Author: LANKA24X7

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වේ. ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදි හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිතවැසි ඇති විය හැකියි.

Read More

ඉරානයට ප්‍රහාරයක් එල්ල කිරීමට සියල්ල සූදානම් නමුත්, ප්‍රහාරයක් එල්ල කරනවාද නැද්ද සම්බන්ධයෙන් ඉදිරි සති දෙක තුළ තීරණය කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මාධ්‍ය හමුවේ පැහැදිලි කර ඇත. ට්‍රම්ප් මේ වනවිට ඉරානයට යටත් වන්නැයි අණ දී ඇති අතර, ඉරානය එය තරයේ ප්‍රතික්ෂේප කර ඇත. ඊට අමතරව, ඊශ්‍රායලය ඉරානයට එරෙහිව දිගින් දිගටම එල්ල කරන ප්‍රහාරවලට තමන් උපරිම අයුරින් සහාය දෙන බව ද ට්‍රම්ප් පවසා ඇත. මේ අතර, ඉරානය සහ ඊශ්‍රායලය අතර සතියකට වැඩි කාලයක් පවතින යුද ආරවුල මධ්‍යයේ, දෙපාර්ශ්වයෙන්ම දිගින් දිගටම ප්‍රහාර හුවමාරු කරගනිමින් සිටී. විදෙස් වාර්තා පැවැසුවේ, ඊශ්‍රායලය ඉරානයේ ජල න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකයට පහර දී විනාශ කළ බවය. ඊශ්‍රායලය මෙසේ ඉරානයේ…

Read More

2025 ජුනි 30 වන දින සිට “චීන වීසා මාර්ගගත අයදුම්පත් පද්ධතිය” නිල වශයෙන් දියත් කරන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනය කර සිටී. නිවේදනයක් නිකුත් කරමින්, තානාපති කාර්යාල ප්‍රකාශකයෙකු විසින් මෙම යාවත්කාලීන කරන ලද නව වීසා අයදුම් කිරීමේ ක්‍රියා පටිපාටියෙහි ප්‍රධාන වෙනස්කම් සහ නිතර අසනු ලබන ප්‍රශ්න පිළිබඳව අවධානය යොමු කළේය. සරල කරන ලද අයදුම් කිරීමේ ක්‍රියාවලිය ජුනි 30 වන දින සිට, අයදුම්කරුවන් https://consular.mfa.gov.cn/VISA/ හි නිල ද්වාරය හරහා තම වීසා අයදුම්පත් මාර්ගගතව ඉදිරිපත් කළ යුතුය. අයදුම්කරුවන් තම විද්‍යුත් තැපැල් ලිපිනය භාවිතා කර ගිණුමක් නිර්මාණය කළ යුතුය, අයදුම්පත්‍රය සම්පූර්ණ කළ යුතු අතර අවශ්‍ය සියලුම උපකාරක ලියකියවිලි උඩුගත කළ යුතුය. අයදුම්පත…

Read More

සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා සහ බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල බහු ආංශික තාක්ෂණික ආර්ථික සහයෝගීතාව සඳහා වන එකමුතුවේ මහලේකම් තානාපති අම්බ් ඉන්ද්‍රා මනි පාණ්ඩේ මහතා අතර හමුවක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී අද(19)සිදු විය. මෙම හමුවේ දී විවිධ බිම්ස්ටෙක් මුලපිරීම් යටතේ කලාපීය සහයෝගීතාව මෙන්ම සෞඛ්‍ය, තාක්ෂණික සහ ඩිජිටල්කරණය ඇතුළු සහයෝගීතාවයේ ප්‍රධාන ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු කෙරිණි. මෙරට නිදහස් සෞඛ්‍ය සේවාවේ, විද්‍යා, තාක්ෂණ සහ නවෝත්පාදන අංශයන් හි ප්‍රගමනය උදෙසා රජය ගෙනයන වැඩපිළිවෙල පිළිබඳව මහලේකම්වරයා සිය ප්‍රශංසා ව පළ කළ අතර, බටහිර සහ දේශීය වෛද්‍ය අංශ දෙකම ඉහළ නැංවීමට BIMSTEC සහ ශ්‍රී ලංකාව අතර අනාගත සහයෝගීතාවයේ ශක්තිමත්භාවය මෙන්ම ඊට අදාළ…

