Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව ඊයේ (12)දින අත්අඩංගුවට ගත්බව අනුරාධපුර පොලිසිය කියයි. කාන්තා හා ළමා කාර්යංශයට ලද පැමිණිල්ලක් අනුව අනුරාධපුර පොලිසියේ නිලධාරින් පිරිසක් විසින් මෙම පාලිකාව අත්අඩංගුවට ගෙන තිබේ. මෙම පාලිකාව විසින් නේවාසිකාගාරයේ නේවාසිකව සිටින වයස අවුරැදු 10 ත් 15 ත් අතර වියේ පසුවන ශ්‍රව්‍යාබාධිත දරු දැරියන් හත් දෙනකුට පමණ කොටුවලින් පහර දුන් බවට මාපියන් ගෙන් ලද පැමිණිලිලි මත අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මුලස්ථාන පොලිස් පරික්ෂක ආර්.එම්.ජයවීර මහතා පැවසිය. පහර කෑමට ලකවු දරැ දැරියන් අධිකරණ වෛද්‍ය වරයෙකුට ඉදිරිපත් කරන බවද පොලිසිය පැවසිය.
හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී ඊයේ (12)වැනි දා මියගොස් ඇති බව හුංගම පොලිසිය කියයි. අළුතික් ඉඳිකිරිම් කටයුතු සිදුකරන හෝටල් වැඩ බිම වෙත බහලුම් ප්‍රවාහනය කරන රථය පැමිණ ඇති අතර එහි ඇතුලත තිබූ මීටර් 3 උස මීටර් 2 ක් පමණ පළල අඟල් භාගයක් තරම් ඝණකම ඇති වීදුරු හතක් බිමට බෑමේ කටයුතු වල නියැලි සිටි පුද්ගලයෙකුගේ ඇඟ මතට එවැනි විදුරු හතක් එක්වරම කඩා වැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බව පොලිසිය කියයි. වීදුරු තොගය කඩා වැටීමෙන් බරපතල තුවාල ලත් කම්කරුවා තංගල්ල රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසුව මියගොස් ඇත. මෙසේ මියගොස්…
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවතුර තත්වය අවම කිරීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා හමුදවේ 2 ශ්‍රී ලංකා පාබල හමුදා භටපිරිස් විසින් කටයුතු කරන ලදී. හදිසි ආපදා තත්ත්වයකදී පීඩාවට පත්වන ජනතාවට සහන සැලසීමටත්, ආපදා කළමණාකරන කටයුතුවලදී අදාළ වගකිව යුතු ආයතන වෙත පූර්ණ සහයෝගය ලබාදීමට ඕනෑම අවස්ථාවකදී සහභාගී වීම සඳහා භටපිරිස් සූදානම් කරන ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ විසින් 1 බලකායේ බලකාධිපති හා සියලුම ආරක්‍ෂක සේනා ආඥාපතිවරුන් වෙත කරන ලද දැනුම් දීම මත මෙම කටයුතු ආරම්භ කර ඇත.
මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට ගත් බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරි ගාමිණී බී. දිසානායක මහතා පැවසීය. බන්ධනාගාරය තුළ රාජකාරියේ යෙදී සිටි බන්ධනාගාර නිලධාරින් මෙම පාර්සලය බාරයට ගත් බවත් අත්අඩංගුවට ගත් තහනම් ද්‍රව්‍ය මාතර පොලිසියට බාර දීමට කටයුතු කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් මාතර බන්ධනාගාර විමර්ශන කටයුතු ආරම්භ කළ බවත් ඒ මහතා කීය.
