Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
පොලිස් අණ නොතකා ධාවනය කළ වෑන් රථයක් පසු පස වෙඩි තබමින් ගිය පොලිසිය කාණුවක වැටී සිටි එම රියැදුරා අත්අඩංගුවට ගෙන පරික්ෂා කිරීමේදී ඔහු අධික ලෙස බීමතින් සිටින බවට අනාවරණ වූ බව පොලිසිය කියයි. බස්නාහිර පළාත දකුණ රථවාහන කොට්ඨාසය පිලියන්දල සූවාරපොළදී මාර්ග බාධකයක් දමා සිදු කළ සෝදිසියකදී සැක කටයුතු ලෙස පැමිණි වෑන්රථයක් නවතන ලෙස අණ කළත් අණ නොතකා මාර්ගයේ යතුරු පැදි කීපයක්ද අනතුරකට ලක් කර පලාගොස් ඇත . වහාම එම ඒකකයේ යතුරු පැදි නිලධාරීන් වෑන්රථය පසු පස හඹාගොස් රත්මලාන බෙලෙක්කඩේ හන්දියේදී වෑන් රථයේ ටයරයකට වෙඩි තබා නවතා ගැනීමට උත්සාහ කළත් එයද අසාර්ථක වි ඇත. රත්මලාන දුම්රියපොළ ආසන්නයේ දී වෑන්රිය රථය අතහැර…
මාතලේ සිට ගම්පොල දක්වා ත්‍රීරෝද රථයකින් මෝදක ගුලි 2375 ක් ප්‍රවාහනය කළ සැකකරුවෝ දෙදෙනෙක් අලවතුගොඩ පොලීසියේ නිලධාරින් විසින් අත් අඩංගුවට ගනු ලැබහ. අලවතුගොඩ මාතලේ මාර්ගයේ සයිස්ටන් හන්දියේ විශේෂ මාර්ග බාධකයක් යොදා වාහන පරීක්ෂාවේ යෙදී සිටියදී සැකකටයුතු ත්‍රිරෝද රථයක් පරීක්ෂා කිරීමේදී මෙම මෝදක තොගය සොයා ගැනීමට පොලීසියට හැකිව තිබේ. මෙම ් මෝදක ග්‍රෑම් 14 බැගින් වූ ගුලි 25 බැගින් අසුරා තිබූ පෙට්ටි 95 ක් පොලිසිය සිය භාරයට ගෙන තිබේ.මෙම මෝදක නිෂ්පාදනයට සහ ප්‍රවාහනයට බලපත්‍ර අවශ්‍ය වුවත් ඒ කිසිවක් නොමැතිව මෙම සැකකරුවන් මෙම මෝදක ගුලි ප්‍රවාහනය කර ඇති බව පවසන පොලීසිය මෙම ගුලිවල යම් මත්ද්‍රව්‍යයක් මිශ්‍රව ඇති බවත් විශ්වාස කරයි.
ආරච්චිකට්ටුව රතඹලා ඔය පිටාර ගැලිමේන් මහමාඑළියේ කුඹුරු අක්කර 300 ක් දින පහකට වැඩි කාලයක් ජලයෙන් යටවීම නිසා එහි ගොයම විනාශ විමේ අවදානමක් ඇතැයි ගොවිහු පවසති. මෙම ගොයම තවත් දින කිපයක් ජලයෙන් යට වි තිබුණ හොත් ගොයම සම්පුර්ණයෙන් කුණුවි විනාශ වී යාම වැලැක්විය නොහැකි බව ගොවීහු පෙන්වා දෙති. රතඹලාඔය පිටාර ගැලිම වැලැක්විමට නිසි ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස ඉල්ලා සිටියත් එය නියමිත කාලසිමාවන් වලදි නොකිරීම නිසා මෙලෙස පිටාර ගැලිම සිදුවන බව ගොවීහු පවසති.
ශ්‍රී ලංකාවට දකුණු දෙසින් නාවික සැතපුම් 100ක් පමණ දුර මුහුදේ ප්‍රධාන යන්ත්‍රවල කාර්මික දෝශයක් හේතුවෙන් ආපදාවට පත් MV INTEGRITY STAR වෙළෙඳ නෞකාවේ කාර්ය මණ්ඩලය බේරා ගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා සමුදුර ඊයේ (24) පිටත්ව ගොස් තිබේ. සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව සෝදිසි සහ ගලවා ගැනීම් මෙහෙයුම් ක්ෂණිකව දියත් කෙරිණි. ඒ අනුව මෙම ආපදාවට පත් MV INTEGRITY STAR වෙළෙඳ නෞකාවේ ඉන්දියානු, තුර්කි, සහ අසර්බයිජාන් ජාතිකයින්ගෙන් සමන්විත 14 දෙනෙකුගෙන් යුක්ත කාර්ය මණ්ඩලය බේරා ගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා සමුදුර ආපදාවට පත් නෞකාව ඇති මුහුදු ප්‍රදේශ වෙත යාත්‍රා කර තිබේ.
