Author: LANKA24X7

වාර්ෂිකව ලංකාවෙන් ළමා පිළිකා රෝගීන් නව සියයක් පමණ වාර්තා වන හෙයින් සැකසහිත රෝග ලක්ෂණයක් පහළ වූ සැණින් වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙස පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරු කොළඹ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ දී මාධ්‍ය හමුවක් කැඳවමින් පැවැසීය. දරුවන්ගේ පිළිකා සුව කර ගැනීමට වැඩිය හැකියාවක් පවතින බැවින් රෝග ලක්ෂණ පිළිබඳව කල්පනාවෙන් සිට කඩිනම් වෛද්‍ය උපදෙස් ලබා ගත යුතු බව මෙම මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය රුක්මාල් ගුණතිලක මහතා කීය. එම රෝග පරීක්ෂාව සඳහා දිවයින පුරා රෝහල් වල පහසුකම් සපයා ඇති බවද වෛද්‍ය රුක්මාල් මහතා සඳහන් කළේය. උපතේ සිට අවුරුදු 19 දක්වා දරුවන්ට සෑදෙන පිළිකා ළමා පිළිකා වශයෙන් හැඳින්වෙයි.…

Read More

සමනාත්මතාවෙන් සපිරි, නීතිගරුක සහ සාරධාර්මික රටක් ගොඩනැඟීමට දරන ප්‍රයත්නයට නබිතුමන්ගේ දහම නොනිමෙන ආලෝකයක් සපයන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මිලාද්-උන්-නබි උත්සවය වෙනුවෙන් සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි. ජනාධිපතිවරයා මෙසේද කියයි. ලෝකවාසී ඉස්ලාමීය බැතිමතුන් ඉතා ගෞරවයෙන් සමරන ශුද්ධ වූ මුහම්මද් නබිතුමන්ගේ ජන්ම දිනය හෙවත් මිලාද්-උන්-නබි උත්සවය අදට යෙදී තිබේ. ඉස්ලාම් ආගමේ අවසන් නබිතුමන් වූ මුහම්මද් නබි නායකතුමන් දැහැමි සමාජයක් ගොඩනැඟීම සඳහා කැප වූ සහ ඒ වෙනුවෙන් විශිෂ්ට මෙහෙවරක් ඉටු කළ ආගමික ශාස්තෘවරයෙකි. එසේම, ඉස්ලාම් හර පද්ධතියක් ඇති කිරීමෙහි පුරෝගාමියා වන්නේද එතුමායි එකල සමාජයට ඉස්ලාම් දහම පිළිබඳ පණිවිඩය ඉදිරිපත් කිරීමේදී නබි නායකතුමා ලද කටුක අත්දැකීම් සුළුපටු නොවේ. එවන් මොහොතක වුවද ඉවසිම…

Read More

වැල්ලවාය රාවණා ඇල්ලට නුදුරින් ඊයේ රාත්‍රියේ සිදු වූ බස් රථ අනතුරින් 17 දෙනකු මිය ගිය බව පොලිසිය කියයි. 13 දෙනකු පමණ තුවාල ලබා ඇතැයි පොලිය අනුමාන තරයි.අනතුර පත්වූ බස් රථය අඩි 700 පමණ ප්‍රපාතයට පෙරලී ඇති අතර බස් රථයට දැඩි හනි දිදුව ඇයි ද පොලිසිය කියයි. වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ලට නුදුරු මවුන්ට් 7 හෝටලය අසල දී ප්‍රපාතයකට පෙරළුණු බසයේ සිටින තුවාල කරුවන් රාත්‍රී 1.00 වන විටත් ගොඩට ගනිමින් සිටින බව අප වාර්තාකරුවෝ පවසති. මිය ගියන ගණන 10 දක්වා ඉහළ ගොස් ඇති බවද දැන ගන්නට ඇත. 18 දෙනකු තුවාල ලබා ඇතැයි ද පොලිසිය කියයි. අදික අදුර නිසාත් ප්‍රපාතය ඉතා ගැඹුරු නිසාත්…

Read More

නැගෙනහිර විශ්වවිද්‍යාලයේ සිදුවූ බව කියන නවකවධ සිද්ධියක් සම්බන්ධයෙන් සිසුන් 16ක් අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ සිද්ධියට මුහුණ දුන් සිසුවියක සිදුකළ පැමිණිල්ලකට අදාළව එරාවුර් පොලීසිය මෙම සිසුන් අත්අඩංගුවට ගෙන තිබේ. එහිදී සිසුන් 9 දෙනෙකු සහ සිසුවියන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබූ බව සඳහන් ය. පසුව එම සිසුන් එරාවුර් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදාහැරීමට නියම කර ඇත.

Read More

පොදු දේපොළ පනත යටතේ වරදක් සිදුකළ බවට චෝදනා කරමින් මේ වනවිට සිරදඬුවම් නියමවී සිටින හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ, නලින් ප්‍රනාන්දු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ හිටපු ලේකම් විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් නන්ද මල්ලවාරච්චි යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර ඇති නඩුව ඔක්තෝබර් 10 වනදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණ අද (04) දින නියම කළේය. අදාළ නඩුව අද කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා හමුවේ කැඳවනු ලැබීය. එම අවස්ථාවේදී සිරදඬුවම් නියමවී බන්ධනාගාර ගතවී සිටින හිටපු අමාත්‍යවරුන් වූ මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි. මෙම නඩුවේ තුන්වන විත්තිකරු වශයෙන් නම්කර සිටින ක්‍රීඩා අමාත්‍යංශයේ හිටපු ලේකම්…

Read More

රත්නපුර ශික්ෂණ රෝහලේ ක්‍රියාත්මක කර තිබූ වෛද්‍ය වැඩ වර්ජනය අත්හිටුවා තිබේ. රත්නපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයා එම ධූරයෙන් ඉවත් කර සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුයුක්ත කරමින් සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා විසින් ලිපියක් නිකුත් කරනු ලැබීමෙන් අනතුරුව රත්නපුර ශික්ෂණ රෝහලේ දින 03ක් පැවති වෛද්‍ය වැඩ වර්ජනය අද (04) දහවල් 12 සිට මෙලෙස අත්හිටුවීමට රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය තීරණය කර තිබුණි.

