Author: LANKA24X7

පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක මිල රුපියල් 9 කින් පහළ දැමීමටත් ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 5 කින් ඉහළ දැමීමටත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඊයේ (31) රාත්‍රී තීරණය කළේය. එසේම ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 7 කින් ඉහළ දැමීමටද තීරණය කර ඇත. මෙම මිල සංශෝධනය ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වේ. මේ අනුව පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක මිල රුපියල් 356 ක් දක්වා පහළ යනු ඇත. මේ අතර පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක මිල රුපියල් 3 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 423 කි. ලංකා සුදු ඩීසල් මිල රුපියල් 5 කින් ඉහළ දැමීමෙන් එහි නව මිල…

Read More

ඇල්ල නගරයේ දී ඊයේ (31) රාත්‍රී වෙඩි තැබීමක් සිදුවී එක් අයෙකු තුවාල ලබා ඇතැයි ඇල්ල පොලීසිය කියයි. ඇල්ල නගරය ආසන්නයේ සංචාරක හෝටලයක් ඉදිරි පිට මෙම වෙඩි තැබීම සිදු වී ඇති බව පොලීසිය කියයි. තුවාල ලැබූ පුද්ගලයෙකු දෙමෝදර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු බදුල්ල මහා රෝහලට මාරුකර ඇති බවත් පොලීසිය කියයි. මෙසේ වෙඩිවැදී ඇත්තේ සංචාරක හෝටලයක සේවකයෙකුට බවද පොලිසිය කියයි. වෙඩි තැබීම සිදු කළ පුද්ගලයා යතුරු පැදියකින් පලා ගොස් ඇති බවත් ඔහු සොයා පුළුල් මෙහෙයුම් දියත් කර ඇති බවත් පොලීසිය කියයි.

Read More

රටේ යුද්ධයක් නොමැති අවස්ථාවක, සාමකාමී පසුබිමක් තුළ තම ගම්මානයට පිටස්තර ඥාතීන්ට හිතවතුන්ට මෙන්ම පරිත්‍යාගශීලින්ට දින කිහිපයක සිට පැමිණීමට නොහැකි වන පරිදි ශ්‍රී ලංකා යුද හමුදාව මගින් මාර්ග බාධක යොදා තිබීම හේතුවෙන් තමන් දැඩි අසීරුතාවට පත්ව සිටින බව පොලොන්නරුව මඩකළපුව මායිම්ව හේන් වගාවේ නිරතව ජීවත්වන දිඹුලාගල දිවුලපතාන ගම්වාසීහු චෝදනා කරති. මීට දින කිහිපයකට පෙර මීරිගම ප්‍රදේශයේ ගුරුවරුන් දෙදෙනකු තම ගම්මානයේ දිළිඳු පවුල් කිහිපයකට වියළි ආහාර ලබාදීමට පැමිණි අවස්ථාවේදී ඔවුන්ට එම ගමට ඇතුළත්වීමට යුද හමුදාව මගින් ඉඩ ලබා නොදී මාර්ග බාධක යොදා එය වැළැක්වීම කණගාටුදායක කරුණක් බවත් ගම්වාසීහු පෙන්වා දෙති. 1980 දශකයේ සිට දිවුලපතාන ගම්මානයේ සිංහල පවුල් අටසීයකට වඩා පිරිසක් හේන් වගා…

Read More

වැට් බද්ද සියයට 18 දක්වා වැඩි කිරීම බදු සූත්‍රය විකෘති කිරීමක් බවත් මේ හරහා රටේ සාමාන්‍ය ජනතාවට, දිළිඳු ජනතාවට, වැඩ කරන ජනතාවට අධික බදු බරක් පැටවෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය. වැට් බද්ද වැඩි කිරීමට ගත් තීරණය මගින් රජයේ දුර්වලකම, ආකර්යක්ෂමතාව, දුර්වල රාජ්‍ය පාලනය පිළිබිඹු වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය. ජනතා වරමක් නොමැතිව මෙවැනි බදු බරක් ලක්ෂ 220ක් වූ ජනතාව මත පටවන්නේ කෙසේද කියා රජයෙන් ප්‍රශ්න කර සිටින බවත් විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව සමඟ කොළඹ දී පැවති සාකච්ඡාවක දී ඔහු කීවේය. එමෙන්ම වසරකට දෙවතාවක් පමණක් මිල වැඩ කළ හැකි බවට නිති තිබිය දී මාස 3න් 3ට…

