Author: LANKA24X7

මෙරටින් සොයා ගෙන ඇති සමූහ මිනී වළවල් සම්බන්ධයෙන් විශ්වසනීය, විනිවිදභාවයෙන් යුත්, ස්වාධීන පරීක්ෂණයක් වහාම අවශ්‍ය බවත් සමූහ මිනීවළවල් වලින් ගොඩගෙන ඇති ඇටසැකිළි සහ පුද්ගලික බඩුබාහිර ආදියෙන් මෙරට මානව හිමිකම් අතීතයේදී දරුණු ලෙස උල්ලංඝනය වී ඇති ආකාරය මතක් කර දෙන බවත් මෙරට එක්සත් ජාතීන්ගේ නේවාසික නියෝජිත මාර්ක් ඇන්ඩ්‍රේ ෆ්‍රැන්චේ මහතා පසුගියදා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. තවමත් පසුගිය කාලෙය්දී බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලට ලක්වූ ශ්‍රී ලාංකිකයන් දහස් ගණනකට අත්වූ ඉරණම පිළිබඳව කිසිඳු තොරතුරක් නොමැති බවත් නිශ්ශබ්දතාව, ක්‍රියාමාර්ග නොගැනීම සහ බලය භාවිත කළ මානව හිමිකම් කඩකළ පුද්ගලයන් දඬුවම්වලින් පළා යාම හේතුවෙන් දහස් ගණනක් බලහත්කාරයෙන් අතුරුදන් කිරීමෙන් ශ්‍රී ලංකාවට ඇති වූ තුවාලය තවමත් සුවවී…

Read More

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහත්වරුන් සිදුවීම් දෙකක් සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමට නියමිත බව ආරංචි මාර්ග ප්‍රකාශ කළේය. ගාලු මුවදොර පිටියේ ‘අරගලය’ විරෝධතාකරුවන්ට එල්ල වූ ප්‍රහාරය පාලනය කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා දුන් ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමට නියමිත බව ආරංචි මාර්ග පැවැසුවේය. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ එක්සත් රාජාධානි සංචාරය සහ එහිදී රාජ්‍ය අරමුදල් අවභාවිත වී ඇති බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීමට හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා අද(01) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටීමට…

Read More

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පනවා ඇති තීරුබදු බොහොමයක් නීති විරෝධී බවත් අනෙක් රටවලට බදු පැනවීමට ඇමෙරිකානු ජනාධිපතිවරයාට බලයක් නොමැති බවත් එරට ෆෙඩරල් අභියාචනාධිකරණය පසුගිය දා තීන්දු කළේය. ෆෙඩරල් අභියාචනාධිකරණයේ 11 දෙනකුගෙන් යුත් විනිසුරු මඩුල්ලක් ජනපති ට්‍රම්ප්ගේ තීරු බද්ද පිළිබඳව අභියාචනය විභාග කර ඇති අතර විනිසුරුවරුන් 7 දෙනකුගේ එකඟත්වයෙන් තීන්දුව ප්‍රකාශයට පත් කර ඇත. ලෝකයේ රටවල් තමන්ට පනවා ඇති තීරු බද්ද අඩු කර ගැනීම සඳහා පවත්වන සාකච්ඡාවල තීරණාත්මක මොහොතක ෆෙඩරල් අභියාචනාධිකරණය මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය. ඇමෙරිකාව සිය වෙළෙඳ හවුල්කරුවන් සමග පවත්වන සාකච්ඡා හෙට (01) වනවිට අවසන් කිරීමට එරට භාණ්ඩගාර ලේකම් ස්කොට් බෙසන්ට් බලාපොරොත්තු වුවත් අභියාචනාධිකරණ තීන්දුවත් සමග එම ඉලක්කය මග…

Read More

ඔක්ටේන් 92 පැට්‍රල් ලීටරයක් රුපියල් හයකින්ද ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් හයකින්ද අද මධ්‍යම රාත්‍රියේ සිට පහළ දමා ඇත. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්ටලීටරයක නව මිල 299 ක්ද ලංකා සුදු ඩීසල් ලීටරයක නව මිල රුපියල් 283ක් වේ. රුපියල් 340 ක් ලෙස පැවති ඔක්කේන 95 පෙට්‍රල් ලීටරයක මිල වෙනස් වී නොමැත. එසේම සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් දොළහකින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 313 කි. කෙසේ වෙතත් ලංකා භූමි තෙල් මිලෙහි වෙනසක් සිදුවී නොමැති බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි

Read More

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාටද හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා මහතාටද ගෙදරින් කෑම ලබාගැනීමට බන්ධනාගාර ප්‍රධානීන් අවසර ලබා දී ඇත. එම දෙදෙනා කළ ඉල්ලීමක් අනුව මෙසේ අවසර දුන් බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ජගත් චන්දන වීරසිංහ මහතා පැවසීය. මේ අනුව දෙදෙනාම ඊයේ දහවල් සිට ගෙදරින් කෑම ලබාගෙන ඇත. මෝදර ධීවර වරාය බඳු දීමේදී රජයට රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලක් පාඩු කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ලබන මස 9 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කරනු ලැබීය. 2006 පළාත් පාලන ඡන්දය පැවති කාල සීමාවේදී මීගමුව උප නගරාධිපති සුනිල් විල්බට් පෙරේරා මහතාගේ නිවසට පහරදී අනර්ථයක් කිරීම සම්බන්ධයෙන් නිමල්…

Read More

සබරගමුව පළාත, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එමෙන්ම බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව කියයි. ඌව පළාතේත් අම්පාර, මඩකලපුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කියයි.