Read More

උසස් පොලිස් නිලධාරීන්ගේ නිල රථයක් ලෙසට හැගෙන ආකාරයෙන් හැඩගන්වන ලද නවීන ජීප් රථයක් මහනුවර මූලස්ථාන පොලීසියේ රථ වාහන අංශය මගින් සිය භාරයට ගෙන තිබේ. මහනුවර මූලස්ථාන පොලීසියට ලද තොරතුරකට අනුව ඊයේ (03) පස්වරුවේ දී මෙම ජීප් රථය පොලිස් භාරයට ගත් අවස්ථාවේ එහි පුද්ගලයන් දෙදෙනෙක් සිට ඇති අතර පොලීසිය භාවිතා කරන ආකාරයේ walkie talkie කථන යන්ත්‍ර දෙකක් ද එහි තිබූ බව පොලීසිය පවසයි. මෙම ජිප් රථයේ ඉදිරිපස වීදුරුව හැර අනෙකුත් වීදුරු සියල්ල සම්පූර්ණයෙන් අඳුරු කොට ඇති අතර නිරන්තර මහනුවර ප්‍රදේශයේ මාර්ගවල ධාවනය කෙරෙන බව පොලීසිය පවසයි. යම් අවස්ථාවලදී රථ වාහන හා මාර්ග රාජකාරිවල නිරත පොලිස් නිලධාරීන් මෙම වාහනයේ උසස් පොලිස් නිලධාරියෙකු…

Read More

පාසල්වල 5 සහ 6 ශ්‍රේණි හැර 2 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් ඇතුළත් කිරීම සඳහා නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සඳහා පන්ති කාමරයක සිටින ශිෂ්‍ය සංඛ්‍යාව අනුමත සීමා තුළ පමණක් පවත්වා ගැනීම අත්‍යවශ්‍ය වේ. එබැවින්, අධ්‍යාපනය සඳහා රටේ සියලුම දරුවන්ට පවතින අයිතිය තහවුරු කරමින් පාසල්වල 5 සහ 6 වන ශ්‍රේණි හැර අතරමැදි ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කිරීමට අවස්ථාව ලබා දීම සඳහා නිසි ක්‍රමවේදයක් හඳුන්වා දීම සුදුසු බව හඳුනා ගනු ලැබ ඇත. එකී කරුණු සැලකිල්ලට ගනිමින්, අතරමැදි ශ්‍රේණිවලදී විවිධ හේතූන් මත දැනට ඉගෙනුම ලබන පාසලේ සිට වෙනත් පාසලකට ඇතුළත් වීමට සත්‍ය…

Read More

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඊයේ (3) සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය කෙටුම්පත සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 ව්‍යවස්ථාව ප්‍රකාරව සිය සහතිකය සටහන් කළේය. පසුගිය 19 වැනිදා පාර්ලිමේන්තුවේ දෙවැනි වර කියැවීමේ විවාදයෙන් අනතුරුව සංශෝධන සහිතව මෙම පනත් කෙටුම්පත සම්මත විය. මේ අනුව මෙම පනත් කෙටුම්පත 2025 අංක 17 දරන සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පනත ලෙස බලාත්මක වනු ඇත. මෙම පනත සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පිහිටුවීම සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද; (44 වන අධිකාාරය වූ) තුරඟ තරග මත ඔට්ටු ඇල්ලීමේ ආඥාපනත, (46 වන අධිකාරය වූ) සූදු ආඥාපනත සහ 2010 අංක 17 දරන කැසිනෝ ව්‍යාපාර (නියාමනය කිරීමේ) පනත ඉවත් කිරීම පිණිස ද; ඊට සම්බන්ධ…

Read More

සැකකටයුතු මිනිස් හිස්කබල් 4 ක් සමග අස්ථි කොටස් කිහිපයක් වේයන්ගොඩ නයිවල 4 වැනි පටුමගේ පාලු නිවසකට යාබදව ඇති ගරාජයක් අසල මල්ලක දමා තිබී සොයා ගත් බව වේයන්ගොඩ ‍පොලිසිය කියයි. වෛද්‍යවරයකුට අයත් ඉඩමක පිහිටි ගරාජයක් බවත් වෛද්‍යවරයා වසර පහකට පමණ පෙර මෙම නිවස සහ ඉඩම මිලදීගෙන ඇති අතර වෛද්‍යවරයා පවසා ඔහුට අයත් වෙනත් නිවසක පදිංචිව සිටින බව හෙලිවී ඇත. මෙම ඉඩමෙහි නිවසල ගරාජයට අමතරව තවත් කුඩා ගොඩනැගිල්ලක් පිහිටා තිබෙන අතර එම කුඩා ගොඩනැගිල්ලේ කුලී පදනම මත ග්ර‍රාම නිලධාරීවරයා සිය කාර්යාලය පවත්වාගෙන යනු ලබයි. ග්‍රාම නිලධාරියා කාර්යාලයට පැමිණි අවස්ථාවේ ගරාජය පිටුපස මෙම අස්ථි කොටස් සහිත උරය දැක මේ පිළිබඳව පොලිසිය දැනුවත් කර…

Read More