Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
අවශ්ය කරන සැකකාරියක් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහාය පතයි. පොලීසිය පවසන්නේ, විදේශ රටක රැකියා ලබා දෙන බව පවසා රුපියල් ලක්ෂ 30කට අධික මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් කාන්තාවන් පස්දෙනෙකු විසින් රක්වාන පොලිස් ස්ථානයට සිදුකරන ලද පැමිණිලිවලට අනුව මෙම නිවේදනය නිකුත් කර ඇති බවය. මෙම සැකකාරිය මේ වන විට පදිංචි ලිපිනය හැර ගොස් සැඟව සිටින බවට තොරතුරු අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි. සැකකාරියයගේ දළුගොඩ ආරච්චිලාගේ හර්ෂණි ප්රියන්තිකා වන අතර ඇය 40 හැවිරිදි කන්දගම, පොතුපිටිය පාර, රක්වාන ප්රදේශයේ පදිංචිකාරියකි. සැකකාරිය සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී. දුරකතන අංක – ස්ථානාධිපති රක්වාන -…
මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්ය ආනන්ද විජේපාල මහතාගේ ලෙස හැඟෙන ජායාරූප හා ව්යාජ ප්රවෘත්ති සමාජ මාධ්ය ඔස්සේ සංසරණය වීම සම්බන්ධව විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මූලස්ථානය පවසයි. විදෙස් ගතව සැඟව සිට ශ්රී ලංකාව තුල මත්ද්රව්ය ජාවාරම හා සංවිධානාත්මක අපරාධ මෙහෙයවීම සම්බන්ධයෙන් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් කිහිප දෙනෙකු ශ්රී ලංකා පොලීසිය හා ඉන්දුනීසියානු පොලීසිය ඒකාබද්ධව සිදුකරන ලද මෙහෙයුමක් මගින් පසුගියදා ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගන්නා ලදී. එම අත්අඩංගුවට පත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් පිරිස 2025.08.30 වන දින ශ්රී ලංකාවට රැගෙන එන ලද අතර එම අවස්ථාවේදී අදාළ මෙහෙයුමට සක්රීයව දායක වූ ඉන්දුනීසියානු පොලීසියේ නිලධාරින් කණ්ඩායමද දිවයිනට පැමිණියේ ය. එසේ මෙම මෙහෙයුමට…
මීතොටමුල්ල ප්රදේශයේ නිවසකට කඩා වැදී ත්රිරෝද රථයක් හා රුපියල් 26,000 මුදලක් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින ප්රබල මත්ද්රව්ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්රමරත්න හෙවත් හරක් කටා නමැත්තාට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ සාක්ෂි විභාගය අද (01) කොළඹ මහාධිකරණයේදී පැවැත්විණි. කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේ සාක්ෂි සටහන් කර ගැනීම සිදුවිය. එහිදී රජයේ නියෝජ්ය සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා මහතාගේ මෙහෙයවීම යටතේ පැමිණිල්ලේ සාක්ෂිකරුවන් දෙදෙනෙකුගේ සාක්ෂි සටහන් කර ගැනීම සිදුවිය. ඉන් අනතුරුව වැඩිදුර සාක්ෂි විභාගය ඔක්තෝබර් මස 29 වනදා දක්වා කල් තැබීමටද නියම කෙරිණි. මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී හරක් කටා දැඩි ආරක්ෂක විධිවිධාන මැද අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර…
එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස්වරයා ලංකාවට පැමිණි දිනයේ දී උද්ඝෝෂණයේ නිරත වෙමින් මාර්ග අවහිර කළේ යැයි ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතා ඇතුළු එම පක්ෂයේ සාමාජිකයන් හය දෙනකුට එරෙහි නඩුව නොවැම්බර් 10 වැනි දින විභාග කිරීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස් බෝදරගම මහතා අද (01)නියෝග කළේය. මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන විමල් වීරවංශ මහතා ඇතුළු විත්තිකරුවන් පස් දෙනකු අධිකරණයේ පෙනී සිටියේය. 2016 පෙබරවාරි 6 වැනි දිනය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිඩ් අල් හුසේන් කුමරු ලංකාවට පැමිණීමට විරෝධය පළ කරමින් එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට,තුම්මුල්ල ඇතුළු මාර්ග අවහිර වන අන්දමේ උද්ඝෝෂණයක නියැළීමට එරෙහිව මෙම නඩුව…
පාදුක්ක පින්නවල දුම්රිය ස්ථානය ආසන්නයේ අතහැර දමා තිබූ පාළු නිවසක තිබී මාංචු කුට්ටමක් හමු වූ බව හංවැල්ල පොලිසිය පවසයි. ප්රදේශවාසියකුගෙන් ලැබුණු තොරතුරක් මත පොලිස් කණ්ඩායමක් එම නිවසට ගොස් සිදුකළ පරීක්ෂාවේදී අදාළ මාංචු කුට්ටම සොයා ගැනීමට හැකිව ඇත. මෙම මාංචු කුට්ටම පොලිසිය භාවිතා කරන මාංචු කුට්ටමක් නොවන බවත් මෙය කුමන කාරණයක් සඳහා මෙම පාලු නිවසට ගෙනවිත් තිබුණේද යන්න වැඩිදුරටත් පරීක්ෂණ සිදු කරන බවද පොලිසිය පවසයි.
පාර්ලිමේන්තුවේ ආහාරපාන වල සෞඛ්යාරක්ෂිත බව වැඩි කිරීමට අදාළව යෝජනා ඉදිරිපත් කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට කථානායක වෛද්ය ජගත් වික්රමරත්න මහතාගේ ප්රධානත්වයෙන් පැවති ගෘහ්ය කාරක සභාවේදී තීරණය කෙරිණි. කථානායකවරයාගේ ඉල්ලීම පරිදි බත්තරමුල්ල සෞඛ්ය වෛද්ය නිලධාරීවරයාගේ ප්රධානත්වයෙන් මහජන සෞඛ්ය පරීක්ෂකවරුන් විසින් පාර්ලිමේන්තු පරිශ්රයේ ආහාර පාන පිළියෙල කිරීමට අදාළ මුළුතැන්ගෙය ඇතුළු ස්ථාන පරීක්ෂා කිරීම අප්රේල් මාසයේදී සිදු කෙරිණි. ඒ අනුව ඊට අදාළ නිරීක්ෂණ ඇතුළත් වාර්තාව මහජන සෞඛ්ය පරීක්ෂකවරුන් විසින් ගෘහ්ය කාරක සභාවට සවිස්තරාත්මකව ඉදිරිපත් කිරීම මෙහිදී සිදුවිය. මෙහිදී අදහස් දක්වමින් බත්තරමුල්ල සෞඛ්ය වෛද්ය නිලධාරී වයි.බී ඉන්දික මහතා පැවසුවේ බත්තරමුල්ල ප්රදේශයේ රාජ්ය ආයතන 150කට ආසන්න ප්රමාණයක ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් විමර්ශනය කළද පාර්ලිමේන්තුවේ ආහාරවල සුරක්ෂිතබව…
