Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
උතුරු, උතුරු-මැද, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. මධ්‍යම කඳුකරහේ බටහිර බැවුම් ප්‍රදේශවලත්, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, උතුරු, උතුරු-හ වයඹ පළාත්වලත්, ත්‍රීකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්කයෙත් විටින් විට තරමක තද සුළං ඇති විය හැකියි.
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා ඝාතනයට ආධාර අනුබල දුන් බවට චෝදනා එල්ල වී ඇති තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත. වැලිගම පොලීසිය විසින් ගාල්ලේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ. ඒ අනුව ලසන්ත වික්‍රමසේකර මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අද පෙරවරුවේ කැකිරාව ප්‍රදේශයේදී තිදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීය. ඔවුන් අතර කාන්තාවක්ද සිටී. සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.
ඉන්දියාවේ තමිල්නාඩු හි නාගපට්ටිනම් සහ ශ්‍රී ලංකාවේ කන්කසන්තුරේ අතර මගී ප්‍රවාහන බෝට්ටු සේවය තාවකාලිකව නවතා තිබේ. අද (26) සිට එළඹෙන දෙසැම්බර් මාසය දක්වා එම මගී යාත්‍රා සේවය තාවකාලිකව නතර කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ඒ මුහුදු ප්‍රදේශවල පවතින අයහපත් කාලගුණ තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම මගී යාත්‍රා සේවය තාවකාලිකව ඇත. මෙම නෞකා සේවය පසුගිය 2023 වසරේ ඔක්තෝබර් මස 14 වන දින ආරම්භ කරන ලද අතර, එතැන් සිට අඛණ්ඩව ක්‍රියාත්මක වෙමින් පැවතුනි. ශ්‍රී ලංකාවේ සිට සහ ඉන්දියාවේ සිට දෛනිකව සංචාරකයින්, ව්‍යාපාරිකයින් සහ විදේශිකයින් ඇතුළු විශාල පිරිසක් මෙම නෞකාව ඔස්සේ ගමන් කරති.
ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියාවේ AI භාවිතය ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි ලෝක බැංකුව සිය වාර්තාවක් මගින් පෙන්ව දී තිබේ. දකුණු ආසියාවේ කෘතිම බුද්ධිය හෙවත් AI භාවිතය හේතුවෙන් ශ්‍රම වෙළෙඳපොළට සිදුවන බලපෑම් සම්බන්ධව නිකුත් කර ඇති වාර්තාවක මේ බව සඳහන් කර ඇත. එම වාර්තාවට අනුව දකුණු ආසියාවේ නේපාලය සහ ඉන්දියාවට සාපේක්ෂව AI භාවිත කරන ඉහළ ශ්‍රම බලකායක් සහිත රටවල් බවට භූතානය සහ ශ්‍රී ලංකාව පත්ව තිබේ. කෙසේ නමුත් දකුණු ආසියාවේ රටවල් අතරින් AI මානව අනුපූරකතාව හෙවත් මානව හැකියාවන්ට තාක්ෂණය එක් කිරීම අතුරින් ශ්‍රී ලංකාව පහළ ස්ථානය ඇති බවත් කුසළතා භාවිතය වැඩි දියුණු නොකර AI භාවිතය වේගවත් වුවහොත් රැකියා අවතැන්වීමක් සිදුවනු…
රේගුවේ සිරවී ඇති වාහන නිදහස් කිරීම සඳහා නව කොන්දේසි ඇතුළත් විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරනු ලැබ ඇත මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අත්සනින් යුතුව ඊයේ (24) සිට බලපැවැත්වෙන පරිදි මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත. මෙම වසරේ පෙබරවාරි මාසයේ සිට වාහන ආනයනය සඳහා අවසර දුන්නද වාහන දහසකට අධික සංඛ්‍යාවක් ශ්‍රී ලංකා රේගුවේ සිරවී තිබූ බව ආරංචි මාර්ග සඳහන් කළේය.
