Author: LANKA24X7

කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද සාමාන්‍ය වාට්ටුවකට ඇතුළත් කෙරෙනු ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය. ඒ සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කර ඇතැයි දැනගන්නට ඇත. මේ අතර ඔහු රෝහලෙන් තවදුරටත් ප්‍රතිකාර ලබා ගන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් වික්‍රමසිංහ මහතා හෝ ඔහුගේ පවුලේ ඥාතීන් තීරණය කළ යුතු බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය. රිමාන්ඩ් බන්ධනාගාර ගත කෙරුණු රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුර ප්‍රතිකාර සඳහා බන්ධනාගාර රෝහලේ සිට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඉකුත් 23 වැනිදා මාරු කරනු ලැබීය.

Read More

මාතර උයන්වත්ත ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේදී මත්ද්‍රව්‍ය සහ පාතාල ක්‍රියාකාරී කටයුතුවලට සම්බන්ධ බවට සැක කරන “හොටු කුමාර ” අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී ජීවත් බෝම්බයක් සහ ජංගම දුරකථන 17 ක් සොයා ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි . මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධකරුවකු සම්බන්ධව ලැබුණු තොරතුරක් මත පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් මාතර උයන්වත්ත ප්‍රදේශයේ නිවසක් පරීක්ෂාවට ලක් කොට තිබේ. එහිදී සැකකරුවකු ජංගම දුරකථන දාහතක් (17 ) ක් සමග අත්අඩංගුවට ගෙන තිබේ. අනතුරුව දීර්ඝ ප්‍රශ්න කිරීම් වලදී එම සැකකරුට අයත් බව කියන මිදිගම ප්‍රදේශයේ පිහිටි සංචාරක හෝටලයක් පරීක්ෂාවට ලක් කොට තිබේ. එහිදී සැකකරු භාවිතා කරන ලද බව කියන කාමරයේ මෙට්ටයක් යට…

Read More

මෙම වසරේ මේ දක්වා දිවයින පුරා වෙඩිතැබීම් 89 ක් වාර්තා වී ඇතැයි පොලිස් මූලස්ථානය කියයි. මේ වන විට පුද්ගලයන් 48 කු මියගොස් තවත් පුද්ගලයන් 50 කු පමණ තුවාල ලබා ඇත . ඊයේ (27) රාත්‍රී පානදුර දකුණ පොලිස් වසමින් සිදු වූ වෙඩි තැබීමත් සමඟම පානදුර පොලිස් කොට්ඨාසයෙන් මෙම වසරේ මේ දක්වා පානදුර දකුණ , හිරණ , පින්වත්ත සහ බණ්ඩාරගම යන පොලිස් වසම් වලින් වෙඩිතැබීම් 07 ක් වාර්තා වී පුද්ගල මරණ 3 ක් සිදු වී ඇත. එම වෙඩි තැබීම් හතෙන් පහක් කුඩු සළිඳු පාර්සය විසින් නිලංග පාර්ශ්වය වෙත එල්ල කර ඇති අතර එමගින් පුද්ගල මරණ තුනක් සිදුව ඇත. නිලංගගේ පාර්ෂය විසින් කුඩු…

Read More

පානදුර නගර සභාව යටතේ පාලනය වන පිහිනුම් තටාකය එහි සේවකයන් නිසි පරිදි පිරිසිදු නොකිරීම හේතුවෙන් කුඩා දරුවන් ඇතුළු එම පිහිනුම් තටාකය පාවිච්චි කරන ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටිති. කුඩා දරුවන් පාවිච්චි කරන කුඩා පිහිනුම් තටාකය පිරිසිදු නොකිරීම හේතුවෙන් එයට ගස්වල කොළ, මල් සහ රොඩු වැටීමෙන් දැඩි අපිරිසුදුසු තත්වයට පත්වතිබියදීත් එහි සේවය කළ නගර සභා සේවකයා පිහිනුම් තටාකය පිරිසිදු කිරීම ප්‍රතික්‍ෂේප කළ බවත් පිරිසිදු කර ගැනීමට අවශ්‍ය නම් නගර සභා කාර්යාලයට දැනුම් දිය යුතු බවත් සේවකයා පැවසූ බව එම ස්ථානයේ සිටි කීපදෙනෙක් පැවසූහ. කුඩා පිහිනුම් තටාකය පැයක කාලයක් පාවිච්චි කිරීම සඳහා කුඩා දරුවකුගෙන් පානදුර නගර සභාව රුපියල් 130 ක මුදලක් අය…

Read More

ඉන්දුනීසියාවේ පොලිසිය සහ මෙරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එක්ව අත්අඩංගුවට ගත් කෙහෙල්බද්දර පද්මෙ ඇතුළු කණ්ඩායම ඉදිරි දින දෙක ඇතුළත රටට ගෙන ඒමට කටයුතු කරන බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය. ඔහු මේ බව පැවසුවේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. සංවිධානාත්මක අපරාධකරුවන් වෙනුවෙන් විශේෂිත මහා අධිකරණ හිටුවා දීර්ඝ කාලයක් නඩු කටයුතු පවත්වාගෙන යන්නේ නැතිව කඩිනමින් දඩුවම් ලබාදීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා කීය.

Read More

විල්පත්තු ජාතික උද්‍යානයේ කුකුල්කටුව බීට්ටු කාර්යාලයේ වනජීවී නිලධාරීන් සිදුකළ ක්ෂණික මෙහෙයුමකදී ගැබිණි මුව දෙනක මරා මස් කිරීමට සූදානම්ව සිටි පුද්ගලයින පස් දෙනෙකු ගිණී අවියක් හා තියුණු අයුධ ද සමඟ අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබේ. කුකුල්කටුව වනජීවී බීට්ටු කාර්යාලයේ නිලධාරීන් විසින් රනෝරාව, මීගස්දෙණිය ප්‍රදේශයේ සිදුකළ මුර සංචාරයක් අතරතුර සිදුකළ ක්ෂණික වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ. කිසියම් පිරිසක් ගැබ්බර මුව දෙනක මරා දමා මස් කිරීමට සූදානම් වන බවට මුර සංචාරයේ නිරතව සිටි වනජීවි නිලධාරීන් දැක ඇති අතර ඒ අනුව වහා ක්‍රියාත්මක වූ නිලධාරීන් ක්ෂණිකව එම ස්ථානය වටලා සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන තිබිණ. වනජීවි නිලධාරීන් ක්ෂණිකව සිදු කළ එම වැටලීමේදී සිද්දියට සම්බන්ධ සැකකරුවන්…

Read More

ගුරු පත්වීම් සම්බන්ධයෙන් පැවැරුණු නඩු කටයුතු අවසන් වී සති දෙකක් ඇතුලත ගුරු විභාගය පැවැත්වීමට අදාළ ගැසට් පත්‍රය නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සහ රැකියා විරහිත උපාධිධාරී ඒකාබද්ධ මධ්‍යස්ථානය අතර පැවති සාකච්ඡාවකදී අනාවරණය විය. රැකියා විරහිත උපාධිධාරීන්ගේ ගැටලුව පිළිබඳ මෙම සාකච්ඡාව අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්විණි. මේ වන විටත් පළාත් මට්ටමේ ගුරු පුරප්පාඩු පිළිබඳව දත්ත ලබාගෙන ඇති බව මෙම සාකච්ඡාවේදී හෙළිදරව් විය. මෙම සාකච්ඡාවට රැකියා විරහිත උපාධිධාරී ඒකාබද්ධ මධ්‍යස්ථානයේ කැඳවුම්කරු මහේෂ් අඹේපිටිය, තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියාරච්චි මහත්වරු සහ උපාධිධාරීහු එක්ව සිටියහ. ගුරු පත්වීම් ලබාදීමට අදාලව නඩු කටයුතු 4ක් පැවති අතර…

Read More

ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ භූ විද්‍යා පතල් කාර්යාංශය යන ආයතන වල ප්‍රධානීන් ලබන සතියේ කෝප් කමිටුව හමුවට කැඳවීමට තීරණය කර ඇත. ඒවායේ දූෂණ වංචා සහ අක්‍රමිකතා පිළිබඳව විමසීම සඳහා එම ආයතන ප්‍රධානීන් මෙසේ කැඳවන බව කෝප් කමිටුවේ සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා පැවසීය.

Read More

ඒකාබද්ධ විපක්ෂ ඊයේ පැවැත්වූ සාකච්ඡා මඟහැරීම පිළිබඳව විමසීමකදී පොහොට්ටුවට විශේෂ අනන්‍යතාවක් සහ වැඩපිළිවෙලක් තිබෙන බවත්, පක්ෂයේ කටයුතු කරන්නේ එම අනන්‍යතාව ආරක්ෂා කර ගනිමින් බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මාධ්‍ය ප්‍රකාශක සංජීව එදිරිමාන්න මහතා පවසනවා. රනිල් වික්‍රමසිංහ සම්බන්ධ කාරණයේදී ඒකාබද්ධව කටයුතු කළ බවත් අවශ්‍යතාව අනුව ඉදිරියේදී කටයුතු කළ හැකි බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා. කොළඹ කේන්ද්‍ර කරගත් සාකච්ඡාවෙන් එහා ගිය ජනමතයක් ආණ්ඩුවට එරෙහිව ගොඩනැගිය යුතු බවයි ඔහු සඳහන් කරන්නේ. මැතිවරණයක් අපේක්ෂාවෙන් ආණ්ඩුවට එරෙහිව කටයුතු කිරීම පිළිබඳව ඔහු වැඩිදුරටත් මෙලෙස පැහැදිලි කළා. “ආණ්ඩුවට ලැබුණු ජනවරමට අගෞරවයක් කිරීමට අපිට බැහැ. ජනතාව තීන්දුවක් ගත්තේ ‘මේ අයටත් දීලා බලමු’ කියන එක වෙනුවෙන්. ඒ නිසා දීලා…

Read More

ගෞරවණිය හදිසි මරණ පරීක්ෂක සේවයක් ඇති කිරීමට ක්‍රමවේදයක් සකස් කරන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතා පැවසීය. ඇතැම් හදිසි මරණ පරීක්ෂකවරුන් අල්ලස් ලබා ගන්නා බවට පැමිණිලි ලැබී තිබෙන බවද අමාත්‍යවරයා කීය. දිස්ත්‍රික්ක කිහිපයක පුරප්පාඩුව පවතින හදිසි මරණ පරීක්ෂකවරුන් 23 දෙනකු සඳහා පත්වීම් ප්‍රදානය කිරීමේ අවස්ථාවට අධිකරණ අමාත්‍යාංශයේදී එක්වෙමින් අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා මෙම අදහස් පළ කළේය. 1979 අංක 15 දරණ අපරාධ නඩු විධි විධාන සංග්‍රහ පනතේ 108 වගන්තියෙන් අධිකරණ අමාත්‍යවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම පත්වීම් ප්‍රදානය කෙරෙයි. “හදිසි මරණ පරීක්ෂක තනතුරු 170 ක් පමණ පුරප්පාඩු පවතිනවා. එම පුරප්පාඩු කඩිනමින් සම්පුර්ණ කිරීමට කටයුතු කරනවා. මේ…

Read More