Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
ඉතාලියේ විදේශ කටයුතු සහ ජාත්‍යන්තර සහයෝගීතාව පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය මරියා ට්‍රිපොඩි මහත්මිය හෙට (03) සිට 05 වැනිදා දක්වා මෙරට සංචාරයක නිරත වන බව විදේශ කටයුතු අමාත්‍යාංශය අද (02) ප්‍රකාශ කළේය. වසර 10 කට පසුව ශ්‍රී ලංකාවට පැමිණෙන ඉතාලි රජයේ ඉහළම නිලධාරිනිය ඇය බවද විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේය. සංචාරය අතරතුරදී, නියෝජ්‍ය අමාත්‍ය ට්‍රිපෝඩි මහත්මිය, විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා සමඟ එක්ව ශ්‍රී ලංකා-ඉතාලි දේශපාලන උපදේශන කමිටුවේ සමාරම්භක සැසියේ සම-සභාපතිත්වය දරනු ඇති බවද විදේශ කටයුතු අමාත්‍යාංශය පැවැසුවේය. එසේම, ට්‍රිපොඩි මහත්මිය ඇයගේ සංචාරය අතරතුරදී දේශපාලන උපදේශන යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම සඳහා වන අවබෝධතා ගිවිසුමකටද අත්සන් තැබීමට නියමිත බවත්…
“සිහින ගමනාන්තය” දුම්රිය ස්ථාන 100 ක් නවීකරණය කිරීමේ ජාතික වැඩසටහනෙහි පළමු අදියර ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතාගේ ප්‍රධානත්වයෙන් තල්පේ දුම්රිය ස්ථානයේදී අද (02) ආරම්භ කෙරිණි. ලෝකයට සාපේක්ෂව වර්තමානයට ගැලපෙන පරිදි ශ්‍රී ලංකාවේ දුම්රිය ස්ථාන නව අනන්‍යතාවකින් සන්නාම ගත කිරීම සඳහා රජය, පෞද්ගලික අංශය සහ මහජනතාව ඒකාබද්ධ වූ වැඩසටහනක් ලෙස මෙය ක්‍රියාත්මක කෙරේ. ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සහ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන එක්ව පෞද්ගලික අංශයේ අනුග්‍රහයෙන් දුම්රිය ස්ථාන 100ක් නවීකරණය කිරීමට මෙමඟින් අපේක්ෂිතය. දුම්රිය සේවය නවීකරණය යනු නිදාගෙන සිටින යෝධයකු ඇහැරවීම බව පෙන්වා දුන් මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා…
ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී අත්අඩංගුවට ගැනුණු පාතාල ප්‍රබලයින් ලෙස සැලකෙන බැකෝ සමන්ත සහ තැඹිලි ලහිරු නැමැත්තා බස්නාහිර උතුරු අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් මෙතෙක් කරන ලද ප්‍රශ්න කිරීම් වලදී මත්ද්‍රව්‍ය ජාවාරම් සහ අවි ආයුධ ජාවාරම්වලට සම්බන්ධ බවට පැවසෙන දකුණේ පාතාලයට සම්බන්ධ හත් දෙනකු සම්බන්ධයෙන් තොරතුරු හෙළි වී ඇතැයි පොලිස් ආරංචි මාර්ගවලින් දැනගැනීමට ඇත. මෙම හත්දෙනා අත්අඩංගුවට ගැනීම සඳහා බස්නාහිර උතුරු අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් මෙහෙයුමක් දියත් කර තිබේ. මෙම මත්ද්‍රව්‍ය සහ අවි ආයුධ ජාවාරම්කරුවන් බව කියන පුද්ගලයින් පදිංචිව සිටින මිද්දෙණිය ප්‍රදේශයේ පිහිටි නිවාස හතක් මෙම පොලිස් කණ්ඩායම විසින් ඊයේ වටලා ඇතත් ඔවුන් එම නිවාස වසා දමා අඹු දරුවන්ද සමග ප්‍රදේශයද අතහැර පලා ගොස්…
අංගමුව ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිටදි තියුණු ආයුධයකින් පහරදි පනස් හැවිරිදි දෙදරු මවක් ඊයේ (01) රාත්‍රියේදි ඝාතනය කොට ඇතැයි රාජාංගණය පොලිසිය කියයි. මෙසේ ඝාතනය කොට ඇත්තේ රාජාංගණය,යාය 08,අංගමුව ප්‍රදේශයේ පදිංචිව සිටි රාජපක්ෂ දුරයලාගේ ධම්මිකා රාජපක්ෂ(50)නැමති දෙදරු මවකි. දි මෙම කාන්තාව නිවස ඉදිරිපිට සිටියදි කිසියම් අයෙකු විසින් තියුණු ආයුධයකින් ඇයගේ හිසට පහරදි ඇතැයි පොලිසිය කියයි. එම පහර දිමෙන් බරපතල තුවාල ලැබු මෙම කාන්තාව රාජාංගණය,05 කණුව රෝහලට ඇතුලත් කිරිමෙන් අනතුරුව එහිදි මිය ගොස් තිබේ.
