Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
පාර්ලිමේන්තුවේ වැටුප් තල ප්‍රතිව්‍යුහ ගතකරණයේදී තමන් නොසලකා හැර ඇතැයි චෝදනා කරමින් පාර්ලිමේන්තු මුළුතැන්ගෙයි සේවකයෝ පිරිසක් ඊයේ විරෝධතාවයක නිරතවූහ. ඔවුන් මෙසේ විරෝධය පළ කර ඇත්තේ පාර්ලිමේන්තුවේ ආපනශාලා සහ ගෘහ පාලන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ රාජ් හසන්ත එදිරිසිංහ මහතාටය. මේ සම්බන්ධයෙන් සාධාරණයක් ඉටුවනතුරු යම් යම් පියවර ගැනීමට සිදුවන බවද එම සේවකයන් එහිදී වැඩිදුරටත් දැනුම් දී ඇත. විරෝධය හේතුවෙන් පාර්ලිමේන්තුවේ මුළුතැන් ගෙයි කටයුතුවලටද බාධා මතුවිය.
පාර්ලිමේන්තුවේ පරිපාලන ව්‍යුහය ප්‍රතිව්‍යුගත කිරීමේ මූලික කටයුතු මේ වන විට අවසන් කර තිබේ. ප්‍රතිව්‍යුගත කිරීමේ කටයුතු සඳහා විශ්‍රාමලත් උසස් පරිපාලන නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පත්කළ අතර මේ වනවිට එම කමිටු වාර්තාව කථානායක ජගත් වික්‍රමරත්න මහතා වෙත භාර දී ඇත. මෙහිදී පාර්ලිමේන්තුවේ පරිපාලන ව්‍යුහය මෙන්ම වැටුප් ව්‍යුහයද වෙනස් කළයුතු බවට එම කමිටුව විසින් නිර්දේශ කර ඇති බව සඳහන් වේ. ඒ අනුව තනතුරු උසස්වීම්, වැටුප් වර්ධක ගෙවීම්, පුරප්පාඩු පිරවීම් මෙන්ම නව බඳවා ගැනීම් සිදුකරන ලෙස පත්කළ කමිටුව විසින් කථානායකව යෝජනා කර තිබේ. එමෙන්ම මෙම වාර්තාව පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත ද භාර දී ඇති අතර ඊට අදාළව යෝජනා ඉදිරිපත් කරන ලෙසද දැනුම් දී ඇත. මේ…
විෂ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 2024 වසරේ දී අඩුවෙන්ම අත් අඩංගුවට පත් වූ දිස්ත්‍රික්ක වශයෙන් කිලිනොච්චි මුලතිව් සහ මන්නාරම යන දිස්ත්‍රික්ක තුන බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශ සංඛ්‍යා ලේඛන පවසයි. ඒ අනුව කිලිනොච්චිය දිස්ත්‍රික්කයෙන් හෙරොයින් සැකකරුවන් 42ක් ද ගංජා සැකකරුවන් 158ක් ද අයිස් වලට සම්බන්ධ සැකකරුවන් 21ක්ද අත්අඩංගුවට පත්විය. මුලතිව් දිස්ත්‍රික්කයෙන් 2024 වසරේ දී හෙරොයින් සම්බන්ධ සැකකරුවන් 19ක් ගංජා සැකකරුවන් 239ක් සහ අයිස් සම්බන්ධ සැකකරුවන් 48ක් අත්අඩංගුවට පත් විය.මන්නාරම දිස්ත්‍රික්කයෙන් හෙරොයින් සැකකරුවන් 54ක් ගංජා සැකකරුවන් 157ක් සහ අයිස් මත්ද්‍රව්‍ය වලට සම්බන්ධ සැකකරුවන් 110ක් අත්අඩංගුවට පත්ව ඇත
ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපතිවරු දෙදෙනෙක් නියෝජ්‍ය අධිපතිවරුන් ලෙස උසස් කරනු ලැබ සිටිති. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙසේ උසස් කරනු ලැබ සිටින්නේ ආචාර්ය ශ්‍රී අමරසේකර සහ කේජීපී සිරි කුමාර යන යන සහකාර අධිපතිවරුන්ය. ලබන නොවැම්බර් මස 3 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම උසස් කිරීම කර ඇත.
