Author: LANKA24X7

‍නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකළ දන්සල් 8ක් අත්හිටුවීමට පියවර ගත් බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. එහි ලේකම් චමිල් මුතුකුඩ මහතා සඳහන් කළේ තවත් දන්සල් 17ක් නිසි උපදෙස්වලින් අනතුරුව පවත්වාගෙන යාමට අවසර ලබාදුන් බවය. වෙසක් පොහොය නිමිත්තෙන් ඊයේ දිනයේ දිවයින පුරා දන්සල් රැසක් සංවිධානය කර තිබු අතර සියලු දන්සල් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණයට ලක්වුණි. අද දිනයේත් පවත්වනු ලබන දන්සල් පරීක්ෂා කිරීමේ කටයුතුවල නිරත වන බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා සඳහන් කළේය.

Read More

රුපියල් මිලියන 460 ක් හෙවත් කෝටි 5 කට ආසන්න වටිනාකමින් යුත් තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලංකාවට පැමිණි බ්‍රිතාන්‍යය ජාතික තරුණියක් සන්තකයේ තිබූ කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 46ක තොගයක් අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව පැවසීය. එම මත්ද්‍රව්‍ය තොගය රැගෙන රේගු පරිශ්‍රය පසුකර යාමට උත්සාහ කිරීමේදී නවතා පරීක්ෂා කළ බවත් ඇය ගමන් මළු තුළ මත්ද්‍රව්‍ය තොගය සඟවා තිබූ බවත් රේගුව පැවසීය. ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන නිලධාරීන් විසින් කරන ලද විශේෂ වැටලීමකදී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගත් බව කී රේගු දෙපාර්තමේන්තුව රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය ගුවන් තොටුපළ තුළ මෑත ඉතිහාසයේ කල විශාලතම කුශ් මත්ද්‍රව්‍ය වැටලීම මෙය බවද සඳහන් කළේය. සැකකාරිය හා…

Read More

තරුණයකුගේ යටි බඩ ප්‍රදේශයට පා පහර කීපයක් එල්ල කළ බව කියන මාර්ග ගත ක්‍රමය ඔස්සේ ශිෂ්‍යත්ව පන්ති පවත්වනු ලබන ‘ටීචර් අම්මා‘ යන අන්වර්ථනාමයෙන් හදුන්වන හයේෂිකා ප්‍රනාන්දු නැමැත්තිය අත්අඩංගුවට ගැනීම සදහා පොලිස් කණ්ඩායමක් 3 ක් යොදවා ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය. සැකකාරිය ඇයගේ දුරකතනය ද ක්‍රියා විරහිත කර දියණියද සමග ප්‍රදේශයෙන් පලාගොස් ඇති බව පොලිසිය පවසයි. පහර කෑමට ලක් වූ තරුණයාගේ සහෝදරියක ෆේස්බුක් පිටුවක හයේෂිකා සම්බන්ධයෙන් පළ කළ පෝස්ටුවක් සම්බන්ධයෙන් පලිගැනීමක් වශයෙන් එම තරුණයාට සැකකාරිය, ඇගේ සැමියා සහ ඇගේ ආයතනයේ කළමනාකරු පහරදී තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබුණි. ඒ අනුව හයේෂිකා ප්‍රනාන්දු නැමැත්තියගේ සැමියා සහ කළමනාකරු කටාන පොලිසිය අත්අඩංගුවට…

Read More

පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධානියකු පසුගිය කාලසීමාවේදී විදේශ සංචාර තිහකට වැඩි සංඛ්‍යාවකට සහභාගිවී ඒ සඳහා පාර්ලිමේන්තුවේ විදේශ සබඳතා හා සන්ධානගත කාර්යාලයේ (Foreign Relationship and Protocol) රුපියල් කෝටියකට වැඩි මුදලක් භාවිත කර ඇති බවට තොරතුරු අනාවරණයවී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය. එම කාර්යාලයේ මුදල් සීමාවකින් තොරව භාවිතා කිරීම සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ නියෝගයක් පරිදි විමර්ශනයක් ආරම්භ කර ඇත. මෙම නිලධාරියා එක්තරා අවස්ථාවක විදේශයක ව්‍යවස්ථාදායක කටයුත්තකට උපදෙස් ලබාදීම සඳහා දින නවයක සංචාරයකට සහභාගි වී ඇති බවටත් එම කටයුත්තට ලක්ෂ තිහකට වැඩි මුදලක් ලබාගෙන ඇති බවටත් තොරතුරු අනාවරණයවී ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කළේය. එසේම විදේශ සංචාරක රැසකට හිතුමතේ…

Read More

ප්‍රධාන පක්ෂ එකකටවත් සියයට පනහ ඉක්මවා ගිය ඡන්ද ප්‍රතිශතයක් නොලැබුණු කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීම සඳහා ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර මේ වන විට දැවැන්ත බල “පොරයක්” නිර්මාණය වී තිබේ. ජාතික ජන බලවේගය කොළඹ මහ නගර සභාව සඳහා ඡන්ද 81814ක් ගෙන සියයට 36.92ක ඡන්ද ප්‍රතිශතයක් වාර්තා කළ අතර සභික ධුර 48ක් ලබා ගත්තේය. දෙවැනි තැනට පත් සමගි ජන බලවේගය ඡන්ද 58375ක් ලබා ගනිමින් සියයට 26.34ක ඡන්ද ප්‍රතිශතයක් වාර්තා කරමින් සභික ධුර 29ක් ලබා ගත්තේය. කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීම සඳහා සභික ධුර 59ක් අවශ්‍ය වන අතර ජාතික ජන බලවේගයට කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීම…

Read More

බස්නාහිර, සබරගමුව,සහ වයඹ පළාත්පලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. මධ්‍යම සහ ඌව පළාත්වලත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් පස්වරු 1.00 පමණ පසු වැසි ඇති වේ. උතුරු, උතුරු මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට තරමක තද සුළං ඇතිවේ.

