Author: LANKA24X7

රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමෙන් පසු රනිල් වික්‍රමසිංහ මහතා ගෙන ගිය වැලිකඩ බන්ධනාගාර ඉඩමේ මුල් අයිතිකරුවන් රනිල් වික්‍රමසිංහ ඇතුළු පවුලේ උදවිය බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා මාධ්‍ය හමුවකදී අද(27) අනාවරණය කළේය. ඒ කාරණය ඔප්පු කිරීම සඳහා වන පත් ඉරු සටහන් තමා සතුව පවතින බව කී වජිර අබේවර්ධන මහතා අදාල කාරණය තහවුරු කෙරෙන ලේඛන මාධ්‍යයට ඉදිරිපත් කළේය. වජිර අබේවර්ධන මහතා මෙසේද කීය. “රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීමෙන් පසු අරගෙන ගියේ එතුමාගේ පරපුරට එනම් එතුමාගේ මිත්තණියට අයත් අක්කර 43ක් වූ වැලිකඩ භූමියටයි.මෙම භූමියේත් මුල් අයිතිකරුවන් වන්නේ රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ඒ පවුලේ උදවියයි.ඒකත් දෛවෝපගත අවාසනාවන්ත අවස්ථාවක්. වැලිකඩ බන්ධනාගාරය පිහිටි ඉඩමේ…

Read More

දඹුල්ල ගලේවෙල ප්‍රධාන මාර්ගයේ ඉබ්බන්කටුව ප්‍රදේශයේදී අද (27 )යතුරු පැදියක් දුරකථන කණුවක ගැටීමෙන් පැදිකරු බරපතල තුවාල ලබා දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි දඹුල්ල පොලිසිය කියයි. මෙසේ මියගොස් ඇත්තේ කුරුණෑගල පාන්ගොල්ල යුද හමුදා කඳවුරේ සේවය කරන යුද හමුදා කෝප්‍රල් වරයකු වන පී .ඩි. හර්ෂණ සිරිවර්ධන 37 හැවිරිදි අයෙකු බව පොලිසිය සඳහන් කළේය. හමුදා කඳවුරේ සිට නිවාඩු ලබා ඔහු පදිංචි මීගස්වැව මැදිරිගිරිය ප්‍රදේශයට යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී මෙම අනතුරට ලක්ව ඇතැයි පොලිසිය වැඩිදුරටත් පැවසීය. හමුදා කඳවුර ආසන්නයේ අතරමංව සිටි කුඩා බලු පැටවෙකුට කූඩයක දමා යතුරු පැදියේ ඉදිරිපස තබාගෙන තවත් ගමන් මල්ලක් යතුරුපැදියේ පිටුපස ගැටගසාගෙන වේගයෙන් ගමන් කරමින් සිටියදී…

Read More

කහවත්තේ වෙඩිතැබීමේ ඝාතන සැකකරුවෙක් රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. කහවත්ත පොලිස් වසමේ යායින්න ප්‍රදේශයේදී ජූනි මස 30 දින පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට අනුබල දුන් සැකකරුවෙකු ඊයේ (26) පැල්වාඩිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, වයස අවුරුදු 28ක රත්නපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මේ අතර, වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයකට තැත්කිරීමේ සිදුවීමකට සම්බන්ධ සැකකරුවෙකු හා සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබේ. දෙහිවල පොලිස් වසමේ දුම්රියපොළ පාර ප්‍රදේශයේදී ජූලි 18 වන දින යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් නිවසක සිටි පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනයක් සිදුකිරීමට තැත් කිරීමේ අපරාධය සම්බන්ධයෙන් බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය මඟින් විමර්ශනයක් ආරම්භ කර තිබිණි. ඒ…

Read More

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයෙන් කතරගමට හා රටට කළ සංවර්ධන කටයුතු තව දුරටත් සිදු කර ගෙන යෑම සදහා වත්මන් බස්නායක නිළමේ ඩීෂාන් ගුණසේකර මහතා ගේ සේවා කාලය දිර්ඝ කරන ලෙස අත්සන් 10000කින් සංදේශයක් කතරගම ප්‍රාදේශීය සභාවේ සභාපති ධර්මපාල හේරත් මහතා වෙත පිලිගැන්විය. කතරගම ජනතාව . කඩ සංගම්. හා රාජ්‍ය අයතන ස්වේච්ඡා සංවිධාන බැතිමතුන් . එක්ව අත්සන් දහදහක් (10000) ක ආසන්න අත්සන් ලේඛනයක් ජනාධිපති වෙත ලබා දිමට කතරගම ජනතාව කටයුත කර තිබේ. රජයට සහාය ලබා දෙමින් සිදු කරන කතරගම සංවර්ධනය තව දුරටත් සිදුවිය යුතු බවත් නගරයේ මෙන්ම පුජා භුමියේද .රටේ ද විවිධ වු ප්‍රජා කටයුතු ගැන සිතාබලා වත්මන් බස්නායක නිළමේවරයාගේ කාලය…

