Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
ලොව වේගවත්ම මෝටර් රථය නිපදවීමට ලොව ප්‍රධානතම විද්‍යුත් මෝටර් රථ නිෂ්පාදකයා වන බී.වයි.ඩී සමාගමට හැකියාව ලැබී ඇත. “යැන්ග්වැන් යූ9 එක්ස්ට්‍රීම්” ලෙස නම් කර ඇති මෙම මෝටර් රථය පැයට කිලෝ මීටර 496.22 ක උපරිම වේගයක් වාර්තා කර ඇත. චීනයේ බී.වයි.ඩී සමාගම මෙලෙස බිඳ දමා ඇත්තේ බුගාටි චිරෝන් සුපර් ස්පෝර්ට් 2019 හිමිකර ගෙන තිබූ වාර්තාවය. බුගාටි චිරෝන් මෝටර් රථයට පැයට කිලෝ මීටර 490.5 ක උපරිම වේගයකින් ධාවනය වීමේ හැකියාව ඇත. විද්‍යුත් මෝටර් රථයක් මෙම වාර්තාව හිමිකර ගත් පළමු අවස්ථාව මෙය වේ. “යැන්ග්වැන් යූ9 එක්ස්ට්‍රීම්” රථය චීනයේ ඇමෙරිකානු ඩොලර් 233,000 ක් මුදලකට (රුපියල් කෝටි 7 ක් පමණ) අලෙවි වේ. ලෝකයේ අලුත් වාහන අලෙවියෙන්…
ජාතික දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලැසුම සකස් කිරීම සඳහා පසුගිය වසරේදී එම වසර පුරාවට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම දීප ව්‍යාප්ත සමීක්ෂණයක් කළ බවත් එහිදී මහජනතාව අල්ලස හෝ දූෂණයට වඩාත් නැඹුරු ආයතන ලෙස හඳුනාගෙන ඇති ආයතන අතර පළමු තැන පොලිසියට හිමිවන බවත් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ සභාපති විශ්‍රාමික විනිසුරු නීල් ඉද්දවල මහතා පැවැසුවේය. දෙවැනි ස්ථානය දේශපාලනඥයන් බවත් තෙවැනි ස්ථානය ශ්‍රී ලංකා රේගුව බවත් ඔහු ප්‍රකාශ කළේය. එහි සිවූ වැනි ස්ථානය ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට හිමිවන බවත් ඉතිරි ස්ථාන අමාත්‍යාංශ, ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලය, පළාත් සභා, විදේශ රැකියා කාර්යාංශය, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, රෙජිස්ටර් ජනරාල් කාර්යාලයට හිමිවන බව ඔහු පැවැසුවේය.…
ගැබිනි මව්වරුන්ගේ සායනයට යන මුවාවෙන් අයිස් මත්ද්‍රව්‍ය අලෙවිකළ අඹුසැමි යුවළක් නාවලපිටිය පොලීසිය විසින් අද (26) අත්අඩංගුවට ගෙන තිබේ. මෙම අඹුසැමි යුවළ ඊසි කෑෂ් ක්‍රමයට මුදල් ලබාගෙන ගම්පොළ, නාවලපිටිය ප්‍රදේශවල යතුරු පැදියකින් අයිස් මත්ද්‍රව්‍ය බෙදාහරිමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් නාවලපිටිය දොලොස්භාග මාර්ගයේ පිහිටි පැරණි දුම්රිය නිල නිවස අසළ ඇසුරුම් කරන ලද අයිස් පැකට් තබා සිට ඇති බව සඳහන්. සැකකරුවන් පරීක්ෂා කිරීමේදී ඇසුරුම් කරන ලද අයිස් මත්ද්‍රව්‍ය පැකට් 52ක් (ග්‍රෑම් 35ක්) සොයාගෙන ඇති අතර, එම පැකට්වලින් කිහිපයක් සැකකාර කාන්තාවගේ යට ඇදුම්වල සඟවා තිබී සොයාගෙන ඇත. සැකකාර අඹුසැමි යුවළ ගම්පොළ කිරපන ප්‍රදේශයේ පදිංචි අවුරුදු 23 හා 27 වයස්වල පසුවන්නන්ය. ඔවුන් ‘ඩුබායි තාරු’…