Read More

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ගේ දියණියක් , බෑනා සහ ලේලිය අද (19) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම් සභාව හමුවට පැමිණි බව උසස් නිලධාරියෙක් පැවැසීය. මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ පැවැත්වෙන විමර්ශනයකට අදාළ ප්‍රකාශ ලබාදීම සඳහා එලෙස පැමිණ ඇත. අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල , ඔහුගේ බිරිඳ සහ දියණියක් මුදල් විශුද්ධ කරන වැළැක්වීමේ පනත යටතේ ඊයේ (18) හිටපු අත්අඩංගුවට ගැනීමෙන් පසු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අතර ඇප මත මුදා හැර තිබිණි. එනමුත් ඇප කොන්දේසි සපුරා ගැනීමට අපොහොසත් වීම හේතුවෙන් ඔවුන් තිදෙනා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

Read More

පසුගිය ආණ්ඩු යටතේ ඇතැම් කාල වල යුරෝපීය ගවයන් ගෙන්වීමේදී ඔවුන්ට අවශ්‍ය පෝෂණ තත්ත්වයන් ලබා ගැනීම සඳහා අදාළ තණකොළ වන්නේ නැතිව ගවයන් ගෙන විත් තිබෙන බව කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී සුජීව දිසානායක මහතා:-(ජා.ජ.බ) පාර්ලිමේන්තුවේදී කීය. ‘ගවයා කියන්නේ ආසියා සංස්කෘතියේ වන්දනීය සතෙක්.හින්දු භක්තිකයන් ගවයා පූජනීය සතෙක් ලෙස සලකනවා.ශ්‍රී ලාංකික භූමියේ දේශගුණය රටාව තුළ ලෝකයේ ඕනෑම ගවයෙක් ඇති කරන්නට හැකියාව තිබෙනවා.අප අද ඉදිරිපත් කරන්නේ 2014 සිට මතුවූ තත්ත්වයක්. එවකට මුදල් ඇමති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ කැබිනට් යෝජනාවකට අනුව මේ කිරි ගවයන් විසිදාහ ආනයනය කරන්න යෝජනා වී තිබුණා.2018 දී මේ කටයුතු ආරම්භ කර තිබෙනවා.මේ සඳහා අත්තිකාරම් දුන්නත් කිසිම හරකෙක් ලංකාවට ගෙනත් නෑ.ඒ වගේම ඇතැම්…

Read More

ඇමෙරිකාව ඉරානයට පහර දුන්නොත්, ඉරානය ද පෙරළා ඇමෙරිකාවට ප්‍රතිප්‍රහාර එල්ල කරනු ඇතැයි මේ වනවිට භූගත බංකරයක සැඟවී සිටින ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලී කමේනි පවසයි. ඉරාන නායකයා මෙසේ ඇමෙරිකාවට අනතුරු ඇඟවූයේ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ අනතුරු ඇඟවීමට ප්‍රතිචාර දක්වමිනි.

