Author: LANKA24X7

අරගලය පැවති 2022 වසරේ මැයි නව වැනිදා නිට්ටඹුව නගරයේ දී පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා හා ඔහුගේ ආරක්ෂක නිලධාරියාට පහරදී ඝාතනය කිරීමය සම්බන්ධයෙන් පුද්ගලයන් 41 දෙනකුට එරෙහිව ගම්පහ මහාධිකරණයේ විභාග වූ නඩුවේ තීන්දුව 2026 ජනවාරි 14 ප්‍රකාශයට පත් කිරීමට ගම්පහ මහාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල තීරණය කළහ. සහන් මාපා බණ්ඩාර, රශ්මි සිංගප්පුලි හා රසන්ත ගොඩවෙල යන මහාධිකරණ විනිසුරුවරුන් හමුවේ අද මෙම නඩුව විභාගයට ගැනුණු අතර එහිදී විත්තියේ දේශන අවසන් කිරීමෙන් අනතුරුව මෙම තීරණය ප්‍රකාශයට පත් කළහ. ධනුෂ්ක ලක්ෂාන්ත, ඔෂාන් සර්වනාත් දිල්ෂාන්, ගයාත්‍ර දිල්ෂාන්, මොහොමඩ් දිල්ෂාන්, සාගර ප්‍රනාන්දු, සුපුන් තරිඳු සුනිල් රත්න, ඉන්දික කුමාර විජේසිංහ, චමින්ද විරාජ් කුමාර, දිලින ඩිල්ෂාන්…

Read More

විදුලිබල ක්ෂේත්‍රය ප්‍රතිසංස්කරණ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ සේවා කාලය වසරකින් දීර්ඝ කිරීම සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍යවරයා සහ එම අමාත්‍යාංයේ ලේකම්වරයා අතර අර්බුදයක් හටගෙන ඇතැයි වාර්තාවේ. බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා විදේශ ගතව සිටින කාලයේදී ඔහුට නොදන්වා ලේකම්වරයා ප්‍රතිසංස්කරණ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළ එච්.පී. නිරෝෂන් මහතාට සේවා දිගුවක් ලබාදී තිබේ. ලේකම්වරයා එම සේවා දිගුව ලබාදෙමින් ලිපියේ සඳහන් කර ඇත්තේ බලශක්ති අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි එම පත්වීම සිදුකරන බවයි. එහෙත් දිවයිනට පැමිණි පසු ඒ බව දැන ගත් බලශක්ති අමාත්‍යවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි එම පත්වීම අවලංගුකර තිබේ. අමාත්‍යවරයා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලිඛිතව දන්වා ඇත්තේ තමාගේ කිසිදු අනුදැනුමකින් තොරව එවැනි සේවා…

Read More

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2025 විභාගය නොවැම්බර් මස 10 වැනි දින ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එම විභාගය නොවැම්බර් මස 10 වැනි දින සිට දෙසැම්බර් මස 5 වැනි දින දක්වා විභාග මධ්‍යස්ථාන 2362 ක දී පැවැත්වෙන බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මේ අතර සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය 2025 දෙසැම්බර් මස 6 වැනි සෙනසුරාදා පැවැත්වෙන බවද එම දෙපාර්තමේන්තුව කියයි. එම විභාගය දිවයිනපුරා මධ්‍යස්ථාන 1665 කදී පැවැත්වේ.

Read More

වත්කම් විමර්ශනයක් සම්බන්ධයෙන් කරනු ලබන විමර්ශනයකට අදාලව අවශ්‍ය සහාය නොදුන් බව කියන සිද්ධියකට ගලෙන්බිදුණුවැව ප්‍රා.සභාවේ හිටපු සභාපති සමන්ත නාමල් විජේවර්ධන අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නියෝගයක් ක්‍රියාත්මක කිරීම ප්‍රතික්ෂේප කිරීම, නොසලකා හැරීම හෝ නොකර හැරීම සහ කොමිෂන් සභාවේ නීත්‍යානුකූල විධානවලට සාධාරණ හේතුවකින් තොරව පැහැර හැරීම සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගත් බව එම කොමිෂන් සභාව පවසයි. අත්අඩංගුවට ගත් සැකකරු කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read More

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු සහ උතුරු – මැද පළාත්වලත් ගාල්ල, මාතර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවල මිලි මීටර් 75 ට වැඩි තරමක තද වැසි ඇති වේ. සෙසු ප්‍රදේශවලට පස්වරු 1.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. මධ්‍යම කඳුකරහේ බටහිර බැවුම් ප්‍රදේශවලත් බස්නාහිර, උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට තරමක තද සුළං ඇති වේ.