ප්‍රසිද්ධ රැප් ගායකයෙකුට දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පොලිස් කොස්තාපල්වරයෙකු විසින් ලබා දුන් බවකියන පුපුරණ ද්‍රව්‍ය බෑගයක් කහතුඩුව, කිරිවත්තුඩුව ප්‍රදේශයේ නිවසක මිදුලේ වල දමා තිබියදී ඊයේ (1) සොයා ගත් බව කහතුඩුව පොලිසිය පවසයි. එම පුපුරණ ද්‍රව්‍ය තොගය සඟවා තැබීම සම්බන්ධයෙන් එම නිවසේ පදිංචි 27 හැවිරිදි ගායන ශිල්පියෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. සැකකරුගේ මිදුලේ වලදමා තිබූ බෑගයේ තිබී ඇමෝනියා නයිට්‍රේට් කිලෝ දෙකක්, ජෙලක් නයිට් කූරු තුනක්, ඩෙටනේටර් කූරු පහක්, සොයා ගෙනඇත. අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
පාර්ලිමේන්තුවේ උසස් නිලධාරියෙකුට එරෙහිවද මෑතකදී විමර්ශනයක් ආරම්භ කර ඇතැයි එහි ආරංචි මාර්ග සඳහන් කළේය. පාර්ලිමේන්තුවේ ඉහළ තනතුරු දරන්නකු තමන්ගේ පෞද්ගලික කටයුත්තකට අදාල තොරතුරු පිටට දුන්නේ යයි සැක කරමින් බාහිර විමර්ශන නිලධාරියකු සම්බන්ධ කරගෙන මෙම නිලධාරියා සම්බන්ධයෙන් මෙලෙස විමර්ශනයක් ආරම්භ කර ඇති බව දැනගන්නට ඇත. ඉහත සඳහන් කෙරුණු උසස් නිලධාරියා විනය විරෝධී ක්‍රියා ඇත්දැයි සොයා ක්‍රියාමාර්ග ගැනීම මෙම පරීක්ෂණයේ අරමුණ වී ඇති බව එම ආරංචි මාර්ග සඳහන් කළේය. කෙසේ වෙතත් එම විමර්ශන නිලධාරියාට මෙතෙක් එම උසස් නිලධාරියා සම්බන්ධයෙන් කිසිදු පැහැදිලි වරදක් හෝ විනය විරෝධී කටයුත්තක් සොයා ගැනීමට හැකිවී නැතැයි වාර්තාවේ. කිසිදු චෝදනාවක් නොමැති යැයි සඳහන් වන නිලධාරියකු සම්බන්ධයෙන් මෙවැනි ආකාරයේ විමර්ශනයක්…
ලබන වර්ෂය සඳහා ගිනි අවි බලපත්‍ර නිකුත් කිරීම අදින් ආරම්භ කෙරිණ. බලපත්‍ර නිකුත් කිරීම දෙසැම්බර් මස 31 වෙනිදා දක්වා සිදු කෙරේ. අයදුම්පත් ආරක්ෂක අමාත්‍යාංශයේ වෙබ් අඩවියෙන් ලබාගත හැක.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රභාකරන්ට බේරී පලා යෑම සඳහා සටන් විරාමයක් දුන් බව හිටපු යුද හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසුවේය. ඔහු මෙසේ පැවසූවේ මිනුවන්ගොඩදී පැවති ජන හමුවකදීය. 2009 දී යුද හමුදාව පුදුකුඩුඉරුප්පු තුන් පැත්තකින් වට කළ බවත් ඒ අවස්ථාව වන විට හමුදාවට