Author: LANKA24X7

ලෝක ආහාර වැඩසටහන යටතේ දිළිඳු පවුල් සහ පාසල් දරුවන්ට බෙදාදීම සදහා 2023 වසරේ මෙරටට ලැබුණු සහල්, රට ඉඳි සහ පරිප්පු මෙට්‍රික් ටොන් 1556ක ප්‍රමාණයක් වේයන්ගොඩ රජයේ දිසා ගබඩාවේ දිරාපත් වෙමින් පවතින බව එහි කළ නිරීක්ෂණ චාරිකාවකදී අනාවරණය විය. මෙම සිද්ධිය පිළිබඳව හෙළි වීමෙන් පසුව ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය මුනිර් මවුලර් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන්මාපලගම යන මහත්වරුන් ප්‍රමුඛ කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් කළ නිරීක්ෂණයෙදී මේ බව හෙළි විය. වේයන්ගොඩ දිසා ආහාර ගබඩාව තුළ තිබී හමුවු මෙම ආහාර ද්‍රව්‍ය මේ වන විට මිනිස් පරිභෝජනයට නුසුදුසු තත්ත්වයෙන් පවතින බව පෙනී යන නිසා ඒ සම්බන්ධයෙන් නිසි පියවර ගන්නා බව මහජන නියෝජිතයෝ මෙහිදී සඳහන් කළහ .‍023…

Read More

විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධි ලෙස මෙරටට ආනයනය කර කටුනායක ගුවන්තොටුපොළින් පිටත් කරගෙන යමින් සිටි ගුවන් මගියෙකු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද (02) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අනුරාධපුරය ප්‍රදේශයේ පදිංචි 29 පුද්ගලයෙකි. ඔහු විසින් රැගෙන ආ දුම්වැටි 38,800ක් අඩංගු දුම්වැටි කාටූන් 179ක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්හාංශයේ නිලධාරීන් විසින් සිය භාරයට ගෙන ඇති අතර එහි වටිනාකම රුපියල් පනස් තුන් ලක්ෂ හැත්තෑ දහසකට ආසන්න බවද සඳහන් වේ. අදාළ ගුවන් මගියා මේ වන විට පොලිස් ඇප මත නිදහස් කර ඇති අතර ඔහු සඟවා ගෙන පැමිණි මෙම දුම්වැටි තොගය එළැඹෙන 05 වැනි දින මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට…

Read More

නිවසේ නිදා සිටී මාස හයක බිළිදියක වැඩිමහල් සොහොයුරා ගේ ඇගට යටවී මියගොස් ඇතැයි දකුණු කළුතර පොලිසිය කියයි. කළුතර දකුණ , වෙනිවැල්කැටිය ප්‍රදේශයේ පදිංචිව සිටී විනුල්යි දිහාක්‍යා නමැති බිළිදියක මෙසේ මියගොස් ඇති බව පොලිසිය කීය. බිළිදිය නිවසේ නිදා සිටියදී වැඩිමහල් සොහොයුරා ගේ ඇගට යටවි කළුතර නාගොඩ ළමා රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇති බව ට ලද දුරකථන පණිවිඩයක් ඔස්සේ පරීක්ෂණ ආරම්භ කළ බව පොලිසිය සදහන් කරයි.

Read More

ශ්‍රී ලංකාවේ ජාතික ගැටලුවක් බවට පත් ව ඇති අලි – මිනිස් ගැටුමට විවිධාකාර වු විසදුම් සොයන පසුබිමක ඒ සදහා විද්‍යාත්මක විසදුමක් ලෙස සාර්ථකත්වයක් ලබා ඇති දේශිය අලිවැට පද්ධතියක් නිර්මාණය කිරිමට විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ජාතික ඉංජිනේරු හා සංවර්ධන මධ්‍යස්ථානයේ ( NERDC ) ඉංජිනේරුවන් විසින් සමත්ව ඇතැයි විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය පවසයි. නියමු ව්‍යාපෘතියක් ලෙස වීරවීල එලිමහන් කදවුරේ ඉදිකෙරුණු මෙම අලිවැට පද්ධතිය නිමකර බන්ධනාගාර දෙපාර්තුමේන්තුවට බාරදීම විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන සහ පරිසර අමාත්‍ය ධම්මික පටබැදි යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් සිදුවිය. පෞද්ගලික අංශයේද සහය ඇතිව ඉදිකෙරුණු මෙම අලිවැට පද්ධතිය කිලෝ මීටර් 3.8 ප්‍රමාණයක් දක්වා විහිදෙන අතර අලි වැටේ උස අඩි 16…