Read More

ශ්‍රී ලංකා කාන්තා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන් සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අතර හමුවක් අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි. මෙහිදී අග්‍රාමාත්‍යවරිය කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන් සමඟ සුහද සාකච්ඡාවක නිරත වූ අතර, මේ දිනවල පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය වෙනුවෙන් කාන්තා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සූදානම පිළිබඳව විමසා සිටියා ය. එමෙන්ම කාන්තා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් හා ක්‍රිකට් ක්‍රීඩාවේ ඉදිරි දියුණුව වෙනුවෙන් රජය හරහා ඉටුවිය යුතු කාර්‍යභාරයන් පිළිබඳව අග්‍රාමාත්‍යවරිය ක්‍රීඩිකාවන්ගේ අදහස් විමසා සිටියාය. පාසල් සහ විශ්ව විද්‍යාල වල කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව සඳහා පවතින නැඹුරුව, පහසුකම් සහ එහි වත්මන් තත්ත්වයන් පිළිබඳව අග්‍රාමාත්‍යවරිය විමසා සිටි අතර ක්‍රීඩා ප්‍රවර්ධනය උදෙසා අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යංශය…

Read More

යුද්ධ හමුදාව විසින් දිගුකාලීනව භාවිතයට ගෙන අයෝග්‍ය තත්ත්වයට පත්කර තිබූ වාහන 76ක් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝගේ උපදෙස් පරිදි නවීකරණය කිරීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් කටයුතු කර තිබේ. එම රථවාහන අද (24) සිට නැවත යුද්ධ හමුදාවේ භාවිතයට යොදා ගැනීමට නියමිතය. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක කළ ව්‍යාපෘතියක් යටතේ නවීකරණය කළ මෙම වාහන නැවත යුද්ධ හමුදාවේ සේවය සඳහා එක් කිරීමට හැකිවීම තුළින් යුද්ධ හමුදාව සඳහා විදෙස් රටවලින් වාහන ගෙන්වීමට වැය වන අතිවිශාල විදේශ විනිමය ප්‍රමාණයක් ඉතිරි කරගැනීමට හැකියාව ලැබී ඇත. එමෙන්ම මෙම වාහන නැවත භාවිතයට යෙදවීම හරහා යුද්ධ හමුදාව විසින් කුලී ගෙවීමේ පදනම මත ලබා ගන්නා ලද වාහන…

Read More

මේ වන විට ශ්‍රී ලංකා රේගුව විසින් රඳවාගෙන සිටින BYD වාහනවල මෝටර් ධාරිතාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන කටයුතු කඩිනමින් අවසන් කරන ලෙස අභියාචනාධිකරණය අද (24) රේගුවට නියම කළේය. රේගුව විසින් ජාතික ආර්ථිකයට බදු මුදල් රැස්කර දීම ඉතා වැදගත් වනවා සේම වාහනවල ගැණුම්කරුවන්ගේ මෙන්ම ආනයනික සමාගම්වල යහපත සම්බන්ධයෙන්ද අධිකරණයට සලකා බැලීමට සිදුවන බව අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහන්ත අබේසූරිය මහතා විවෘත අධිකරණයේ ප්‍රකාශ කළේය. මේ හේතුවෙන් මෙම විමර්ශන කඩිනමින් අවසන් කළ යුතු බවත් ඒ සඳහා සහාය ලබාදෙන ලෙස පෙත්සම්කර පාර්ශවයටත් විනිසුරුවරයා දැනුම් දුන්නේය. රේගුව විසින් විසින් රඳවාගෙන සිටින සිය වාහන නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ජෝන් කීල්ස් සීජී සමාගම විසින්…

Read More

ගැනීමට එරට රජයේ අවධානය යොමුව තිබේ. තායිලන්ත රජය උපුටා දක්වමින් එරට මාධ්‍ය සඳහන් කර ඇත්තේ, ඔක්තෝබර් මස 28 වන දින ශ්‍රී ලංකා රජය සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවය. ඇතුන් දෙදෙනා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය දක්වන අයහපත් සැලකිල්ල හේතුවෙන් තායිලන්ත රජය මෙම තීරණය ගෙන ඇති බව සඳහන්ය. 2023 වසරේ දී ශ්‍රී ලංකාවේ සිට තායිලන්තයට නැවත රැගෙන ගිය Plai Sak Surin හෙවත් ‘මුතුරාජා’ හස්තියා මෙරටින් රැගෙන යෑමට අනුගමනය කරන ලද ක්‍රියාවලියම මෙම ඇත්තු දෙදෙනා රැගෙන යෑමට භාවිත කිරීමට නියමිත බව ද වාර්තා වේ. Plai Pratu Pha සහ Plai Srinarong යන නම්වලින් මෙම ඇත්තු දෙදෙනා හඳුන්වනු ලබයි. ඉන් එක් ඇතෙකු වයස…

Read More

ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ්හි අද (24) අළුයම බස් රථයක් ගිනිගැනීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයින් 25කට වැඩි පිරිසක් මියගොස් තවත් පිරිසක් තුවාල ලබා රෝහල්ගත කර ඇත. හයිද්‍රාබාද් සිට බැංගලෝර් දක්වා ධාවනය වෙමින් තිබූ බස් රථයක් කර්නූල්හිදී මෙම අනතුරට ලක්ව තිබේ. අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ පුද්ගලයින් 39 දෙනෙකු සිට ඇත. බස් රථයේ යතුරුපැදියක් ගැටී, එම යතුරුපැදිය බස් රථය යටට ගොස් ඉන්ධන ටැංකියේ වැදීම හේතුවෙන් මෙම ගින්න ඇතිව තිබේ. අනතුර සිදුවන අවස්ථාවේ මගීන් රැසක් නින්දේ සිට ඇති අතර, එය මරණ සංඛ්‍යාව ඉහළ යෑමට හේතුවී ඇත. කෙසේ නමුත් අවදිව සිටි මගීන් කෑගසමින් බස් රථයෙන් පිටතට පැන තිබේ. තුවාල ලැබූවන් කර්නූල් මහ රෝහලට ඇතුළත් කර…

Read More