Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
රුසියාවෙන් ශ්‍රී ලංකාවට ප්‍රදානය කළ එම්.ඕ.පී. පොහොර මෙට්‍රික් ටොන් 55,000 න් අඩක් පොල් වගාවට වෙන්කිරීමට තීරණය කළ බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශය පැවසීය. එම්.ඕ.පී. පොහොර මෙට්‍රික් ටොන් 27,500 ක් පොල් වගාවට වෙන්කිරීමට පොල් පර්යේෂණ ආයතනය නිර්දේශ කර ඇති බවත් එම එම්.ඕ.පී. පොහොර සෘජුවම පොල් වගාවට භාවිත නොකර යූරියා සහ එප්පාවල රොක් පොස්පේට් පොහොර සමඟ මිශ්‍රකර ත්‍රිත්ව මිශ්‍රණයක් ලෙස යොදාගැනීමට සුදුසු යැයි නිර්දේශ කර ඇති බවත් වැවිලි අමාත්‍යංශය සඳහන් කරයි. පොහොර සංස්ථාව එම මිශ්‍ර පොහොර කිලෝ 50 ක් සඳහා රුපියල් 9,000 ක පිරිවැයක් දැරුව ද එය රුපියල් 3,700 කට සැපයීමට එකඟ වූ බව කියන වැවිලි අමාත්‍යංශය එම මිලට පොල්…
රට අඳුරෙන් අඳුරට යන මොහොතේ අතීත කෝන්තර අදාලම නැතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ හමුවෙන් අනතුරුව කොළඹදී ඊයේ (30) පැවසීය. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම හමුව කැඳවා තිබිණි. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ විපක්ෂයේ පක්ෂ නායකයන් අතර හමුව ඉතා සාර්ථක බවද ගම්මන්පිල මහතා සඳහන් කළේය. සමගි ජනබලවේගය නියෝජනය කරමින් මනෝ ගනේෂන් සහ පී. දිගාම්බරම් යන මන්ත්‍රීවරු ද හිටපු කථානායක මහින්ද යාපා අබේවර්ධන, අනුර ප්‍රියදර්ශන යාපා, දුමින්ද දිසානායක, කංචන විජේසේකර, සාගල රත්නායක, වජිර අබේවර්ධන මහත්වරු ඇතුළු පක්ෂ නායකයෝ මෙම හමුවට සහභාගි වී සිටියහ.
ඇමෙරිකාව ඇතුළු රටවල් කීපයක වීසා කල්ඉකුත් වී ඇති බැවින් එම රටවල වීසා අලුත් කර ගැනීම සඳහා විදේශ ගතවීමට දේවගැති ජෙරොම් ප්‍රනාන්දුට පනවා ඇති විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙස ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මඩුල්ල සිදු කළ ඉල්ලීම කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මහත්මිය අද ප්‍රතික්ෂේප කළාය. අන්‍යාගමිකයන් අතර ඇති සංහිදියාව බිඳ හෙලන ආකාරයේ දේශන පැවැත්වූ බවට එල්ලවූ චෝදනා මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණ නියෝග මත රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි දේවගැති ජෙරොම් ප්‍රනාන්දු මේ වනවිට ඇප මුදා හැර ඇත.