Read More

අලදෙණිය කුළුගම්මන කුරුඳුගහමඩ ප්‍රදේශයේදී සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයන් 29 දෙනකු තුවාල ලබා රෝහල් ගතකොට ඇති බව පොලීසිය කියයි. වෙසක් නැරඹීම සඳහා යමින් සිටි පිරිසක් රැගත් බස් රථයක් යටිහලගල අතුරු මාර්ගයක් ඔස්සේ කුරුණෑගල දෙසට ධාවනය වෙමින් තිබියදී බස් රථය රියදුරුගේ පාලනයෙන් මිදී හෙළකට පෙරළීමෙන් ඊයේ (12) රාත්‍රියේ මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය කියයි. එම අවස්ථාවේදී බස් රථයේ පුද්ගලයන් 30 දෙනකු සිට ඇති අතර අනතුරින් තුවාල ලැබූ 29 දෙනකු රෝහල් ගත කොට ඇතිඅතර මහනුවර ජාතික රෝහලට තුවාලකරුවන් 19 දෙනකුද පෙරාදෙණිය ශික්ෂණ රෝහලට තුවාලකරුවන් 06 දෙනකුද කටුගස්තොට රෝහලට තුවාලකරුවන් 03 දෙනකුද තිත්තපජ්ජල රෝහලට එක් තුවාල කරුවෙකුද ඇතුළත් කොට ඇති බව…

Read More

කොට්ටාව විහාර මාවතේ නිවසක තනිව සිටි 19 හැවිරිදි තරුණියක ගින්නකට හසු වී මිය ගොස් ඇතැයි කොට්ටාව පොලිසිය පවසයි. මියගිය තරුණිය ඇතුළු පවුලේ සිව් දෙනකු එම නිවසේ මාස අටක පමණ කාලයක සිට කුලී පදනම මත පදිංචිව සිට ඇති බවත් ඉන් තිදෙනකු ඊයේ (12) රාත්‍රී වෙසක් බැලීම සඳහා පිටත්ව ගොස් ඇති අවස්ථාවේදී මෙලෙස නිවස ගිනි ගෙන ඇති අතර එහි නිදා සිටි තරුණිය ගින්නට හසු වී මෙලෙස මියගොස් ඇති බවට සිදුකළ මූලික විමර්ශනයේදී අනාවරණය වූ බවද පොලිසිය පවසයි මෙලෙස මියගොස් ඇත්තේ ප්‍රදම්මණී ටුරංජා නමැති විසි හැවිරිදි තරුණියකි

Read More

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත් රෝහල් කිහිපයක නේවාසිකව ප්‍රතිකාර ලබයි. රෝහල් ආරංචි මාර්ග පැවසුවේ ඉන් කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවය. මේ අතර තුවාලකරුවන්ගේ සුවදුක් විමසීම සඳහා අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ඊයේ (11) ගම්පොළ රෝහල වෙත පැමිණියාය. කතරගම සිට නුවරඑළිය හරහා කුරුණෑගල දක්වා ධාවනය වන ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථය නුවරඑළිය – ගම්පොළ ප්‍රධාන මාර්ගයේ කොත්මලේ රම්බොඩ ගැරඬිඇල්ල ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට ධාවනයවී ප්‍රපාතයකට පෙරළුණේ පුද්ගලයින් 22දෙදෙනෙකුට දිවි අහිමි කරමිනි. අනතුරෙන් තුවාල ලැබූවන් අවට රෝහල වෙත ඇතුළත් කෙරුණු අතර ඒ අතරින් කොත්මලේ ප්‍රාදේශීය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ රෝගීන් සියලුදෙනා ප්‍රතිකාර ලබා…

Read More

අදට (12) යෙදී ඇති වෙසක් දිනය වෙනුවෙන් බන්ධනාගාර ගත සිරකරුවන් පිරිසකට විශේෂ රාජ්‍ය සමාවක් ලබා දී තිබේ. ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන ව්‍යවස්ථාව මඟින් පැවරී ඇති බලතල අනුව විශේෂ රාජ්‍ය සමාව පිරිනමා ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී. දිසානායක මහතා පැවසුවේය. ඒ අනුව බන්ධනාගාර ගතව සිටින සිරකරුවන් 388 දෙනෙකුට විශේෂ රාජ්‍ය සමාව පිරිනමා තිබේ. එම පිරිස අතර කාන්තා රැඳවියන් 04 දෙනෙකු හා පිරිමි රැදවියන් 384 දෙනෙකු සිටින බව ද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණි බී. දිසානායක මහතා සදහන් කළේය. නියමයන් සහ කොන්දේසි යටතේ මෙම විශේෂ රාජ්‍ය සමාව පිරිනමා තිබේ. මේ අතර වෙසක් පෝය දිනය නිමිත්තෙන් බන්ධනාගාරගත රැඳවියන්ට විවෘත…

Read More