Author: LANKA24X7

දේශීය ලොකු ලූණු ගොවියා මුල ඉඳලම මුලාවට පත් කරමින් දේශීය ලොකු ලූනු වගාව ලබන කන්නයේ සිට සම්පූර්ණයෙන් නැවැත්වීමට නිලධාරින් සැලසුම් සකස් කරනවා දැයි බරපතල සැකයක් මතුවන බව දේශීය ලොකු ලූණු ගොවි රජා ලෙස විරුදාවලිය ලත් ගලේවෙල පට්ටිවල ප්‍රදේශයේ දේශීය ලොකු ලූණු ගොවියෙක් වූ එස්.ඒ. රතනපාල මහතා පැවසීය දේශීය ලොකු ලූණු වගාව ලංකාවේ ආරම්භ කළ දවසේ සිට මේ වනතුරු වීශාල භූමි ප්‍රමාණයක ලොකු ලුණු වගා කළ තමන් මෙවර සතොස මගින් ලොකු ලූණු මිලදී ගැනීමේ උත්සාහ පිළිබඳව අදහස් දක්වමින් අද මේ බව සඳහන් කළේය. ලංකාවේ ලොකු ලූණු අවශ්‍යතාවය සම්පූර්ණයෙන්ම ලබා දීමට දේශීය ලොකුලූනු ගොවීන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සමඟ මීට වසර කිහිපයක සිට උත්සහා…

Read More

සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලට පස්වරු 4.00 න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. දිවයිනේ සෙසු ප්‍රදේශවලට ප්‍රධාන වශහයන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.

Read More

අනියම් සැමියාට පහරදී බලෙන් විෂ ශරීරගත කොට ඝාතනය කළ බව කියන අනියම් බිරිය, ඇගේ සහෝදරියන් දෙදෙනා සහ ඥාතියකු අත්අඩංගුවට ගත් බව දොඹ ගහවෙල පොලිසිය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 29, 32 ,36 වියේ පසු වන කාන්තාවන් තිදෙනකු සහ 25 හැවිරිදි පුද්ගලයෙකි. පවුල් ආරවුලක් මත පුද්ගලයකු වස පානය කර මොනරාගල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගිය බවට පොලිසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර තිබූ අතර පශ්චාත් මතන පරීක්ෂණය කිරීමෙන් අනතුරුව එය ඝාතනයක් බවට තොරතුරු අනාවරණය වී ඇත.

Read More

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අදාළ විමර්ශනය කඩිනමින් අවසන් කර ඊට සම්බන්ධ සැකකරුවන් සිටි නම් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්ති කුමාර මහතා අද (29) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය. ඉකුත් දිනයේ අධිකරණය ආශ්‍රිතව සිදුවූ සිදුවීම්වලින් අධිකරණයට අපහාසයක් සිදු වී තිබේදැයි විමර්ශන සිදුකර ඊට වගකිව යුතු පුද්ගලයින් කවුරුන්ද, ඔවුන් සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද යන්න පිළිබඳව මීළඟ නඩු දිනයේ අධිකරණයට දැනුම්දෙන ලෙසත් මහෙස්ත්‍රාත්වරයා මෙහිදී නියම කළේය. ඉන් අනතුරුව නඩුව ජනවාරි මස 28 වනදා කැඳවීමට නියම විය.

Read More

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තනිය වන ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවක් දෙසැම්බර් මස 10 වන දා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය. මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුලි මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී ඇප මත මුදාහැර සිටින විත්තිකරුවන් අධිකරණයේ පෙනී සිටියේය. එහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරයට අදාළ ලේඛන සියල්ල විත්තියට භාරදී තිබෙන බවත් ඒ අනුව මෙම නඩුව විභාගය සඳහා දින නියම කිරීමට හැකියාව තිබෙන බවත් සඳහන් කළේය. එම අවස්ථාවේදී විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස්…

Read More

ඉන්දියාවෙන් පිටුවහල් කළ මෙරට අපරාධවලට සම්බන්ධ පුද්ගලයින් තිදෙනෙක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ මෙම සැකකරුවන් ඉන්දියාවෙන් මෙරටට පිටුවහල් කර ඇති බව වාර්තා වෙයි. ඔවුන් ශ්‍රී ලංකාවේ සිට නීතිවිරෝධී ලෙස තමිල්නාඩුවට ඇතුළු වූ පුද්ගලයින් තිදෙනෙකු බව ඉන්දීය ප්‍රවෘත්ති වාර්තා කර තිබුණි. මෙම තිදෙනා මීට දින 15කට පෙර බෝට්ටුවකින් නීතිවිරෝධී ලෙස තමිල්නාඩුවට ඇතුළු වී ඇති බව වාර්තා වේ. ඉන්දියාවට පැමිණ රැඳී සිටීමට මෙම තිදෙනා සතුව කිසිදු ලියකියවිලි නොමැති බව අනාවරණය විය. ශ්‍රී ලංකාවේ මෙම තිදෙනාට එරෙහිව විවිධ නඩු විභාග වෙමින් පවතින බව ද වාර්තා වේ. මෙම තත්ත්වය තුළ, ඉන්දියානු ගුවන් සේවයට අයත් යානයකින් තිදෙනා පිටුවහල් කර ඇති…

