Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
මම රනිල් වික්රමසිංහ බලන්න බණ්ධනාගාරයට ගියා නම් ජනමාධ්ය මම ගිය බව ඔප්පු කළ යුතුයි. අගමැති හැටියට මට ඕන ඕන තැනට එහෙම යන්න බෑ, හොරෙන් යන්නත් බෑ මම ගිය බව ඔප්පු කරන්නැයි ජනමාධ්යයට අභියෝග කරනවා යැයි අගමැතිනිය පැවැසුවාය. සාවද්ය ප්රවෘත්ති ප්රකාශ කරන අයට නිසි ක්රියාමාර්ග ගන්නවා. පදනමක් නැති කතා ඔප්පු කරලා පෙන්වන්න කටකතා ප්රවෘත්ති කරලා පෙන්වන්න එපා. ප්රවෘත්තියක් නිර්මාණය කරනවා නම් ඒකට පදනමක් තිබිය යුතුයි, 50ක් ආණ්ඩුවෙන් යන බවක් කියනවා මටත් කියන්නකෝ යන්නේ කවුද කියලා අපි ජනතාවට දුන්න පොරොන්දු තමයි අපි දැන් ඉටු කරන්නේ අපි නිතියට බලපෑම් කරන්නේ නෑ නිතිය සුවාධිනව කටයුතු කරනවා යැයි ද ඌව පළාත් සභාවේදි 26 දින පැවති…
කොළඹ කිව් පාරේ කෝවිල අසල රැස්වී සිටින ජනතාව මේ වනවිට රැස්වීමක් පවත්වමින් සිටී. උද්ඝෝෂකයෝ එකිනෙකා මාර්ග බාධක උඩට නැගී ජංගම ශබ්ද විකාශන යන්ත්ර මගින් ජනතාව අමතති. තමන් කොළඹට පැමිණියේ ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් බවත් තමන්ට කන්නට බොන්නට නැති අවස්ථාවේ රට රැකගැනීමට ඉදිරිපත් වූ නායකයා වෙනුවෙන් දිවි හිමියෙන් කැපවෙන බවත් ඔවුහු පවසති. “වැටුණු රට ගොඩගත් රනිල් වෙනුවෙන් අපි” ” ජඩ දේශපාලනය පරදමු” ආදී පුවරු ප්රදර්ශනය කරමින් උද්ඝෝෂකයෝ රැස්වීමට සහභාගී වෙති. “ඔවුහු මර්දනයට එරෙහිව” යනුවෙන් ලියූ වැකි සහිත රෙදි නළලේ බැඳගෙන සිටිති.
හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා වෙනුවෙන් කොළඹට රැස්වූ ජනතාව මේ වන විට කොම්පඤ්ඤවීදිය කිව් පාරේ ශිව සුබ්රමනියම් කෝවිල අසල රැස්වී උද්ඝෝෂණ පවත්වමින් සිටිති. එම කෝවිලට මීටර් සියයක් පමණ ඉදිරිපිටින් කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණය පිහිටා ඇත. කෝවිල ඉදිරිපිට පොලිසිය පෙළ ගැසී ජනතාව ඉදිරියට පැමිණීම වළක්වමින් සිටී. කෝවිල ඉදිරිපිට රැස්වූ පිරිස් සටන් පාඨ කියමින් ආණ්ඩුවට විරෝධය පළ කරමින් සිටිති.
අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්ය ශෂීන්ද්ර රාජපක්ෂ මහතා තවදුරටත් ලබන 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්රාත් අධිකරණය නියම කළේය.
මළල ක්රීඩා, මේස පන්දු හා ජිම්නාස්ටික් ජාතික සංගම් වල ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවා ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව ඊයේ (25) දිනයේ සිට මෙය ක්රියාත්මක බව අදාළ ගැසට් නිවේදනයෙන් දක්වා ඇත. මෙමගින් අදාළ සංගම් තුනෙහි පරිපාලන හා අධීක්ෂණ කටයුතු ක්රීඩා හා යෞවන කටයුතු අමාත්යංශ ලේකම්වරයා යටතට පත් කොට තිබේ. 1973 අංක 25 දරණ ක්රීඩා පනතේ 32 හා 33 වගන්ති වලට අනුව මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව සඳහන් වේ.