විදේශයන්හි බැංකු සහ මූල්‍ය ආයතනවල කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් තැන්පත් කර ඇතැයි තොරතුරු සඳහන්වී ඇති දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරින් 13 දෙනෙකු සම්බන්ධයෙන් රජයේ බුද්ධි අංශ විමර්ශනයක් අරඹා ඇත. එම මූල්‍ය ආයතනවලින් ඒ පිළිබඳ තොරතුරු වාර්තා ලබාගැනීම පළමු මෙහෙයුම බව බුද්ධි අංශ ආරංචි මාර්ග සඳහන් කළේය. විදේශයන්හි මුදල් තැන්පත් කරන ක්‍රමවේද සම්බන්ධයෙන්ද මේ දිනවල විශේෂ අධ්‍යයනයක් කරගෙන යන බවද බුද්ධි අංශ සඳහන් කරයි. මෙය ඉතා දුෂ්කර කටයුත්තක් වුවත් ඒ සඳහා සූක්ෂම ලෙස ක්‍රියාත්මක වන බව පවසන එම ආරංචි මාර්ග යමකු ඒ පිළිබඳ තොරතුරු දන්නේ නම් ඒවා ඉදිරිපත් කළ හැකි බවද ප්‍රකාශ කරයි. දේශපාලනඥයන් ඇතුළු විවිධ පිරිස් විදේශයන්හි සඟවා ඇති මුදල් මෙරටට…
ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවට වසර 150ක් පිරීම නිමිත්තෙන් මුද්දර කාර්යාංශය විසින් රුපියල් 25.00 වටිනාකමකින් යුත් නව සමරු මුද්දර දෙකක් ඊයේ නිකුත් කර ඇත.අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය සහ කැබිනට් අමාත්‍ය විජිත හේරත් මහතාගේ ඡායාරූප සහිතව එම මුද්දර දෙක නිකුත් කර තිබේ.අරලියගහ මන්දිරයේ දී මෙම උත්සවය පැවැත්විණි.
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නව සභාපති ලෙස සරත් ගනේගොඩ මහතා පත් කර ඇත.මෙතෙක් එහි සභාපති ලෙස අශෝක පතිරගේ මහතා කටයුතු කළේය.නව සභාපතිවරයා පත් කිරීමත් සමග නව අධ්‍යක්ෂ මණ්ඩලයක් ද පත් කර තිබේ.
බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි නියෝග කර තිබේ.ඒ 2016 වසරේදී ජාතික බල සේනා සංවිධානය කොළඹ කොම්පඤ්ඤවීදය නිපොන් හෝටලයේදී පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී කුරානයට සහ ඉස්ලාම් ධර්මයට අපහාස වන අයුරින් වැරදි අසත්‍ය ප්‍රකාශ මාධ්‍යට පළ කිරීම සම්බන්ධයෙන් ගොනු කර ඇති නඩුව ඊයේ විභාගයට ගන්නා අවස්ථාවේ උන්වහන්සේ විවෘත අධිකරණයේ පෙනී නොසිටිම හේතුවෙනි. කොම්පඤ්ඤවීදිය පොලීසිය පැමිණිල්ල වෙනුවෙන් අධිකරණයේ පෙනීසිටි අතර නඩු විභාගය 2025 වසරේ මාර්තු මස 5වැනිදා දක්වා කල් තබා ඇත.
බස්නාහිර සහ සබරගමු පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් ඇතැම් ස්ථානවල අද මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි
රට පුරාම පරිගණක මූල්‍ය වංචා කළ චීන ජාතිකයන් 32ක් පානදුර සහ කොළඹ අවට ප්‍රදේශවලදී ඊයේ (9දා) අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාසයේ ප්‍රකාශකයෙක් ‘දිවයින’ට පැවසීය. මෙසේ අත්අඩංගුවට ගත් චීන ජාතිකයන් අතර කාන්තාවෝ 6ක් ද වෙති. මූල්‍ය ආධාර ලබාදීමේ මුවාවෙන් වැඩිදෙනකු මුළාකර මෙම වංචාව සිදුකර තිබේ. පරිගණක මාර්ගයෙන් වැඩි ලාභ ලබාගැනීමේ දැන්වීම් ප්‍රචාරය කර මෙම මූල්‍ය වංචා සිදුකරන බව පරිගණක අපරාධ කොට්ඨාසය කියයි. මේ අතර එම සැකකරුවන් ඊයේ පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 23දා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරිණි.