Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
මන්නාරම බොක්ක ප්‍රදේශයේ පවතින අඩුපීඩන ප්‍රදේශය තවදුරටත් දුර්වල වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ එම පද්ධතිය මගින් දිවයිනේ කාලගුණයට වන බලපෑම තවදුරටත් අඩුවෙමින් පවතින බවය. කෙසේවෙතත් මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් උතුර – උතුරු මැද, ඌව සහ නැගෙනහිර පළාත්වල වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. වයඹ සහ මධ්‍යම පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවිය හැකියි. සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.…
ලංවිම ප්‍රතිව්‍යුහගත කිරීමේ පත් කළ දිනය ගැසට් කිරීම ප්‍රමාද වීම ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් සිය සේවක පිරිස මුහුණ දෙන ගැටලු පිළිබඳව ලංකා විදුලි බල විශ්‍රාම යෝජනා ක්‍රමය ඉල්ලුම් කළ සේවක පිරිස බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා වෙත ලිපියක් යොමු කර තිබේ. දීර්ඝ ලිපියක් මගින් අදාළ සේවක පිරිස සඳහන් කර ඇත්තේ පත් කළ දිනය තීරණය කර නැවත තහවුරු කළද මෙතෙක් ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් නොකිරීම හේතුවෙන් ඔවුන් මේ වන විට ගැටලු රැසකට පත්ව ඇති බවය. අදාළ ලිපිය මගින් බලශක්ති අමාත්‍යවරයාද එම සේවක පිරිස දන්වා ඇත්තේ අනුප්‍රාප්තික ආයතන වෙත අනුයුක්ත වන්නේද නැද්ද යන්න තීරණය කිරීමට සේවකයින්ට මාස දෙකක කාලයක් ලබා…
වාහන ලියාපදිංචි කිරීමේදී හා අයිතිය පැවරීමේදී බදු ගෙවන්නන් හඳුනා ගැනීමේ අංකය (TIN) මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නව ලියාපදිංචි දත්ත පද්ධතියට සහ අයිතිය පැවරීමේ දත්ත පද්ධතියට ඇතුළත් කිරීම අනිවාර්යය කර තිබේ. එය ජනවාරි 5වනදා සිට ක්‍රියාත්මක බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටී. ඒ අනුව යතුරු පැදි, අත් ට්‍රැක්ටර්, ට්‍රැක්ටර්, ට්‍රැක්ටර් ටේලර් හා ත්‍රීවිල් හැර, අනෙකුත් සියලුම නව වාහන ලියාපදිංචියේදී හා අයිතිය පැවරීමක දී, අදාළ නව අයිතිකරුගේ ජාතික හැඳුනුම්පත් අංකය හෝ ව්‍යාපාර ලියාපදිංචි අංකය හා බදු ගෙවන්නන් හදුනා ගැනීමේ අංකය (TIN) දත්ත පද්ධතියටන්ට ඇතුළත් කිරීම අනිවාර්යය වේ.
ඉදිකිරීමක් හේතුවෙන් කොළඹ නුවර මාර්ගයේ රථවාහන ගමනාගමනය කඩවත ප්‍රදේශයෙන් සීමා කරන බව පොලිසිය පවසයි. පොලිසිය පැවසුවේ කොළඹ – මහනුවර මාර්ගයේ බණ්ඩාර වත්ත පුවක්පිටිය ප්‍රදේශයේ මාර්ගය එක් මංතීරුවක් වසා තැබෙන බවය. මාර්තු 15 දක්වා මෙම මාර්ගය වසා තැබෙන බව සඳහන් ය. කඩවත – මීරීගම අධිවේගී මාර්ගයේ අන්තර් හුවමාරුවේ ඉදිකිරීම් හේතුවෙන් මෙම රථවාහන සැලැස්ම ක්‍රියාත්මක බවද පොලිසිය පැවසීය. විකල්ප මාර්ග ලෙස කඩවත නගර මධ්‍යයේ ආලෝක සංඥා මංසන්ධියේ සිට අධිවේගී පිවිසුම් මාර්ගය ඔස්සේ ඇල්දෙණිය ආලෝක සංඥා මංසන්ධිය දක්වා මාර්ගය භාවිත කළ හැකි බවද පොලිසිය පැවසීය.
නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (10) අලුයම 4 වන විට ත්‍රිකුණාමලය සිට කිලෝමීටර් 100ක් පමණ උතුරට බරව ඊසාන දෙසින් පිහිටා තිබූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එය වයඹ දෙසට ගමන් කර අද අලුයම 5:30 පමණ වන විට පීඩන අවපාතයක් දක්වා දුර්වල වෙමින් අද දහවල් කාලයේදී, ත්‍රිකුණාමලය සහ යාපනය අතර ශ්‍රී ලංකා වෙරළ තීරය හරහා ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බවද එම දෙපාර්තමේන්තුව අද අලුයම නිකුත් කළ නවතම කාලගුණ අනාවැකියේ දැක්වෙයි. දිවයිනේ උතුරු අර්ධයේ අහස වලාකුළින් බරව පවතින බවත් උතුරු පළාතෙත් පුත්තලම, අනුරාධපුර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත්…
වැලිසර ප්‍රදේශයේ නව බන්ධනාගාරයක් ස්ථාපිත කිරීමට අදාළව ගැසට් නිවේදනය මේ වනවිට නිකුත් කර තිබේ. අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර විසින් එම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.
