Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
උතුරු, උතුරුමැද, මධ්‍යම, ඌව, නැගෙනහිර සහ දකුණු පළාත්වල විටින් විට වැසි ඇති වෙන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇති වේ. සෙසු ප්‍රදේශවල ප. ව 1න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.
යුද හමුදා නිලධාරීන් 20 දෙනෙකු සඳහා දුම්රිය රියදුරු පුහුණුව ලබා දීමේ තීරණය තාවකාලිකව නතර කිරීමට පියවර ගන්නා බව ප්‍රවාහන සහ මහාමාර්ග නියොජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි. ඔහු පැවසුවේ දුම්රිය රියදුරන්ගේ මෙම වැඩ වර්ජනය හේතුවෙන් මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට ඒ සඳහා බලපෑමක් ඇති විය හැකි බැවින් ඒ පිළිබඳව අවධානය යොමු කර මෙම පියවර ගත් බවය. ඒ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා, “ඇත්තටම අපි මේක පිළිකුළෙන් යුතුව හෙළා දකිනවා. මොකද පහුගිය දිට්වා සුලි කුණාටුව පැවැති අවස්ථාවේදී යුද හමුදාව කොච්චර කැපවීමෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට, ප්‍රවාහන දෙපාර්තමේන්තුවට, අමාත්‍යාංශයට කොච්චර උදව් කළාද කියලා අපි දන්නවා දැනටමත් අපි…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය සහ මහ බැංකු අධිපති ආචාර්ය නන්ද ලාල් වීරසිංහ මහතා අතර හමුවක් සිදුව තිබේ. ශ්‍රී ලංකා මහ බැංකු පැවසුවේ මෙම හමුවේදී, වත්මන් විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ ලබා දුන් ස්ථිර සහයෝගය සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සම්පූර්ණ කිරීමට ක්‍රියාකාරීව පහසුකම් සැලසීම සම්බන්ධයෙන් ආචාර්ය නන්ද ලාල් වීරසිංහ මහතා සිය කෘතඥතාව පලකළ බවය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන යටතේ වත්මන් ශ්‍රී ලංකාවේ කාර්ය සාධනය සාර්ථක බව ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය එහිදී පවසා ඇත. ආර්ථික අර්බුදයෙන් පසු සාර්ව ආර්ථික ස්ථාවරත්වය යථා තත්ත්වයට පත් කිරීම සඳහා මහ බැංකුවේ කාර්යභාරය සම්බන්ධයෙන් ද ඇය ප්‍රසාදය පලකර තිබේ. අවශ්‍ය ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ආරම්භ කර…
අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ධාවනයෙන් ඉවත් වීමට දුම්රිය රියදුරන් තීරණය කර තිබේ. දුම්රිය රියදුරු ශ්‍රේණියට බඳවාගත් නවක රියදුරුන් සඳහා පැවැති රැස්වීමකදි දුම්රිය රියදුරන් ලෙස පුහුණු කිරීමට යෝජිත හමුදා නිලධාරීන් පිරිසකටද එම පුහුණුව ආරම්භ කිරීමට ගත් තීරණයට විරෝධය පළ කරමින් ඔවුන් මෙලෙස දුම්රිය සේවාවාරවලින් ඉවත් වීමට තීරණය කර ඇත. මේ සම්බන්ධව ප්‍රවාහන අමාත්‍යාංශයේදී පැවැති දීර්ඝ සාකච්ඡා අසාර්ථක වූ බැවින් අද සවස ලොකෝමොටිව් ඉංජිනේරුවන්ගේ විධායක කමිටු රැස්වීමක් පැවැති අතර එහිදී අද (17) මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය සේවාවාරවලින් ඉවත් වීමට ඔවුන් තීරණය කළ බව එම සංගමය පැවසීය.