ආසියා සංවර්ධන බැංකුවේ මුල්‍ය දායකත්වය සහ සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ අනුග්‍රාහකත්වය යටතේ සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය මගින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයට ඩබල් කැබ් රථ 7 ක් ලබා දී ඇත. මෙම රථයක වටිනාකම මිලියන 22 ක්. අදාළ කැබ් රථ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල වෙත ලබාදීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයේ දී සිදු කෙරිණි. ඒ අනුව නුවර දිස්ත්‍රික්කයේ වරල්ලගම සහ ගඟවට කෝරලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහාත්, අනුරාධපුර දිස්ත්‍රික්කයේ හොරොව්පතාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහාත්, බදුල්ල දිස්ත්‍රික්කයේ මහියංගණ සහ බණ්ඩාරවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල සඳහාත්, රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී…
පාතාල කල්ලි සාමාජික ‘කෙහෙල්බද්දර පද්මේ’ විසින් සඟවා තැබූ බව පැවසෙන ටී-56 පතොරම් 500කට අධික ප්‍රමාණයක් පෑලියගොඩ මාළු වෙළෙඳසැළ අසලින් සොයාගෙන තිබේ. මෙහිදී ටී-56 මැගසින් 4ක්, මයික්‍රෝ පිස්තෝලයක් ද සොයා ගැනීමට පොලීසියට හැකිව ඇත. බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාශය විසින් කරනු ලැබූ ප්‍රශ්න කිරීමේදී වලදී මෙම තොරතුරු අනාවරණය වී තිබේ. සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මන්දිනු පද්මසිරි හෙවත් ‘කෙහෙල්බද්දර පද්මේ’ ඇතළු පාතාල කල්ලි සාමාජිකයන් කිහිප දෙනෙකු පසුගියදා ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට පත්විය. ඔවුන් මේ වනවිට මෙරටට රැගෙන විත් ප්‍රශ්න කරමින් සිටියි.
ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවේ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින මුල් නඩු වාර්තාව කැඳවීමට පියවර ගන්නා ලෙස කොළඹ මහාධිකරණය අද (26) එහි රෙජිස්ට්‍රාර්වරයාට නියම කළේය. මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු නදී අපර්ණා සුවඳුරුගොඩ මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබුවාය. එහිදී විත්තිකාර නාමල් රාජපක්ෂ මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේය. එම අවස්ථාවේදී විත්තිකාර නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් විත්තිය විසින් ඉල්ලා සිටි ලේඛන අතුරින් සමහර ලේඛන මෙතෙක් පැමිණිල්ල විසින් තමන්ට ලබාදී නොමැති බව පැවසුවේය. සාධාරණ නඩු විභාගයකට මුහුණදීම සඳහා එම ලේඛන ඉතා වැදගත් බව…
