Author: LANKA24X7

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (01) යාපනයේ සංවර්ධන වැඩසටහන් කිහිපයක් ආරම්භ කිරීමේ සහ විවෘත කිරීමේ අවස්ථාවන්ට සහභාගී වීමෙන් අනතුරුව යාපනය කච්චතිව් දූපතේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල, උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ යන මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Read More

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර ස හනුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවත් පස්වරු 2.00 න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට පැයට කිලෝ මීටර් 30-40 ක පමණ තරමක් තද සුළං ඇති වේ. දෘෂ්‍ය ලෙස සූර්යා දකුණට ගමන් කිරිමේදී , අගෝස්තු මාස 28 වැනි දින සිට සැප්තැම්බර් මාස 07 දක්ව ශ්‍රී ලංකාව ආසන්නයේ අකශාංස වලට සෘජුවම ඉහලින් ගමන් කරයි. අද දහවල් 12:10 ට ආඬිගම, බලල්ල, මීගස්වැව, බඹරගස්වැව, බකමූණ, අරලංගවිල,…

Read More

අවශ්‍ය කරන සැකකාරියක් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහාය පතයි. පොලීසිය පවසන්නේ, විදේශ රටක රැකියා ලබා දෙන බව පවසා රුපියල් ලක්ෂ 30කට අධික මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් කාන්තාවන් පස්දෙනෙකු විසින් රක්වාන පොලිස් ස්ථානයට සිදුකරන ලද පැමිණිලිවලට අනුව මෙම නිවේදනය නිකුත් කර ඇති බවය. මෙම සැකකාරිය මේ වන විට පදිංචි ලිපිනය හැර ගොස් සැඟව සිටින බවට තොරතුරු අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි. සැකකාරියයගේ දළුගොඩ ආරච්චිලාගේ හර්ෂණි ප්‍රියන්තිකා වන අතර ඇය 40 හැවිරිදි කන්දගම, පොතුපිටිය පාර, රක්වාන ප්‍රදේශයේ පදිංචිකාරියකි. සැකකාරිය සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී. දුරකතන අංක – ස්ථානාධිපති රක්වාන -…

Read More

මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ලෙස හැඟෙන ජායාරූප හා ව්‍යාජ ප්‍රවෘත්ති සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීම සම්බන්ධව විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මූලස්ථානය පවසයි. විදෙස් ගතව සැඟව සිට ශ්‍රී ලංකාව තුල මත්ද්‍රව්‍ය ජාවාරම හා සංවිධානාත්මක අපරාධ මෙහෙයවීම සම්බන්ධයෙන් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් කිහිප දෙනෙකු ශ්‍රී ලංකා පොලීසිය හා ඉන්දුනීසියානු පොලීසිය ඒකාබද්ධව සිදුකරන ලද මෙහෙයුමක් මගින් පසුගියදා ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගන්නා ලදී. එම අත්අඩංගුවට පත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් පිරිස 2025.08.30 වන දින ශ්‍රී ලංකාවට රැගෙන එන ලද අතර එම අවස්ථාවේදී අදාළ මෙහෙයුමට සක්‍රීයව දායක වූ ඉන්දුනීසියානු පොලීසියේ නිලධාරින් කණ්ඩායමද දිවයිනට පැමිණියේ ය. එසේ මෙම මෙහෙයුමට…

Read More

මීතොටමුල්ල ප්‍රදේශයේ නිවසකට කඩා වැදී ත්‍රිරෝද රථයක් හා රුපියල් 26,000 මුදලක් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා නමැත්තාට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ සාක්ෂි විභාගය අද (01) කොළඹ මහාධිකරණයේදී පැවැත්විණි. කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේ සාක්ෂි සටහන් කර ගැනීම සිදුවිය. එහිදී රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා මහතාගේ මෙහෙයවීම යටතේ පැමිණිල්ලේ සාක්ෂිකරුවන් දෙදෙනෙකුගේ සාක්ෂි සටහන් කර ගැනීම සිදුවිය. ඉන් අනතුරුව වැඩිදුර සාක්ෂි විභාගය ඔක්තෝබර් මස 29 වනදා දක්වා කල් තැබීමටද නියම කෙරිණි. මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී හරක් කටා දැඩි ආරක්ෂක විධිවිධාන මැද අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර…

