Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
ජනාධිපති අරමුදලේ සියලු සේවා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් සැපයීම නිල වශයෙන් ආරම්භ කිරීම ඊයේ (21) පෙරවරුවේ කිළිනොච්චි දිස්ත්‍රික් ලේකම් කර්යාලයේදී සිදු විය. ජනාධිපති අරමුදලේ සියලු සේවා කටයුතු බිම් මට්ටම දක්වා විමධ්‍යගත කිරීම සඳහා වන විශේෂ පුහුණු වැඩමුළු මාලාවේ උතුරු පළාත් වැඩමුළුවද මීට සමගාමීව ඊයේ (21) දිනය පුරා කිළිනොච්චි දිස්ත්‍රික් ලේකම් කර්යාලයේදී පැවැත්විණි. ජනාධිපති අරමුදලින් මහජනතාවට වෛද්‍යාධාර ලබා දීමේ සේවාවෙහි අයදුම්පත් භාර ගැනිම දිවයිනේ සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් සිදු කිරීම පසුගිය පෙබරවාරි 7 වැනි දා සිට ඇරඹිණි. මෙම වැඩසටහන ඉතා සාර්ථක ලෙස ක්‍රියාත්මක වන බැවින් ජනාධිපති අරමුදලේ සෙසු සේවාද විමධ්‍යගත කිරීමට කටයුතු කර තිබේ. ඒ අනූව දිළිඳුකම පිටුදැකීමේ සහනාධාර, අධ්‍යාපනික…
ඊශ්‍රායලය හා ඉරානය අතර ඇතිවී තිබෙන ගැටළුකාරී තත්ත්වය මත ඊශ්‍රායලය වෙත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් යොමුකිරීම තාවකාලිකව අත්හිටුවන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා පැවසීය. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී මාධ්‍ය හමුවකට එක්වෙමින් සභාපතිවරයා මේ බව කීය. “අනපේක්ෂිත විදිහට ජාත්‍යන්තර දේශපාලනයේ ඇතිවුණ තත්ත්වයක් මත ඊශ්‍රායලය හා ඉරානය අතර අනවබෝධයක් සහ යම්කිසි ආරක්ෂක ගැටළුවක් ඇතිවෙලා තිබෙනවා. එහිදී අපේ ශ්‍රී ලාංකික විගමනික ශ්‍රමිකයන්ගේ මතු ආරක්ෂාව සහ ජීවිතාරක්ෂාව සම්බන්ධයෙන් අපි ඉතා යුහුසුළුව ක්‍රියාත්මක වුණා. මේ වන විට දවස් 8කට ආසන්න කාලයක් මෙම අනාරක්ෂිත තත්ත්වය නිර්මාණයවීමෙන් පසු ගතවී තිබෙන අතර ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා විදේශ කටයුතු,…
මුදල් හෝ බලය මත ජීවය මැරුණු සමාජයට බෞද්ධ දර්ශනය තුළින් අධ්‍යාත්මික ජීවය ලබා දිය හැකි බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. කුරුණෑගල ඓතිහාසික ඇත්කඳ රජමහා විහාරයේ ශ්‍රී දළදා පොසොන් පෙරහැර මංගල්‍යය ශතක සංවත්සර සමාරම්භක උත්සවය අමතමින් ජනාධිපතිවරයා එසේ කීය. ඓතිහාසික ඇත්කඳ රජමහා විහාරයේ වාර්ෂිකව සිදු කරන ශ්‍රී දළදා පොසොන් පෙරහැර වර්ෂ 1925 ආරම්භ වී ඇති අතර මෙම සියවස් සමරුව නිමිත්තෙන් සමරු මුද්දරයක් සහ මුල් දින කවරයක් එළිදැක්වීමද මෙහිදී සිදු විය. ශ්‍රී දළදා පොසොන් පෙරහැර නිමිත්තෙන් ශාස්ත්‍රීය සංග්‍රහයන් දෙකක් එළිදැක්වීම සහ ශ්‍රී දළදා පොසොන් පෙරහැර වෙනුවෙන් ගීතයක් එළි දැක්වීමද මෙහිදී සිදු කෙරිණි. ඇත්කඳ විහාරයේ පොසොන් පෙරහර මංගල්‍යය ශතක සංවරත්සරයට සමගාමීව…
ඉරානයේ න්‍යෂ්ටික ගබඩා සංකීර්ණ ඉලක්ක කර ගනිමින් ඇමෙරිකන් හමුදා බෝම්බ දැමීම ආරම්භ කර ඇත. ඇමෙරිකාව මෙසේ ඉරානයේ න්‍යෂ්ටික ගබඩා සංකීර්ණ ඉලක්ක කර ගනිමින් බෝම්බ දැමීම සිදු කරන්නේ, ඇමෙරිකන් ජනාධිපති ඩොනල් ට්‍රම්ප්ගේ අණ පරිදිය..
