Author: LANKA24X7

විපක්ෂය මැතිසබය වර්ජනය කළේ කොළඹ මහ නගර සභාවේ පරාජය දරා ගත නොහැකි වීම නිසා බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා පාර්ලිමේන්තුවේදී අද (17) පැවසීය. ඔහු මෙසේ පැවසුවේ ක්‍රීඩාවේදී තහනම් උත්තේජක භාවිතය වැළැක්වීම පිළිබඳ පනත් කෙටුම්පතේ රෙගුලාසි පිළිබඳ විවාදයේදීය. කොළඹ මහ නගර සභාවට රහස් ඡන්දය පැවැත්වූයේ සියලු දෙනාගේ අනුමැතිය බවද ඔහු සඳහන් කළේය. පළාත් පාලන කොමසාරිස්වරිය ඇතුළු සියලු රාජ්‍යතන්ත්‍රය ආරක්ෂා කරන බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා කොමසාරිස්වරිය පළාත් පාලන පනත ප්‍රකාරව නිත්‍යානුකූලව කටයුතු කළ බවද සඳහන් කළේය. හැට දෙකේ ලේඛනය කොහේදැයි තමා මුජිබර් රහුමාන් මහතාගෙන් විමසන බවත් ඔහු තවමත් දුවන බවත් හෙතෙම පැවසීය.

Read More

අධික ලෙස බීමත්ව මාර්ග නීති උල්ලංඝනය කරමින් බදුල්ල සිට කොළඹ බලා බස් රථයක් ධාවනය කරමින් සිටි පෞද්ගලික මගී බස් රථයක රියදුරු අද (17) හල්දුම්මුල්ලේදී අත්අඩංගුවට බව හල්දුම්මුල්ල පොලිසියේ පැවසීය. හල්දුම්මුල්ල පොලිසියට ලැබුණු දුරකථන ඇමතුමක් අනුව හල්දුම්මුල්ල නගරයේදී මෙම බස් රථයේ නවතා පරීක්ෂා කිරීමේදී රියදුරු අධික ලෙස බීමත්ව සිටි බැවින් හල්දුම්මුල්ල දිසාරෝහලට කැදවා රියදුරු බීමත්ව සිටි බවට වෛද්‍ය වාර්තාව අනුව තහවුරුකරගෙන තිබේ. මගීන්ට සිදුවන අපහසුතා මගහැරවීමට බස් රථය වෙනත් රියදුරකු යොදවා කොළඹ බලා ධාවනය කරවීමට අවශ්‍ය කටයුතු යෙදූ බවද පොලිසිය පැවසීය.

Read More

2026 වසරේ ක්‍රියාත්මක කිරීමට නියමිත නව අධ්‍යාපන පරිවර්තන ක්‍රියාවලියට අදාළ මාර්ගෝපදේශ මෙම වසරේ අගෝස්තු මාසයේ එළි දැක්වීමට අවශ්‍ය පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසයි. ඒ සම්බන්ධයෙන් ගුරුවරුන් පුහුණු කිරීම පිළිබඳව සාකච්ඡාවක් ඊයේ (16) දින මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේදී අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරියගේ සහභාගිත්වයෙන් පැවැත්විණි. 2026 වසරේ සිට 1 සහ 6 ශ්‍රේණි සඳහා නව විෂය නිර්දේශ හඳුන්වා දෙන බවත්, 2028 වර්ෂයේ 10 ශ්‍රේණියට නව විෂය නිර්දේශය හඳුන්වා දීමට නියමිත බවත් නව විෂය නිර්දේශයට අනුව 2029 වර්ෂයේ සාමාන්‍ය පෙළ විභාගය පැවැත්විමට කටයුතු කරන බව හා 9 වන ශ්‍රේණියේ සිට වෘත්තිය අධ්‍යාපනය හඳුන්වා දීමට නියමිත…

