Author: LANKA24X7

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් පුද්ගල අත්අඩංගුවට ගැනීම් අනුව කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක ඉදිරියෙන්ම සිටින බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශ සංඛ්‍යා ලේඛන පවසයි. ඒ අනුව 2024 වසරේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් හෙරොයින් සැකරුවන් 46182ක් සහ ගංජා වලට සම්බන්ධ සැකකරුවන් 34778 ක්ද මෙතැමිපිටිමින් හෙවත් අයිස් වලට සම්බන්ධ සැකකරුවන් 41833ක්ද අත්අඩංගුවට පත්ව ඇත. 2024 වසරේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් හෙරොයින් සැකකරුවන් 6934ක් ගංජා සැකකරුවන් 4942ක් සහ අයිස් මත්ද්‍රව්‍ය වලට සම්බන්ධ සැකකරුවන් 11487ක් අත්අඩංගුවට පත්විය.

Read More

පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කළ විශේෂ වැටලීමක දී කේරළ ගංජා තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. දොම්පේ, නාගහදෙණිය, පාළුගම ප්‍රදේශයේ දී ඊයේ (26) මෙම වැටලීම සිදු කර ඇත. එහිදී සැකකරු සන්තකයේ තිබී කේරළ ගංජා කිලෝ 196 ග්‍රෑම් 218ක් සොයා ගෙන ඇති බව පොලීසිය පවසයි. සැකකරු 44 හැවිරිදි දොම්පේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෙම පුද්ගලයා ශ්‍රී ලංකා රත්මලාන ගුවන් හමුදා කඳවුරේ පයිලට් සාජන්වරයෙකු ලෙස සේවය කර 2022 වසරේ ජනවාරි මස විශ්‍රාම ලබාගෙන ඇති බව අනාවරණය වී ඇත. එමෙන්ම සැකකරු මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුවන අධිකරණය මගහැර වරෙන්තු ලබා සැඟව සිටින සෙම්බුකුට්ටි ආරච්චිගේ ඩිලාන් දනුෂ්ක ලක්මාල් නැමැත්තාගේ මස්සිනා බවද අනාවරණය වී තිබේ.

Read More

දේශපාලන වශයෙන් සක්‍රිය කණ්ඩායම් 76 ක් දේශපාලන පක්ෂ වශයෙන් ලියාපදිංචි වීමට මැතිවරණ කොමිෂන් සභාවට අයදුම්පත් යොමු කර ඇත. එම අයදුම්පත් සම්බන්ධයෙන් සම්මුඛ පරීක්‍ෂණ මේ දිනවල පැවැත්වේ. වැඩිම අයදුම්පත් සංඛ්‍යාවක් යොමු කර ඇත්තේ බස්නාහිර පළාතෙනි. මැතිවරණ කොමිෂන් සභාවේ දැනට ලියාපදිංචි වී ඇති දේශපාලන පක්ෂ සංඛ්‍යාව83කි.

Read More

රස්නායකපුර පොලිස් වසමේ මුඩත්තව වැවෙහි ගිලීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 68ක් වූ මොන්නෑකුලම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අදාළ පුද්ගලයා ටියුබයක් ආධාරයෙන් මාළු ඇල්ලීම සිදු කරන අයෙකු වන අතර ඔහු නිවසට පැමිණීම ප්‍රමාද වීම හේතුවෙන් නිවැසියන් විසින් සොයා බැලීමේදී වැවෙහි මැදට වන්නට තිබී ඔහුගේ මෘත ශරීරය හමු වී ඇති බව පොලීසිය පැවසුවේය. මෘත ශරීරය නිකවැරටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර රස්නායකපුර පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read More

විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා පිහිටවනු ලැබූ “රටම එකට” ජාතික මෙහෙයුම් සභාවේ සංයුතිය ලෙස පාර්ශව 23ක් පත්කර තිබේ. මෙහෙයුම් සභාවේ සභාපති ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කටයුතු කරන අතර එහි ලේකම්වරයා වන්නේ ජනාධිපති ලේකම්වරයායි. සෙසු පාර්ශව කරුවන් ලෙස ආගමික නායකයින් විසින් නම් කරනු ලැබූ නියෝජිතයෝ,මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය,ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ ලේකම්, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්,අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්,අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම්, බුද්ධ ශාසන, සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්,පොලිස්පති,ත්‍රිවිධ හමුදාපතිවරු,ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්,…

