Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
සැප්තැම්බර් වැඩිහිටි දීමනාව හෙට (26) බැංකු ගත කරන බව සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය කියයි. අස්වැසුම ප්‍රතිලාභී පවුල් වල වයස අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් සඳහා මෙම දීමනාව ලබා දෙයි. මේ අනුව රුපියල් කෝටි 301.43 ක මුදලක් ප්‍රතිලාභීන් 602,852ක් සඳහා බැර කෙරෙන බව සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.
නේවාසික රෝගියකුට වැඩි මිලට ඖෂධ විකිණීම සම්බන්ධයෙන් වු නඩුවට අධිකරණයේ පෙනී සිටීම සඳහා සිතාසි නිකුත් කර තිබියදීත් උසාවියේ පෙනී නොසිටි නාරාහෙන්පිට ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක අධක්‍ෂවරුන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියම කළ මාලිගාකන්ද මහේස්ත්‍රාත් ජනිතා රෝෂනී පෙරේරා මහත්මිය ඒ සඳහා වරෙන්තු නිකුත් කළාය. කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක අධක්‍ෂවරුන් වු පමණීන් ඔවුන් නීතීයට උඩින් නොමැති බවත් නීතීය ඉදිරියේ සියලු දෙනා එකහා සමාන බවත් කියමින් පැමිණීල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය සහ සිද්ධියෙන් අතෘප්තියට පත් සනත් කුමාර අතුකෝරල මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ රංජිත් හීල්ලගේ මහතා කළ ඉල්ලීම් පිළිගනිමින් මහෙස්ත්‍රාත්වරිය එලෙස වරෙන්තු නිකුත් කළාය.…
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මෙරට මුහුදු වෙරළේ ගිනි ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන්දි ලබාදීමට අධිකරණය කළ හැකි උපරිම දේ සිදු කළ බවත් වන්දි අයකර ගැනීමට පියවර ගැනීම විධායකයේ කටයුත්තක් බවත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අචල වෙන්ගප්පුලි මහතා විවෘත අධිකරණයේදී ඊයේ 25 පැවසීය. නෞකාවේ අයත් සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලය සිරගත කිරීමෙන් පමණක් මෙම ගැටළුව නොවිසිඳෙන බවද විනිසුරු අචල වෙන්ගප්පලි මතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය. ශ්‍රෙෂ්ඨාධිකරණ විනිසුරු අචල වෙන්ගප්පුලි මහතා මෙසේ පැවසුවේ එක්ස්ප්‍රර්ස් පර්ල් නෞකාව ගිනිගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නියම කළ වන්දි මුදල ගෙවීමට හැකියාවක් නොමැති බවට සී කොස්ටෝඩින් සමාගම ගොනුකළ තිබූ මෝෂමක් සලකා බැලූ අවස්ථාවේදීය. මෙම මෝසෙම සලකා බැලීමෙන් අනතුරුව අදාල අධිකරණ නියෝගය අනුව කටයුතු නොකිරීම සම්බන්ධයෙන්…
කුකුළන් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් දඹුල්ල රිදිඇල්ල ප්‍රදේශයේදී වන අලියකුගේ ගැටීමෙන් ලොරි රථය පෙරළීම නිසා කුකුලන් විශාල ප්‍රමාණයක පාරේ තැන්තැන්වල මියගොස් ඇතැයි වනජිවිය කියයි. අනතුරින එහි රියදුරු තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුළත් කර ඇත. දඹුල්ල දෙස සිට බකමූණ දෙසට ලොරිය ධාවනය වෙද්දී වන අලියකු මාර්ගය හරහා මාරුවෙද්දී මෙම අනතුර සිදුවූ බව ලොරි රථයේ ගමන් කරමින් සිටි සේවකයෙක් සඳහන් කළේය වන අලියාගේ ගැටීමත් සමඟම රථය පෙරළී මාර්ගයෙන් ඉවතට ඇදී ගිය බවත් ඔහු සඳහන් කළේය. අනතුරත් සමග කුකුලන් විශාල ප්‍රමායක් මියගොස් සිටින අයුරු දැක ගැනීමට හැකි විය . තවත් පණපිටින් සිටි කුකුළන් පාර පුරා වැටී තිබෙන අයුරුද දැකගැනීමට හැකි විය
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගී වීම සඳහා නිව්යෝර්ක් නුවරට ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටේරෙස් (António Guterres) මහතා අතර හමුවක් නිව්යෝර්ක් නුවර එම මූලස්ථානයේදී 25 වෙනිදා පස්වරුවේ පැවැත්විණි. ඒ අනුව, එක්සත් ජාතීන්ගේ මූලස්ථානය වෙත පැමිණි ජනාධිපතිවරයා මහලේකම්වරයා විසින් ගෞරවයෙන් යුතුව පිළිගනු ලැබිණි. අනතුරුව ඔවුහු සුහද කතාබහකටද එක් වූහ. ශ්‍රී ලංකාවේ නව ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ ප්‍රගතිය මෙන්ම සමාජයීය සහ දේශපාලනමය වශයෙන් ශ්‍රී ලංකාව නව තලයකට ඔසවා තැබීම වෙනුවෙන් මේ වන විට රජය ක්‍රියාත්මක කරමින් ඇති වැඩපිළිවෙළ පිළිබඳවද ජනාධිපතිවරයා මෙහිදී එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා දැනුවත් කළේය. ශ්‍රී ලංකා රජයේ නව ප්‍රගතිශීලි වැඩපිළිවෙළ මෙහිදී අගය…
දිවයිනේ නිරති දිග ප්‍රදේශවලට දැනට පවතින වැසි තත්වය ඉදිරි 24 පැය තුළත් බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණු පලාත්වත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි ඇති වේ. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලි මිටර් 100 වැඩි තරමක තද වැසි ඇති වේ. උතුරු – මැද පළාතෙත් මාතලේ, මන්නාරම සහ යාපනය දිස්ත්‍රික්කවලත් සිහින් වැසි තත්වයක් ඇති විය හැකියි.
