත ආරම්භ වන අතර අද දින අයඳුම්කරුවන්ට එදින ප්‍රමුඛතාවය ලබාදෙන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ඇත. මේ අතර ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ බිඳවැටීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ එහි මාධ්‍ය ප්‍රකාශක…
කැස්බෑව නගර සභාවේ මාසික රැස්වීම අද (12) පැවැති අවස්ථාවේදී එහි උණුසුම් තත්ත්වයක් හටගෙන තිබුණි. ඒ කැස්බෑව නගර සභාවේ බලය හිමි පක්ෂය වන ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරයෙකු විසින් රැස්වීමේදී අවස්ථාවේදී පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන්ගේ නාමය සඳහන් කරන අවස්ථාවේ “බලංගොඩ කස්සප” ලෙස ආමන්ත්‍රණය කිරීම හේතුවෙන්ය එහිදී විපක්ෂයේ මන්ත්‍රීවරු එම නාමය නිවැරදි ආකාරයෙන් සඳහන් කරන ලෙස සභාපතිවරයාගෙන් ඉල්ලා සිටියද, ඒ පිළිබඳ අවධානය යොමු නොකළ බව සඳහන් වාර්තා වෙයි. මෙම සිදුවීම හේතුවෙන් විපක්ෂයේ සර්ව ජන බලය නියෝජනය කරන නාගරික මන්ත්‍රීවරයකු සහ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු සභාව වර්ජනය කර ඉන් පිටව ගොස් තිබුණි. පසුව සෙසු විපක්ෂ සභිකයින් ද සභාවෙන් පිටව ගොස් නගර සභා…
මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොලොන්නරුව දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි තත්ත්වයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව හෙට (13) දිනය සඳහා අද ප.ව. 4ට නිකුත් කළ නිවේදනයේ මේ බව දැක්වේ. ඌව පළාතේත් අම්පාර, මඩකලපුව, නුවරඑළිය, මාතලේ සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකිය. උතුරු පළාතේත් අනුරාධපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව සඳහන් වෙයි. සෙසු ප්‍රදේශවල ප.ව 2න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. සබරගමුව පළාතේත් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක් තද වැසි ඇතිවේ. බස්නාහිර,…
2026, විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන තරගයෙන් ජයගැනීම සඳහා ඕමාන කණ්ඩායමට ලකුණු 226ක ඉලක්කයක් හිමිව තිබේ. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 05ක් දැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 225කි. එහිදී කුසල් මෙන්ඩිස් ලකුණු 61ක්, පවන් රත්නායක ලකුණු 60ක් සහ දසුන් ශානක ලකුණු 50ක් රැස්කරගැනීමට සමත් වූහ.
මත්ද්‍රව්‍ය භාවිත කර පෞද්ගලික මගී බස් රථවල සේවයේ යෙදෙමින් සිටි රියදුරන් සහ කොන්දොස්තරවරුන් හත්දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. පිළියන්දල ප්‍රධාන බස් නැවතුම්පොළින් ගමන් ආරම්භ වන සහ පිළියන්දල නගරය හරහා ධාවනය වන පෞද්ගලික බස් රථවල රියදුරන් සහ කොන්දොස්තරවරුන් මත්ද්‍රවය පානය කර ඇතිදැයි පරික්ෂා කිරීමෙන් අනතුරුව එම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත. එම පරික්ෂා කිරීම් පිළියන්දල ප්‍රධාන බස් නැවතුම්පොළෙ දී ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ විශේෂ බස් රථයක් තුළ සිදුකර තිබේ. බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන් 170 එලෙස පරීක්ෂාවට ලක් කර ඇත. නුගේගොඩ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය සහ පිළියන්දල පොලීසිය ඒකාබද්ධව පුරා පැය පහකට ආසන්න කාලයක් එම පරික්ෂා කිරීම සිදුකර තිබේ. මාර්ග අංක 120 (…
ට්‍රැක්ටර්වලට සවිකළ වින්ච් යන්ත්‍ර යොදාගනිමින් සිදුකරන මාදැල් ධීවර කර්මාන්තයට වත්මන් ආණ්ඩුව විසින් පනවා ඇති තහනම ඉවත් කරන ලෙස ඉල්ලා මාදැල් ධීවරයින් ආරම්භ කළ සත්‍යග්‍රහය හේතුවෙන් මේ වනවිට වෙළෙඳපොළේ මාළු මිල ගණන්වල සුළු වැඩිවීමක් දක්නට ලැබේ. මෙම තත්ත්වය හමුවේ මාළු වෙළෙඳන් පවසන්නේ, මේ දිනවල වෙළෙඳපොළ වෙත පැමිණෙන මාළු තොග ප්‍රමාණයේ අඩුවක් පවතින බවය. එහි ප්‍රතිඵලයක් ලෙස මාළු තොග මිල ගණන් මෙන්ම සිල්ලර මිල ගණන්ද සුළු ලෙස ඉහළ යන බව ඔවුහු සඳහන් කරති. එවන් පසුබිමක අද (10) දින පෑලියගොඩ මාළු වෙළෙඳපොළේ මාළු තොග මිල ගණන් ලෙස කෙලවල්ලා මාළු කිලෝවක් රුපියල් 2,700ක්, තෝර මාළු කිලෝවක් රුපියල් 3,600ක් සහ පරා මාළු කිලෝවක් රුපියල් 3,000ක්…
කටුනායක පොලිස් වසමේ ආඩිඅම්බලම ප්‍රදේශයේ රතිඤ්ඤා වැඩපොළක ඇතිවූ ගින්නකින් එහි සේවකයෙකු පිළිස්සුම් තුවාල ලබා මීගමුව රෝහල්ගත කර තිබේ. ඊයේ (11) දහවල් මෙම හදිසි ගින්න ඇතිවී තිබෙන අතර තුවාල ලබා ඇත්තේ අවුරුදු 35ක් වන මහියංගණය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. පසුව කටුනායක පොලිස් ස්ථානයේ නිලධාරීන් හා ප්‍රදේශවාසීන් විසින් එක්ව ගින්න මැඩපැවැත්වීමට කටයුතු කර තිබුණි. කෙසේවෙතත් ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර කටුනායක පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
අද (12) දිනයේ මධ්‍යම, ඌව, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇති වෙයි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද අලුයම නිකුත් කළ කාලගුණ අනාවැකියේ ඒ බව දැක්වෙයි. ඒ අනුව නුවරඑළිය, මාතලේ, බදුල්ල සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකිය. උතුරු පළාතේ වැසි වාර කිහිපයක් අපේක්ෂා කෙරේ. සෙසු ප්‍රදේශවල සවස 2න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක් තද වැසි ඇති වෙයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පවතී. ගිගුරුම් සහිත…
