Author: LANKA24X7

කුරුණෑගල විල්බාව ප්‍රදේශයේ ඉදිකරමින් පවතින ජාත්‍යයන්තර පාසලේ අධ්‍යාපනය ලබන දරුවන්ට ආරක්‍ෂිත තත්වයක් ඇද්ද? යන්න පිළිබඳ වහාම විමර්ශනයක් කර බලන ලෙස කුරුණෑගල මහෙස්ත්‍රාත් බන්ධුල ගුණරත්න මහතා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයාට නියම කළේය. කුරුණෑගල විල්බාව ප්‍රදේශයේ ඉදිකරමින් පවතින අදාළ ජාත්‍යයන්තර පාසල් වැඩබිමක නවාතැන්ගෙන සිටි පෙදරේරූවරයකු පිළිස්සී මියගොස් ඇතැයි කියමින් කුරුණෑගල මුලස්ථාන පොලිස් පරීක්‍ෂක පුෂ්පලාල් මහතා කළ ඉල්ලීමක් පිළිගනිමින් එලෙස නියම කළ කුරුණෑගල මහෙස්ත්‍රාත්වරයා සිද්ධිය වු ආකාරය හෙළි කර ගැනීම සඳහා වහාම විමර්ශන කරන ලෙස කුරුණෑගල විදුලි අධිකාරීවරයාට රජයේ රස පරීක්‍ෂවරයාට” පොලිස් අපරාධ ස්ථාන විමර්ශන (සොකෝ) නිලධාරීන්ට සහ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට නියම කළේය. සිද්ධියෙන් මියගොස් ඇත්තේ අදාළ ජාත්‍යයන්තර පාසල් වැඩබිමේ නවාතැන්ගෙන සිටි පෙදරේරූවරයකු වු…

Read More

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දැනට පදිංචිව සිටින කොළඹ විජේරාම පාරේ නිල නිවෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (C.I.D) ලබා දීමට රජයේ අවධානය යොමුව ඇතැයි වාර්තාවේ. රජයේ ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් සමග ඉකුත් දා පැවැති සාකච්ඡාවක දී මේ සම්බන්ධයෙන් සාකච්ඡා වී ඇති බව ආරංචි මාර්ග සඳහන් කළේය. හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ නව පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉකුත් දා ඉදිරිපත් කෙරුණු අතර එම පනත් කෙටුම්පත ඉදිරියේ දී සම්මත කර ගැනීමට රජය බලාපොරොත්තුවේ. එම පනත් කෙටුම්පත සම්මත කෙරුණු පසු හිටපු ජනාධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප හැර නිල නිවාස ඇතුළු අනෙකුත් සියලු පහසුකම් අහෝසි වී යයි. හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ නව පනත් කෙටුම්පත සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව…

Read More

බස්නාහිර, සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. අම්පාර, මඩකලපුව සහ මොනරාගල දිස්ත්‍රික්කවල ප.ව. 2න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද එම දෙපාර්තමෙන්තුව කියයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතී.

Read More

සෙවනගල උක් ගොවීන්ගේ උක් මිලදී ගැනීමේ ගැටළුවට විසඳුමක් ලෙස මෙම කන්නයේදී අමු උක් මෙට්‍රික් ටොන් එකක් සදහා රුපියල් 9000 ක් හා ගිනි ගත් උක් මෙට්‍රික් ටොන් එකක් සඳහා රුපියල් 5000 මුදලක් ගෙවීමට ලංකා සීනි සමාගම තීරණය කර ඇති බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය. ‍ අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද අමාත්‍යංශයේ ඊයේ (3)පැවති මාධ්‍ය හමුවකදීය. ” ලංකා සීනි සමාගමට උක් සැපයීම නවත්වන්න උක් ගොවීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය තීරණයක් ගෙන තිබෙන බවට ප්‍රකාශයක් අප දුටුවා.ගිනිතැබූ උක් මෙට්‍රික් ටොන් 14 000 සීනි සමාගම මිලදී ගන්න තුරු කිසිදු ගොවියෙක් ලංකා සීනි සමාගමට උක් සපයන්නේ නොමැති බව පවසා තිබුණා.…

Read More

නැගෙනහිර විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨයේ සිසුවියන් පිරිසකට නවක වදය දුන් බව කියන සිසුවියන් 6 දෙනකු සහ සිසුන් 9 දෙනකු අත්අඩංගුවට අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ එම විශ්වවිද්‍යාලයේම ඉගනුම ලබන අවුරුදු 24 ත් 26 අතර වයස් වල පසු වන සිසුන් පිරිසකි. සැකකාරියන් සහ සැකකරුවන් 2021 සහ 2022 වසර වල ඉගෙනුම ලබන ශිෂ්‍යාවන් පිරිසකට නවක වදය ලබා දී ඇතිබවට විමර්ශනවලදී අනාවරණය වී ඇත. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නවක වදය සම්බන්ධ පැමිණිලි විමර්ශන ඒකකයට ලද පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශන වලින් අනතුරුව සැකකරුවන් ඊයේ(03) අත්අඩංගුවට ගෙන ඇත.

