Author: LANKA24X7

වඳුරු උණ හෙවත් ‘එම් පොක්ස්’ වයිරසය ආසාදනය වී, මියගිය ගණන මේ වනවිට 548 තෙක් ඉහළ ගොස් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. අප්‍රිකා රටවල වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින ‘එම් පොක්ස්’ වයිරසය, මේ වනවිට ගෝලීය සෞඛ්‍ය අවදානමක් ඇති කිරීමට ද සමත් වී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබේ. අප්‍රිකා රටවලින් හමුවුණු වඳුරු උණ ආසාදිතයන් ගණන 15,664 ක් බව ද පැවැසෙයි. අප්‍රිකා රටවල ආසාදිතයන් බොහෝ දෙනකු රෝහල්වලට නොගෙස් රෝගය සුව කර ගැනීමේ අරමුනින් පල්ලිවල යාඥා සඳහා සහභාගී වී ඇති අතර එය රෝග ව්‍යාප්තිය වේගවත් කිරීමට හේතුවක් වී ඇත. අප්‍රිකා රටවල, මේ වනවිට ව්‍යාප්ත වෙමින් පවතින්නේ ‘එම් පොක්ස්’ වයිරසයේ නව ප්‍රභේදයකි. මෙම ප්‍රභේදය…

Read More

ඉදිරි මාසයේදී අත්‍යවශ්‍යම කටයුත්තකට හැරෙන්නට විදේශගත වීමෙන් වළකින්නැයි ආණ්ඩුව සහ විපක්ෂයේ නායකයන් සිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනුම්දී ඇත. මන්ත්‍රීවරුන් මැතිවරණ ප්‍රචාරක වැඩපිළිවෙළට උපරිම වශයෙන් දායක කර ගැනීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇතැයි පක්ෂ ආරංචි මාර්ගවලින් පැවසේ. එම තීරණයත් සමග මන්ත්‍රීවරුන් පිරිසක් සිය විදේශ ගමන් අවලංගු කරගෙන ඇතැයි දැනගන්නට ඇත. මේ අතර ලබන සතියේ පාර්ලිමේන්තු රැස්වීම්ද දිනකට සීමා කර ඇත. මේ අනුව පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන්නේ ලබන 21 වැනිදා පමණි. මන්ත්‍රීවරුන්ට මැතිවරණ කටයුතු වලට යෙදීමට අවස්ථාව සැලසීමේ අරමුණින් එම පියවර ගෙන ඇත. සිය ගම්බිම්වල රැඳෙමින් මැතිවරණ ප්‍රචාරක වැඩපිළිවෙළට උපරිම වශයෙන් දායක වන්නැයිද පක්ෂ නායකයන් මන්ත්‍රීවරුන්ට උපදෙස් දී ඇත. ජනාධිපති රනිල් වික්‍රමසිංහ,විපක්ෂ නායක සජිත්…

Read More

කොළඹ තරු පහේ හෝටලයක පිවිසුම් දොරටුව අසල තිබී ජීව උණ්ඩයක් හමුවූ බව කොටුව පොලිසිය කියයි. එලෙස හමු වී ඇත්තේ 9 එම් එම් වර්ගයේ ගිනි අවි වලට යොදන ජීව උණ්ඩයකි. හෝටල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ කටයුතුවල යෙදී සිටි සේවකයෙකු පිවිසුම් දොරටුව අසල ඇති අරලිය ගස අසල තාප්පය පාමුල පිරිසිදු කිරීමේ යෙදී සිටියදී මෙම ජීව උණ්ඩය හමුවී ඇතැයි පොලිසිය සඳහන් කරයි. ජීව උණ්ඩය හමුවී ඇත්තේ ප්‍රභූන් හෝටලය වෙත පැමිණීමෙන් අනතුරුව ආරක්ෂක නිලධාරීන් රැඳී සිටින ස්ථානයෙන් බවට පොලිසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් කීය.

Read More

බංග්ලාදේශයේ වසා දැමුණු පාසල් සහ විශ්වවිද්‍යාල නැවත විවෘත කිරීමට තීරණය කර තිබේ. රැකියා කෝටා ක්‍රමය ප්‍රතිසංස්කරණය කරන ලෙස ඉල්ලා පැවැති උද්ඝෝෂණ සහ ගැටුම් හේතුවෙන් පාසල් සහ විශ්වවිද්‍යාල පසුගිය මස 17 වැනිදා සිට වසා දැමීමට එරට බලධාරීන් පියවර ගෙන තිබුණි. මසකට අධික කාලයකින් පසුව බංග්ලාදේශයේ පාසල් හා විශ්වවිද්‍යාල නැවත විවෘත කරන ලෙස එරට අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

Read More

කල්පිටිය කන්දකුලියවැල්ල කස කැලය ප්‍රදේශයේදී සිසුවකුට බරපතළ ලිංගික අපයෝජන කළ බව කියන කාන්තාවක අත්අඩංගුවට ගත් බව කල්පිටිය පොලිසිය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කැන්දකුලියවැල්ල ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි දෙදරු මවක බව පොලිසිය පවසයි.