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (22) වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව පවසයි. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, දකුණ සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
හතරලියද්ද ප්‍රදේශයේ හෝටලයකට ආහාර ගැනීම සඳහා පැමිණි පුද්ගලයකු ලබාදුන් රුපියල් 5000 මුදල් මුදල් නෝට්ටුවක් පිළිබඳව සැක සිතී ඒ පිළිබඳව පොලිසියට දැනුම් දීමෙන් අනතුරුව ඔහු පරීක්ෂා කිරීමේදී ව්‍යාජ රුපියල් 5000 මුදල් නෝට්ටු තුනක් සමඟ එම පුද්ගලයා අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. අනතුරුව වැඩිදුර ප්‍රශ්න කිරීමේදී හතරලියද්ද පොලිස් වසමේ උඩුව ප්‍රදේශයේ සැකකරුගේ නිවසේ තිබී රුපියල් 5000 හොර නෝට්ටු 08ක්, රුපියල් 500 නෝට්ටු 04ක්, රුපියල් 100 නෝට්ටු 06ක් සහ රුපියල් 50 හොර නෝට්ටු 09ක් සොයාගැනීමට හැකිව ඇත. සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී ලද තොරතුරු වලට අනුව එම හොර නෝට්ටු මුද්‍රණය කළ බව පැවසූ ගලගෙදර ප්‍රදේශයේ සන්නිවේදන පහසුකම් ලබාදෙන ආයතනයක් පරීක්ෂා කිරීමේදී එහි හිමිකරු…
නාරහේන්පිට ප්‍රදේශයේ ප්‍රංශ පාසලක් බිඳ දේපළ සොරා ගැනීම ඇතුළු සොරකම් රැසකට සම්බන්ධ හිටපු උප පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගත් බව නාරහේන්පිට පොලිසිය කියයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අයගම පොලිසියට අනුයුක්තව සේවය කළ උප පොලිස් පරීක්ෂකවරයෙකි. නාරහේන්පිට පොලිස් බල ප්‍රදේශයේ නිවසක් බිඳ රුපියල් 136,000 වටිනා දේපොළ සොරකම් කිරීමට හා ප්‍රංශ පාසල බිඳ රුපියල් 1,250,000 ක් වටිනා දේපොළ සොරකම් කිරීම සම්බන්ධව මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මහා මාර්ගවල සිඟමන් යදිමින් සිටි සහ අනාරක්ෂිත ලෙස භාණ්ඩ අලෙවිකළ බාල වයස්කාර දරුවන් 21 දෙනෙකු පොලීසිය භාරයට ගෙන තිබේ. ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන කාර්යංශය, ළමා හා කාන්තා කාර්යංශ මූලස්ථානය සහ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මගින් සිඟමන් යදිමින් සහ භාණ්ඩ අලෙවි කරමින් අනාරක්ෂිත ලෙස ගැවෙසෙන බාල වයස්කාර දරුවන් භාරයට ගෙන නිසි භාරකාරත්වයකට පත්කිරීම සඳහා පසුගියදා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබිණි. කොළඹ උතුර, කොළඹ දකුණ, කොළඹ මධ්‍යම, නුගේගොඩ, ගම්පහ, පානදුර, කැලණිය, මීගමුව, ගල්කිස්ස, කළුතර, තංගල්ල අනුරාධපුර, මහනුවර, කුරුණෑගල, හලාවත, රත්නපුර, ගාල්ල හා මාතර යන පොලිස් කොට්ඨාසවල ජනාකීර්ණ ප්‍රදේශවල හා මහජනතාව ගැවසෙන වෙළෙඳසැල් සාප්පු සංකීර්ණ, සංඥා පහන් ස්ථාපිත කර ඇති…
පාස්කු ඉරිදින ප්‍රහාරය සම්බන්ධ සභාව කල්තබන අවස්ථාවේ විවාදය ලබන මස 9 බදාදා පැවැත්වීමට නියමිතය. මීට පෙරද මෙම විවාදය දින දෙකක් පැවැත්විණ. මෙම විවාදය පැවැත්වෙන්නේ විපක්ෂයේ යෝජනාවක් අනුවය.
සහෝදරයෙක් නොමැති තමන් මාධ්‍යවේදීන් සිය සහෝදරීන් හැටියට සලකන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති නලින් ද ජයතිස්ස මහතා අද (21) පැවසීය. කළුතර දිස්ත්‍රික් ජනමාධ්‍යවේදීන් උදෙසා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සංවිධානය කළ ඇසිදිසි පියවර මාධ්‍ය වැඩමුළුවේ සමාරම්භක දේශනය කරමින් ඇමතිවරයා එසේ පැවසීය. තම මාධ්‍ය සහෝදරයින්ගේ කැපවීම උනන්දුව හා ලෙන්ගතුකම මත තමන්ට සෞඛ්‍ය අමාත්‍ය ධුරය පමණක් නොව ජනමාධ්‍ය ඇමති ධූරයද හිමි වී ඇතිි බව ජයතිස්ස මහතා පැවසීය. මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව, මාධ්‍ය මාධ්‍ය නිදහස හා මාධ්‍ය වෘත්තිය භාවය ආරක්ෂා කිරීම වෙනුවෙන් රජය නිරන්තරයෙන් කැපවෙන බවත්,ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියක් සකස් කිරීමට ඉඩ සලසමින් සෑම පැත්තකින්ම මාධ්‍යවේදියා හා ජනතාව ආරක්ෂා කරන බවත් පැවසූ ජනමාධ්‍ය ඇමතිවරයා මාධ්‍යවේදීන් උදෙසා වරලත් ආයතනයක්…
