Author: LANKA24X7

නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් වූ පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සැප්තැම්බර් මස 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. අධිකරණය මඟින් වරෙන්තු ලබාසිටි උන් වහන්සේ අද (29) දහවල් අධිකරණය හමුවේ පෙනී සිටියේය. 2020 මහ මැතිවරණයෙන් ‘අපේ ජනබල’ පක්ෂයට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ලබාගැනීම සඳහා එම පක්ෂයේ මහලේකම් පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් පැහැරගෙන ගොස් රඳවා තබාගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව මෙම නඩු විභාගය පැවැත් වේ.

Read More

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා එළඹෙන 9 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබූ හිටපු අමාත්‍ය රාජිත සේනරත්න මහතා අද (29) පෙරවරුවේ අධිකරණය හමුවේ පෙනී සිටියේය. ඒ අනුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඒ මහතාව ලබන 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියම කළේය. අල්ලස් කොමිසම සහ විත්තියේ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක. එස්. බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කර තිබුණි.

Read More

අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ නඩුවක් සඳහා කොළඹ මහාධිකරණය හමුවේ අද (29) පෙරවරුවේ පෙනී සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත. කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය හමුවට රාජිත සේනාරත්න මහතා ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර තිබේ. ඒ අනුව සේනාරත්න මහතා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන තුරු රිමාන්ඩ් භාරයේ තබාගන්න ලෙස මෙහිදි මහාධිකරණ විනිසුරුවරිය නියම කර ඇත.

Read More

මුන්දලම ප්‍රදේශයේ අවස්ථා දෙකකදී වෙඩි තැබිම් දෙකක් සිදුකර එම ප්‍රදේශයෙ නොසන්සුන්තාවයක් ඇති කළ බව කියන සැකකරුවන් දෙදෙනෙකු වෙඩි තැබිමට යොදා ගත් ගිනි අවිය සමඟ පුත්තලම කොට්ඨාස අපරාධ කාර්යාංශයේ නිළධාරීන් විසින් සිදුකල මෙහෙයුමකින් පසු ඊයේ (28 ) අත් අඩංගුවට ගත් බව කියයි. මෙලෙස අත් අඩංගුවට ගෙන තිබුණේ අවුරුදු 30 හා 37 වයස් සිමාවල සැකකරුවන් දෙදෙනෙකු වන අතර මොවුන් මුන්දලම නවදන්කුලම පදිංචිකරුවන් බව කියයි. මෙම අත් අඩංගුවට ගැනිම සදහා පුත්තලම කොට්ඨාශ බුද්ධි අංශය හා කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයෙ බුද්ධි එකකක ලබා දුන් තොරතුරු මත මෙම සැකකරුවන් අත් අඩංගුවට ගැනිමට කටයුතු කර තිබුණි. අදාල වෙඩි තැබිමට සම්බන්ධව සැකකරුවන් සමග බෝර 12 ගිනි අවිය.ජීව…

Read More

ගාල්ල, කරාපිටිය ජාතික රෝහලේ පිළිකා ප්‍රතිකාර ඒකකට අතිනවීණ තාක්ෂණයෙන් යුත් ලීනියර් ඇක්සලරේට යන්ත්‍රයක් (Linear accelerators) ලබාදීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර ඇත. එම අති නවීණ තාක්ෂණයෙන් යුත් ලීනියර් ඇක්සලරේට යන්ත්‍රය (Linear accelerators) ස්ථාපිත කිරීමට අවශ්‍යවන බංකරයේ (New Linac Bunker) ඉදිකිරීම් ආරම්භ කිරීම සදහා මුල්ගල තැබීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල,කරාපිටිය ජාතික රෝහලේ පිළිකා ප්‍රතිකාර ඒකක පරිශ්‍රයේ දී සිදුවිය. මෙරට බෝවන මෙන් ම බෝනොවන රෝග හේතුවෙන් සෞඛ්‍ය පද්ධතියට දැවැන්ත බරක් පැටවෙන බැවින් රෝගවලට ප්‍රතිකාර සේවා සිදු කරනවා සේම රෝග වලක්වා ගැනීම හා පාලනය සඳහාත්, ජනතාව දැනුම්වත් කිරීම සදහාත්, ප්‍රමුඛත්වයක් ලබා දී කටයුතු කළ…