Read More

බාල වයස්කාරියකව සිටි තැනැත්තියක කඩුවෙල වැලිවිට ප්‍රදේශයේදී දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වරදකරුවකු වූ දෙදරු පියකුට බරපතල වැඩ සහිතව වසර 12 ක සිර දඩුවම් ලබා දෙන ලෙස හෝමගම මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඊයේ (26) දින නියෝග කළේය. එසේම සැකකරුට රුපියල් විසි දහසක නඩු ගාස්තු ගෙවීමටත් එම මුදල් නොගෙවන්නේ නම් තවත් මාස හයක සිර දඩුවමක් ද වින්දිත තැනැත්තියට රුපියල් ලක්ෂ තුනක වන්දි මුදලක් ලබා දෙන ලෙසත් එම මුදල් ලබා නොදෙන්නේ නම් තවත් වසරක සිර දඩුවම් ලබා දෙන බවද මහාධිකරණ විනිසුරුවරයා වැඩි දුරටත් නියෝග කළේය. මෙලෙස දඬුවම් නියම වූයේ වැල්ලම්පිටිය‍ෙ සුදත් රෝහණ නමැති පුද්ගලයෙකුටය.

Read More

පොදු දේපළ පනත යටතේ වන සිද්ධියකට අදාළව රිමාන්ඩ් බාරයට පත් කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි පැමිණීල්ල අධිකරණයේ විභාග කරන අවස්ථාව වන විට අධිකරණයට පිවිසෙන මාර්ග අවහිර වන අන්දමට ජනතාව රැස් කළ පුද්ගලයන් කවුරුන්ද යන්න හෙළි කරගෙන ඔවුන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය රහස් පොලිසියට ඊයේ වැඩිදුරටත් නියම කළාය. පැමිණිල්ල වෙනුවෙන් අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ දීලීප පීරිස් මහතා කළ ඉල්ලීමක් පිළිගනිමින් එලෙස නියම කළ මහේස්ත්‍රාත්වරිය අධිකරණයට අපහාස කිරීමේ පනතේ සඳහන් ප්‍රතිපාදන යටතේ සැකකරුවන් සම්බන්ධයෙන් ක්‍රියා මාර්ග ගන්නා ලෙසද නියම කළේය. එංගලන්තයේ පුද්ගලික විශ්ව විද්‍යාලයක පැවති උපාධි ප්‍රධානෝත්සවයක් සඳහා පුද්ගලික සංචාරයකට…

Read More

මුදල් අවභාවිතා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අධිකරණයට ඉදිරිපත් කළ දින රාත්‍රීයේ අධිකරණය තුළ සිදුවු යම් යම් දේ වීඩීයෝ කර සමාජ මාධ්‍ය වල පළ කළ පුද්ගලයින් සොයා වහාම ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය රහස් පොලිසියට ඊයේ නියම කළාය. පැමිණිල්ල වෙනුවෙන් අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ දීලීප පීරිස් මහතා කළ ඉල්ලීමක් පිළිගනිමින් එලෙස නියම කළ මහේස්ත්‍රාත්වරිය අධිකරණයට අපහාස කිරීමේ පනතේ සඳහන් ප්‍රතිපාදන යටතේ සැකකරුවන් සම්බන්ධයෙන් ක්‍රියා මාර්ග ගන්නා ලෙසද නියම කළේය. නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී රහස් පොලිස් නිලධාරීන් සහ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වසන්ත පෙරේරා මහතා සමඟ පැමිණිල්ල වෙනුවෙන්…

Read More

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල,මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රිකකවලත වැසි වාර කීපයක් ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. වයඹ සහ උතුරු පළාත්වල වැසි ස්වල්පයක් ඇති වේ. ඌව පළාතෙත් අම්පා සහ මඩකළපුව දිස්ත්‍රික්කවත් පස්වරු 2.00 පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම ප්‍රදේශවලත් උතුරු, උතුරු – මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය හම්බන්තො දිසත්‍රිකකවලත් විටින් විට තරමක තද සුළං ඇති වේ.

Read More

පවුල් ආරවුලක් දුර දිග යාමෙන් ඥාති සහෝදරයාගේ නිවසට ගොස් පිහියෙන් ඇන ඊයේ (26) ඝාතනය කර ඇති බව බෙලිඅත්ත පොලිසිය පවසයි. මෙසේ ඝාතනය කර ඇත්තේ බෙලිඅත්ත නිහිලුව, ප්‍රදේශයේ පදිංචි සමීර සඳරුවන් (26) නැමැති රසායනාගාර සහකාරවරයෙකි. සැකකාර ඥාති සහෝදරයා පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු එම පුද්ගලයා ඝාතනය සඳහා යොදාගත් පිහියද පොලිස් භාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

Read More

කුලියාපිටිය විල පළ පාලම අසලදී පාසල් වෑන් රථයක් සහා වැලි පිරවූ ටිපරයක් මුහුණට මුහුණ ගැටීමෙන් පාසල් දරුවන් දෙදෙනෙක් ඇතුළු තිදෙනකු මරුමුවට පත්ව ඇතැයි කුලියාපිටිය පොලිසිය කියයි. ඒ අතර පාසල් වෑන් රථ රියදුරා ද වන බව පොලිසිය කියයි. අනතුරින් තුවාල ලැබූ තවත් පාසල් දරු දැරියන් 13 පිරිසක් රෝහල් ගත කර ඇතැයිද පොලිසිය සඳහන් කරයි ඔවුන් කුලියාපිටිය මූලික රෝහලට ඇතුලත් කර ඇති බව පොලීසිය කියයි.

Read More