Read More

අස්වැසුම දෙවන අදියර සඳහා සුදුසකම් ලැබූ ප්‍රතිලාභීන් වහාම බැංකු ගිණුම් විවෘත කර ගන්නැයි සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි. අස්වැසුම සුබ සාධක ප්‍රතිලාභ වැඩසටහනේ දෙවන අදියර යටතේ ප්‍රතිලාභ ලැබීමට තේරී පත් වු ප්‍රතිලාභීන්ගේ නාමලේඛන ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ප්‍රදර්ශනය කර ඇතැයි ද එම ප්‍රතිලාභීන් අතරින් මේ වන විටත් අදාළ ප්‍රතිලාභ බැර කිරීම සඳහා වූ බැංකු ගිණුම් විවෘත කර නොමැති ප්‍රතිලාභීන් සිටින බව නිරීක්ෂණය වී ඇතැයි ද සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය කියයි. මෙලෙස අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහනේ දෙවන අදියර සඳහා තේරී පත්ව මෙතෙක් බැංකු ගිණුමක් විවෘත නොකරන ලද ප්‍රතිලාභීන් තමා අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගොස් බැංකු ගිණුම විවෘත කිරීමට අදාළ ලිපිය ලබාගෙන එම ලිපිය මහජන…

Read More

මාදුරුඔය යුද හමුදා පුහුණු පාසලේ පුහුණුවක් අතරතුරදී අද(29) අත් බෝම්බයක් පිපිරීමෙන් යුද හමුදා සෙබළුන් තිදෙනකු තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇති බව අරලගංවිල පොලිසිය කියයි.‍ ශ්‍රී ලංකා යුද හමුදාව සහ රුසියානු හමුදා ඒකාබද්ධව පවත්වනු ලබන වොල්වරින් පාත් පුහුණු අභ්‍යාසය මාදුරුඔය යුද හමුදා පුහුණු පාසලේදී පසුගිය 27 වෙනිදා ආරම්භ විය. සතුරු බංකර විනාශ කිරීමේ නිදර්ශනය සිදුකරමින් සිටියදී මෙම ජීව අත්බෝම්බය පුපුරා ඇති අතර ඉන් ශ්‍රි ලංකා යුද හමුදාවේ සෙබලුන් තිදෙනෙකු තුවාල ලබා ඇති බවත්, රුසියානු ජාතික හමුදා සෙබළුන්ට කිසිදු තුවාලයක් සිදු වී නොමැති බවද මාදුරුඔය යුද හමුදා කඳවුරේ නිලධාරියෙකු අප කළ විමසීමකදී පැවසීය. ෙසෙබලුන් තිදෙනාගේ පාදවලට තුවාල සිදුව ඇති…

Read More

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව තුළ මුද්‍රණය නොකළ ජාතික හැදුනුම්පත් අයදුම්පත් ලක්‍ෂ 15 ක් පමණ වසර කීපයක සිට ගොඩගැසී ඇති බව එම දෙපාර්තමේන්තු ආරංචිමාර්ග සඳහන් කරයි. මෙම ජාතික හැදුනුම්පත් ලක්‍ෂ 15 ක සංඛ්‍යාවට 2006 වසරේ සිට 2010 වසර දක්වා වසර 5 තුළ උපත ලැබූ පාසල් දරුවන්ගේ හැදුනුම්පත් ඇතුළත්ව ඇති බවත් මෙම අයදුම්පත් වෙනුවෙන් ලිපියක් පමණක් අයදුම්කරුවන්ට යොමුකර ඇති බවත් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙ උසස් නිලධාරියකුගෙන් කළ විමසුමකදී පැවසීය. වසරකට පාසල් දරුවන් ලක්‍ෂ 3 ක් පමණ ජාතික හැදුනුම්පත් ගැනීමට අයදුම් කරන බවත් 2005 වසරේ උපත ලැබූ දරුවන්ගේ ජාතික හැදුනුම්පත් මේ වන විට මුද්‍රණය අවසන් අදියරේ පවතින බවත් ඔහු කීය. 2006 වසරේ උපත…

Read More

මෝටර් වාහන (මත්ද්‍රව්‍ය) නියෝග පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. මහා මාර්ගයක මෝටර් වාහනයක් ධාවනය කරනු ලබන රියදුරෙකු විසින් මත්ද්‍රව්‍ය කිසිවක් ගෙන ඇති බවට පොලිස් නිලධාරියෙකු විසින් සැක කරනු ලබන අවස්ථාවක පරීක්ෂා කරනු ලැබීම සඳහා එම තැනැත්තා ආණ්ඩුවේ වෛද්‍ය නිලධාරියෙකු වෙත ඉදිරිපත් කරනු ලැබීම නීත්‍යනුකූල විය යුතු බව මෝටර් වාහන පනතේ විධි විධාන යටතේ දක්වා තිබේ. එහෙත්, එකී නිශ්චය කිරීම සඳහා පරීක්ෂණයක් පවත්වනු ලැබිය හැකි ක්‍රමය සහ ආකාරයක්, මත් ද්‍රව්‍ය ගෙන ඇතැයි සලකනු ලැබිය යුතු මත්ද්‍රව්‍ය සාන්ද්‍රණයේ ප්‍රමාණය පිළිබඳව විධිවිධාන ඇතුළත් නියෝග නිකුත් කර නොතිබුණි. එබැවින්, මත්ද්‍රව්‍ය භාවිත කොට රිය පදවනු ලබන රියදුරන් පරීක්ෂා කිරීමට හැකි වන පරිදි…

Read More