Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
තානාපති කාර්යාල හා සම්බන්ධ විදෙස් සේවයට ලබාදී ඇති සියලු දේශපාලන පත්කිරීම් වහාම අවලංගු කර ඔවුන් මෙරටට ආපසු කැඳවීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තීරණය කර ඇතැයි වාර්තා වේ. මෙම දේශපාලන පත්කිරීම් අතුරින් බොහෝමයක් හිටපු මැති ඇමැතිවරුන්ගේ ඥාතීන් හා හිතවතුන් වන අතර ඔවුන් කිසිදු රාජ්‍ය තාන්ත්‍රික දැනුමක් හෝ පළපුරුද්දක් සහිත අය නොවන බව අනාවරණය වී ඇත. එසේම එවැනි පත්කිරීම් විදෙස් තානාපති කාර්යාලවලට කිසිදු ප්‍රයෝජනයක් නොවන බව ජ්‍යෙෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් රජයට පෙන්වා දී ඇත. ඒ අනුව ඉදිරි දින කිහිපයේදී මෙම දේශපාලන හිතවත්කම් හා ඥාති සම්බන්ධතා මත සිදුකළ ඇති සියලු විදෙස් සේවයේ නිරත පුද්ගලයන් මෙරටට කැඳවීමට නියමිතය.
විද්‍යුත් ගමන් බලපත්‍ර මිලියන පහක් සැපයීම සඳහා වන මූලික ප්‍රසම්පාදනයේ කොටසක් ලෙස සමාගම් දෙකකින් එන්.සීරිස් (N-Series) විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර හත්ලක්ෂ පනස් දහසක් (750,000) මිලදී ගැනීමට ලබාදුන් කැබිනට් තීරණය ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් අභියාචනාධිකරණ අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. එකී කැබිනට් තීරණය මෙරටේ පිළිගත් ටෙන්ඩර් පටිපාටිය උල්ලංඝනය කරන දූෂිත ගනුදෙනුවක් බව කියමින් එනික් ලංකා පුද්ගලික සමාගමේ සහ එහි විධායක සභාපතිවරයා ගොනු කර තිබූ පෙත්සමක් සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මොහොමඩ් ලෆාර් මහතා ලබන ඔක්තෝබර් මස පළමු වැනිදා දක්වා බල පැවැත්වෙන පරිදි එම අතුරු තහනම් නියෝගය නිකුත් කළේය. මහජන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ටිරාන් අලස්, ආගමන විගමන පාලකවරයා හිටපු කැබිනට් මණ්ඩලය ඇතුළු…
වැඩ බලන පොලිස්පති ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත්කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.1988 වසරේදී පොලිස් විශේෂ කාර්ය බලකායේ කොස්තාපල්වරයෙකු ලෙස සේවයට බැදී ඇති ඒ මහතා 1992 වසරේදී උප පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස උසස්වීම් ලබා ඇත.කොළඹ විශ්ව විද්‍යාලයේ නීතිවේදී උපාධිධාරියෙකු ලෙසද ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ නීතීඥවරයෙකු ලෙසද දිවුරුම්දීමෙන් පසු සහකාර පොලිස් අධිකාරී තනතුර සඳහා උසස්වීම් ලබා ඇත.
බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකුවූ බාප්පා විසින් ලබා දුන් බව කියන ටී පනස් හය ගිනි අවියක් විශ්‍රාමික ආබාධිත යුද හමුදා සෙබලෙකු සතුව තිබී අත් අඩංගුවට ගෙන ඇතැයි නූංගමුව පොලිසිය කියයි . ඊයේ( 26) මධ්‍යම රාත්‍රියේ දී නුංගමුව පොලිස් වසමේ දෙල්ගහමැඩිල්ල, ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමක දී මෙම සැකකරු හා ගිනි අවිය අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත. විශ්‍රාමික ආබාධිත හමුදා නිලධාරියකු සතුව ගිනි අවියක් ඇති බවට ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශණ අංශයේ නිලධාරින්ට ලැබුණු වැඩ තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇත . අත්අඩංගුවට ගත් සැකකරු යුද හමුදාවේ සේවය කරමින් සිට පාදයකට චෙඩි වැදීම හේතුවෙන් ආඛාධිත සෙබලෙකු ලෙස 1993 වර්ෂයේ දී සේවයෙන්…
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දිනේෂ් කණ්ඩායම ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ නායකත්වයෙන් යුතු මව්බිම ජනතා පක්ෂය සමග සන්ධානගත වීමට සාකච්ඡා අරඹා ඇත. මේ සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවැසුවේ ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පසුගියදා කළ බවයි. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන දිලුම් අමුණුගම මහතා ද මව්බිම ජනතා පක්ෂය සමග අද එක් විය. ඔහුට එම පක්ෂයේ ජාතික සංවිධායක ධුරය ද අනතුරුව පිරිනමා ඇත. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පසුගිය ජනපතිවරණයේදී සහාය දීමට ඉදිරිපත්වූ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හිටපු අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් පොදු ජන එක්සත් නිදහස්…
ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ හින්දු ආගමික උත්සවයක් අතරතුරේ ඊට සහභාගී වූ 46 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, එම 46 දෙනාගෙන් 37 දෙනකු කාන්තාවන් සහ කුඩා දරුවන් බවත් පැවැසෙයි. මරණ වාර්තා වන්නේ, ඉන්දියාවේ වාර්ෂිකව, තෙදිනක් තිස්සේ පැවැත්වෙන ‘ජීවිත්පූත්‍රිකා’ හින්දු ආගමික උත්සවයේදීය. මෙය ඉන්දියාවේ ප්‍රධාන හින්දු ආගමික උත්සවයක් වන අතර, කුඩා දරුවන්ටත්, ඔවුන්ගේ මවුවරුන්ටත් ආශිර්වාද කිරීම සිදුවෙයි. ඒ ගංගාවල ස්නානය කිරීමෙනි. මවුවරුන් ආගමික උත්සවයට සහභාගී වන්නේ උපවාස කරමිනි. දිස්ත්‍රික්ක රැසකින් හින්දු බැතිමත්හු මෙම ආගමික උත්සවයට සහභාගී වෙති. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ දියේ ගිලී මියගිය පිරිස අතර දිස්ත්‍රික්ක 15 කින් ආ බැතිමතුන් සිටින බවය. පසුගිය කාලයේ නොකඩවා ඇද හැලුණු මහ වැසි හේතුවෙන් ගංගා සියල්ල පිටාර…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලෝක බැංකු සමූහය සිය උණුසුම් සුබ පැතුම් පිරිනමා තිබේ. ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයේ උප සභාපති මාටින් රයිසර්සහ ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ ආසියානු හා පැසිෆික් කලාපීය උප සභාපති රිකාර්ඩෝ පුලිටි ජනපති වෙත විශේෂ පණිවිඩයක් යොමු කරමින් ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සහ සංවර්ධනය සඳහා අඛණ්ඩ සහාය ලබා දෙන බවට ද සහතික වී ඇත. මෙරට ආර්ථිකය නැවතත් ප්‍රකෘති කිරීම සඳහා රාජ්‍යයේ අඛණ්ඩ සහයෝගය අවශ්‍ය බව හඳුනාගන්නා අතරම ආර්ථික වර්ධනය, සෞභාග්‍යය හා සංවර්ධනය සඳහා ඇති අවස්ථාවද ඒ හා සමානවම වැදගත් බව එම ලිපියේ සඳහන් වේ. වඩාත්ම අවදානමට ලක්විය හැකි ප්‍රජාවගේ අවශ්‍යතා සපුරාලීම සඳහා ශ්‍රී ලංකාවේ නව පරිපාලනයේ නායකත්වයට ලෝක…
ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වීම හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩි වීමක් අද දින සිට (27) ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. රත්නපුරය, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට මි.මී. 100ක පමණ තද වැසි ඇතිවිය හැක. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. උතුරු , උතුරුමැද, නැගෙනහිර සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසිද ඇති විය හැක. ගිගුරුම් සහිත වැසි…
දිවයිනේ සියලු පරිපාලන දිස්ත්‍රික්කවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සන්නද්ධ හමුදා කැඳවීමේ නියෝගයක් නිකුත් කර ඇත. අද (27) සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා යුධ හමුදාව,ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සියලු සාමාජිකයන් මෙලෙස කැඳවීමේ නියමය ඇතුළත් අති ව්ශේෂ ගැසට් නිවේදනය ඊයේ (26 ) දාතමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කෙරිණි . මහජන ආරක්ෂක පනතේ 12 වගන්තියෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව දිවයිනේ සියලු පරිපාලන දිස්ත්‍රික්ක හා ඒ ආශ්‍රිත දේශීය ජල තීරයන්හි මහජන සාමය පවත්වාගෙන යාමට මෙලෙස සන්නද්ධ හමුදාවන් කැඳවා තිබේ.
විශාල ගැටළුවක්ව පැවති වීසා ලබා ගැනීම පිළිබඳ ප්‍රශ්නයට ගෙවී ගිය පැය 24 තුළ විසඳුම් ලබා දීමට රජය කටයුතු කළ බවත්, ඒ අනුව ඊයේ (26) මධ්‍යම රාත්‍රි 12.00 සිට පැරණි ක්‍රමවේදය අනුව වීසා ලබා ගැනීමේ හැකියාව සියලුම විදේශිකයන්ට හිමිවන බවත් මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය. ඒ පිළිබඳ අමාත්‍ය විජිත හේරත් මහතා සිදු කළ සම්පූර්ණ ප්‍රකාශය මෙසේය, වීසා ලබා දීමේ පහසුකම VFS ආයතනයට ලබා දීමෙන් ජනතාව විශාල පීඩාවකට පත් වුණා. විශේෂයෙන් ලංකාවට පැමිණෙන විදේශිකයන්ට වීසා ලබා ගැනීමේ දී ගැටළුකාරී තත්ත්වයකට මුහුණ දීමට සිදු වුණා. ඒ නිසා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් අධිකරණ තීන්දුව අනුව ගෙවී ගිය පැය 24ක කාලය තුළ පැරණි…