Author: LANKA24X7

ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩපිළිවෙළට එරෙහිව සහ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් එක්ව කටයුතු කිරිම සඳහා දේශපාලන පක්ෂ මෙන් ම සිවිල් සංවිධාන ඇතුළු පුළුල් එකමුතුවක් ගොඩනැගීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයින් ඊයේ (27) තීරණය කරනු ලැබිය. මේ සඳහා අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු සඳහා හිටපු අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා පත්කර තිබේ. විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් නායක සහ නියෝජිත හමුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් විපක්ෂ නායක කාර්යාලයෙදී ඊයේ (27) දෙවන දිනටත් රැස්විය. ඒ අනුව සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂවල නියෝජිතයෝ…

Read More

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට පත්වීම කිසිදු පෞද්ගලික පළිගැනීමක් හෝ දේශපාලන පළිගැනීමක් හෝ ඒකාධිපති ව්‍යවස්ථා ක්‍රියාත්මක කිරීමක් නොවන බව විදෙස් සහ සංචාරක කර්මාන්ත අමාත්‍ය විජිත හේරත් මහතා කොළඹදී ඊයේ (27) පැවසීය. නීතිය සැමට සාධාරණව ක්‍රියාත්මක වීමේ අවස්ථාවක් මේ රටේ ජනතාවට දැක බලා ගැනීමේ අවස්ථාවක් එමගින් උදාවූ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් සිදුකළ විමසීමේදී ඔහු මේ බව පැවසීය. “ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට පත්වීම කිසිදු පෞද්ගලික පළිගැනීමක් හෝ දේශපාලන පළිගැනීමක් හෝ ඒකාධිපති ව්‍යවස්ථා ක්‍රියාත්මක කිරීමක් නෙවෙයි. ව්‍යවස්ථා ඒකාධිපතිත්වයකට යනවා නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කර ඒ හරහා ඒකාධිපතිත්වයක් නිර්මාණය…

Read More

වලස්මුල්ල මැදගංගොඩ ප්‍රදේශයේ ඉඳුල් කැට ගෑමේ උත්සවයකදී එවකට වසය අවුරු 30ක වූ තරුණයකුට පිහියකින් ඇන මරා දැමීමේ චෝදනාවකට වැරදිකරුවන් වූ තිදෙනකුට තංගල්ල මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා මරණ දඩුවම ඊයේ නියම කළේය. මීට වසර 14කට පෙර ඉඳුල් කටගැමේ උත්සවයකදි සිදු වූ බහින් බස් වීමකින් අනතුරුව පිහියෙන් ඇන මිනී මැරීමේ චෝදනාවකට වැරදිකරුවන් වීම නිසා මෙසේ මරණ දඬුවම් නියම වූයේ මනතුංග සිරිල්, පෝද්දල ගමගේ ශාන්ත කුමාර සහ සිංගප්පුලිගේ ජයතිලක යන තිදෙනායට 2011.12.01දින වලස්මුල්ල මැදගංගොඩ ප්‍රදේශයේ ඉදුල් කටගෑමේ උත්සවයකට සහභාගි වීමට ගිය වලස්මුල්ල ,පන්සලගොඩ ,ප්‍රදීප් නිවස ලිපිනයේ පදිංචි සුදු හකුරුගේ ඉන්දික සමන් කුමාර නමැති 30 හැවිරිදි වියේ පසු වූ තරුණයට පිහියකින් ඇන මනුෂ්‍ය…

Read More

සෙවණගල සහ පැල්වත්ත උක් ගොවීන්ට ගෙවීමට ඇති සියලු මුදල් කඩිනමින් නිසි පරිදි ගෙවා අවසන් කරන ලෙස ජනාධිපති අනුර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයට 2025 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘති පිළිබඳ සමාලෝචනය සහ 2026 වසරට අදාළ පූර්ව අයවැය සාකච්ඡාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණු අවස්ථාවේ ජනාධිපතිවරයා මේ බව කීය . මෙරට දළ දේශීය නිෂ්පාදිතයට කර්මාන්ත අංශයේ සහ නිෂ්පාදන අංශයේ දායකත්වය ඉහළ නංවා ගැනීමත්, ජාතික ආර්ථිකයට වන ව්‍යවසායකත්ව දායකත්වය ඉහළ නැංවීම හා වෙළෙඳ භාණ්ඩ අපනයනයෙන් වන ආදායම ඉහළ නංවා ගැනීමත් අරමුණු කර ගනිමින් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන…

Read More

ලංගම හා පෞද්ගලික බස් රථ එකාබද්ධ කාලසටහන් ක්‍රමය වහාම අහෝසි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ලංගම වෘත්තීය සමිති ඊයේ (27) මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ. ඒ අනුව ඊයේ මධ්‍යම රාත්‍රි 12.00 සිට බස් රථ ධාවනයෙන් හා සේවයට වාර්තා කිරීමෙන් ඉවත්ව මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට එලැබීමට පියවර ගෙන තිබේ. සමගි සේවක සංගමය, පොදුජන ප්‍රවාහන සේවක සමිතිය, ශ්‍රී ලංකා නිදහස් ජාතික ප්‍රවාහන සේවක සංගමය, ජාතික සේවක සංගමය, ලංකා ගමනාගමන සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති හතක් ඒකාබද්ධව මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කිරීමට නියමිතය.