වෛද්‍ය සැපයුම් අංශයට තත්ත්වයෙන් අසමත් හා හානි වු ඖෂධ සපයා තිබිම වෙනුවෙන් දරණු ලැබු පිරිවැය මෙන්ම ඒ සදහා පරිපාලන ගාස්තු, තොග විනාශ කිරිමේ වියදම් සමඟ රුපියල් මිලියන 2,996.65ක මුදලක් ඖෂධ සැපයුම්කරුවන්ගෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට අයවිමට ඇති බැව් ජාතික විගණන කාර්යාලය පවසයි. මෙම වර්ෂයේ මාර්තු මස 31 දින වනවිටත් මෙකි මුදල ඖෂධ සැපයුම්කරුවන්ගෙන් අයකරගැනිමට නොහැකිවි තිබුණි. අසාදු ලේඛනගත ඖෂධ සැපයුම්කරුවන්ගෙන් අයකරගැනිමට ඇති මුදල රුපියල් මිලියන 1,651.98කි. 2025 වර්ෂයේ මාර්තු මස 31 දින වනවිටත් අවසාන සිහිකැදවිමේ ලිපියොමුකොට ඇති සැපයුම්කරුවන්ගේ අයකරගත යුතු මුදල රුපියල් මිලියන 279.45කි. එම මුදල් අයකරගැනිම අවිනිශ්චිත තත්ත්වයක පවතින බවද විගණනය මගින් අනාවරණය කොට ඇත. අයකරනොගෙන ඇති මුදල් ඖෂධ…
දිවයිනට බලපෑ ඇති අයහපත් කාලගුණය හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇත. අදාළ නිවේදනය අද (26) රාත්‍රී 10 දක්වා වලංගුවේ. ඒ අනුව, අනතුරු ඇඟවීමේ මට්ටම 2 – අවදානයෙන් සිටින්න කළුතර දිස්ත්‍රික්කය – වලල්ලාවිට මාතර දිස්ත්‍රික්කය – වැලිපිටිය අනතුරු ඇඟවීමේ මට්ටම 1 – විමසිලිමත් වන්න ගාල්ල දිස්ත්‍රික්කය – නාගොඩ – ඇල්පිටිය – බද්දේගම – යක්කලමුල්ල කළුතර දිස්ත්‍රික්කය: – පාලින්දනුවර – මතුගම මාතර දිස්ත්‍රික්කය: – කොටපොල රත්නපුර දිස්ත්‍රික්කය: – ඇලපාත – කලවාන – පැල්මඩුල්ල
මේ වන විට ඉලක්ක අභිබවමින් ලංකා ආර්ථිකය වර්ධනය කරගන්නට රජයට හැකියාව ලැබී තිබෙන බව කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. “මේ වන විට රටේ ආර්ථික ස්ථායීකරණයේ ප්‍රතිඵල පෙනෙමින් තිබෙනවා. ආර්ථික වර්ධනයක් ඇතිවෙමින් තිබෙනවා. මේ බිඳ වට්ටපු රටක්.අපට ලැබුණේ බිඳ වැටුණු ආර්ථිකයක්.ඉලක්ක අභිබවමින් ආර්ථිකය වර්ධනය කරගන්නට අපට හැකියාව ලැබී තිබෙනවා. ඒ කියන්නේ අපට ආයෝජන එමින් තිබෙනවා.ආර්ථික වර්ධනය සඳහා පෞද්ගලික අංශයේ දායකත්වය ඉතා කැපී පෙනෙන දෙයක්.අපේ ආණ්ඩුව සත පහක මුදල් අච්චුගැහීමක් කර නැහැ . ආර්ථික ක්‍රියාවලිය වර්ධනය වෙලා. රුපියල් බිලියන 450ක් අප වාහන ආනයනයෙන් මේ වසරේදි බලාපොරොත්තු වුණා. නමුත් මේ වනවිට ඒ ඉලක්කය…
මේ අවුරුද්දේ ලංකාවට පැමිණි සංචාරකයන්ගෙන් සියයට 24 ක් පාවිච්චි කර තියෙන්නේ ශ්‍රී ලංකන් ගුවන් සේවය බව ප්‍රවාහන හා මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. “2018 වසරේදී සංචාරකයන් ලක්ෂ 23 ක් විතර රටට එනවා.සාමාන්‍යයෙන් සංචාරකයන් දවසකට ඩොලර් 172 ක් විතර වියදම් කරනවා.අපේ මුදල් ප්‍රමාණය වැඩි කර ගත යුතුයි.ඊයේ වනවිට දාසය ලක්ෂ හැත්තෑදාහකට වඩා සංචාරකයන් ප්‍රමාණයක් පැමිණ තිබෙනවා.මෙය සියයට විස්සක පමණ වැඩිවීමක්.මේ වන විට ඩොලර් බිලියන 2.3ක සංචාරක ආදායමක් ලැබී තිබෙනවා.සංචාරකයන් සියයට 24 ක් පාවිච්චි කරලා තියෙන්නේ ශ්‍රී ලංකන් එයාර් ලයින්.සුරාබදු ආදායමෙන් ඉලක්ක ගත ආදායමට වඩා රුපියල් බිලියන 12ක් පමණ වැඩිපුර ලැබී තිබෙනවා යනුවෙන්ද නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.
