Author: LANKA24X7

ඊශ්‍රායලය සහ එක්සත් ජනපදය එක්ව ඉරානයට ප්‍රහාර එල්ල කර අදට දින 7ක් ගතවෙයි. එවන් පසුබිමක මේ වන විට මැදපෙරදිග යුද ගැටුම් තවදුරටත් උත්සන්න වී ඇත. Update – 05:53 AM ඉරානය විසින් බහරේනයේ මනමා අගනුවර හෝටල් දෙකක් සහ නේවාසික ගොඩනැගිල්ලක් ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල කර ඇති බව බහරේන් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පවසයි. එම ප්‍රහාරයෙන් දේපොළ හානි සිදුව තිබුණද ජීවිත හානි කිසිවක් වාර්තා නොවූ බව වාර්තා වෙයි.

Read More

දෙවැනි ඉරාන නෞකාවත් මේ වනවිට ඇත්තේ ශ්‍රී ලංකාවේ මුහුදු සීමාවේ නොවන බවත්, එය මෙරට මුහුදු සීමාවට ආසන්න අනන්‍ය ආර්ථික කලාපයේ ඇති බවත් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. අද (05) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් තවත් ඉරාන නෞකාවක් කොළඹ වරායට නුදුරේ ස්ථානගතව ඇතැයි අනාවරණය කළේය. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා සිටියේ, විපක්ෂ නායකවරයා දන්නා කරුණුවලට වඩා බොහෝමයක් තොරතුරු රජය දන්නා බවත් ප්‍රශ්නය නිරාකරණය කරගැනීම සඳහා ජීවිත හානි අවම කරගැනීම සඳහා මෙන්ම කලාපීය සාමය ආරක්ෂා කරගැනීමට අවශ්‍ය මැදිහත් වීම සිදුකරන බවය. මේ සම්බන්ධයෙන් කටයුතු අවසන් වූ වහාම සවිස්තර වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද අමාත්‍යවරයා…

Read More

ව්‍යාජ ඔප්පු සැකසීමේ චෝදනාවකට වරදකරු කෙරුණු නීතීඥවරියකට කොළඹ මහාධිකරණය විසින් අද (05) වසර 12ක සිරදඬුවම් නියම කළ බව “අද දෙරණ” වාර්තාකරු පැවසීය. දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනවිය විසින් මෙම නියෝගය ප්‍රකාශයට පත් කළාය. කෙසේ වෙතත් එම දඬුවම වසර හයකින් ගෙවී යා යුතු බවත් තීන්දුවේ සඳහන් වුණි. බොරැල්ල ප්‍රදේශයේ ඉඩමක් සඳහා ව්‍යාජ ඔප්පු සැකසීම ඇතුළු චෝදනා දෙකක් යටතේ මෙම විත්තිකාර නීතිඥවරියට එරෙහිව නීතිපතිවරයා විසින් අධි චෝදනා ගොනු කර තිබුණි. නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරිය සඳහන් කළේ විත්තිකාරියට එරෙහිව එල්ල කර තිබෙන චෝදනා දෙක සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිල්ල සමත් වී ඇති බවය. ඒ අනුව…

Read More

ඊශ්‍රායලයේ ප්‍රධාන ගුවන්තොටුපළ වන බෙන් ගුරියොන් ගුවන්තොටුපළ නැවත විවෘත කර ඇති බවට විදෙස් වාර්තා පවසයි. ඉරානයට එරෙහිව අමෙරිකාව සහ ඊශ්‍රායලය ඒකාබද්ධ ප්‍රහාර ආරම්භ කිරීමත් සමඟ පසුගිය සෙනසුරාදා වසා දැමූ බෙන් ගුරියොන් ගුවන්තොටුපළ දින 5කට පසු මෙලෙස නැවත විවෘත කර ඇත. විදේශයන්හි අතරමංව සිටි ඊශ්‍රායල වැසියන් රැගත් පළමු ගුවන්යානය ග්‍රීසියේ ඇතැන්ස් නුවර සිට අද (05) උදෑසන බෙන් ගුරියොන් ගුවන්තොටුපළට ළඟා වී තිබේ. ගුවන් සීමාව වසා දැමීම නිසා ඊශ්‍රායලට පැමිණීමට නොහැකිව විදේශ රටවල රැඳී සිටින ඊශ්‍රායල වැසියන් 100,000ක් පමණ නැවත රැගෙන ඒමට එරට ගුවන් සේවාවල සහය ලබා ගැනීමට නියමිත බවද සඳහන් වෙයි. පවතින ආරක්ෂක තත්ත්වය සලකා බලමින්, ඊශ්‍රායල ගුවන් සීමාව අදියර කිහිපයකින්…

Read More

දිට්වා සුළිකුණාටුව සඳහා පූර්ණ සූදානමක් නොමැතිවීම සම්බන්ධයෙන් පූර්ණ අධ්‍යනයක් සිදු කර වාර්තා කිරීමටත් ඒ සඳහා සිය යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සේවය කිරීමට තවත් මන්ත්‍රීවරුන් පිරිසක් පත් කර තිබේ. ඒ අනුව ප්‍රසන්න ගුණසේන, ඇන්ටන් ජයකොඩි, අරුණ ජයසේකර, අනුරාධ ජයරත්න, හෙක්ටර් අප්පුහාමි, රෝහිණි කුමාරි විජේරත්න, එම්.කේ.එම් අස්ලම්, අනුෂ්කා තිලකරත්න, කන්දසාමි ප්‍රභූ, රුවන් මාපලගම සහ පද්මනාදන් සත්‍යලිංගම් පත් කරන බව කථානායකවරයා අද (05) පාර්ලිමේන්තුවට දැනුම්දුන්නේය. මෙම විශේෂ කාරක සභාවේ සභාපතිවරයා ලෙස නලින්ද ජයතිස්ස මහතා කටයුතු කරයි.