Read More

එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස්වරයා ලංකාවට පැමිණි දිනයේ දී උද්ඝෝෂණයේ නිරත වෙමින් මාර්ග අවහිර කළේ යැයි ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු එම පක්ෂයේ සාමාජිකයන් හය දෙනකුට එරෙහි නඩුව නොවැම්බර් 10 වැනි දින විභාග කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා අද (01)නියෝග කළේය. මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ මහතා ඇතුළු විත්තිකරුවන් පස් දෙනකු අධිකරණයේ පෙනී සිටියේය. 2016 පෙබරවාරි 6 වැනි දිනය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිඩ් අල් හුසේන් කුමරු ලංකාවට පැමිණීමට විරෝධය පළ කරමින් එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට,තුම්මුල්ල ඇතුළු මාර්ග අවහිර වන අන්දමේ උද්ඝෝෂණයක නියැළීමට එරෙහිව මෙම නඩුව…

Read More

පාදුක්ක පින්නවල දුම්රිය ස්ථානය ආසන්නයේ අතහැර දමා තිබූ පාළු නිවසක තිබී මාංචු කුට්ටමක් හමු වූ බව හංවැල්ල පොලිසිය පවසයි. ප්‍රදේශවාසියකුගෙන් ලැබුණු තොරතුරක් මත පොලිස් කණ්ඩායමක් එම නිවසට ගොස් සිදුකළ පරීක්ෂාවේදී අදාළ මාංචු කුට්ටම සොයා ගැනීමට හැකිව ඇත. මෙම මාංචු කුට්ටම පොලිසිය භාවිතා කරන මාංචු කුට්ටමක් නොවන බවත් මෙය කුමන කාරණයක් සඳහා මෙම පාලු නිවසට ගෙනවිත් තිබුණේද යන්න වැඩිදුරටත් පරීක්ෂණ සිදු කරන බවද පොලිසිය පවසයි.

Read More

පාර්ලිමේන්තුවේ ආහාරපාන වල සෞඛ්‍යාරක්ෂිත බව වැඩි කිරීමට අදාළව යෝජනා ඉදිරිපත් කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ගෘහ්‍ය කාරක සභාවේදී තීරණය කෙරිණි. කථානායකවරයාගේ ඉල්ලීම පරිදි බත්තරමුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාගේ ප්‍රධානත්වයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් පාර්ලිමේන්තු පරිශ්‍රයේ ආහාර පාන පිළියෙල කිරීමට අදාළ මුළුතැන්ගෙය ඇතුළු ස්ථාන පරීක්ෂා කිරීම අප්‍රේල් මාසයේදී සිදු කෙරිණි. ඒ අනුව ඊට අදාළ නිරීක්ෂණ ඇතුළත් වාර්තාව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් ගෘහ්‍ය කාරක සභාවට සවිස්තරාත්මකව ඉදිරිපත් කිරීම මෙහිදී සිදුවිය. මෙහිදී අදහස් දක්වමින් බත්තරමුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වයි.බී ඉන්දික මහතා පැවසුවේ බත්තරමුල්ල ප්‍රදේශයේ රාජ්‍ය ආයතන 150කට ආසන්න ප්‍රමාණයක ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් විමර්ශනය කළද පාර්ලිමේන්තුවේ ආහාරවල සුරක්ෂිතබව…

Read More

බොරැල්ල සම්බාහන ආයතනයකට බලහත්කාරයෙන් ඇතුළු වී කළමණාකරු සහ එහි සේවය කරන කාන්තාවන් සිව් දෙනකු බිය ගන්වා කාන්තාවන් තිදෙනකු දූෂණයට ලක්කර පලායමින් සිටි කොස්තාපල් වරුන් දෙදෙනාගෙන් එක් අයෙකු ඉහළ මහලින් ඇද වැටී තුවල ලබා සිටියදී අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලිසිය කියයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් විශේෂ කාර්යාංශ මූලස්ථානයේ සේවය කරන කොස්තාපල්වරයෙකි. අත්අඩංගුවට ගත් සැකකාර කොස්තාපල්වරයා පොලිස් ආරක්ෂාව යටතේ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය සඳහන් කරයි.පලා ගොස් ඇත්තේ පොලිස් සේවයෙන් ඉවත් කර ඇති කොස්තාපල්වරයෙකි. බොරැල්ල පොලිසිය සහ කොළඹ දකුණාාස අපරාධ විමර්ශන අංශය පරීක්ෂණ පවත්වයි

Read More

පස්සර දහය කණුව ප්‍රදේශයේ නිවසක් තුළ තිබී තරුණයින් දෙදෙනෙකුගේ මළ සිරුරු දෙකක් හමු වූ බව පස්සර පොලිසිය පැවසීය. පස්සර දහය කණුව ප්‍රදේශයේ නිවසක මළ සිරුරු දෙක ක් තිබෙන බවට හදිසි ගිලන් රථ සේවාව මගින් ලැබුණු තොරතුරකට අනුව ගොස් පරීක්ෂා කිරීමේදී මෙම මළ සිරුරු දෙක හමුවූ බව පොලිසිය පැවසීය. එකම නිවසක තිබී මළ සිරුරු දෙකක් හමුවීම පිළිබඳව පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

Read More