Author: LANKA24X7

විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීම සඳහා රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන පනත් කෙටුම්පතේ වගන්ති වලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනයවන බවත් එය සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් අනුමත වී ජනමත විචාරණයකින්ද අනුමත වියයුතු බවටත් තීන්දුවක් ලබාදන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම් විභාග කිරීම අද (25) පෙරවරුවේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ආරම්භ විය. අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම් විභාගය පැවැත්වේ. ඒ අනුව පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරු විසින් කරුණු ඉදිරිපත් කිරීම ආරම්භ කර ඇති බව අද දෙරණ අධිකරණ වාර්තාකරු පැවසීය. රජය වෙනුවෙන් සොලිසිටර් ජෙනරාල් විරාජ්…

Read More

2022 දී ජාතිය ආර්ථික හා දේශපාලන ව්‍යසනයක අගාධයට ළඟා වූ විට ශ්‍රී ලංකාව බේරා ගැනීමට නැගී සිටි නායකයා රනිල් බව එල්.ටී.ටී. යුද සමයේ ජිනීවා සාම නියෝජිත ලෙස කටයුතු කළ එරික් සෝල්හයිම් මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරයි. එරික් සෝල්හයිම් මහතාගේ එක්ස් පණිවිඩයේ මෙසේද සඳහන් වේ. “කරුණාකර රනිල් වික්‍රමසිංහ වහාම නිදහස් කරන්න! ශ්‍රී ලංකාව, දකුණු ආසියාව සහ ලොව පුරා සිටින බොහෝ නායකයින් සමඟ මමද එක් වෙමි. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වහාම නිදහස් කරන ලෙස ඉල්ලා සිටිමි. රඳවා තබා ගැනීමේදී ඔහුගේ සෞඛ්‍යය ගැන අපි සැවොම සැලකිලිමත් වෙමු. 2022 දී ජාතිය ආර්ථික හා දේශපාලන ව්‍යසනයක අගාධයට ළඟා වූ විට ශ්‍රී ලංකාව බේරා…

Read More

ජාත්‍යන්තර සරුංගල් සැණකෙළිය හා සංගීත ප්‍රසංග මාර්ග බාධක රාජකාරියේ බීමතින් රාජකාරි කළ බව කියන පොලිස් කොස්තාපල්වරයෙකු සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බව කොටුව පොලිසිය පවසයි. මෙම කොස්තාපල්වරයා ඊයේ (24) සවස 6.00 සිට අලුයම 6.00 දක්වා එම සැණකෙළිය රාජකාරි සඳහා යොදවා සිටි බව පොලිසියය කියයි. එහිදී එම නිලධාරියා බීමතින් රාජකාවේ කරන බවට ලද තොරතුරක් මත එම නිලධාරියා අධිකරණ වෛද්‍යවරයාට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව බීමතින් සිට ඇති බවට වෛද්‍ය වාර්තාවේ සඳහන්ව ඇති බව පොලිසිය කියයි. ඒ අනුව එම නිලධාරියා සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු සිදු කරන බව කොටුව පොලිසිය පවසයි.

Read More

රාජ්‍ය සතු මුදල් හෝ සම්පත් කිසිම කෙනෙකුට අවභාවිතා කළ නොහැකිය යන නීතිය රටේ ජනාධිපතිවරයා, මැති ඇමතිවරු සිවිල් ජනතාව යන සියලු දෙනාටම එකම ආකාරයෙන් බල පවත්වන බව ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම මහතා මාධ්‍ය හමුවකදී ඊයේ (24)පැවසීය. නීතිය කියන මකුළු දැලේ පොඩි සත්තු පැටලුණත් ලොකු සත්තු ඒක කඩාගෙන යන බවට මතයක් පැවැති බව කී කුමරප්පෙරුම මහතා අද වන විට සෑම කෙනකුටම නීතිය එක හා සමාන ලෙස ක්‍රියාත්මක කරන බව සඳහන් කළේය. ජාතික ජන බලවේගයේ නීතිඥවරුන්ගේ සහභාගීත්වයෙන් පැලවත්ත ජවිපෙ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ උපුල් කුමරප්පෙරුම මහතා මෙසේද කීය. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ධුරය දැරූ කාලය තුළ විදේශ සංචාර 23ක්…