Read More

ගාල්ල බන්ධනාගාරයේ එච් වාට්ටුවේ සිදු කරන ලද සෝදිසියකදි රැදවියන් ලඟ තිබු ජංගම දුරකතන තුනක් චාජර් හතක් බැටරි පහක් ඇතුළු උපාංග රැසක් ඊයේ (1) සවස සොයාගත් බව බන්ධනාගාර අධිකාරි කාර්යාලය පවසයි. බන්ධනාගාර අධිකාරිවරයා විසින් මේ සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ. මේ අතර ගාලු දිසා බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසුවේ පසුගිය මාස තුන ඇතුළත පමණක් ගාල්ල බන්ධනාගරය තුළ තිබි ජංගම දුරකතන 546ක් සොයාගෙන ඇති බවය.

Read More

රුපියල් කෝටි ගණනක් වියදම් කර පසුගිය රජය මගින් නිසි ප්‍රමිතියකින් තොරව ඉදිකර ඇති බලංගොඩ මද්දෙගම – පිඬලිගන්නාවෙල මාර්ගයේ කොටසක් අධික වර්ෂාවත් සමග කැඩි යෑම හේතුවෙන් එම මාර්ගයේ මගී ප්‍රවාහන බස් රථ ඇතුළු වාහන ගමනාගමන නතර වී ඇති බව ගම්වැසියෝ පවසති. ප්‍රදේශවාසීන් චෝදනා කර සිටින්නේ රුපියල් කෝටි පහක මුදලක් වැයකර ඉදිකල මාර්ගයේ මාස හයක් යැමට පෙර වාහන ගමනාගමන නතර වු බවයි. ⁣ඇළ මාර්ගයක් හරහා බෝක්කුවක් ඉදි නොකරන කාපටි දැමිමත් නතර කර එම ස්ථානයට ප්‍රමිතියකින් තොරව කොන්ක්‍රීට් දැමිම හේතුවෙන් වර්ෂාවත් සමඟ අඩි සියයක් දුරට කොන්ක්‍රීට් කොටස ගැලවි ගොස් තිබෙන බවට ජනතාව පෙන්වා දෙති. මේ හේතුවෙන් බලංගොඩ පිඬලිගන්නාවෙල ,සහ බලංගොඩ මද්දෙගම බස් රථ…

Read More

හොරණ කඳන උතුර සුසාන භූමිය ඉදිරිපිට මාර්ගයේ නිවසක් පිටුපස ගල්තලාවක නිධානයක් ගැනීමට කැනීම් කරමින් සිටි සැකකරුවන් පස් දෙනකු සහ ගල් විදීමට යොදාගන්නා වායු පීඩන යන්ත්‍රයක් කැන්ටර් වර්ගයේ ලොරි රථ ත්‍රී රෝද රථයක් ඇතුළු උපකරණ රාශියක් සමග ඊයේ සවස අත්අඩංගුවට ගත් බව හොරණ පොලිසිය පවසයි . සැකකරුවන් ඇඹිලිපිටිය, බුලත්සිංහල, ගෝවින්න, රැටියල,කොබවකුත් යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු තිස්පහත් හතළිහත් අතර පසුවන්නන් බව පොලිසිය පවසයි . හොරණ පොලිස් ස්ථානයේ කොට්ඨාස බුද්ධි අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇති අතර සැකකරුවන් පුද්ගලික ඔත්තු කරුවන් කිලෝමීටරයක පමණ වපසරියක් වටා යොදා ගනිමින් ඉතා සූක්ෂම අයුරින් මෙම කැණීම සිදුකර ඇති අතර ඔවුන් දින කිහිපයක් තිස්සේ…