Read More

ශ්‍රී ලංකාවේ දැනට පවතින ආර්ථික අවස්ථාවන් ඉදිරියට ගෙන යාමට මෙන්ම නව ආයෝජන විවෘත කිරීමට රජය සහ පෞද්ගලික අංශය එක්ව කැපවී කටයුතු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රමුඛ ලෝක සංවිධාන වල සහභාගීත්වයෙන් ඊයේ (31) පැවති වටමේස සාකච්ඡාවේදී පැවසීය. ආර්ථික ප්‍රකෘතියේ සහ ස්ථාවරත්වයේ කැපී පෙනෙන ප්‍රවර්ධනයක් සනිටුහන් කරමින් අර්බුදයේ සිට ප්‍රකෘතිමත්වීම පිළිබඳ දෙවන ඉහළ පෙළේ වටමේස සාකච්ඡාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පැවැත්විණි. ආර්ථික වර්ධනයට අදාලව එක් එක් අමාත්‍යාංශ වෙත පැවරී ඇති කාර්යභාරය නිවැරදි හා අදාල කාලසීමාවට අනුව සිදුවනවාද යන්න සොයා බැලීමට ජනාධිපති ප්‍රගති සමාලෝචන ඒකකයක් පිහිටුවීමටත්, “ආර්ථික ලැබ්” සංකල්පය ඔස්සේ පෞද්ගලික අංශය ද ඒකාබද්ධ කර…

Read More

ප්‍රසම්පාදන ක්‍රියාවලිය උල්ලංඝනය කරමින් හදිසි ඖෂධ මිලදී ගැනීම් හරහා රුපියල් කෝටි ගණනින් ඖෂධ අවභාවිතය සිදුකර ඇති බවට කර ඇති ප්‍රකාශයක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතාගෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පැය පහකට ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ ස⁣ටහන් කරගෙන ඇත. ​ ප්‍රසම්පාදන ක්‍රියාවලිය උල්ලංඝනය කරමින් ඖෂධ⁣ ගෙන්වා විශාල මුදල් අවභාවිතයක් සිදුව ඇති බවට මන්ත්‍රීවරයා මාධ්‍ය හමුවේ කළ ප්‍රකාශයකට එරෙහිව පුද්ගලික ඖෂධ සමාගමක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ලක් මත මෙම විමර්ශනය ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.​ මන්ත්‍රීවරයාගේ මෙම ප්‍රකාශය ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙසට ද අදාළ පුද්ගලික ඖෂධ සමාගම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා…

Read More

අද (31) උදෑසන සහ සවස දුම්රිය ගමන්වාර 08ක් පමණ අවලංගු කිරීමට සිදුවී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. දුම්රිය රියදුරන්ගේ හිඟය මෙලෙස දුම්රිය ගමන්වාර අවලංගු කිරීමට හේතුවී ඇති බවද වාර්තා වෙයි. 2017 වසරේ සිට දුම්රිය දෙපාර්තමේන්තුවට දුම්රිය රියදුරන් බඳවාගෙන නොමැති බවත් ඒ අනුව මේ වනවිට දුම්රිය රියදුරන් 150ක පමණ අඩුවක් පවතින බවත් තවදුරටත් වාර්තා වෙයි

Read More

හමාස් – ඊශ්‍රායල ගැටුම් නොනවත්වා සිදු වෙද්දී බොර තෙල් මිල සම්බන්ධයෙන් ද ඇත්තේ අවිනිශ්චිත බවකි. විදෙස් මාධ්‍ය පවසන්නේ ලෝක ආර්ථිකයේ ස්ථාවරත්වය සම්බන්ධයෙන් මතුවන අවිනිශ්චිත බව නිසා බොර තෙල් මිල අඩුවන බවයි. බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඊයේ ඩොලර් 89 දක්වා ද වෙස්ට් ටෙක්සාස් බොර තෙල් බැරලයක මිල ඩොලර් 84 දක්වා ද අඩුවී තිබුණි.

Read More

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සම අභියාචනාධිකරණය ගාස්තුවට යටත්ව නිෂ්ප්‍රභ කර තිබේ. ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ලේ බහුතර විනිසුරුවරුන්ගේ එකඟත්වය මත අදාළ පෙත්සම නිෂ්ප්‍රභ කරන බව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා පැවසීය.

Read More

සියලු විදුලි සේවකයින් හෙට (01) කොළඹට කැඳවා විරෝධතාවක් පවත්වන බව ලංකා විදුලි සේවක සංගමය පවසයි. එහි ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් මහතා සඳහන් කළේ, විදුලිබල මණ්ඩලය විකිණීමට ආණ්ඩුව ගෙන ඇති තීරණය ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් එම විරෝධතාව පවත්වන බවය. “ආණ්ඩුව සුදානම් වෙනවා ලංකා විදුලි බලමණ්ඩලය විදෙස් සමාගම් 14කට විකුණන්න. දැනට තොරතුරු ලැබිලා තියෙනවා අද කැබිනට් එකට දාලා අනුමාත කරගන්න යනවා කියලා. විදුලි බලමණ්ඩලය සතුව බෙදාහැරීමේ අන්ත තියෙනවා හතරක්. මේ හතරයි ලෙකෝ සමාගමේ සතු බෙදාහැරීම් පද්ධතියයි ඉන්දියානු ටාටා සමාගමට විකුණාන්න යනවා කියන තොරතුර අපට ලැබි තියෙනවා. සම්ප්‍රේෂණ අංශය අදාළ සමාගමට දෙන්න කටයුතු කරලා තියෙනවා. නොරොච්චෝලේ තාප බලාගාරය චීන සමාගමට විකුණන්න සියලු…

Read More