Read More

සීතාවක ප්‍රාදේශීය සභාව සඳහා නව සභාපතිවරයෙකු පත් කර ගැනීම සඳහා වූ ඡන්ද විමසීම අද (17) බස්නාහිර පළාත් කොමසාරිස් සාරංගිකා ජයසුන්දර මහත්මියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. එහිදී සභාපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා රහස් ඡන්දයක් පවත්වන්නේද විවෘත ඡන්දයක් පවත්වන්නේද යන්න සිදුකළ විමසීමේදි එක් පාර්ශ්වයක් විවෘත ඡන්දයක් පවත්වන ලෙසත් තවත් පාර්ශ්වයක් රහස් ඡන්දයක් පවත්වන ලෙසත් වූ යෝජනා ස්ථීර කරන ලදි. ඒ අනුව යෝජනා දෙකක් ඉදිරිපත්වී ඇති බැවින් සභාපතිවරයා පත් කර ගැනීම සඳහා වූ ඡන්ද විමසීම රහස් ඡන්දයක් ද විවෘත ඡන්දයක්ද වශයෙන් තීරණය කිරීමේ බලය කොමසාරිස්වරියට ඇති බැවින් මෙය රහස් ඡන්දයක් ලෙස පවත්වන බවට කොමසාරිස්වරිය පවසා තිබේ. එම තීරණයට විරෝධය පළ කරමින් සභිකයින් 24 දෙනෙකු…

Read More

තෙවන පාර්ශවයක් හරහා වැඩි මිලට ඖෂධ අලෙවි කිරීමේ චෝදනාව මත විශේෂඥ වෛද්‍යවරයෙකු සහ ලිපිකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ. අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ෂණ කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍යවරයෙකු බව වාර්තා වේ.

Read More

2021 හා 2024 කාලය තුළදී හිටපු ජනමාධ්‍ය, සෞඛ්‍ය හා පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුද්ගලික කාර්ය මණ්ඩලයට සේවකයින් 15 දෙනකු නාමිකව පත්කර එම සේවකයින්ට රජයෙන් ගෙවන ලද වැටුප් වංචා කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රඹුක්වැල්ලගේ නිවසේ සේවිකාව ඇපමත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අද(17) නියෝග කළාය. අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිතව බන්ධනාගාර ගත කර සිටි ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකාරියක වන රාජපක්ෂ සුඛයිං පතිරණගේ නිපුනි ක්‍රිෂ්ණජිනා යන තැනැත්තිය මෙලෙස ඇප මතය මුදා හැරියාය. රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප දෙකක් නියම කළ මහේස්ත්‍රාත්වරිය සැකකාරියගේ විදේශ ගමන් තහනම් කරන බවද, ඇපකරුවන් ළඟම…

Read More

නඩු භාණ්ඩ නිසියාකාරව උප සේවයට භාර නොදී ළග තබා ගෙන සිටීම හේතුවෙන් වැඩ තහනම් වී සිටින කුරුවිට පොලිස් ස්ථානයේ රාජකාරි කළ පොලිස් නිළධාරින් හතර දෙනකු මේ මස 23 දින දක්වා රිමාන්ඩ්භාරයේ තබන ලෙස රත්නපුර මහේස්ත්‍රාත් සමන්ගවීගකේග පරණලියන මහතා නියෝග කළේය. මේසේ රිමාන්ඩ්බාරයට පත්කෙරුණේ උප පොලිස් පරීක්ෂක මහානාම සිරිවර්ධනලාගේ දයානන්ද සිරිවර්ධනල පො.සැ.22537 කොම්බුගේ රත්න කුමාර ප්‍රියශාන්ත, පො.සැ.70199 සේපාල ලියනගේ සුසන්තල පො.කො.81823 රත්නායක යන නිලධාරීන් ය. කුරුවිට පොලිස් වසමේ පොහොරබාව ප්‍රදේශයේ දී පසුගිය මැයි 29 දින මෙම නිලධාරීන් කරන ලද වැටලීමකදී වන නීති විරෝධි මත්පැන් වන කසිප්පු ළග තබා ගන්නා ලද පුද්ගලයෙකු කුරුවිට පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇතග එහෙත් එම නඩු භාණ්ඩ…