Read More

ජාතික හෙද පුහුණු කිරීමේ නිලධාරීනී පුෂ්පා රම්‍යා ද සොයිසා මෙනවිය “ලෝක සම්මානයක් හිමි කර ගත් ප්‍රථම හෙද නිලධාරිනිය” බවට පත් වූවාය. පුෂ්පා රම්‍යා ද සෙයිසා මෙනෙවිය එම සම්මානය ද රැගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය . ඉන්දුනීසියාවේ ජකර්තා නුවර ට්‍රැවිස් හෝටලයේ දී ඉකුත් 28 දින , ලෝකයේ රටවල් 52 ක නියෝජිතයන් පිරිසක් සහභාගීත්වයෙන් පැවති ලෝක සාම සමුළුවේ දී පුෂ්පා රම්‍යා ද සොයිසා මෙනවිය වෙත ( King Sany Wijaya International Award ) සම්මානය පිරි නමා තිබුණි . මීට අමතරව තවත් ශ්‍රී ලාංකිකයන් තිදෙනකු වන කළාවේදිනී ජානකී හිල් , ආචාර්ය අයි.වයි.එම්.අනීෆ් සහ අජිත් ආරියරත්න ද මෙම සමුළුවේ දී සම්මානයට බදුන් වී තිබූ…

Read More

අනිසි ලෙස කුණු කසල බැහැර කිරීම, කැඩී බිඳී ගිය බොට්ටු සහ ධීවර ආම්පන්න හේතුවෙන් අපවිත්‍රව ඇති මීගමුව කලපුව සහ අවට ප්‍රදේශය සංචාරක කර්මන්තයට සහ ධීවර කර්මන්තයට සුදුසු පරිදි පිරිසිදු කර යථාවත් කිරීමට ඇති හැකියාව පිළිබඳ සොයා බැලීමට, ජාතික ජන බලවේගයේ මීගමුව ආසන සංවිධායක, ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න සහ කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ යන මහත්වරු එම ප්‍රදේශයේ නිරීක්ෂණය කළහ. කලපුව සහ එහි ඇති දූපත ඇතුලු අවට ප්‍රදේශය නිරීක්ෂණය කළ නියෝජ්‍ය අමාත්‍යවරුන් ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව මීගමුව ප්‍රදේශයේ වඩාත් වැදගත් ස්ථානයක් වන මීගමු කලපුව ආකර්ෂණීය ලෙස සංවර්ධනය කිරීමෙන් සංචාරක කර්මාන්තය සඳහා දායක කරගත හැක්කේ කෙසේද යන්න පිළිබඳ සාකච්ඡාව ද…

Read More

පූර්ව ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම ප්‍රමුඛ අවශ්‍යතාවයක් බවත් එය මධ්‍යම රජයටත් සියලු පළාත්වලටත් එක ලෙස අදාළ විය යුතු බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය. මෙහි මුල් පියවර අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් ‘ඉසුරුපාය ‘අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේදී පැවැත්විණ . ඒ සඳහා කාන්ත හා ළමා කටයුතු අමාත්‍යංශය වෙනුවෙන් නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය නාමල් සුදර්ශන මහතා සහභාගි විය. මෙහි දී රට පුරා විවිධ ආකාරයට ක්‍රියාත්මක කෙරෙන පූර්ව ළමා විය සංවර්ධන අධ්‍යාපන ආයතන සියල්ල ඒකාබද්ධතාවකින් යුතු ව එකම ප්‍රතිපත්තියක් මත පදනම්ව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති සකස් කර කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා…

Read More