පාර්ලිමේන්තුවේ පොදු වැසිකිලියට ඉබ්බා දාන්න එපා යැයි යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා පාර්ලිමේන්තුවේදී රීති ප්‍රශ්නයක් මතු කරමින් අද(25) පැවසීය. “පාර්ලිමේන්තුවේ අපේ අර පොදු වැසිකිළිය හතරහමාරට වහනවා කියලා පොලිසිය කියනවා.කෑලි ගලවාගෙන යනවා කියලා එහෙම වහනවලු.ඒගොල්ලන්ට ඊට පස්සේ යන්න තැනක් නැතිලු.ඒක නිසා පොදු වැසිකිළිය රෑටත් ඇරලා තියන්න කියන්න. ඉබ්බ දාන්න එපා කියන්න යනුවෙන් අර්චුනා මහතා කීය.
කොළඹ ජාතික රෝහල ඇතුළු රටපුරා රජයේ රෝහල්වල දියවැඩියා රෝගීන් එන්නත් කරන ‘ඉන්සියුලින්’ ඇතුළු ඖෂධ වර්ග රැසක දැඩි හිඟයක් පවතින බව වෛද්‍යවරු පවසති. කොළඹ ජාතික රෝහලේ දියවැඩියා සායනයේ වෛද්‍යවරු නිර්දේශ කරන ‘ඉන්සියුලින්’ ප්‍රමාණයෙන් අඩක් පමණක් නිකුත් කරන බවත් ඉතිරි ‘ඉන්සියුලින්’ ප්‍රමාණය ගැනීමට පසුව පැමිණෙන ලෙස දැනුම් දෙන බවත් වෛද්‍යවරු පැවසූහ. දියවැඩියා සායනයේ වෛද්‍යවරු නිර්දේශ කරන තවත් ඖෂධ වර්ග රැසක හිඟයක් පවතින බව කියන වෛද්‍යවරු එම ඖෂධ පෞද්ගලිකව මිලදී ගන්නා ලෙස සටහන් කරන බව ද සඳහන් කළේය. රටපුරා සෙසු මූලික සහ දිස්ත්‍රික් රෝහල්වල් බොහෝමයක ‘ඉන්සියුලින්’ දැඩි හිඟයක් පවතින අතර එම රෝහල්වල දියවැඩියා සායනයට පැමිණෙන රෝගීන්ට මාස ගණනකින් ‘ඉන්සියුලින්’ නිකුත් කර නොමැති බව…
විදේශ රැකියාවක නිරතවන ශ්‍රී ලාංකික ශ්‍රමිකයකුට රැකියාව අතරතුරදී සිදුවන මරණයක් සඳහා දෙන රක්ෂණ වන්දි මුදල රුපියල් ලක්ෂ 20 දක්වා ඉහළ නංවා ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා කීය. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විදෙස්ගත ශ්‍රමිකයින් වෙනුවෙන් විශාල වැඩකොටසක් කළ බව කී සභාපතිවරයා විදේශ රැකියා වංචනිකයින්ට හසුවූවන්ට රුපියල් මිලියන 234ක මුදලක් යළි අයකරදීමට හැකිවූ බව සඳහන් කළේය. මේ වන විට කාර්යාංශ පනත යාවත්කාලීන කිරීමටත් අවශ්‍ය පියවර ගනිමින් පවතින බවද සභාපතිවරයා කීය. මේ වසරේ අගෝස්තු වන විට ඇමරිකානු ඩොලර් බිලියන 5.1 ක ප්‍රේෂණ ප්‍රමාණයක් විදෙස්ගත ශ්‍රමිකයින් විසින් මෙරටට එවා තිබෙන බවද සභාපතිවරයා කීය. ඔහු මේ බව…
දූෂණ විරෝධී පනතේ විධිවිධානයන්ට අනුකූලව ලබාදී ඇති වත්කම් බැරකම් ප්‍රකාශයේ සඳහන් තමන්ගේ සහ තම පවුලේ සියලුම වත්කම් උපයා ඇත්තේ නීත්‍යානුකූලව, ආදායම් උපයාගත් ආකාරය පිළිබඳව සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් අවශ්‍ය ඕනෑම අයෙකුට ඒ පිළිබඳව නිසි ක්‍රියාපටිපාටිය අනුගමනය කරමින් පැමිණිල්ලක් ඉදිරිපත් කළ හැකි යැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඊයේ ප්‍රකාශ කළේය. එලෙස පැමිණිලි කරන ඕනෑම අයෙකුට තමන් වත්කම් උපයාගත් ආකාරය අන්තිම සතේට පැහැදිලි කිරීමට බැඳී සිටින බවද මහ බැංකු අධිපතිවරයා පැවැසුවේය. තමන් මේ ආකාරයෙන්ම පසුගිය වසරේ මෙන්ම ඊට පෙරද මෙලෙස වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කර තිබෙන බවද ඔහු පැවැසුවේය. තමන් දේශීය ආදායම් දෙපර්තමේන්තුවේ ආදායම් බදු ලිපි ගොනුවක් විවෘත කරනු…