යන්න තිබුණේ කිලෝ මීටර් දහයක් පමණක් බවත් ඔහු සඳහන් කළේය. 2009 ජනවාරි 26 මුලතිව් ඇල්ලූ බව පැවසූ ෆොන්සේකා මහතා අල්ලා පැය දොළහක් යනකොට ඒගොල්ලන් පුදුකුඩුඉරුප්පුවල කිලෝමීටර් හත අටක් විතර දකුණෙන් ලං වුණ බව සඳහන් කළේය. සරත් ෆොන්සේකා මහතා මෙසේද පැවසීය. අවුරුදු දෙකකුත් මාස හයක් අපි යුද්ධ කරලා ඉවරයි. ගෝඨාභය රාජපක්ෂ විසි හත වෙනිදා මට කතා කරලා…
මෙම වසරේ (2025) ජනවාරි මස 1 වැනිදා සිට අගෝස්තු මස 31 වැනිදා දක්වා කාලය තුළ විදේශ සංචාරකයන් 1,566,523 ක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරි පැවසීය. පසුගිය අගෝස්තු මාසය තුළ පමණක් සංචාරකයන් 198,235 ක් මෙරටට පැමිණ ඇති බවත් මෙය පසුගිය වසරේ අගෝස්තු මාසයට සාපේක්‍ෂව සංචාරක පැමිණීමේ සියයට 20.4 ක වර්ධනයක් බවත් එම අධිකාරිය කීය. පසුගිය මාස අට තුළදී ඉන්දීය ජාතිකයන් 325,595ක්, රුසියානු ජාතිකයන් 118,916 ක් සහ බි්‍රතාන්‍ය ජාතිකයන් 151,141ක් ලෙස වැඩිම සංචාරකයන් පැමිණ ඇති බව කියන ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පසුගිය අගෝස්තු මස ඉන්දියාවෙන් සංචාරකයන් 46,473ක්, බි්‍රතාන්‍යයෙන් සංචාරකයන් 19,764ක්, ජර්මනියෙන් සංචාරකයන් 12,500ක්, චීනයෙන් සංචාරතන් 12,294ක් සහ…
සමගි ජන බලවේගයේ සාමාජිකත්වය ගැනීම හේතුවෙන් එක්සත් ජාතික පක්ෂය සාමාජිකත්වය අත්හිටුවූ පිරිසට පැනවූ පක්ෂ තහනම අහෝසි කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කළ බව එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධානියෙක් පැවසීය. එක්සත් ජාතික පක්ෂයේ සම්මේලනය මෙම මස 6 වැනිදා පැවැත්වීමට නියමිත බවත් එහිදී එහිදී එම පක්ෂයේ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කිරීමටද නියමිත බවත් ප්‍රධානියා සඳහන් කළේය. කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී පැවැත්වීමට නියමිත එක්සත් ජාතික පක්ෂ සම්මේලනයට හිටපු ජනාධිපතිවරුන්ට, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහ විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂ නායකයන්ට ඇරියුම් කිරීමට නියමිත බව ද එම ප්‍රධානියා වැඩි දුරටත් සඳහන් කළේය.