ශ්‍රී ලංකා රේගුව විසින් නිදහස් කරන ලදැයි කියන කන්ටේනර් 323ක් සම්බන්ධයෙන් බස්නාහිර ආණ්ඩුකාරවරයා ලෙස තමන්ව ඉලක්ක කර හිටපු මහජන නියෝජිතයින් කිහිපදෙනෙක් සහ ඇතැම් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් කිහිපදෙනෙක් ඍජුව සහ වක්‍රව එල්ල කොට ඇති චෝදනා පිළිබඳව විමර්ශනයක් සිදු කරන ලෙස ඉල්ලමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් මහතා පවසයි. ඉකුත් දින කිහිපය තුළ එලෙස පදනම් විරහිතව සහ සිය කීර්ති නාමයට කැළලක් ඇති වන ලෙස ඇතැම් දේශපාලඥයින් විසින් ප්‍රවෘත්ති සාකච්ඡා වලදීත්,,ඇතැම් පුද්ගලයින් සමාජ මාධ්‍යය තුළහ් සමාජගත කොට තිබූ තොරතුරද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දුන් බවද ඒ මහතා පැවසීය. තමන් වෙත එල්ල වී ඇති චෝදනා…
චීන දොඹකර සමාගමක්, එම සමාගමේ සේවකයන්ට, වසර අවසාන ප්‍රසාද දීමනා (බෝනස්) වශයෙන්, ඇමෙරිකන් ඩොලර් මිලියන 11 කට ආසන්න මුදලක් බෙදා දීමට පියවර ගෙන ඇත. හෙනිං මයිනිං ක්‍රේන් නමැති එම දොඹකර සමාගම, ආයතන පරිශ්‍රයේ දිගු මේසයක මුදල් නෝට්ටු අතුරා, “ඔබට ගණන් කරන්න හැකි ප්‍රමාණයක මුදලක් රැගෙන යන්න” යැයි සේවකයන්ට දැනුම් දී ඇත. තමන්ට අවශ්‍ය පරිදි ප්‍රසාද දීමනා මුදල එකතු කර ගැනීමට ලබා දී තිබුණු කාලය මිනිත්තු 15 ක් යැයි ද පැවැසිණි
හිනිදුම පනංගල පිහිටි නවාතැන් පොලකට පැමිණි දෙදෙනකු එල්ල කළ වෙඩි තැබිමකින් නවාතැන් පොලේ හිමිකරු සමග තවත් දෙදෙනකු එම ස්ථානයේම මියගොස් ඇතැයි ගාලු දිසා බාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි. යතුරු පැදියකින් පැමිණි නාඳුනන දෙදෙනෙකු ඊයේ (30) රාත්‍රී ටී.56 වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබිම සිදුකර ඇති බවද කියයි. මියගොස් ඇති තිදෙනා හිනිදුම මහාබෝධිවත්ත පදිංචි නවාතැන්පොලේ හිමිකරු (55) බටපොල නාමල් සෙවණ සහ හිනිදුම උතුර නැවතිමුල්ල පදිංචි තිදෙනෙකු බවට හදුනාගෙන තිබේ. මොවුන් තිදෙනා සාදයක් පවත්වමින් සිටියදි රාත්‍රි 11.30ට පමණ යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩි තබා පලාගොස් ඇත. මින් දෙදෙනෙකු විවාහකයින් බව පොලිසිය පවසයි. සිද්ධිය වු ස්ථානයේ තිබි හිස් උණ්ඩ කොපු 14ක් පමණ සොයාගෙන…
ඌව පළාතෙත් මඩකලපුව, අම්පාර, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙත් වැසි වාර කිහිපයක් ඇතිවේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ මහනුවර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.
ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවට අයත් මුදල් මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා යොදා ගැනීම සම්බන්ධයෙන් එහි හිටපු කළමනාකාර අධ්‍යක්ෂවරයෙක් අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි . රුපියල් 6,146,110 මුදලක් 2015 ජනාධිපතිවරණ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා යොදා ගැනීමේ චෝදනාව මත හිටපු කළමනාකාර අධ්‍යක්ෂවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇත. ඉකුත් මස 22 මෙම චෝදනාවටම හිටපු අමාත්‍ය අනුර පියදර්ශන යාපා මහතා සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහරනු ලැබීය. සැකකාර සැකකරු මාලඹේ ඉසුරුපුර පදිංචිකරුවෙකි.
ජාතික ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීනි නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසාත්මක වන ආකාරයේ පෝස්ටුවක් සමාජ මාධ්‍යයේ පළ කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මිල්ලනිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නම්මුනි මහතාගේ දුරකථනය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකර වාර්තාවක් කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (30) නියම කළේය. ඒ මෙම පැමිණිල්ල කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදීය. එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සඳහන් කළේ, මෙම සිද්ධියට අදාළව තවදුරටත් විමර්ශන සිදුකරන බවයි. සැකකරු භාරයේ තිබී සොයාගත් ජංගම දුරකථනය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් කැඳවීමට අවසර දෙන ලෙස මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා ඇත. එම ඉල්ලීමට…
නුවරඑළිය ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයට යටත් හයිපොරස්ට් වසමේ නායයෑමේ අවදානමක් හේතුවෙන් පුද්ගලයින් රැසක් අද (30) ආරක්ෂිත ස්ථානයකට යොමුකර ඇත. ඒ අනුව පවුල් 06කට අයත් පුද්ගලයින් 36 දෙනෙකු මේ වනවිට හයිපොරස්ට් පාසලේ තාවකාලිකව නවතා තිබේ. මෙම පිරිස සඳහා අවශ්‍ය පිසූ ආහාර, ආපදා සහන සේවා මධ්‍යස්ථානය මගින් ලබාදීමට කටයුතු කර ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ආපදා ඒකකය විසින් දැනුම් දී ඇත.