Read More

එක්සත් රාජධානියේ පදිංචිව සිටි ශ්‍රී ලාංකික තරුණියක වේල්සයේ අගනුවර වන කාර්ඩීෆ් නගරයේදී පසුගිය 21 වැනිදා ඝාතනය කර ඇත. නිරෝධා කල්පනී නිවුන්හැල්ල නමැති 32 හැවිරිදි තරුණියක එසේ ඝාතනය කර ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි. නිරෝධා දැඩිව තුවාල ලබා කාර්ඩිෆ් නගරයේ රිවර්සයිඩ් ප්‍රදේශයේ මාවතක වැටී සිටියදී පසුගිය 21 වැනිදා එරට වේලාවෙන් උදෑසන 7.37 ට පමණ හදිසි ප්‍රථමාධාර ලබාදෙන්නන් ඇයව සොයාගෙන ඇති අතර එහිදී ප්‍රථමාධාර ලබා දෙන්නන් ඇයගේ ජීවිතය බේරා ගැනීමට දැඩිව උත්සාහ කර ඇතත් එම සියලු උත්සාහයන් අසාර්ථක වී තිබිණි. ඇයගේ මරණයට සැකපිට කාර්ඩිෆ් නගරයේ පෙන්ට්වින් ප්‍රදේශයේ වෙසෙන 37 හැවිරිදි ශ්‍රී ලාංකිකයකු සවුත් වේල්ස් පොලිසිය විසින් අත් අඩංගුවට ගනු ලැබ තිබේ. නිරෝධා…

Read More

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගන්නා බවට පෞද්ගලික youtube නාලිකාවක් ඔස්සේ කල් තියා ප්‍රකාශ කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සුදත්ත තිලකසිරි නැමැත්තාට එරෙහිව විශේෂ විමර්ශනයක් ආරම්භ කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි උදය කුමාර වුට්ලර් මහතා පැවසීය. සුදත්ත තිලකසිරි නැමැත්තා විසින් එම youtube නාලිකාව හරහා කළ බව කියන එම ප්‍රකාශය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලද පැමිණිල්ලක් මත එය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාට දැනුම් දී ඇත. එම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයා විසින් එම පැමිණිල්ල විශේෂ විමර්ශන ඒකකයට බාර දීමට නියමිත බව වුට්ලර් මහතා පැවසීය. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා (22) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට…

Read More

කළුතර කලමුල්ල මුහුදේ දියනැමට ගිය පාසල් සිසුන් දෙදෙනකු අතුරුදන්ව ඇති බවත් එක් සිසුවකු දිවි බේරාගෙන ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් පයාගල පොලිසිය පවසයි. මෙසේ අතුරුදන්ව ඇත්තේ පානදුර එළුවිල සහ හොරණ ගල්පාත ප්‍රදේශයේ පදිංචිව සිටී මිහින් සන්හිද සහ මෙතුම් නෙත්සර නමැති 15 හැවිරිදි පාසල් සිසුන් දෙදෙකු බව පොලිසිය කීය. ඔවුන් තිදෙනා හොරණ ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන බවත්, පෞද්ගලික උපකාරක පංතියකට සහභාගි වීමට පැමිණි අතරතුර කලමුල්ල ශාන්ත අන්තෝනි මාවත කෙලවර මුහුදු වෙරලේ දියනාමින් සිට ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් පොලිසිය පවසයි .

Read More

යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයන් තිදෙනකු විසින් වැල්ලම්පිටිය කිත්තම්පහුව හෝටලයක නවාතැන් ගෙන සිටි දෙදෙනකුට අද 25) අළුයම පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා පලා ගොස් ඇතැයි වැල්ලම්පිටිය පොලිසිය පවසයි. වෙඩි තැබීමට භාවිතා කරන ලද අවියේ මැගසීනය, ජීව උණ්ඩ 06 ක් , හිස් පතුරන් කොපුවක් සහ සැකකරුවන්ගේ බවට සැක කරන ජංගම දුරකථනක් අදාල ස්ථානයේ තිබී සොයා ගත් බවද පොලිසිය පවසයි. එම වෙඩි තැබීමෙන් ජීවිත හානි හෝ දේපළ හානි සිදු වී නොමැති බවද පොලිසිය පවසයි. මෙම වැඩි තැබීම වනාත ප්‍රදේශයේ අපරාදකරුවකුගේ පාර්ශවය විසින් සිදුකර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි ද පොලිසිය සඳහන් කරයි.

Read More

ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිව් දිස්ත්‍රිකයෙත් පස්වරු 2.00 පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. දිවයිනේ සෙසු ප්‍රදේශවලට ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතී.

Read More

බොරලැස්ගමුව මාලනී බුලත්සිංහල මාවතේදී තරුණයකු වෙඩි තබා ඝාතනය කර තවත් අයකුට තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකා කළුබෝවිල කඳවුර කියයි. මෙහිදී වයස අවුරුදු 25 ක තරුණයකු ඝාතනයට ලක් විය. අත්අඩංගුවට ගත් එම සැකකරුවන් දෙහිවල සහ රත්මලාන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 19-20 අතර පසුවන්නන්ය. වැඩිදුර විමර්ශන කටයුතු සඳහා බස්නාහිර පළාත දකුණ දිසාව අපරාධ කොට්ඨාසය වෙත භාරදීී ඇත.

Read More