Read More

ප්‍රසංග සහ සැණකෙළි පැවැත්වීමට මැතිවරණය අවසන් වනතුරු පොලිසිය අවසර නොදීම හේතුවෙන් රට පුරා ප්‍රසංග සංවිධායකවරුන් තුන්දහසකට ආසන්න පිරිසක් සහ මෙම කර්මාන්තය මත යැපෙන ගායක ගායිකාවන්, සංගීත ශිල්පීන්, වේදිකා නිර්මාණකරුවන් සහ වෙළෙඳුන් ඇතුළු ලක්ෂයකට ආසන්න පිරිසක් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටිති. මේ සම්බන්ධයෙන් කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා ප්‍රසංග සැණකෙළි සංවිධායකවරුන් සහ සම්බන්ධීකාරකවරුන්ගේ ඒකාබද්ධ සංගමයේ සභාපති දිනේෂ් ආතාවුද මහතා පැවසුවේ මේ තීරණය හේතුවෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවල කල් තියා සූදානම් කර තිබූ සැණකෙළි සහ ප්‍රසංග විස්සකට වැඩි ප්‍රමාණයක් නතර කිරීමට සිදුවූ බවයි. ප්‍රසංග සහ සැණකෙළි මැතිවරණ කාලයේදී නැවැත්වීමෙන් ඒවා සංවිධාන කරන පිරිස් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ජීවත් වන්නේ කෙසේදැයි තමා…

Read More

ඇදහැලෙන අධික වර්ෂාපතනය සමග, කළුතර බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මාර්ග හා අතුරු මාර්ග රැසක් ජලයෙන් යටව පවතින බව ආපදා කළමනාකරණ මාධ්‍යස්ථානය කියයි. බුලත්සිංහල පරගොඩ මාර්ගයේ නාලියද්ද ප්‍රදේශය මේ වන විට අඩි අටක් පමණ ජලයෙන් යටවී නිවාස 44ක් ද ජලයෙන් යටව පවතින බව බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් ප්‍රසාද් රංගන පෙරේරා මහතා පවසයි. ප්‍රාදේශීය ලේකම්වරයාගේ ඉල්ලිමක් අනුව පරගොඩ ප්‍රදේශයට නාවික හමුදාවේ ආපදා සහන කණ්ඩායමක් ස්ථානගත කළ බවත් එම සහන කණ්ඩායම් පරගොඩ ප්‍රදේශයේ ගංවතුර සහන මෙහෙයුම් සිදු කරද්දී දියේ ගිලෙන්නට ගිය පුද්ගලයකුගේ ජීවිතය බේරා ගැනීමට හැකිවූ බවද ප්‍රාදේශීය ලේකම්වරයා වැඩි දුරටත් පැවසීය.

Read More

නිකිණිපුර පසළොස්වක පොහොය දිනය අදට (19) යෙදී තිබේ. මෙම පොහොය දින බෞද්ධාගමිකයිනට ප්‍රධාන සිදුවීම් කීපයක් නිසා වැදගත් වේ. ඒවා අතර පසු වස් එළඹීම, ආනන්ද තෙරුන් වහන්සේ රහත්වීම. සහ ප්‍රථම ධර්ම සංගායනාව ,ආරම්භ කිරීම ආදිය වේ. පෙර වස පසු වස වශයෙන් භික්ෂූන් වහන්සේලා වස් එළඹ වැඩ සිටිය යුතු දින දෙකක් ගැන සඳහන් වේ ඇසළ පුර පසළොස්වක පොහොය දිනයෙහි පොහොය කර්ම කොට ඇසළ අව පෑළවිය දිනයෙහි පෙර වස් එළඹීම එක් ක්‍රමයකි. එසේ කිරීමට යම්කිසි අපහසුවක් ඇති වූ කල්හි නිකිණි පුර පසළොස්වක පොහොය දින පොහොය කර්ම කොට නිකිණි අව පෑල වියද පසුවස් එළඹිය යුතු බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දී ඇත. මෙහි දැක් වූ…

Read More

බස්නාහිර,සබරගමුව, දකුණ සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. බස්නාහිර සහ සබරමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට මිලි මිටර් 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි දිවයිනේ සෙසු ප්‍රදේශවලට සවස් කාලයේ හෝ රාත්‍රි කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ගිගුරුම් සහිත වැසි සමග තාවකාලිකද තද සුළං ද ඇති වේ.

Read More

වෙන්නප්පුව සින්ද්‍රාන්තිය ප්‍රදේශයේ සිවු දරු මවකගේ සිරුරට සාමියා පෙට්‍රල් හලා ගිනිතැබීමක් හේතුවෙන් බරපතල තුවාල ලැබූ එම මව මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මරණයට පත්ව ඇති බව වෙන්නප්පුව පොලීසිය පවසයි. මෙසේ මියගොස් ඇත්තේ සංගවේල් සුසිලා නැමති සිව්දරු මවකි. මරණයට පත් කාන්තාව මීට වසර දෙකහමාරකට ඉහතදී ආරථික ප්‍රශ්න හේතුවෙන් රැකියාවකට විදෙස්ගත ඇති අතර එහිදී ඇතිකරගත් අනියම් සම්බන්ධතාවයක් මත නැවත දිවයිනට පැමිණ එම අනියම් සැමියා සමග ජීවත්ව ඇත. අනතුරුව නීත්‍යානුකූල සැමියාගේ ඉල්ලීමකට අනුව තම දරුවකුගේ උපන්දින දවසේ එනම් ඉකුත් 10 දා එම නිවසට පැමිණ ඇති අතර 14දා දක්වා එම නිවසේ දරුවන් ස්වාමියා සමග ජීවත්ව ඇත. පසු තමා දැමූ බඩු පෙට්ටිය ගෙන ඒමට කොළඹ…

Read More