Author: LANKA24X7

එළඹෙන අයවැය යෝජනාවලිය මගින් සියළුම රජයේ සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අමාත්‍ය මණ්ඩලය අමතා අද (30) පැවසීය. රජයේ සේවකයින්ගේ වැටුප් වැඩි වීමට සමගාමීව පෞද්ගලික අංශයේ පඩියද වැඩි කරන ලෙස ඉල්ලීමක් කරන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් කීවේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම කරුණු සඳහන් කළේ කොළඹ ජනාධිපති කාර්යාලයේ පැවැති අමාත්‍ය මණ්ඩල හමුවේදීය. ආණ්ඩුව රජයේ සේවකයින්ගේ වැටුප් වැඩි කරන බව දැනගෙන ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු ඇතැම් කණ්ඩායම් එය ඔවුන්ගේ බලපෑම අනුව සිදු වූ බවට පැවසීමට උත්සාහ දැරීම කිසිදු පදනමක් නැති කතාවක් යැයිද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් කීවේය. දිනෙන් දිනම බඩු මිල වැඩි වෙනවා…

Read More

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ 30 වැනි තරගය ලෙස පූනේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ (30) පැවැති තරගයේදී ඇෆ්ගනිස්තාන් ක්‍රීඩකයෝ කඩුලු 7 කින් ශ්‍රී ලංකාව පරාජය කරමින් තවත් පෙරළිකාර ජයක් ලැබීමට සමත් වූහ. ඇෆ්ගනිස්තාන් පිල ලකුණු 242 ක ඉලක්කය ඕවර 45.2 කදී කඩුලු 3 ක් පමණක් දැවී සම්පූර්ණ කළේය. ඇෆ්ගනිස්තානය මෙම ජයග්‍රහණයත් සමග තරග හයකින් තරග තුනක් ජය ලබා ප්‍රසාද ලකුණු 6 ක් සමගින් ප්‍රසාද ලකුණු සටහනේ පස්වැනි ස්ථානය දක්වා උසස්වීම් ලැබීය. ශ්‍රී ලංකාව සහභාගි වූ තරග හයෙන් තරග 4 ක් පරාජයට පත්ව සිටින අතර මෙම පරාජයත් සමග ප්‍රසාද ලකුණු සටහනේ හයවැනි ස්ථානය දක්වා පහතට වැටුණි. ශ්‍රී ලංකා ක්‍රිකට්…

Read More

හයිලෙවල් මාර්ගයේ කොස්ගම අලුත් අම්බලම ප්‍රදේශයේ දී බස් රථයක් මතට මාර්ගය අයිනේ තිබූ විශාල අඹ ගසක් කඩා වැටීමෙන් අනතුරක් සිදුව ඇතැයි කොස්ගම පොලිසිය පවසයි. ධාවනය වූ බස් රථය මතට ගස වැටෙනවාත් සමග එය දැක ඇති බස් රථයේ රියදුරු එක්වරම තිරිංග තද කිරීම නිසාවෙන් සිදු වීමට ගිය විශාල අනතුරක් වැලැකී ගොස් ඇත. අනතුරින් සුළු තුවාල ලැබූ බස් මගීන් සාලාව දිසා රෝහලට සහ අවිස්සාවේල්ල මූලික රෝහලට ඇතුලත් කර ඇත එම අඹ ගස ඇද වැටීම නිසාවෙන් බස් රථයේ ඉදිරිපස විශාල අලාභහානි සිදුව ඇති බවද පොලිසිය පවසයි. අදාල ගස මාර්ගය හරහා ඇද වැටීම හේතුවෙන් හයිලෙවල් මාර්ගය අවහිර වීම නිසාවෙන් ගමනාගමන කටයුතු ද ඇණ හිට…

Read More

ගාසා තීරයට දිගට හරහට පහර දෙන්නේ හමාස් සටන්කාමීන් මුලිනුපුටා දැමීමට බවත්, ගාසා තීරයේ සටන් විරාමයක් ආරම්භ නොවනු ඇති බවත් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු මාධ්‍ය හමුවක් පවත්වමින් පවසා තිබේ. හමාස් සටන්කාමීන් අඩපණ කරමින්, ඔවුන්ගේ ග්‍රහණයේ සිටින ඊශ්‍රායල වැසියන් 230 දෙනා බේරා ගැනීම ඊශ්‍රායල හමුදාවේ ප්‍රධාන අරමුණ බවත්, ඒ සඳහා ජාත්‍යන්තරයේ සහාය අපේක්ෂා කරන බවත් ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා එම මාධ්‍ය හමුවේ දී වැඩිදුරටත් පැහැදිලි කළේය. කිසිදු කොන්දේසියක් නොමැතිව, හමාස් සටන්කාමීන් ප්‍රාණ ඇපයේ රඳවන් සිටින ඊශ්‍රායල වැසියන් වහා නිදහස් කළ යුතු බව ද නෙදන්යාහු පැහැදිලි කර තිබේ. හමාස් ප්‍රාණ ඇපයේ සිටින ඊශ්‍රායල වැසියන්ගෙන් 33 දෙනකු කුඩා දරුවන් බව ද පැවැසෙයි. ‘සටන් විරාමයකට යන්නැයි රටවල්…