මිනීමැරුම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු විවිධ අපරාධ සම්බන්ධයෙන් එල්ලුම් ගහට නියම වුණු 826 දෙනා අතර පාසල් සිසුන් පස්දෙනෙකුද සිටින බව බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ මහතා පැවසීය. මව කල වැරදි වලට මව සමග සිර දඬුවම් විඳින වයස පහට අඩු දරුවන් 42ක් සිටින බව පැවසූ කොමසාරිස්වරයා මින් 19 දෙනෙකු පිරිමි සහ 23දෙනකු ගැහැණු දරුවන් බවද ප්‍රකාශ කළේය. මරණ දඬුවම නියම කෙරුණු 826 දෙනකු රට පුරා බන්ධනාගාරවල සිටින බවත් මින් වැඩි පිරිසක් එනම් 805 ක් පිරිමින් බවත් වීරසිංහ මහතා පැවසීය. මරණ දඬුවම නියම කෙරුණු කාන්තාවන් සංඛ්‍යාව විසි එකක් බවද ඔහු අනාවරණය කළේය. රට පුරා බන්ධනාගාර 36ක් පවතින බව පැවසූ බන්ධනාගාර කොමසාරිස්වරයා දහ දාස්…
සුනාමි පෙර සූදානම් වැඩසටහනක් දිවයිනම ආවරණය වන පරිදි නොවැම්බර් 05 වනදා පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ මහතා පැවසීය පසුගිය මාසයක් ඇතුළත කාලය පුරාවට සුළු භූකම්පන කිහිපයක් සුමාත්‍රා දූපත ආශ්‍රිතව හටගත් බව එම මධ්‍යස්ථානය පවසයි. අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව පැවසුවේ සුනාමි පෙර සූදානම පිළිබඳව ත්‍රිවිධ හමුදා පොලීසිය, රාජ්‍ය ආයතන සහ රාජ්‍ය නොවන ආයතනවල නිලධාරීන් සමඟ පැවැත්වූ සාකච්ඡාවකදීය. 05 වනදා පැවැත්වීමට නියමිත සුනාමි පෙර සූදානම් පෙරහුරුව ඉන්දියානු සාගර කලාපයේ සුනාමි අනතුරු ඇඟවීමේ ක්‍රමවේදය අයත් රටවල් 28 සම්බන්ධ කලාපීය ආයතනයක් විසින් සංවිධාන කරනු ලබයි.
“නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා බිහි වෙන අධ්‍යාපන සභාව” මැයෙන් එක් එක් අධ්‍යාපන කලාපයන්හි ගුරුවරු ඒකරාශි කිරීම සඳහා, කිසියම් කණ්ඩායමක් වට්ස්ඇප් සමූහ ජාලයක් පවත්වා ගෙන යන බව නිරීක්ෂණය වී ඇතැයි අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. මෙම වට්ස්ඇප් සමූහ අධ්‍යාපන,උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය හෝ එහි අනුදැනුම මත පවත්වාගෙන යන එකක් නොවන බවත් එමගින් සිදු කරන කටයුතු කෙරෙහි අමාත්‍යාංශය කිසිදු වගකීමක් නොදරන බවත් අමාත්‍යාංශය දන්වයි. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ සහ රජය අපහසුතාවට පත් කිරීමේ අරමුණින් පවත්වාගෙන යන මෙවැනි ව්‍යාජ සමූහයන්ට නොරැවටෙන ලෙසත් ඒ පිළිබඳ අවධානයෙන් පසු වන ලෙසත් අමාත්‍යාංශය ඉල්ලා සිටී.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ තරුණ නායිකාවන් සවිබල ගැන්වීමේ වැඩසටහනක් අරඹා තිබේ. දේශපාලන කාන්තා නායකත්වයේ අනාගතය උදෙසා “Young Women Lead” සංගමය සංවිධාන කළ මෙම වැඩසටහන බත්තරමුල්ල නෙලුම් මාවත පක්ෂ කාර්යාලයේදී පැවැත්විණි. පොදුජන පෙරමුණ තරුණ නායිකාවන් සවිබල ගැන්වීමේ වැඩමුළු මාලාවක් පවත්වන අතර නෙළුම් මාවත කාර්යාලයේදී පැවැත්වූයේ බස්නාහිර පළාත් වැඩසටහනයි. පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන පැවැත්විණි.
කන්කසන්තුරේ සිට කොළඹ කොටුව බලා ධාවනය වූ යාල්දේවි ශීඝ්‍රගාමී දුම්රියේ ප්‍රධාන නියාමකවරයා කිසියම් මත් ගතියකින් රාජකාරි කරද්දී දුම්රිය ආරක්ෂක අංශයේ නිලධාරීන් විසින් අනුරාධපුර දුම්රිය ස්ථානයේ දී ඊයේ (25) සවස අත්අඩංගුවට ගනු ලැබීය. ඔහු අනුරාධපුර පොලිසිය වෙත බාරදීමෙන් පසුව අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගෙන් වාර්තාවක් කැඳවීමට පියවර ගත් බව අනුරාධපුර පොලිසිය පවසයි. යාල්දේවී දුම්රිය සඳහා වෙනත් නියාමකවරයකු සේවයට යෙදවීමෙන් පසු එය කොළඹ බලා ධාවනයට පියවර ගත් බව දුම්රිය ආරක්ෂක අංශය සඳහන් කරයි. ඔහු මත්පැන් පානය කර සිටියේ දැයි වෛද්‍යවරයකු හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
