Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
පල්ලෙකැලේ, කුන්ඩසාලේ නව නගරයේ බස්නැවතුම්පොලේ තිබී නාඳුනන පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබේ. බස් නැවතුම්පොලේ පුද්ගලයෙකුගේ මළ සිරුරක් ඇති බවට ලද තොරතුරක් මත පල්ලෙකැලේ පොලිසිය විසින් අදාළ මළ සිරුර සොයාගෙන ඇත. මියගිය පුද්ගලයාගේ අනන්යතාව තහවුරු වී නොමැති අතර ඔහු වයස අවුරුදු 70ක පමණ අයෙකු වන බව සඳහන් වේ. මෘත ශරීරය මහනුවර රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති අතර පල්ලෙකැලේ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.
මැදවච්චිය ප්රදේශයේ දී දුම්රියේ ගැටී පුද්ගලයෙකු මියගොස් තිබේ. පොලීසිය ප්රකාශ කළේ මැදවච්චිය, යකාවැව දුම්රිය ගේට්ටුව ආසන්නයේදී කොළඹ කොටුව සිට මන්නාරම දක්වා ධාවනය වූ දුම්රියක ගැටී ඔහු මියගොස් ඇති බවය. මෙලෙස මියගොස් ඇත්තේ 34 හැවිරිදි මැදවච්චිය, යකාවැව ප්රදේශයේ පදිංචිව සිටි අයෙකු බව සදහන් වේ. අදාළ පුද්ගලයා දුම්රිය ගේට්ටුවෙහි තාවකාලික ගේට්ටු මුරකරු වශයෙන් රාජකාරි යෙදී සිටියදී මෙලෙස අනතුරට ලක්ව ඇති බවට සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත. සිද්ධිය සම්බන්ධයෙන් මැදවච්චිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
පොලිස් පරීක්ෂක ශ්රේණියේ නිළධාරීන් 51 දෙනෙකු සහකාර පොලිස් අධිකාරී ධුරය දක්වා උසස් කර තිබේ. තරග විභාගයකින් අනතුරුව මෙම පොලිස් පරීක්ෂකවරුන් මෙම වසරේ මාර්තු 25 වනදා සිට ක්රියාත්මක වන පරිදි සහකාර පොලිස් අධිකාරී ධුරය දක්වා උසස් කර ඇති බව පොලිස් මාධ්ය කොට්ඨාසය සදහන් කළේය. මේ සදහා උප පොලිස් පරීක්ෂක, පොලිස් පරීක්ෂක සහ ප්රධාන පොලිස් පරීක්ෂක යන ශ්රේණිවල කටයුතු කළ නිළධාරීන් සහ නිළධාරිනියන් ඇතුළත් වේ. පොලිස් නිලධාරීනියන් තිදෙනෙකු සහ පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරීන් දෙදෙනෙකු ද මෙලෙස සහකාර පොලිස් අධිකාරී ධුරයට උසස් කර ඇති බව පොලිස් මාධ්ය කොට්ඨාශය වැඩිදුරටත් සදහන් කළේය.
ආණ්ඩුව ප්රජාතන්ත්රවාදය වළ දැමීම සඳහා මිනී පෙට්ටියේ ලෑලි යතුගාමින් සිටින බව හිටපු ජනාධිපති මෛත්රීපා සිරිසේන මහතා විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ ඒකාබද්ධ මාධ්ය හමුව අරඹමින් පැවසීය. පක්ෂයේ පක්ෂ නායකයන්ගේ සහභාගිත්වයෙන් කොළඹ අමාරි හෝටලයේදී මෙය පැවැත්වේ. “ප්රජාතන්ත්රවාදී සමාජයක තිබෙන ගති ලක්ෂණ කෙමෙන් කෙමෙන් වියැකෙමින් තිබෙනවා. දේශපාලන පක්ෂ පාට අමතක කොට ප්රජාතන්ත්රවාදය රැකීම සඳහා මේ මොහොතේ අප එකතු විය යුතුයි.ප්රජාතන්ත්රවාදය රැකීම සඳහා සියලු දෙනා එක්ව කටයුතු කළ යුතුව තිබෙනවා යනුවෙන්ද මෛත්රීපාල සිරිසේන මහතා කීය.