Read More

මෙයා පමා වෙලා ආපු ආණ්ඩුවක් යැයි වැවිලි කර්මාන්ත අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පැවසීය. මේ ආණ්ඩුව මීට කලින් ආවේ නම් පාතාලය අද සම්පූර්ණයෙන්ම අවසන් බව පැවසූ අමාත්‍යවරයා අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා නොවුණා නම් ඔය කුඩු අල්ලාවි දැයි ප්‍රශ්න කළේය. එසේ නොවුණා නම් පාතාලය හොඳට සෙල්ලම් දමාවි යැයිද සඳහන් කළේය.

Read More

ප්‍රාදේශීය සභා ඇතුළු පළාත් පාලන ආයතන වල ප්‍රධානීන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට පොලිස්පතිවරයාගේ අවධානය යොමුව ඇත. මෙහි පළමු පියවරක් ලෙස තර්ජනයට ලක්ව සිටින පළාත් පාලන ආයතන ප්‍රධානීන්ගේ ලැයිස්තුවක් බුද්ධි අංශ වලින් ලබා ගැනීමට කටයුතු කරගෙන යන බව පොලිස් ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇත. එසේම තමන්ට පාතාලයෙන් හෝ වෙනත් කුමන හෝ කණ්ඩායමකින් මරණීය හෝ වෙනයම් තර්ජන පවතී නම් වහාම දැනුම් දෙන ලෙස පොලිසිය පළාත් පාලන ආයතන ප්‍රධානීන්ට දැනුම් දී ඇත.

Read More

සෞදි අරාබියේ රියාද් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානය තුළ සේවයෙහි යෙදී සිටි ගුවන් සේවිකාවන් දෙදෙනෙකුට පහර දුන් , එම ගුවන් යානයේ ගමන් ගත් සෞදි අරාබි ජාතිකයෙකු ඊයේ (26) අත් අඩංගුවට ගෙන තිබේ . මොහු 28 හැවිරිදි සෞදි අරාබි ජාතිකයෙකු වන අතර ඔහු කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ එතැන් සිට මැලේසියාවට යාම සදහා මෙම ගුවන් යානයෙහි ගමන් කර තිබේ . ඔවුන් අද දින උදෑසන 06.32 ට සෞදි අරාබියේ රියාද් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 266 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි . මෙම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමට…

Read More

තායිලන්තයෙන් මෙරටට ත්‍යාග ලෙස දුන් ඇතුන් දෙදෙනෙකු පීඩාවට ලක් වන බවට කිසිදු අයකු පරිසර අමාත්‍යංශය මෙතෙක් දැනුවත් කර නොමැති බව පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි මහතා පැවැසීය එලෙස ගැටලුවක් පැවැතියේ නම් ඒ සම්බන්ධයෙන් තායිලන්තය ශ්‍රී ලංකා විදේශ අමාත්‍යංශය හරහා පරිසර අමාත්‍යංශය දැනුවත් කළ යුතුව තිබූ බව අමාත්‍යවරයා කීය.

Read More

මෙම වසරේ ජූනි මාසය වනවිට විදේශ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයන් 143,037 ක් විදේශ ගත වී ඇති බවත් එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 5 ක පමණ ප්‍රතිශතයක පහළ යාමක් බවත් නවතම දත්ත වාර්තා පෙන්වා දුන්නේය. වසර ආරම්භයේ ජනවාරි මාසයේදී විදේශ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයන් 25,873 ක් විදේශ ගතවී ඇති අතර එය පසුගිය වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව විදේශ ගතවූ සංඛ්‍යාවේ ඉහළ යාමක් වූවේය. කෙසේ නමුත් මෙම වසරේ පෙබරවාරි මාසයේ සිට විදේශ ගත වූ ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව පසුගිය වසරේ එම මාසවලට සාපේක්ෂව පහළ ගොස් ඇත. මෙම වසරේ පෙබරවාරි මාසයේදී 22,271 ක, මාර්තු මාසයේදී 21,552ක, අප්‍රේල් මාසයේදී 22,011ක සහ මැයි මාසයේදී 27,142 ක ශ්‍රී…

Read More