Read More

අවිගත් නාදුනන තුවක්කුකරුවන් දෙදෙනකු ඊයේ රාත්‍රී පානදුර වඳුරාමුල්ල අළුබෝගහවත්ත නිවසකට කඩා වැදී පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කර ඇතැයි පානදුර දකුණ පොලිසිය කියයි. මෙලෙස ඝාතනය කර ඇත්තේ පෙතිගේ දිල්හාර ප්‍රනාන්දු (55) නැමැත්තෙකි. මියගිය පුද්ගලයා සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන පානදුරට නිලංක සම්පත් නැමැත්තාගේ බිරිඳගේ පියා බව පොලිසිය සඳහන් කරයි.

Read More

ගලේවෙල – දඹුල්ල ප්‍රධාන මාර්ගයේ ඉබ්බන්කටුවේ දී මාළු ලොරියක් වාහන තුනක ගැටී ටිපර් ථයක පිටුපස රෝග හතර ගලවාගෙන ගොස් මාර්ගයෙන් ඉවතට පැන නතර වී ඇතැයි පොලිසිය කියයි. එම අනතුරින් මාළු ලොරියේ රියැදුරට තුවාල ලබා දඹුල්ල රෝහලට මාරු කර යවා ඇත. ගලේවෙල දෙසින් දඹුල්ල දෙසට ධාවනය වෙමින් තිබූ මාළු ප්‍රවාහනය කරන කුඩා ලොරි රථය දඹුල්ල දෙස සිට ගලේවෙල දෙසට ධාවනය වූ වැලි ටිපර් රථයේ පිටුපස රෝදයේ ගැටීමත් සමග ටිපර් රථය තවත් වෑන් රථයක සහ ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුවූ බව දඹුල්ල පොලිසිය කියයි. අනතුරින් බරපතල තුවාල ලැබූ මාළු ලොරි රථයේ රියදුරු ප්‍රදේශවාසීන්ගේ සහායෙන් පිටතට ගෙන දඹුල්ල රෝහලට ඇතුළත් කළ බව…

Read More

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගෙතැන්න මහතා සැප්තැම්බර් මස 10වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත. හිටපු නාවික හමුදාපතිවරයා අද (27) පොල්ගහවෙල මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී තිබේ. නිශාන්ත උළුගෙතැන්න මහතා නාවික හමුදා බුද්ධි අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කළ සමයේ පොතුහැර ප්‍රදේශයේ සිදුව ඇති පුද්ගල පැහැරගැනීමක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව පසුගිය මස 28වනදා අත්අඩංගුවට ගනු ලැබීය.

Read More

පෙට්‍රල් 92 Unl බැරල් 1,500,000ක් ප්‍රසම්පාදනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 2025- 09-15 දින සිට 2026-03-14 දින දක්වා මාස හයක කාලයක් සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ලියාපදිංචි සැපයුම්කරුවන් වෙතින් පෙට්‍රල් 92 Unl බැරල් 1,500,000+/-5%ක අවශ්‍යතාව සපයා ගැනීම සඳහා ලංසු කැඳවා තිබේ. මේ සඳහා සැපයුම්කරුවන් 8 දෙනකු විසින් ලංසු ඉදිරිපත් කර ඇත. අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් කරනු ලැබ ඇති නිර්දේශය මත පදනම්ව, පෙට්‍රල් 92 Unl බැරල් 1,500,000+/-5% (බැරල් 300,000+/-5% බැගින් වූ නැව් තොග 5ක් සපයා ගැනීම සඳහා වූ දිගු කාලීන කොන්ත්‍රාත්තුව M/s. Adaya Birla Global Trading (Singapore) pte. Ltd. Singapore පිරිනැමීම පිණිස…

Read More

යාපනය, චෙම්මනි සිත්තුපාත්තු සුසාන භූමිය ආසන්නයේ පවතින සමූහ මිනීවළෙන් මිනිස් සිරුරු 166කට අදාළ අස්ථි මතුකර ගෙන තිබේ. කැනීම් නිලධාරීන් පවසන ලද්දේ, සමූහ මිනීවළෙහි පස්වන අදියරේ කැනීම් කටයුතු සැප්තැම්බර් 07 දක්වා සිදුකිරීමට සැළසුම් කොට ඇති බවය. කැනීම් නිලධාරීන් තවදුරටත් සඳහන් කර ඇත්තේ, සමූහ මිනීවළ සම්බන්ධයෙන් සිදුකළ ස්කෑන් පරීක්ෂණ වාර්තා සැළකිල්ලට ගනිමින් පස්වන අදියර කැනීම් කටයුතු සිදුකිරීමට අපේක්ෂා කරන බවය. තවද, යාපනය මහෙස්ත්‍රාත් ඒ.ඒ. ආනන්දරාජා මහතාගේ අධීක්ෂණය යටතේ, කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යේෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහතා, යාපනය විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය සෙල්ලයියා පිරනවන් මහතා ඇතුළු විශේෂඥ කණ්ඩායමක් විසින් සමූහ මිනීවළ සම්බන්ධයෙන් කැනීම් කටයුතු සිදුකරනු ලබයි. සමූහ මිනිවළ තුළින්…

Read More