ආණ්ඩුව ප්රජාතන්ත්රවාදය වළ දැමීම සඳහා මිනී පෙට්ටියේ ලෑලි යතුගාමින් සිටින බව හිටපු ජනාධිපති මෛත්රීපා සිරිසේන මහතා විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ ඒකාබද්ධ මාධ්ය හමුව අරඹමින් පැවසීය. පක්ෂයේ පක්ෂ නායකයන්ගේ සහභාගිත්වයෙන් කොළඹ අමාරි හෝටලයේදී මෙය පැවැත්වේ. “ප්රජාතන්ත්රවාදී සමාජයක තිබෙන ගති ලක්ෂණ කෙමෙන් කෙමෙන් වියැකෙමින් තිබෙනවා. දේශපාලන පක්ෂ පාට අමතක කොට ප්රජාතන්ත්රවාදය රැකීම සඳහා මේ මොහොතේ අප එකතු විය යුතුයි.ප්රජාතන්ත්රවාදය රැකීම සඳහා සියලු දෙනා එක්ව කටයුතු කළ යුතුව තිබෙනවා යනුවෙන්ද මෛත්රීපාල සිරිසේන මහතා කීය.
කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරනු ලැබ සිටින හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ආරක්ෂාවට ජේලර්වරුන් දෙදෙනෙකු ඇතුළු බන්ධනාගාර නිලධාරීන් අට දෙනකු අවි සහිතව යොදවා ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි. මෙයට අමතරව රෝහල අවට විශේෂ පොලිස් ආරක්ෂාව යොදවා ඇති බව පොලිස් මූලස්ථානය පවසයි. හිටපු ජනාධිපතිවරයා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමෙන් පසු වෛද්ය නිර්දේශ මත ඔහු කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරනු ලැබීය. ඔහුගේ සෞඛ්ය තත්වය යහපත් වූ පසු නැවතත් වැලිකඩ බන්ධනාගාර රෝහලට රැගෙන යෑමට නියමිතව ඇතැයි බන්ධනාගාර ප්රධානියෙක් පැවසීය.
උග්ර ආර්ථික ගැටලු හේතුවෙන් මධ්යම පන්තියේ ජනතාවගේ මෝටර් රථ සහ යතුරුපැදි ඇතුළු විවිධ වාහන ලක්ෂ දහයකට ආසන්න ප්රමාණයක් කලට වේලාවට නඩත්තු කර පවත්වාගෙන යෑමට නොහැකිවීමෙන් නිවෙස් වල සහ ගරාජවල දිරාපත් වෙමින් පවතින බව වාහන නඩත්තු සේවා ආයතන සහ මූල්ය අංශ ආරංචි මාර්ග සඳහන් කළේය. එසේම දුම් සහතික ගාස්තු සහ රක්ෂණ ගාස්තු ඉහළ යෑම හේතුවෙන් ආදායම් බලපත්ර ගැනීමට නොහැකිවීමෙන්ද වාහන විශාල ප්රමාණයක් නිවෙස් වලින් පිටතට ගැනීමට පවා නොහැකි තත්වයක් මතුව ඇතැයි එම ආරංචි මාර්ගවලින් පැවසේ. තවද නිසි කලට නඩත්තු සහ සේවා පහසුකම් ලබාදීමට නොහැකි වීමෙන්ද වාහන දහස් සංඛ්යාත ප්රමාණයක් අක්රියවී පවතින බව වාර්තාවේ. රජය මේ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කළ යුතු…