Read More

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා යළි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබේ. හෙට (01) පෙරවරු 9ට එම දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස සමන් ඒකනායක මහතාට දැනුම් දී ඇති බව වාර්තා වෙයි. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එංගලන්තයේ සිදුකළ සංචාරයට අදාළව සිදුකරන විමර්ශනය සඳහා ප්‍රකාශයක් ලබාගැනීමට මෙම කැඳවීම සිදුකර ඇති බව සඳහන්ය. සිද්ධියට අදාළව මීට පෙර ද සමන් ඒකනායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ප්‍රකාශ සටහන් කරගෙන තිබුණි.

Read More

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ යැයි හැඟෙන අයුරින් ව්‍යාජ ඡායාරූපයක් සැකසූ පුද්ගලයන්ට එරෙහිව නීති පියවර ගන්නා බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය නිවේදනය කරයි. එම නිවේදනයේ මෙසේද දැක්වේ. විදේශගතව සිටිමින් ශ‍්‍රී ලංකාව තුළ විවිධ සංවිධානාත්මක අපරාධ මෙහෙයවීම සම්බන්දයෙන් අත්අඩංගුවට ගත් කෙහෙල්බද්දර පත්මේ නම් පුද්ගලයා ඇතුලූ පිරිස පසුගිය දා ඉන්දුනීසියාවේදී ශ‍්‍රී ලංකා පොලීසියේත් ඉන්දුනීසියානු පොලීසියේත් ඒකාබද්ධ මෙහෙයුමක් මගින් අත්අඩංගුවට ගනු ලැබීය. එකී අත්අඩංගුවට පත්වූ පිරිස 2025-08-30 දින පස්වරුවේදී ශ‍්‍රී ලංකාවට රැගෙන එන ලදී. එම අවස්ථාවට ඉන්දුනීසියානු පොලීසියේ නිළධාරීන් කිහිප දෙනෙක් ද සහභාගී වූහ. එකී මෙහෙයුමට සම්බන්ධ වූ ශ‍්‍රී ලංකා පොලීසියේ නිලධාරීන් සදහා අවශ්‍ය දිරි ගැන්වීම ලබා…

Read More

වෙන්නප්පුව වැව පාරේ අද (31) සිදුවු වෙඩි තැබිමකින් එක් අයෙකු එම ස්ථානයෙදීම මරණයට පත්ව තුවාල ලැබු තවත් අයකු රෝහල් ගත කර ඇති බව වෙන්නප්පුව පොලිසිය කියයි. වෙඩි ප්‍රහාරයට ලක්ව මරණයට පත්ව ඇත්තේ වෙන්නප්පුව උදාසිරිගම පදිංචි ධනුෂ්ක උදයශාන්ත නොහොත් ‘කටා‘ යන අන්වර්ථ නාමයෙන් හැදින්වෙන් අයකු බව කියයි. ඒ සමගම වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා මාරවිල මූලික රෝහලට ඇතුලත් කර ඇති අනෙක් තැනැත්තා ලුණුවිල කිරිමැටියාන පදිංචි කරුවෙකු බව කියයි. මෙම වෙඩි තැබිම වෙන්නප්පුව වැව පාරේ දි සිදුව ඇති අතර වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ ඉරු දින වෙන්නප්පුව පොලිසියට පැමිෂ එහි පොත් අත්සන් කර ආපසු තම හිතවතේකු සමඟ යමින් සිටි අයකු බව කියයි. මෝටර් රථයකින්…

Read More

බණ්ඩාරගම බද්දේගොඩ ප්‍රදේශයේදී ගංජා ජාවාරම් කරුවෙකු පොලිස් නිලධාරියෙකු සපා කා පලා ගොස් ඇතැයි බණ්ඩාරගම පොලිසිය කියයි . තුවාල ලද කොස්තාපල්වරයා පානදුර මූලික රෝහල වෙත ඇතුළත් කර ඇත. බස්නාහිර පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙ‍ෙඋපදෙස්මත විශේෂ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමේ රාජකාරි සඳහා පොලිස් නිලධාරීන් පිරිසක් සංචාරයේ යෙදී සිටියදී ගැලණිගම හන්දිය අසල ප්‍රදේශයේදී මොහු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබූ ජංගම දුරකථනයේ වෙනත් පුද්ගලයෙකුගේ ජංගම දුරකථනයක අංකයක් සටහන්ව තිබීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී ගංජා මිලදී ගත් ජාවාරම්කරුගේ දුරකථන අංකය බවට අනාවරණය වීමෙන් අනතුරුව තවත් ගංජා ඉල්ලා ඔහු වෙත ඇමතුමක් ලබාදීමෙන් අනතුරුව බද්දේගොඩ ප්‍රදේශයට පැමිණෙන ලෙස…

Read More