මහනුවර ප්‍රධාන පෙළේ බාලිකා විදුහලක හතර වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන 09 හැවිරිදි දැරියක් පාසල තුළදී පිටස්තර පුද්ගලයෙකු විසින් අපයෝජනයට ලක් කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ පවත්වයි. පාසල තුළ අත්විඳින්නට වූ සිදුවීම සම්බන්ධයෙන් ඇය මවුපියන්ට පැවැසීමෙන් පසු ඔවුන් ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් සිදුකර දැරිය පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ. සිසුවිය අධිකරණ වෛද්‍යවරයකු වෙතයොමුකර වාර්තාවක් ලබා ගැනීමට නියමිතය. පාසලේ සී.සී.ටී.වී දර්ශන පරීක්ෂා කිරීමේදී බාහිර පුද්ගලයකු විදුහලට ඇතුළු වී තිබෙන බව තහවුරුව තිබෙන අතර ඔහු විදුහලට ඇතුළු වූයේ කුමන ස්ථානයෙන් ද යන්න මෙතෙක් තහවුරු කරගෙන නොමැත. පාසලේ වසර ගණනාවක් සේවය කළ පළපුරුදු ආරක්ෂක නිලධාරීන් පසුගිය කාලයේදී ඉවත් කර නවක පිරිසක්…
පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෙන තිබූ තීරණය ක්‍රියාත්මක වීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය අද (17) අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ. දයාසිරි ජයසේකර මහතා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් විභාග කිරීමෙන් අනතුරුව මෙම නියෝග නිකුත් කර ඇත. කෙසේවෙතත් දයාසිරි ජයසේකර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් වශයෙන් කටයුතු කිරීමට බාධා කිරීම වළක්වන නියෝගයක් නිකුත් කරන්නැයි කෙරුණු ඉල්ලීමට අධිකරණය අවසර ලබා දී නොමැති බව වැඩි දුරටත් සඳහන්වේ.
මින් ඉදිරියට ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ තනතුරු සඳහා සේවක අන්තර්ග්‍රහණය සිදුකරනු ලබන්නේ සුදුසුකම් සහ පලපුරුද්ද මත පමණක් බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ, සියලු තනතුරු සඳහා සේවක අන්තර්ග්‍රහණ ක්‍රියාවලිය විධිමත්ව සිදුකිරීම මෙහි අරමුණ බවය. ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ සියලුම ලංකා ගමනා ගමන මණ්ඩල ප්‍රදේශීය කාර්යාලවල මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කළේය.
අද (17) දින සිට ඉදිරි දිනවල උතුරු, උතුරුමැද, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කෙරේ. උතුරු, උතුරුමැද, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකිය. සෙසු ප්‍රදේශවල ප.ව 1න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 පමණ තරමක් තද වැසි ඇති වේ. උතුරුමැද, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර සහ දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය.…
2026, විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර තරගය අද (16) රාත්‍රී 07.00ට නුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භවීමට නියමිතව තිබේ. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දසුන් ශානකට හිමිව ඇති අතර ඔස්ට්‍රේලියානු කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ, මිචල් මාර්ෂ් විසිනි. ‘ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගය ජයගනු ලබන්නේ නම් ඔවුන් බී කාණ්ඩය’ යටතේ සුපිරි අට දෙනාගේ වටය සඳහා සුදුසුකම් ලබා ගනු ඇත.
ඉන්දියාවේ සිටින ලාංකික දෙමළ ජනතාවට පුරවැසිභාවය ලබාදෙන ලෙසට තමිල්නාඩු මහ ඇමතිගෙන් ඉල්ලීමක්
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය තුළ වසර 40කට අධික කාලයක් ජීවත් වන ශ්‍රී ලාංකික දෙමළ ජනතාවට එරට පුරවැසිභාවය ලබාදෙන ලෙසට ප්‍රාන්ත මහඇමති එම්.කේ ස්ටාලීන් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදීගෙන් ඉල්ලීමක් සිදුකර තිබේ. ප්‍රාන්ත මැතිවරණයට මාස දෙකකට ආසන්න කාලයක් ඇති පසුබිමක මෙම ඉල්ලීම සිදු කර තිබීමත් විශේෂත්වයකි. එහිදී මහ ඇමතිවරයා පෙන්වාදී ඇත්තේ, තමිල්නාඩුවේ ශ්‍රී ලාංකීක දෙමළ ජනතාව 89,000ක් පමණ සරණාගත කඳවුරු තුළ සහ ඉන් පිටත ජීවත් වන බවය. ඔවුන්ගේ සියයට 40කට ආසන්න ප්‍රමාණයක් ඉන්දියාවේ උපත ලබා ඇති බව එම්.කේ ස්ටාලීන් අග්‍රාමාත්‍යවරයා වෙත යොමු කර ඇති ලිපියෙහි දැක්වෙයි. 1983 සිට අනුප්‍රාප්තික තමිල්නාඩු රජයන්, මධ්‍යම රජයේ එකඟතාවයෙන්, ශ්‍රී ලංකාවේ වාර්ගික ගැටුම්වලින් පලා ගිය අයට නවාතැන්, අධ්‍යාපනය සහ…