සුනාමි පෙර සූදානමක් දිවයිනම ආවරණය වන පරිදි පැවැත්වීමට නොවැම්බර් 05 වනදා කටයුතු සූදානම් කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ මහතා පවසයි. කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ පසුගිය මාසයක් ඇතුළත කාලය පුරාවට සුළු භූකම්පන කිහිපයක් සුමාත්‍රා දූපත ආශ්‍රිතව හටගත් බවය. අධ්‍යක්ෂ ජනරාල්වරයා ඒ බව පැවසුවේ සුනාමි පෙර සූදානම පිළිබඳව ත්‍රිවිධ හමුදා පොලීසිය, රාජ්‍ය ආයතන සහ රාජ්‍ය නොවන ආයතනවල නිලධාරීන් සමඟ පෙරසූදානම පිළිබඳව පැවැත්වූ සාකච්ඡාවකට එක්වෙමින්ය. 05 වනදා පැවැත්වීමට නියමිත සුනාමි පෙර සූදානම් පෙරහුරුව ඉන්දියානු සාගර කලාපයේ සුනාමි අනතුරු ඇඟවීමේ ක්‍රමවේදය අයත් රටවල් 28 සම්බන්ධ කලාපීය ආයතනයක් මගින් සංවිධානය කරනු ලබන බව වාර්තා වෙයි.…
කළු ගඟ දෝණිය ආශ්‍රිතව ප්‍රදේශ කිහිපයක් සඳහා ඉදිරි පැය 48ක කාලය තුළ සුළු ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ කළු ගඟේ කුඩා ගඟ උප ද්‍රෝණියේ ඉහළ ධාරා ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති බැවින් කළු ගඟෙහි ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවය. ඒ අනුව ඉදිරි පැය 48ක කාලය තුළදී බුලත්සිංහල, මදුරාවල හා පාලින්දනුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල කුඩා ගඟ, මගුර ගඟ සහ පිටාර තැන්නට අයත් පහත් බිම් ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබේ. මේ හේතුවෙන් කුඩා ගඟ හා මගුර ගඟ…
අධික වර්ෂාපතනයන් හමුවේ දිවයිනේ ජලාශ කිහිපයක ජල මට්ටම තවදුරටත් ඉහළ ගොස් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. කැලණි, අත්තනගලු, ගිං, බෙන්තර ආශ්‍රිතව මිලිමීටර් 50කට ආසන්න වර්ෂාපතනයක් ලැබී ඇති බවත් වර්ෂාපතනය හමුවේ වැඩිම බලපෑම සිදුව ඇත්තේ කළු ඟග ආශ්‍රිතව බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි ඒ අනුව කළු ගඟේ ජල මට්ටම සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බවද වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසීය. ඒ කළු ගඟේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් රත්නපුර, මිල්ලකන්ද, ඇල්ලගාව, ප්‍රදේශයන් හී ජල මට්ටම් වැඩි වීමක් නිරීක්ෂණය වී ඇති නමුත් එය ගංවතුර තත්ත්වයක් දක්වා පැමිණේ යැයි අපේක්ෂා නොකරන බවද දෙපාර්තමේන්තුව සඳහන් කළේය. විශේෂයෙන්ම ජලාශ ආශ්‍රිතව ජීවත්වන ජනතාව පරිස්සම් වන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලීමක්…
මිනුවන්ගොඩ ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ ටී 56 උන්ඩ 8 ක් සහ පුහුණු උණ්ඩ 5 ක් සමග ගුරුවරයෙකු අත්අඩංගුවට ගත්බව ගම්පහ කොට්ටාශ අපරාධ විමර්ශන කාර්යාංශය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මිනුවන්ගොඩ, අඹ ගහවත්ත ප්‍රදේශයේේ පදිංචි 53 හැවිරිදි පුද්ගලයෙකි. ගම්පහ කොට්ටාශ අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සැකකරුගේ නිවස පරීක්‍ෂාකිරීමේදී මෙම උණ්ඩ තොගය සොයාගෙන ඇති බව පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
කතරගම, කිරිවෙහෙර පුරාණ විහාරස්ථානයේ නායක කොඹවක ධම්මින්ද ස්වාමීන් වහන්සේගේ ආරක්ෂාව සදහා 2018 වර්ෂයේ සිට දේවාල මුරපොළ වෙත පොලිස් නිලධාරීන් 17 දෙනකු අනුයුක්ත කර ඇති බවත් පොලිස් නිලධාරීන් දෙදෙනකු පැය 24 ම ආවරණය වන පරිදි රාජකාරි යොදවා ඇති බවත් පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි. කතරගම මහා දේවාල පරිශ්‍රය තුළ, අෂ්ඨළුල බෝධීන් වහන්සේ මෙන්ම කතරගම කිරිවෙහෙර සහ අනෙකුත් දේවාල පිහිටා ඇති පරිශ්‍රයේ ආරක්ෂාව සඳහා පැය 24 ම ආවරණය වන පරිදි පොලිස් නිලධාරීන් 16 දෙනකු හා සිවිල් ආරක්ෂක බළකා නිලධාරියකුද යොදවා ඇති බවත් පොලිසිය කියයි. මීට අමතරව කතරගම දේවාල පරිශ්‍රය තුළ යුද හමුදා අනුකණ්ඩයක් ස්ථාපිත කර ඇති අතර එම යුද හමුදා අනුකණ්ඩයෙන්ද කතරගම කිරිවෙහෙර…
කොබෙයිගනේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රාදේශයේ මාකෙලියාව සහ තෙලහැර ප්‍රදේශ හරහා ඊයේ දහවල් හමාගිය දැඩි සුළං තත්වයක් හේතුවෙන් නිවස 12 කට පමණ හානි සිදුව ඇතැයි කුරුණෑගල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පැවසීය. සුළු වැසි තත්වයක්ද සමග සුළං තත්වය බළපෑ බව ප්‍රදේශවාසීහු කියති. ප්‍රදේශයේ පෙර පාසල් ගොඩනැගිල්ලකටද සුළඟින් හානි සිදුව ඇති අතර පෙර පාසල් ගොඩනැගිල්ලේ වහලයට ගසක් කඩා වැටී ඇත. ඒ හේතුවෙන් එම පෙරපාසල් ගුරුතුමියද සුළු තුවාල ලබා ඇති බව ප්‍රදේශවාසීහු කියති. පොල් ගස් ඇතුළු ගස් කඩාවැටීම්ද වාර්තාවී ඇත.
