Author: LANKA24X7

හිටපු ඇමතිවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාවිච්චි කළ කොළඹ රජයේ නිවාස හතරක මහාධිකරණ හතරක් ස්ථාපිත කිරීමට රජය තීරණය කර තිබේ. මෙලෙස මහාධිකරණ පිහිටුවීමට නියමිතව ඇත්තේ හිටපු රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පාවිච්චි කළ කොළඹ 7 ග්‍රෙගරි පාරේ අංක B 88 නිවස, හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පාවිච්චි කළ කොළඹ 07 බෞද්ධාලෝක මාවතේ C 76 නිවාසය,හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පාවිච්චි කළ කොළඹ 07,විජේරාම මාවතේ B 108 නිවෙස සහ හිටපු විපක්ෂ නායකයකු මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ ආර්.සම්බන්ධන් මහතා පාවිච්චි කළ කොළඹ 07 ස්ටැන්මෝර් චන්ද්‍ර වංකයේ B 12 නිවාසයයි.

Read More

වේයන්ගොඩ දුම්රිය ස්ථානය, සහ ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුවට අයත් ගබඩා භූමිය උපයෝගී කරගනිමින් කොළඹ වරාය දක්වා භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ යෝජිත බහු මාධ්‍ය සැපයුම් මධ්‍යස්ථාන ව්‍යාපෘතියේ නිරීක්ෂණ චාරිකාවක ප්‍රවාහන හා මහා මාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ සිදු කෙරිණි. මෙම බහු මාධ්‍ය සැපයුම් මධ්‍යස්තානය ආරම්භ කෙරෙන්නේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ අයවැය යෝජනාවක් හා ප්‍රවාහන අමාත්‍යාංශයේ සංවර්ධන ව්‍යාපෘතියක් අනුවය. මෙම ව්‍යාපෘතිය මගින් දැනට භාණ්ඩ ප්‍රවාහනය කිරීමේදී සිදුවන නාස්තිය අවම කරගැනීමට හැකි වන බව ද භාණ්ඩ ප්‍රවාහනය සහ භාණ්ඩ ගබඩා කරන ස්ථාන පිළිබඳව පවතින ගැටලු සදහා විසදුම් ලබාදීමට ද මෙයින් සිදු කෙරේ. මෙම ව්‍යාපෘතියෙන් උතුර, උතුරු මැද,…

Read More

ජාතික තරුණ සේවා සභාවේ වසරේ ගෙවී ගිය කාලයේ සිදු කළ ව්‍යාපෘතීන් හි ප්‍රගතිය පිළිබඳව සමාලෝචනයක් මහරගම ජාතික සේවා සභාවේදී ඊයේ (28) පැවැත්විණි. තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ සහ තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්විණි. මේ වසරේ ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘති පිළිබඳව හා ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට නියමිත ව්‍යාපෘති පිළිබඳව මෙහිදී අමාත්‍යවරයාගේ අවධානය යොමු විය. ‍ෙ ජාතික තරුණ සේවා සභාවේ ව්‍යාපෘති හා වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී ගුණාත්මකභාවය පිළිබඳව අවධානය යොමු කළ යුතු බවත්, ගුණාත්මකභාවයෙන් ඉහළ මට්ටමකින් ව්‍යාපෘති සිදු කිරීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබාදිය හැකි බවත් තරුණ කටයුතු අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මෙහි දී…

Read More

යුරෝපීය රටවලින් සංචාරකයන් වැඩි වශයෙන් ගෙන්වා ගැනීමට රජය මැදිහත් වන බවත්, ඒ සඳහා ප්‍රවර්ධන වැඩසටහන් රැසක් සංවිධානය කර ඇති බවත් වැඩබලන කැබිනට් ප්‍රකාශක විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය. යුරෝපා රටවල්වලින් වැඩි සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණෙන බවත් සංචාරකයින්ගේ පැමිණීම ප්‍රතිශතයක් ලෙස ගත් විට යුරෝපා සංචාරකයින් වැඩි බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. පසුගිය රටවල ස්කැනේඩියානු, එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය වැනි රටවල් සඳහා ද ප්‍රවර්ධන වැඩසටහන් කිහිපයක් සිදුකළ බවත් එම රටවල සංචාරකයන් පැමිණීමේ සැළකිය යුතු වර්ධනයක් ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Read More

පාතාල කල්ලි නායක ගනේ මුල්ල සංජීව නැමැත්තා ඝාතනය කිරීමට නීතිඥ වෙස් ගෙන පැමිණි ඉෂාරා සෙව්වන්දි නමැත්තියට දණ්ඩ නීති සංග්‍රහයේ පිටපතක් ලබා දුන් බව පැවසෙන නීතිඥවරියක් ඊයේ (28) පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවාය. මෙම නීතිඥවරිය කඩවත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. ඉෂාරා සෙව්වාන්දි නමැති සැකකාරිය එම ඝාතනය සඳහා රැගෙන ආ පිස්තෝලය සඟවා ගෙන පැමිණියේ දණ්ඩ නීති සංග්‍රහයේ පිටුපතක මැද කපා තනාගෙන තිබූ රහස් කුටීරයකය. සැකකාරිය එම පිස්තෝලය සැඟවූ දණ්ඩ නීති සංග්‍රහයේ පිටපත නීතිඥයෙකු ලෙස වෙස් ගෙන පැමිණි වෙඩික්කරුට ලබා දී තිබූ බව විමර්ශනවලදී හෙළි විය. අත්අඩංගුවට ගනු ලැබූ නීතිඥවරිය සම්බන්ධයෙන් ඊයේ රාත්‍රියේම පරීක්ෂණ ආරම්භ කළ බව පොලිසිය සඳහන් කරයි.