Read More

බත්තරමුල්ල ශ‍්‍රී ලංකා – ජපන් මිත‍්‍රත්ව මාර්ගයේ සංවර්ධන කටයුතු ඊයේ (28) ඇරැඹිණි. ප‍්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් මාර්ග සංවර්ධන අධිකාරියේ කොළඹ ප‍්‍රධාන ඉංජිනේරු කාර්යාලයේ අධීක්‍ෂණයෙන් මෙම මාර්ගය ඉදි කෙරෙයි. කිලෝමීටර් දෙකක දිගකින් යුත් මෙම මාර්ගය කාපට් යොදා සංවර්ධනය කරනු ලබන අතර වැය වන මුදල රුපියල් මිලියන 203 කි. ශ‍්‍රී ලංකා රජයේ මූල්‍ය ප‍්‍රතිපාදන යටතේ මෙම මාර්ගයේ සංවර්ධන කටයුතු ඉදිරි මාස හය ඇතුළත නිම කිරීමට අපේක්‍ෂිතය. ඒ අනුව 2026 පෙබරවාරි මස 9 වැනිදාට පෙර සියලූ ප‍්‍රතිසංස්කරණ කටයුතු නිම කිරීමට සැලසුම් කර ඇත. ප‍්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප‍්‍රසන්න ගුණසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් වැඩ ඇරැඹීම සිදු කෙරිණි.

Read More

අස්ගිරි මහා විහාර පාර්ශවයේ පුරප්පාඩුවී පවතින අනූනායක පදවියට අස්ගිරි මහා සංඝ සභාවේ එකඟත්වයෙන් නාරම්පනාවේ ආනන්ද හිමිපාණන් වහන්සේ මීට ටික වේලාවකට පෙර තේරි පත්වූහ. වරකාගොඩ ශ්‍රී ඤාණරතන සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මහා නායක හිමිපාණන් සහ අස්ගිරි පාර්ශවයේ අනූනායක වෙඬරුවේ උපාලි හිමිපණන් වහන්සේ ප්‍රමුඛද අස්ගිරි කාරක සංඝ සභාවේ සභික හිමිපාණන් වහන්සේලාගේ මූලිකත්වයෙන් ඓතිහාසික අස්ගිරි මහා විහාරයීය මංගල උපෝෂතාගාරයේදී, නව අනුනායක හිමි පාණන්වහනසේ තෝරා පත් කරගැනීම සිදු කෙරිණි. අනූනායක ධූරය සඳහා ඉදිරිපත්වූ මහියංගන රාජමහා විහාරාධිපති මහෝපාධ්‍යාය උරුලෑවත්තේ ශ්‍රී ධම්මරක්ඛිත සහ අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී නාරම්පනාවේ ආනන්ද යන හිමිපාණන් වහන්සේලා ද වැඩම කර සිටියහ. අස්ගිරි මහා නායක හිමි පාණන් වහන්සේගේ ප්‍රධානත්යෙන් අභිනව අස්ගිරි…

Read More

රණවිරු දඩයමට සහ වෘත්තිය සමිති මර්දනයට එරෙහිව පෙළගැසෙන්නැයි සියලුම රණවිරුවන්ට, වෘත්තිය සමිතිවලට, රාජ්‍ය සේවකයින්ට හා ජාතික බලවේගවලට පවසන බව පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය. රණවිරුවන් දඩයම් කිරීමට තමා සම්පූර්ණයෙන්ම විරුද්ධ බව නාමල් රාජපක්ෂ මහතා කීය. රණවිරුවන් දඩයම් කිරීමත් වෘත්තිය සමිතිවලට බලපෑම් කිරීම හා මර්දනය කිරීමට රජය අසාර්ථක උත්සාහයක නිරත වන බව රාජපක්ෂ මහතා පැවසීය.

Read More

කිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට ලබාදී රජයට රුපියල් කෝටි දෙකකට අධික පාඩුවක් කළැයි කියන සිද්ධියට අදාළව මාස තුනක පමණ කාලයක් තිස්සේ සැඟව සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද (29) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටීමට සුදානම් බව ඔහුගේ නීතීඥවරයා කොළඹ මහාධිකරණ විනිසුරු ඉන්ද්‍රිකා කාලිංග වංශ මහත්මියට ඊයේ (28) දැනුම් දුන්නේය. වහාම අත්අඩංගුවට ගන්නා ලෙස නියම කරමින් මහේස්ත්‍රාත් අධිකරණයෙන් නිකුත් කර ඇති වරෙන්තුව අත්හිටුවන්නැයි ඉල්ලමින් රාජිත සේනාරත්න මහතා ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම කැඳවූ අවස්ථාවේදී ඒ බව දැනුම් දෙමින් ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ කාලිංග ඉන්දතිස්ස මහතා කළ ඉල්ලීමකට අනුව විනිසුරුවරිය අල්ලස් කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට අධිකරණයේ පෙනී සිටින…

Read More

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල ස මාතර දිස්ත්‍රික්කවලට වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. වයඹ පළාතෙත් වැසි ස්වල්පයක් ඇති විය හැකියි. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, බස්නාහිර සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට තරමක තද සුළං ඇතිවිය හැකියි.

Read More