Read More

පළාත් පාලන මැතිවරණයේදී සියයට පනහක ඡන්ද ප්‍රතිශතයක් නොමැතිව ජයග්‍රහණය කරන ලද පළාත් පාලන ආයතන 29ක බලය පිහිටුවීමට ජාතික ජන බලවේගය මේ වන විට සමත් වී තිබේ. කොළඹ,රත්නපුර,කුරුණෑගල සහ නුවරඑළිය මහ නගර සභා වල බලය තහවුරු කර ගැනීමට ජාතික ජන බලවේගය සමත්ව ඇති අතර පුත්තලම ,බණ්ඩාරවෙල, කොළොන්නාව,පෑලියගොඩ,හික්කඩුව තලවකැලේ ලිඳුල නගර සභා වල බලයද ජාතික ජන බලවේගයට හිමි විය. ඌව පරණගම,හල්දුම්මුල්ල, මීගහකිවුල,මැදවච්චිය,කොබෙයිගනේ,මැදදුම්බර,උඩුදුම්බර,මිනිපේ,පඬුවස් නුවර,දඹුල්ල,ගලේවෙල,වැලිකන්ද, කල්පිටිය,වවුනියා දකුණ,හපුතලේ සහ දෙහිඕවිට,හොරොව්පතාන,කන්දකැටි,සොරණාතොට ප්‍රාදේශීය සභා වල බලයද ජාතික ජන බලවේගය විසින් හිමිකර ගත්තේය. වෙනත් පක්ෂ විසින් බලය පිහිටුවන ලද ආගරපතන, කොටගල සහ නුවරඑළිය ප්‍රාදේශීය සභාවල උපසභාපති ධුර ද ජාතික ජන බලවේගය විසින් හිමි කරගෙන තිබේ.

Read More

සංචාරක ක්ෂේත්‍රයේ නියැළෙන ත්‍රිරෝද රථ රියදුරන්ගේ ආකල්ප හා ආචාරධර්ම වැඩිදියුණු කිරීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය පියවර ගෙන තිබේ. එහි මූලික සාකච්ඡාවක් ඊයේ (18) පෙරවරුවේ ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේදී පැවැත්විණ. ණ. ඒ අනුව, මෙම වර්ෂය තුළදී දිවයිනේ පළාත් 09ම ආවරණය වන පරිදි කුලී රථ රියදුරන් දස දහසක් පුහුණු කිරීමට සැලසුම් කර ඇත. ඊට වියදම වශයෙන් රුපියල් මිලියන 25ක මුදලක් ඇස්තමේන්තු කර ඇති අතර, එක් පළාතක වැඩසටහන් 10 බැගින් පැවැත්වීමට අපේක්ෂා කෙරේ. මෙහිදී ත්‍රිරෝද රථ රියදුරන් සඳහා මාර්ග නීති සම්බන්ධයෙන් පුළුල් දැනුමක් ලබා දීම, ත්‍රිරෝද රථ රියදුරන් තුළ වගකීම් සහගත බව ඇති කිරීම, ප්‍රවාහන සේවා සැපයීමේදී අනුගමනය…

Read More

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි චෝදනා පිළිබඳව විමර්ශන කෙරෙන ත්‍රිපුද්ගල කමිටුව හමුවේ සාක්ෂි දීමට පැමිණි සාක්ෂිකාරියක් වගඋත්තරකාර පොලිස්පතිවරයාගේ නීතිඥවරයාගේ විරෝධය හේතුවෙන් කමිටුව විසින් සාක්ෂි නොගෙන ඊයේ (18) හරවා යවනු ලැබුවාය. සාක්ෂිකාරිය සාක්ෂි ගැනීමට පරීක්ෂණ කමිටුව ඉදිරියට කැඳවූ අවස්ථාවේදී වීඩියෝ පටයක් පරීක්ෂණ කමිටුව හමුවේ ප්‍රදර්ශනය කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් පරීක්ෂණ කමිටුවට සහභාගීවූ අතිරේක සොලිස්ටර් ජනරාල්, ජනාධිපති නීතිඥ දිලීප පීරිස් සහ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් රජිත පෙරේරා යන මහත්වරු ඉල්ලා සිටියහ. වගඋත්තරකාර පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ ආර්.එස්. වීරවික්‍රම මහතා මේ සම්බන්ධයෙන් සිය විරුද්ධත්වය ප්‍රකාශ කරමින් පරීක්ෂණ කමිටුව හමුවේ කරුණු ඉදිරිපත් කළේය. මේ අනුව මෙම විරෝධතාවය අනුමත කළ කමිටුව එම වීඩියෝ පටය…

Read More