පවතින තත්ත්වය තුළ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ නීල්දණ්ඩාහින්න සහ වලපනේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට නායයෑම් රතු නිවේදන නිකුත් කර තිබේ. එමෙන්ම නායයෑමේ නිවේදන අදියර 2 යටතේ මාතලේ විල්ගමුව හා නුවරඑළිය දිස්ත්‍රික්කයේ මතුරට හා හඟුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා ද අනතුරු ඇඟවිමේ නිවේදන නිකුත් කෙරිණි. වර්ෂාවත් සමග නායයාමේ ලක්ෂණ මතුවිය හැකි බවත් එවැනි ලක්ෂණ දුටු වහාම එම ස්ථානයන්ගෙන් ඉවත් වීමට කටයුතු කළ යුතු බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා, ”යම්කිසි ඉවත්වීමකදී ජනතාව අපි දැනුවත් කරනවා මේ ආපදා මල්ල කියලා. තමන්ට ගෙන යා හැකි අත්‍යවශ්‍ය…
දෙමාපියන්ට බරක් නොවන සහ දරුවන්ට දුකක් නොවන අධ්‍යාපන ක්‍රමයක් රට තුළ ඇති කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. මෙරට දරු පරපුරට ජාත්‍යන්තරය ජයගත හැකි නවීන අධ්‍යාපන ක්‍රමයක් රටට අවශ්‍ය බවත්, ග්‍රාමීය දරු පරපුර විෂම දුප්පත්භාවයේ චක්‍රයෙන් මුදාගත හැකි එකම මාවත අධ්‍යාපනය බවත් එහිදී ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. අසත්‍ය ප්‍රචාරවලට යට නොවී රටට අවශ්‍ය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ඉදිරියටම ක්‍රියාත්මක කරමින් දරු පරපුරට හොඳ අනාගතයක් ගොඩනගා දීමට කටයුතු කරන බව ද එහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අනුරාධපුර දිස්ත්‍රීක්කයේ රාජාංගනය, තලාව, නොච්චියාගම, මහවිලච්චිය, පදවිය, කැබිතිගොල්ලෑව, මහින්තලය, රඹෑව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ආපදාවෙන් පූර්ණ හානි…
ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (09) පෙරවරු 10.00 වන විට පොතුවිල් සිට කිලෝමීටර් 160ක් පමණ නැගෙනහිර දෙසින් පිහිටා තිබුණු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ එය වයඹ දෙසට ගමන් කර හෙට (10) දින සවස් කාලයේදී යාපනය සහ ත්‍රිකුණාමලය අතර ශ්‍රී ලංකා වෙරළ තීරය හරහා ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බවය. ඒ අනුව ඉදිරි දින තුන සඳහා උතුර, උතුරු මැද, නැගෙනහිර, සබරගමුව, බස්නාහිර, ඌව, වයඹ, මධ්‍යම යන පළාත්වලට පැයට කිලෝමීටර් 50-60ත් වන තද සුළං සමග විටින් විට හමන පැයට කිලෝමීටර් 70දක්වා වන ප්‍රහාරාත්මක සුළං බලාපොරොත්තු…
ගතවූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය අම්පාර ප්‍රදේශයෙන් වාර්තා වූ බවත්, එය මි.මී. 38ක අගයක් බවත් වාරිමාර්ග අධ්‍යක්ෂ (ජල විද්‍යා සහ ආපදා කළමනාකරණ) ඉංජිනේරු එල්.එස් සූරියබණ්ඩාර මහතා අද (9) පෙරවරුවේ පැවසීය. එමෙන්ම අනෙකුත් බොහෝ ස්ථානවල වර්ෂාපතය මි.මි. 10ට අඩු මට්ටමක පැවති බවත්, ඒ හේතුවෙන් ගංගාවල ජල මට්ටම වැඩිවීමක් වාර්තා නොවන බව හෙතෙම සඳහන් කළේය. කෙසේ නමුත් ප්‍රධාන ජලාශ 73න් 28ක් මෙන්ම මධ්‍ය ප්‍රමාණයේ වැව් 22ක් තවවමත් වාන් දැමීම සිදුවන බව ඔහු පැවසීය. යාන්ඔය හා දැදරු ඔය ජලාශයන්හි ජලය නිදහස්කිරීම සැලකිය යුතු ප්‍රමාණයකින් වැඩි කර ඇති වුවත්, කිසිදු ගංගා ද්‍රෝණියක අනතුරුදායක ලෙස ජලය නිදහස් කිරීමක් සිදු නොවන බවත් ඉංජිනේරු එල්.එස් සූරියබණ්ඩාර…