Read More

පොලිස් නිළධාරීන්ගේ ගිනි අවියක් උදුරා ගැනීමට උත්සාහ කළ පුද්ගලයකු මෙරට නිශ්පාදිත අත්බෝම්බයක් සහ මන්නා පිහියක් සමග ඊයේ පස්වරුවේ අත්අඩංගුව ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි . මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර මෝදරවිල ප්‍රදේශයේ පදිංචි 26 හැව්රිදි පුද්ගලයකු බව පොලිසිය කීය. ජංගම සංචාරයේ යෙදී සිටී පොලිස් නිළධාරීන් තිදෙනකුට සැකසිතී සැකකරුව පරීක්ෂා කිරීමේදී ඔහු පොලිස් නිළධාරීන් සමග ගැටුමක් ඇතිකර ගෙන එහිදී රාජකාරි ගිනිඅවිය උදුරා ගැනීමට උත්සාහ කර ඇති බවද පොලිසිය කීය. එහිදී පොලිස් නිළධාරීන් දැඩි වෙහෙසක් දරා සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවත් , ඔහුව පරීක්ෂා කිරීමේදී මෙරට නිශ්පාදිත අත්බෝම්බයක් සහ අසල විදුලි පහන් කනුවක් අසල සගවා තිබූ අඩි එකහමාරක් පමන දිගැති මන්නා පිහියක්…

Read More

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ රසායනාගාරයෙන් රුපියල් ලක්ෂයකට ආසන්න දේපල සොරාගෙන ගොස් ඇතැයි බොරැල්ල පොලිසිය කියයි. සොරාගෙන ගිය දේපල අතර ආහාර පරික්ෂා කිරීම් සඳහා යොදාගන්නා වර්ග දෙකකින් යුත් රසායනික ද්‍රව්‍ය බෝතල් 7 ක් හා පරික්ෂා කිරීම සඳහා තබා තිබූ සූදුරු පැකට් තුනක් වන බව එම ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක වරයෙකු පැමිණිලි කර ඇත. බොරැල්ල ඇල්විටිගල මාවතේ වික්ටෝරියා පෙදෙසේ පිහිටි ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ පළමු මහලේ පිහිටි රසායනාගාරයේ ජනේලයක් කඩා ඇතුළු වී මෙම සොරකම සිදුකර ඇති බව නියෝජ්‍ය අධ්‍යක්ෂක වරයා කරන ලද පැමිණිල්ලේ සඳහන් වන බව පොලිසිය කියයි. බොරැල්ල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජනක ප්‍රියදර්ශන විතානගේ මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශය…

Read More

ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා සමගි ජන බලවේගයේ සභාපතිධුරයෙන් ඉවත් කිරීමට හෝ විනය පියවර ගැනීමට හෝ කිසිදු සාකච්ඡාවක් පක්ෂය තුළ සිදුකර නොමැති බව එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසීය. සමගි ජන බලවේගයේ සභාපති සරත් ෆොන්සේකා මහතා පිළිබඳ පළවන මාධ්‍ය වාර්ථා සම්බන්ධයෙන් ප්‍රතාචාර දක්වමින් ඔහු මේ බව සඳහන් කලේය. සරත් ෆොන්සේකා මහතා සම්බන්ධයෙන් පලවන මාධ්‍ය වාර්ථා පිලිබඳ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් ඔහු මුන ගැසී සාකච්ඡා කළ බවත් යම් යම් සීමා ඔස්සේ කටයුතු කිරිමේ එකඟතාවයකට එහිදී පැමිණි බවත් අත්තනායක මහතා කීවේය. එමෙන්ම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය සරත් ෆොන්සේකා මහතා කිසිදිනක ඉල්ලිමක් කර නොමැති බවත් පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත්…

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දිරිගන්වා ලෙස දීර්ඝ කාලයක් කටයුතු කළ පර් සි අබේසේකර මහතා ඊයේ (30) පස්වරුවේ අභාවප්‍රාප්ත වී තිබේ. කළුතර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ඒ මහතා පසුගිය කාලයේ රෝගාතුරව සිටි අතර ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දීමට නියමිතය.

Read More

අගෝස්තු මාසය සඳහා අස්වැසුම ගෙවීම් හෙට (1) සිට අරඹන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය. ඒ අනුව අදාළ මුදල් එදිනට ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම්වලට බැර කෙරෙනු ඇතැයි මුදල් අමාත්‍යාංශය පවසයි. එමෙන්ම සැප්තැම්බර් මාසය සඳහා වන දීමනාවද නොවැම්බර් මාසයේදී ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් ගිණුම්වලට බැර කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. අස්වැසුම ප්‍රතිලාභ ගෙවීම සඳහා රුපියල් කෝටි 850 ක මුදලක් වෙන් කර ඇත. මීළඟ අදියරේ මුදල් බැර කිරීමට සිටින ප්‍රතිලාභී පවුල් සංඛ්‍යාව ලක්ෂ 10 කට වැඩිය .

Read More

සහල් වැඩි මිලට අලෙවි කරන වෙළෙදුන් පිළිබදව නොපමාව 1977 ට දැනුම් දෙන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටි. පාරිභෝගික අධිකාරිය මගින් සුදු හා රතු නාඩු සහල් කිලෝව රුපියල් 220 ක් ද කීරි සම්බා කිලෝව රුපියල් 260 ක් ද සම්බා කිලෝව රුපියල් 230 ක් ද රතු හා සුදු කැකුළු කිලෝව රුපියල් 210 ක් ද වශයෙන් පාලන මිලක් නියම කර තිබේ. මෙම පාලන මිල ඉක්මවා සහල් අලෙවි කරන වෙළෙදුන් සොයා වැටලීම් ආරම්භ කර ඇතැයි පවසන පාරිභෝගික අධිකාරිය පාලන මිලට වැඩියෙන් සහල් අලෙවි කරන වෙළෙදුන්ට රුපියල් ලක්ෂයක අවම දඩයක් නියම කරන බව ද කියා සිටී. බොහෝ වෙළෙදුන් වැඩි මිලට සහල් අලෙවි…

Read More