Read More

අද (03) පෙරවරුවේ ප්‍රකාශයක් ලබා දීමට අල්ලස් කොමිසම හමුවට පැමිණි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැය 5කට පමන පසුව නැවතත් බන්ධනාගාරයට රැගෙන ගොස් තිබේ. අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබූ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පසුගිය අගෝස්තු මස 29 වන දා අධිකරණයට ඉදිරිපත් වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණි. එහිදී කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක. එස්. බෝදරගම මහතා බන්ධනාගාර නිලධාරීන්ට නියම කර තිබුණේ අද (03) උදෑසන 9ට ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා අල්ලස් කොමිසම හමුවට ඉදිරිපත් කරන ලෙසය. ඒ අනුව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාව අදාළ ප්‍රකාශය ලබාදීමෙන් පසුව මීට සුළු මොහොතකට පෙර…

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවත්සරය සහමුලින්ම නීති විරෝධී එකක් බව එම පක්‍ෂයේ හිටපු ලේකම් සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා පැවසීය නිමල් සිරිපාලද සිල්වා සහ දුමින්ද දිසානායක නිත්‍යානුකූලව පත්වූ අය නොවන හෙයින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවත්සරය පැවැත්වීමට ඔවුනට කිසිම අයිතියක් නැතැයිද ඔහු ප්‍රකාශ කළේය. මෙම සම්මේලනයට තමාට ආරාධනය නොකළ බවත් සංවත්සරයේදී අද ගන්නා තීන්දු නීති විරෝධී බවත් ජයසේකර මහතා පැවසීය. නඩු තීන්දුව ලැබුණට පසු හොරට පත් වූ අය ඉවත් කරන බවද හෙතෙම සඳහන් කළේය. තමන්ට වාසියක් ලැබුණු වහා ඕනෑම තැනක ලගින්න පුළුවන් මිනිසුන්ගේ අනාගතය අවසන් කරන බවත් මේ අය සමග වැඩ කරන්න එපා යැයි…

Read More

ගූගල් සමාගමට එහි ක්‍රෝම් වෙබ් බ්‍රව්සරය විකිණීමට සිදු නොවන නමුත් තරගකරුවන් සමඟ තොරතුරු බෙදා ගත යුතු බව එක්සත් ජනපද ෆෙඩරල් විනිසුරුවරයෙකු නියෝග කර තිබේ. මාර්ගගත සෙවුමේ ගූගල් ආධිපත්‍යය සම්බන්ධයෙන් වසර ගණනාවක් පුරා පැවති අධිකරණ නඩු විභායකින් පසුව, දිස්ත්‍රික් විනිසුරු අමිත් මේතා විසින් තීරණය කරන ලදි. මෙම නඩුව කේන්ද්‍රගත වූයේ ඇන්ඩ්‍රොයිඩ් සහ ක්‍රෝම් වැනි තමන්ගේම නිෂ්පාදන පරාසයක මෙන්ම ඇපල් වැනි සමාගම් විසින් නිෂ්පාදනය කරන ලද අනෙකුත් නිෂ්පාදනවල පෙරනිමි සෙවුම් යන්ත්‍රය ලෙස ගූගල්ගේ ස්ථානය වටා ය. එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව ගූගල් ක්‍රෝම් විකුණන ලෙස ඉල්ලා තිබුණි. ඊයේ ලබාදුන් නඩු තීන්දුවේ තීරණයෙන් අදහස් වන්නේ තාක්ෂණික දැවැන්තයාට එය තබා ගත හැකි නමුත් එයට සුවිශේෂී…

Read More

සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් කාර්යසාධක බළකායක් ස්ථාපිත කිරීමට රජයේ අවධානය යොමු කර ඇත. සංචාරක කර්මාන්තය නඟාසිටුවීමත්, මෙරට ආර්ථිකයට ඍජු ආදායම් වර්ධනයක් අත්පත් කර ගැනීමත් අරමුණු කර ගනිමින් මෙම කාර්යසාධක බලකාය පිහිටුවීමට තීරණය කළ බවත්, මෙම බලකාය මගින් සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනයට අදාළ තීන්දුතීරණ ගැනීමට හැකි බවත් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කළේය. සංචාරක ප්‍රවර්ධන කාර්යසාධක බලකායේ පළමු සැසිය ජනාධිපති කාර්යාලයේදී ඊයේ (02) ආරම්භ වූ අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කිරීම, ඒ සඳහා අවශ්‍ය තීන්දු ගැනීමට රාජ්‍ය ආයතන ඒකාබද්ධ රාමුවක් යටතේ ක්‍රියාත්මක කිරීම, සංචාරකයන් මුහුණ දෙන ගැටලු,…

Read More

තංගල්ල හම්බන්තොට ප්‍රධාන මාර්ගයේ රන්න නගරයට ආසන්නව වැලි ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළී යාමෙන් ලොරි රථයේ රියදුරු මියගොස් තිබූ බව හුංගම පොලිසිය පවසයි. බුත්තල සිට මාතර දක්වා වැලි ප්‍රවාහනය කරමින් තිබූ මෙම ලොරි රථය අද අළුයම අනතුරට ලක්ව ඇතැයිද පොලිසිය කියයි. දීර්ඝ වේලාවක් තිස්සේ ලොරිය ධාවනය කිරීම නිසා රියදුරට නින්ද යන්නට ඇතැයි ද එම නිසා මෙම අනතුර සිදුවන්නට ඇතැයි ද පොලිසිය සැක කරයි. අනතුරෙන් මියගොස් ඇත්තේ අකුරුගොඩ සුල්තානාගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ 43 වැනි වියේ පසු මහගමගේ ඉන්දික යන අයයි.

Read More