බොරැල්ල සම්බාහන ආයතනයකට බලහත්කාරයෙන් ඇතුළු වී කළමණාකරු සහ එහි සේවය කරන කාන්තාවන් සිව් දෙනකු බිය ගන්වා කාන්තාවන් තිදෙනකු දූෂණයට ලක්කර පලායමින් සිටි කොස්තාපල් වරුන් දෙදෙනාගෙන් එක් අයෙකු ඉහළ මහලින් ඇද වැටී තුවල ලබා සිටියදී අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලිසිය කියයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් විශේෂ කාර්යාංශ මූලස්ථානයේ සේවය කරන කොස්තාපල්වරයෙකි. අත්අඩංගුවට ගත් සැකකාර කොස්තාපල්වරයා පොලිස් ආරක්ෂාව යටතේ කොළඹ ජාතික රෝහලේ ප්රතිකාර ලබන බව පොලිසිය සඳහන් කරයි.පලා ගොස් ඇත්තේ පොලිස් සේවයෙන් ඉවත් කර ඇති කොස්තාපල්වරයෙකි. බොරැල්ල පොලිසිය සහ කොළඹ දකුණාාස අපරාධ විමර්ශන අංශය පරීක්ෂණ පවත්වයි
පස්සර දහය කණුව ප්රදේශයේ නිවසක් තුළ තිබී තරුණයින් දෙදෙනෙකුගේ මළ සිරුරු දෙකක් හමු වූ බව පස්සර පොලිසිය පැවසීය. පස්සර දහය කණුව ප්රදේශයේ නිවසක මළ සිරුරු දෙක ක් තිබෙන බවට හදිසි ගිලන් රථ සේවාව මගින් ලැබුණු තොරතුරකට අනුව ගොස් පරීක්ෂා කිරීමේදී මෙම මළ සිරුරු දෙක හමුවූ බව පොලිසිය පැවසීය. එකම නිවසක තිබී මළ සිරුරු දෙකක් හමුවීම පිළිබඳව පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
මෙරට සංචාරයක නිරත ට්රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් සභාපති ෆ්රැන්සුවා වැලරියන් (Mr. François Valérian) මහතා සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. රාජ්ය සහ පෞද්ගලික යන අංශ දෙකෙහිම පවත්නා දූෂණයට එරෙහිව කටයුතු කිරීම සඳහා රජය දරන අඛණ්ඩ ප්රයත්නය මෙහිදී ෆ්රැන්සුවා වැලරියන් මහතා වෙත පැහැදිලි කළ ජනාධිපති ලේකම්වරයා දූෂණ විරෝධී යාන්ත්රණය ශක්තිමත් කිරීම සඳහා රජය නව වැඩපිළිවෙළ කිහිපයක්ම ආරම්භ කර ඇති බවත්, ඒවා දැනටමත් සැලකිය යුතු ප්රගතියක් පෙන්නුම් කර ඇති බවත් සඳහන් කළේය. අල්ලස සහ දූෂණය තුරන් කිරීම, රාජ්ය අරමුදල් ඵලදායී ලෙස භාවිතා කිරීම සහතික කිරීම සහ රට තුළ සුපිළිපන්න සංස්කෘතියක් ඇති කිරීම යන පුළුල් අරමුණු ඇතිව අල්ලස…
යල් පැනගිය වෙළෙඳ උපක්රම වෙනුවට නව උපක්රම භාවිත කරමින් ව්යාපාර කටයුතු කිරීම පිළිබඳව අවධානය යොමු කළ යුතු බව තරුණ කටයුතු නියෝජ්ය අමාත්ය අමාත්ය, එරංග ගුණසේකර මහතා පැවසීය. නවීන තාක්ෂණය භාවිත කරමින් සමාජ මාධ්ය ඔස්සේ වෙළෙඳ කටයුතු කිරීම පිළිබඳව ද අවධානය යොමු කළ යුතු බවද නියෝජ්ය අමාත්යවරයා ප්රකාශ කළේය. කොළොන්නාව නගර සභාව විසින් කාන්තාවන් සවිබල ගැනීමේ අරමුණින් පවත්වනු ලබන ස්වයං රැකියා පුහුණු පාඨමාලාව නිම කළ කාන්තාවන් සඳහා සහතිකපත්ර ලබා දීමේ උත්සවයට සහභාගී වෙමින් නියෝජ්ය අමාත්යවරයා මේ බව කීය. කොලොන්නාව මංගලපාය උත්සව ශාලාවේ දී සහතික පත්ර ලබාදීම සිදු කෙරුණි. ඒ අනුව මැහුම්, බතික්, රූපලාවන්ය පාඨමාලා නිම කළ කාන්තාවන් සඳහා සහතික පත්ර ලබාදීම…