මෙරට මාසයක් තුළ ලබාගත් වැඩිම අපනයන ආදායම පසුගිය ජූලි මාසයේ දී වාර්තා වී ඇති බව ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි. එහි සභාපති මංගල විජේසිංහ මහතා සඳහන් කළේ, ජූලි මාසයේ දී අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 1,641 දක්වා ඉහළ ගොස් ඇති බවය. රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ කැඳවා තිබූ මාධ්ය හමුවකට එක්වෙමින් අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා මේ බව සඳහන් කළේය. “මෙය මෙතෙක් ශ්රී ලංකාවේ මාසයක් තුළ ලබාගත් ඉතාම ඉහළම අපනයන වර්ධනය. භාණ්ඩ අංශයේ අපනයන ආදායම අපි දකිනවා අමෙරිකානු ඩොලර් මිලියන 1,304ක් දක්වා වර්ධනය වෙලා තියෙනවා. එය ගිය වසර සමග සැසදීමේ දී 15.37%ක වර්ධනයක්. සේවා අංශයේ අපනයන ආදායම අමෙරිකානු ඩොලර්…
ඊයේ (25) මධ්යම රාත්රියේ සිට කොළඹ බැස්ටියන් මාවතේ පිහිටි පෞද්ගලික බස්රථ අංගනයේ සිට එම ඒකාබද්ධ ගමන්වාර ආරම්භ කරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව නිවේදනය කළේය. එමෙන්ම ප්රවාහන සහ මහමාර්ග නියෝජ්ය අමාත්ය ප්රසන්න ගුණසේන මහතා පැවසුවේ ද නිෂ්චිත කාල රාමුවකට ලංගම සහ පෞද්ගලික බසරථ බල ඇනිය එකම තැනකින් ගමන් ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙන බවය. “පැවති සාකච්චා සමූහයක ප්රතිඵලයක් ලෙස ශ්රී ලංගම සහ පෞද්ගලික අංශය ඒකාබද්ධ වෙච්ච ඒකාබද්ධ කාලසටහනකට ධාවනය කිරීම සඳහා එක ප්රවේශ මාර්ගයක් කොළඹට පිවිසෙන ප්රධාන ප්රවේශ මාර්ගය වන පුත්තලම් කොරිඩෝ එක , යාපනය සිට කොළඹ දක්වා, මන්නාරම සිට කොළඹ දක්වා, තලෛයිමාන්නාරම සිට කොළඹ දක්වා, ඒ ඒ ගමනාන්ත දක්වා…
මෙම වසරේ පළමු මාස 7 තුළ ඇමෙරිකානු ඩොලර් බිලියන 10 කට ආසන්න වූ වාර්තාගත අපනයන ආදායම පිළිබඳව නවතම දත්ත වාර්තාව අපනයන සංවර්ධන මණ්ඩලය අද ප්රකාශයට පත් කළේය. එහි මෙම වසරේ පළමු මාස 5 තුළදී ශ්රී ලංකාව වැඩිම වෙළෙඳ භාණ්ඩ අපනයනය කළ කලාප පිළිබඳවද විස්තරද ඇතුළත් විය. ශ්රී ලංකාව මෙම වසරේ පළමු මාස 5 තුළදී වැඩිම වෙළෙඳ භාණ්ඩ ප්රමාණයක් අපනයනය කර ඇත්තේ නැෆ්ටා රටවල්වලට බවත් ඉන් ඉපැයූ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන ඇමෙරිකානු ඩොලර් බිලියන 1.98 ක් බවත් අපනයන සංවර්ධන මණ්ඩලය අද නිකුත් කළ එම දත්ත වාර්තාවේ සඳහන් විණි. පසුගිය වසරේ පළමු මාස 5 ට සාපේක්ෂව එය සියයට 3.19 ක වර්ධනයක්…
රනිල් විකක්රමසිංහ පමණක් නොව රාජපක්ෂ සියලු දෙනාට අදාලව පරීක්ෂණ බවත් එම පරීක්ෂණවලට කිසිඳු තාරාතිරමක් නොමැති අතර නීතියට අනුව අනිවාර්යෙන්ම කටයුතු කරන බවත් ප්රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්ය බිමල් රත්නායක මහතා ඊයේ (25) පැවසීය. අමාත්ය බිමල් රත්නායක මහතා රැස්වීමකින් පසුව මාධ්ය වෙත අදහස් දක්වමින් එසේ පැවසීය. මහ බැංකු වංචාව සම්බන්ධ රනිල් වික්රමසිංහ මෙන්ම එහිදී ඇලෝසියස්ගෙන් මුදල් ගත්ත කටිටියට අදාලව නීතිය ක්රියාත්මක වන බව කී අමාත්ය බිමල් රත්නායක මහතා එය වර්තමාන ආණ්ඩුවේ ජනවරමේ ලොකුම කොටසක් බව ද සඳහන් කළේය. ට්රාන්සිට් එක ලන්ඩන් නම් ලක්ෂ 166 ක් වියදම් කරන්නේ කුමකටද? වෙනත් නරගවලට යන්නේ ඇයි? ඒවා සම්පූර්ණයෙන්ම ඔප්පු වෙලා තිබෙන බවත් රජයේ…