මත්පැන් නිෂ්පාදනය මත බදු ගෙවීමේ කාලසීමාව සහ ගාස්තු අයකිරීම සඳහා අදාළවන රීතී සංශෝධනය කරමින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර අැත මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (28) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබ ඇත. සෑම බලපත්‍රලාභියෙකුම සුරාබදු ආඥා පනතේ 22 වන වගන්තිය යටතේ නියමිත දිනට හෝ එම දිනට පෙර බදු ගෙවිය යුතු බවට ප්‍රකාශයට පත්කරමින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර අැත ඒ අනුව නියමිත දින සිට දින 30ක් ඇතුළත ගෙවිය යුතු බද්ද හෝ ගාස්තුව සම්පූර්ණයෙන් ගෙවීමට අපහොසත් වන බලපත්‍රලාභීයෙකුගේ බෝතල් කිරීමේ බලපත්‍රය අත්හිටුවීමට කටයුතු කරන බව නව…
ජාතික බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජෙනරාල් රුවන් වනිගසුරිය මහතා පසුගියදා. ආරක්ෂක අමාත්‍යාංශයේදී සිය ධූරයෙන් විශ්‍රාම ගන්නා ලදී. රුවන් වනිගසූරිය මහතාට වයස අවුරුදු (60) සම්පූර්ණ වීම හේතුවෙන් මෙම විශ්‍රාම ගැනීම සිදුවූ බව ආරක්ෂක අමාත්‍යශය සඳහන් කරයි. ශ්‍රී ලංකා යුද හමුදාවේ කීර්තිමත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වූ මේ ජනරාල් රුවන් වනිගසූරිය මහතා යුද හමුදා සේවයෙන් විශ්‍රාම ගොස් සිටියදී පසුගිය ජනවාරි මස සිට ජාතික බුද්ධි අංශ ප්‍රධානී වශයෙන් වැඩ භාර ගන්නා ලදී. රුවන් වනිගසූරිය මහතා සිය වෘත්තීය ජීවිතය පුරාවට විශිෂ්ට අන්දමින් සේවයක් කළ නිලධාරියකු වන අතර ඔහු ජාතික බුද්ධි අංශ ප්‍රධානියා ලෙස කටයුතු කරමින් රටේ බුද්ධි අංශ ජාලය ශක්තිමත් කිරීම සහ ජාතික ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන්…
අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවකට සෙල්ලම් පිස්තෝලයක් සමඟ පැමිණ සිටි කාන්තාවක් අත්අඩංගුවට ගත් බව අවිස්සාවේල්ල පොලිසිය පවසයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නෙටොල්පිටිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි. ඉහත අධිකරණයෙන් විභාග වන නඩුවක් සඳහා මෙම කාන්තාව ඊයේ (27) පස්වරුවේ පැමිණ ඇති අතර, අධිකරණ ප්‍රධාන දොරටුවේ රාජකාරියේ නිරතව සිටි පොලිස් කොස්තාපල්වරියක් විසින් සැකකාර කාන්තාවගේ අත් බෑගය පරීක්ෂා කිරීමේදී ඒ තුළ තිබී ඉහත සෙල්ලම් පිස්තෝලය අත්අඩංගුවට ගෙන ඇත. සිද්ධිය සම්බන්ධයෙන් සැකකාරිය අත්අඩංගුවට ගෙන අවිස්සාවේල්ල පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇත. සෙල්ලම් පිස්තෝලයක් අත් බෑගයේ සඟවා අධිකරණ භූමියට ඇතුළු වීමට උත්සාහ කළේ ඇයිද යන්න හෙළි කර ගැනීම සඳහා පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.
ලෝක ආහාර වැඩසටහනේ (world Food Programe – Sri Lanka) මෙරට නියෝජිත ලෙස පත් වූ පිලිප් වෝඩ් සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ රොබට් ඔලිවර් සහ අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහත්වරුන් අතර හමුවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදු විය. 1968 සිට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ලෝක ආහාර වැඩසටහන මගින් ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව, පෝෂණ සුරක්ෂිතතාව, ආර්ථික හා දේශගුණික අභියෝගයන්ට මුහුණ දෙන ප්‍රජාවන්ගේ ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම කෙරෙහි සහය ලබා දීම සිදු කෙරේ. මෙහිදී 2023- 2027 දක්වා ලෝක ආහාර වැඩසටහනේ (WFP) උපායමාර්ගික සැලැස්ම සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ අවධානය යොමු වූ අතර විශේෂයෙන් ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණ සුරක්ෂිතතාව වෙනුවෙන් රජයේ ඉදිරි වැඩ පිළිවෙල අනුව ලෝක ආහාර වැඩසටහන…
“අස්වැසුම” සමාජ ආරක්ෂණ වැඩසටහනට සුදුසුකම් ලත් පිරිස තෝරාගැනීමේදී යාවත්කාලීන වූ නිවැරදි දත්ත පද්ධතියක් පැවතීමේ අවශ්‍යතාවය ලෝක බැංකු නියෝජිතයින් අවධාරණය කර තිබේ. ඒ සඳහා වූ තාක්ෂණික සහ ජාත්‍යන්තර අත්දැකීම් ලබාදීමට සුදානම් බවද ඔවුහු ප්‍රකාශ කළහ. මේ පිළිබඳ අදහස් පළවුයේ “අස්වැසුම වැඩසටහන” පිළිබඳව මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරුන්, ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරුන් ඇතුළු අනෙකුත් මන්ත්‍රීවරුන්, ලෝක බැංකු නියෝජිතයින් සහ මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ පසුගියදා පාර්ලිමේන්තුවේදී ඒකාබද්ධව පැවැත්වූ රැස්වීමේදීය. ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය (ආචාර්ය) උපාලි පන්නිලගේ සහ…
රට බින්දුවට වැටුණු අවස්ථාවේ ඒ තත්ත්වයෙන් ගොඩගෙන ඉදිරියට ගෙන ගිය නායකයා රනිල් වික්‍රමසිංහ වන බැවින් රට අරගෙන යා යුතු පාර දන්නේ එතුමා බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවැසීය. රනිල් වසර පනහක දේශපාලන පළපුරුද්දක් සහිත නායකයකු බැවින් ඔහු රට වෙනුවෙන් පාවිච්චි කළ යුතුව තිබෙන බවද අබේවර්ධන මහතා සඳහන් කළේය. රනිල්ට පාර්ලිමේන්තු එන්නට දැනට අවශ්‍යතාවයක් නැතැයි ද අබේවර්ධන මහතා කීය. “සන්ධානයක් ගොඩනැගීමේ අරමුණ පොදු එකඟතාවයක් සඳහා සියල්ලන්ම එකට වාඩි වීමයි.එලෙස වාඩි වූ පසුව එකතු වෙන කණ්ඩායමට ආරක්ෂාව දිය හැකි පුද්ගලයා කවුදැයි ඒ කණ්ඩායම තීරණය කළ යුතුයි.ගුටි නොකා දේශපාලනය කළ හැකි පුද්ගලයා කවුදැයි තීරණය කළ යුතුයි” යනුවෙන්ද කොළඹදී මාධ්‍යයට ප්‍රකාශයක්…