Read More

කල්පිටිය ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා ඇතුළු පිරිසක් ගමන් කරමින් තිබු මෝටර් රථයකට මදුරන්කුලිය විරුතෝඩේ ප්‍රදේශයෙදී පිරිසක් ඊයේ (16 ) රාත්‍රියේ පහර දී වාහනයට බරපතල අලාභ හානි කර සභාපතිවරයාටද පහර දීමක් කර ඇති බව මදුරන්කුලිය පොලිසිය කියයි. මෙලෙස ප්‍රහාරයට ලක්ව ඇත්තේ ජාතික ජන බල වේගය පක්ෂයෙන් මෙවර කල්පිටිය ප්‍රදේශීය සභාවට තේරී පත්වු අබ්‍දුල් සත්තාර් මොහොමදු රික්කාස් මහතා ගමන් ගනිමින් තිබු මෝටර් රථයට බව කියයි. සභාපතිවරයා තවත් කිප දෙනෙකු සමග ජාතික ජන බලවේගය පක්ෂයෙ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මොහොමඩ් පයිසාල් මහතාගේ නිවසට පැමිණ ආපසු නොරෝච්චෝලය බලා විරුතෝඩේ හරහා ගමන් කරමින් සිටියදි එම නිවස ආසන්නයේදී මෙම ප්‍රහාරයට ලක්ව තිබුණි. ඔහු මේ පිළිබදව පොලීසියට පැමිණිල්ලක්ද…

Read More

විදේශ රැකියා සදහා ඊශ්‍රායලයට යැවීම නවත්වා තිබෙන බව විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා පැවසීය . නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේද පැවසීය. මැද පෙරදිග කලාපයේ ගැටුම් කාරී තත්ත්වයක් නිර්මාණය වෙලා තිබෙනවා. ඉරානය සහ ඊශ්‍රායලය රටවල් දෙකේම ලංකාවේ අය ඉන්නවා.ඊශ්‍රායලයේ පිරිස වැඩියි. ගැටුම් උග්‍ර වීම සමග ගුවන් සීමා වහලා තිබෙනවා.මේ සම්බන්ධයෙන් අපි අමාත්‍යාංශයක් ලෙස මැදිහත්වීමක් කරගෙන යනවා. අපේ තානාපති කාර්යාල සමග සාකච්ඡා කරමින් වැඩකරනවා.අපේ ප්‍රමුඛත්වය ශ්‍රී ලංකා පුරවැසියන් ආරක්ෂා කිරීමයි දෙන්නෙක් ඊශ්‍රායල් වලදී තුවාල ලබා තිබුනා.ඔවුන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබා දී තිබෙනවා.ටෙල්අවි සදහා යන්න ගියපු ගුවන් මගීන් පිරිසක් අපහසුතාවට පත් වෙලා තිබුණා . ඔවුන්ට ශ්‍රී ලංකා ගුවන් සේවය හරහා ලංකාවට…

Read More

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධුරයේ බලතල අනිසි ලෙස යොදා ගන්නා ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයට පත් කෙරුණු කමිටුව ඊයේ (16) සිට විමර්ශන අවසන් වන තෙක්ම දිනපතා රැස්වීමට තීරණය කර ඇත ඒ අනුව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අදත් එම කමිටුව හමුවේ පෙනී සිටියේය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවේ සෙසු සාමාජිකයින් වන්නේ විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු නීල් ඉද්දවල සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති ඊ.ඩබ්ලිව්.එම්. ලලිත් ඒකනායක යන මහත්වරු වෙති. පරීක්ෂණ කමිටුව මීට පෙර අවස්ථා කිහිපයකදි රැස්වී දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු කිහිපදෙනෙකුගෙන්ම සාක්ෂි සටහන් කරගත්තේය. කමිටුවේ අවසන් වාර්තාව ලබන මාසයේදී කතානායකවරයාට භාර දීමට නියමිතය.

Read More