මත් ද්රව්ය ජාවාරම් කරුවන් දෙදෙනකු සමග රුපියල් කෝටි තුනක් පමණ වටිනාකමින් යුත් මත් ද්රව්ය තොගයක් අත් අඩංගුවට ගත් බව ගණේමුල්ල පොලීසිය සදහන් කරයි. ගණේමුල්ල පොලීසිය මාර්ග පරීක්ෂාවක් සිදු කරමින් සිටියදී කොස්සින්න ප්රදේශයේ ධාවනය වූ සැක කටයුතු යතුරු පැදියක් පරීක්ෂ කළ අවස්ථාවේ සැකකරුන් දෙදෙනා සන්තකයෙහි තිබී මත් ද්රව්ය තොගය සමග රුපියල් 52,000 ක මුදලක්ද අත් අඩංගුවට ගනු ලැබූ බවත් පොලීසිය සදහන් කරයි. මේ සම්බන්ධයෙන් ගම්පහ කොට්ඨාස බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී සනත් අමරසිංහ මහතාගේ උපදෙස් පරිදි සහකාර පොලිස් අධිකාරී රුවන් නාරාවිටගේ මහතාගේ අධීක්ෂණය යටතේ ගණේමුල්ල පොලිස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක යූ.පී.එස්.ප්රියන්ත මහතාගේ මෙහෙයවීමෙන් වැඩි දුර විමර්ශන සිදු කෙරේ.
අනුර කුමාර දිසානායක විසින් විපක්ෂයේ අපි ඔක්කොම එකතු කරනු ලැබ ඇතැයි සමගි ජන බලවේගයේ මැද කොළඹ ප්රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී මුජිබුර් රහුමාන් මහතා පැවසීය. මන්ත්රීවරයා ඒ බව කීවේ රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටින හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ සුව දුක් බැලීමට බන්ධනාගාරයට යෑමෙන් අනතුරුව මාධ්ය වෙත ප්රකාශයක් කරමිනි. මුජිබුර් රහුමාන් මහතා එහිදී මෙසේද කීය. ආණ්ඩුවේ ජනප්රිය භාවය අඩුවෙන කොට ඔවුන්ගේ ජනප්රිය බව රැක ගැනීම සඳහා ඔවුන් මොකක් හරි චූන් කරන වැඩක් කරනවා.රනිල් වික්රමසිංහ අත්අඩංගුවට ගන්න ඒගොල්ලෝ බටලන්ද කොමිසම පාර්ලිමේන්තුවට ගෙනාවා.බටලන්ද කොමිසමට ගන්නවා කිව්වා.ඒක වුණේ නෑ. දැන් මහ බැංකු සිද්ධිය කෝ.ඊලඟට කිව්වා බාර් පර්මිට් 250ක් දුන්නා කියලා.ඒකට අත්අඩංගුවට ගන්නවා කිව්වා. ඒකත් කරන්න…
රනිල් මේ සිදුවන දේවල් වලට හොඳින් මුහුණ දෙනු ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. මහින්ද රාජපක්ෂ මහතා මේ බව පැවසූයේ රිමාන්ඩ් බන්ධනාගාර ගතවී සිටින හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ සුවදුක් විමසීමෙන් පසුව මාධ්ය හමුවේ ප්රකාශයක් කරමිනි. “එයාට හැමදාම තිබුණු අසනීප ගතිය තමයි තියෙන්නේ.බොහොම හොඳට ඇවිත් කතා කළා.එතුමා එච්චර ඕක ගණන් ගන්නේ නෑ.මට පේන විදියට දේශපාලනේ කරනවා නම් මේවා උරුමයි.ඉතින් එතුමටත් ඒවා උරුමයි. එතුමා ඒකට මුහුණ දෙනවා. මේ වගේ පොඩි පොඩි දේවල් වලට දේශපාලන නායකයෝ අල්ලලා හිර ගෙවල් වල දැමීම ගැන කනගාටුයි.මේවා දේශපාලන පළිගැනීම් නැතුව වෙන දෙයක් නෙමෙයි නේ යනුවෙන්ද මහින්ද රාජපක්ෂ මහතා කීය.