Read More

බලශක්ති අමාත්‍යවරයා සහ එම අමාත්‍යාංශයේ ලේකම්වරයා අතර පැවැති සීතල යුද්ධය නිමා කරමින් විදුලිබල ක්ෂේත්‍ර ප්‍රතිසංස්කරණ ලේකම් කා ර් යාලයේ අධ්‍යක්ෂ ජනරාල් ධූරයට නැවත වතාවක් පුබුදු නිරෝෂන් මහතා පත්කර තිබේ. එම තනතුරට අදාල පත්වීම් ලිපිය පුබුදු නිරෝෂන් මහතාට ලබා දුන් බව බලශක්ති අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් ලංකාදීපයට පැවසීය. විදුලිබල ක්ෂේත්‍ර ප්‍රතිසංස්කරණ ලේකම් කා ර් යාලයේ අධ්‍යක්ෂ ජනරාල් ධූරයේ වසරක පමණ කාලයක සිට පුබුදු නිරෝෂන් මහතා කටයුතු කළ අතර ඒ මහතාගේ නිල කාලය ඉකුත්දා නිමාවට පත් වී තිබිණ. ඉන්පසුව නැවතත් එම ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස බලශක්ති අමාත්‍යවරයාගේ නි ර් දේශය මත පුබුදු නිරෝෂන් මහතා පත් කරන බව සඳහන් කරමින් ඊට අදාළ පත්වීම්…

Read More

ලංකා විදුලිබල මණ්ඩලයේ සේවයෙන් වන්දි ලබා ස්වෙච්ඡාවෙන් විශ්‍රාම යෑම සඳහා 2000 කට අධික සේවක පිරිසක් ඉල්ලුම් කර ඇතැයි විදුලි බල මණ්ඩල ආරංචි මාර්ග සඳහන් කරයි. ලංකා විදුලි බල මණ්ඩලයේ මුළු සේවකයන් සංඛ්‍යා 22000 ක් පමණ වන අතර ඉන් 20 000 ක් පමණ පිරිසක් අලුතින් පිහිටුවන ලද සමාගම්වල සේවය කිරීම සඳහා කැමැත්ත ප්‍රකාශ කරමින් ලිපි ලබාදී ඇතැයිද එම මණ්ඩලය ආරංචි මාර්ග කියයි. විදුලි ක්ෂේත්‍ර ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට අනුව ලංකා විදුලි බල මණ්ඩලයේ ඉදිරි දිනකදී අහෝසි කිරීමට නියමිත අතර ඒ වෙනුවෙන් පිහිටුවන ලද සමාගම් හතරට සේවකයන් අනුයුක්ත කර තිබේ. ඒ අනුව නව සමාගම් යටතේ සේවය කරන්නේද එසේත් නැතිනම් වන්දි ලබා ස්වෙච්ඡාවෙන් විශ්‍රාම යන්නේද…

Read More

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරු සහ වයඹ පළාත්වල වැසි ස්වල්පයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත්, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, උතුරු, උතුරු-මැද ස වයඹ පළාත්වලත්, ත්‍රීකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් විටින් විට තරමක තද සුළං ඇති විය හැකියි.

Read More

පවතින අධික වර්ෂාපතනය හමුවේ නිකුත් කර තිබූ නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය යාවත්කාලීන කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ. අද (28) පස්වරු 4:00 සිට හෙට (29) පස්වරු 4:00 දක්වා වූ කාලය තුළ පහත සඳහන් ප්‍රදේශ ආශ්‍රිතව මෙම නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය ක්‍රියාත්මක වන බව එම සංවිධානය සඳහන් කළේය. ඒ අනුව, විමසිලිමත් විය යුතු බව දැනුම්දෙනු ලබන කහ පැහැති අනතුරු ඇඟවීමේ පළමු මට්ටමේ නිවේදනය නිකුත්කර ඇති දිස්ත්‍රික්කය සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහතින්, ගාල්ල දිස්ත්‍රික්කය: – ⁠නාගොඩ – ⁠ඇල්පිටිය – ⁠බදදේගම මහනුවර දිස්ත්‍රික්කය: – යටිනුවර කෑගල්ල දිස්ත්‍රික්කය: – කෑගල්ල – ⁠මාවනැල්ල – ⁠යටියන්තොට – ⁠අරණායක – ⁠දෙහිඹ්විට – ⁠රඹුක්කන රත්නපුර දිස්ත්‍රික්කය:…

Read More

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව මේ වනවිට වෙඩික්කරු ඇතුළු සැකකරුවන් වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව මේ වනවිට වෙඩික්කරු ඇතුළු සැකකරුවන් 9දෙනෙක් පොලිස් අත්අඩංගුවේ පසුවයි. වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා සිය කාර්යාලයේදී වෙඩි තබා ඝාතනය කිරීමට අදාළ සිද්ධියේ වෙඩික්කරු , පැදිකරු ඇතුළු සැකකරුවන් 9 දෙනෙක් පොලිස් අත්අඩංගුවට පත්ව ඇත. ඒ අතරින් වෙඩික්කරු , යතුරුපැදිකරු , වෙඩික්කරුගේ බිරිඳ , කැකිරාවේදී සැඟව සිටීමට ආධාර අනුබල දුන් අයෙක් , බොරැල්ල සහස්පුර ප්‍රදේශයේදී වෙඩික්කරුට සහාය දුන් පුද්ගලයින් දෙදෙනෙක් ඇතුළු සැකකරුවන් 6දෙනෙක් මේ වනවිටත් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන…

Read More