Read More

අද (05) අලුයම ඉරානයෙන් ඊශ්‍රායලය දෙසට මිසයිල ප්‍රහාර කිහිපයක් දියත් කළ බව ඊශ්‍රායල හමුදාව පවසයි. ප්‍රහාර හේතුවෙන් කිසිදු ජීවිත හානියක් වාර්තා වී නොමැති බව එරට හදිසි සේවය උපුටා දක්වමින් AFP පුවත් සේවය වාර්තා කර තිබේ. පැය දෙකක් තුළ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර, ජෙරුසලමේ පිපිරීම් හඬ ඇසුණු බවද වාර්තාකරුවන් පවසා ඇත.

Read More

රුපියල් කෝටි දෙකකට අධික මුදලක් අල්ලස් ලෙස ලබාගැනීමේ චෝදනාවකට සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශ්‍රාමික ප්‍රධාන ලිපිකරුවෙකු අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආපන ශාලාවේ දී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය. 2018 වසරේදී සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පුද්ගලික ආයතනයකින් ගොඩනැගිල්ලක් කූලී පදනම මත ලබාගැනීමෙන් පසු ඒ සඳහා අමාත්‍යාංශයෙන් චෙක්පත් මඟින් කුලී මුදල් ගෙවීමේදී අදාළ චෙක්පත් ප්‍රමාදයකින් තොරව ලබාදීම සඳහා සැකකරු විසින් මෙලෙස අල්ලස් ඉල්ලා ඇති බව සඳහන්ය. අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 17 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. මේ අතර රුපියල් ලක්ෂ 50ක මුදලක් අල්ලස් ලෙස ලබාගැනීමේ…

Read More

යුද ගිනි ඇවිළෙන මැදපෙරදිග – නවතම යාවත්කාලීන කිරීම් මෙතැනින් ඊශ්‍රායලය සහ එක්සත් ජනපදය එක්ව ඉරානයට ප්‍රහාර එල්ල කර අදට දින 6ක් ගතවෙයි. එවන් පසුබිමක මේ වන විට මැදපෙරදිග යුද ගැටුම් තවදුරටත් උත්සන්න වී ඇත. Update – 06.25 AM සයිප්‍රසයේ දකුණුදිග ප්‍රදේශයේ පිහිටි බ්‍රිතාන්‍ය හමුදා කඳවුරට පහරදුන් ඩ්‍රෝන යානය ඉරානයෙන් දියත් නොකර ඇති බව එරට ආරක්ෂක අමාත්‍යංශය පවසයි. ……………………. Update – 04.17 AM වයඹ දිග ඉරානයේ බුකන් නගරයට දරුණු ලෙස බෝම්බ හෙළීමක් සිදු කර ඇති බව එරට අර්ධ රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සියක් පවසයි. ………………….. Update – 03.45 AM ඉරානයට එරෙහිව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිදු කරන මිලිටරි ක්‍රියමාර්ග සීමා කිරීමට එරට…

Read More

අමෙරිකානු සැබ්මැරීනයක සිට එල්ල කළ ටොපිඩෝවක් උපයෝගි කරගනිමින් ජාත්‍යන්තර මුහුදු සීමාවේදී ඉරාන නෞකාවක් මුහුදු බත්කළ බව අමෙරිකානු ආරක්ෂක ලේකම් පීටර් හෙග්සෙත් පවසයි.

Read More

ශ්‍රී ලංකාවට නාවික සැතපුම් 40ක් පමණ දුරින් අනතුරට ලක්වූ ඉරාන යුද නෞකාවට ප්‍රහාරයක් එල්ලවීමෙන් මුහුදුබත්වී ඇති බවට විදෙස් මාධ්‍ය සිදුකෙරෙන ප්‍රකාශ සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් බුද්ධික සම්පත් මහතා පවසයි. ඉරාන නෞකා අනතුර සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව අද (04) පැවැත්වූ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. “මූලික වශයෙන් අපි බලන්නේ ආපදාවට ලක්වූ යාත්‍රාවේ ජීවිත ආරක්ෂා කිරීම. ඉන් පසුව තමයි මෙය කුමණ ආකාරයකින් සිදුවුණේද යන්න සම්බන්ධයෙන් විමර්ශන සහ තාක්ෂණික වාර්තාවක් ලබාගන්න පුළුවන් වෙන්නේ. අපේ මේන් ෆෝකස් එක වෙලා තියෙන්නේ තවත් පිරිස් ආරක්ෂාකාරීව ඉන්නවා නම් ඒ අයව බේරගන්න එක. මෙම නෞකාවේ කොපමණ ප්‍රමාණයක් ගියාද…

Read More