Author: LANKA24X7

2018 දී හෙද පුහුණුව සඳහා බඳවා ගත් පුහුණුලාභීන් සියලුම දෙනාට පත්වීම් ලබාදීමට මහා භාණ්ඩාගාරය එකඟතාවය පළ කළ බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති ජනාධිපති වෘත්තිය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පැවසීය. සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් 2018 වසරේ දී හෙද පුහුණුව සඳහා 2518 ක සිසු පිරිසක් බඳවා ගෙන පුහුණුව ලබා දුන් නමුත් රටේ පැවති මූල්‍ය අස්ථාවරත්වය ඇතුළු කරුණු නිසා මෙයින් 1000කට පමණක් පත්වීම් ලබා දීමට මහා භාණ්ඩාගාරය මුල් අවස්ථාවේ තීරණය කර තිබිණි. හෙද සිසු සිසුවියන්ගේ සහ ඔවුන්ගේ මවුපියන් ගේ ඉල්ලීම මත රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය මැදිහත් වී මුදල් අමාත්‍යංශයට, සෞඛ්‍ය අමාත්‍යවරයාට සහ ජනාධිපතිවරයාට මේ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීම මත 2018 දී…

Read More

හක්ක පටස් එකක් පිපිරීමෙන් බරපතළ තුවාල ලැබූ පාසල් සිසුවෙකු ප්‍රතිකාර සඳහා රෝහල්ගත්කර තිබේ. මෙම පුවත වාර්තාවන්නේ මහනුවර අලදෙණිය ප්‍රදේශයෙනි. මෙලෙස බරපතළ තුවාල සිදුව ඇත්තේ මහනුවර අලදෙණිය ප්‍රදේශයේ පදිංචි 15හැවිරිදි වියේ පසුවන පාසල් සිසුවෙකි. පාසල් සිසුවා පසුගියදා පාසල නිමවී නිවසට යමින් සිටියදී මාර්ගය අසළ තිබූ බෝලයක් වැනි යමක් දැක එයට පයින් ගසා ඇත. එහිදී එක්වරම එම හක්ක පටස් එක පිපිරීයාම හේතුවෙන් සිසුවාගේ පාදයට බරපතළ තුවාල සිදුව තිබේ. මෙම සිදුවීමත් සමග ප්‍රදේශයේ හදිසි සෝදිසි මෙහෙයුමක් ආරම්භ කළ පොලීසිය විසින් සැකපිට පුද්ගලයින් දෙදෙනෙකු හක්ක පටස් 9ක් සමග අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 25 ක සහ 27ක තරුණයින් දෙදෙනෙකි. ඉන්…

Read More

මෙරට තරුණ තරුණියන් රවටමින් මිනිස් ජාවාරමක් සිදුකළ චීන ජාතිකයෙකු තැනැත්තන් වෙළෙඳාම, ජාවාරම් විමර්ශන හා සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. තායිලන්තයේ තොරතුරු තාක්ෂණ අංශයේ රැකියා ලබාදෙන බව පවසමින් ශ්‍රී ලාංකිකයන් 70කට අධික සංඛ්‍යාවක් විදෙස්ගත කරවමින් මෙම ජාවාරම සිදුකර තිබුණි. සැකකරු මීගමුව අධිකරණයට ඊයේ (10) ඉදිරිපත් කිරීමෙන් පසුව එළඹෙන 19 වනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි. තොරතුරු තාක්ෂණ අංශයේ රැකියා ලබාදෙන බව පවසමින් රුපියල් ලක්ෂ 2 සිට 5 දක්වා මුදල් ලබාගෙන මෙරට තරුණ තරුණියන් 70කට අධික සංඛ්‍යාවක් චීන ජාතිකයෙකු විසින් මෙලෙස තායලන්තයට සංචාරක වීසා මත යවා තිබුණි. එලෙස තායිලන්තයට ගිය කණ්ඩායම ඉන් අනතුරුව නීතිවිරෝධී අයුරින් බෝට්ටු මාර්ගයෙන් එරට සිට…

Read More

වෛද්‍යවරුන්ගේ විරෝධතාවයක් හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සිට ටවුන් හෝල් දෙසට මාර්ගය අවහිර වී ඇතැයි වාර්තා වේ. අප වාර්තාකරු පැවසුවේ මේ හේතුවෙන් එම ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් පවතින බවය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් සංවිධානය කර තිබූ විරෝධතාවයට වෛද්‍යවරු විශාල පිරිසක් සම්බන්ධ වී සිටි අතර දැඩි ආරක්ෂාවක් ද යොදා තිබුණි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළේ, වෛද්‍යවරුන් මුහුණදෙන ගැටලු සම්බන්ධයෙන් රජය විසඳුම් ලබානොදීමට විරෝධය පළකරමින් මෙම විරෝධතාව පවත්වන බවය.

Read More

අනුරාධපුර, තලාව නගරයේ දී ඉන්ධන ප්‍රවාහන බවුසර් රථයක් යතුරුපැදියක ගැටී සිදුවු අනතුරකින් කුඩා දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබේ. තලාව නගර මධ්‍යයේ පිහිටි වටරවුමේදී බවුසර් රථයක් හා යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබුණේ ඊයේ (10) රාත්‍රී 7.00ට පමණය. අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, තලාව කරගහවැව ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 10ක් වන ඩබ්ලිව්. නිසල්‍යා නෙත්සරණී විමලසේන නම් දියණියකි. ඇය ලබන ඉරිදා පැවැත්වීමට නියමිත ශිෂ්‍යත්ව විභාගයට මුහුණදීමට සිටි ශිෂ්‍යාවක් බව ද අනාවරණය වී තිබේ. කොළඹ සපුගස්කන්ද ප්‍රදේශයේ සිට අනුරාධපුර දක්වා ධාවනය කෙරෙමින් තිබූ ඉන්ධන රැගත් බවුසරයක තලාව නගරයේ පිහිටි වටරවුමේදී දකුණු දෙසින් පැමිණි යතුරුපැදිය ගැටී අනතුර සිදුව තිබුණි. යතුරුපැදියේ මියගිය දැරිය සහ ඇගේ මව…

Read More

තැපැල් කාර්යාල හරහා සපයන මහජන සේවා පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් මේ වන විට උද්ගත වී ඇති බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසයි. එහි කැදවුම්කරු කේ.එම් චින්තක බණ්ඩාර මහතා පැවසුවේ, රජය සහ තැපැල් පරිපාලනය ගනු ලබන තීන්දු තීරණ මෙන්ම පවතින ගැටලුවලට නිසි විසඳුම් ලබානොදීම මෙම තත්ත්වයට හේතු වී ඇති බවය. “තැපැල් දෙපාර්තමේන්තුව සඳහා අවුරුදු 10කට ආසන්න ප්‍රමාණයකින් බඳවා ගැනීම් සිදුකරලා නෑ. 5,000කට ආසන්න නිලධාරීන් ප්‍රමාණයක් ඉන්න ඕනේ හැබැයි 2‍,000කට ආසන්න ප්‍රමාණයක් පුරප්පාඩු විදියට පවත්වාගෙන යන්නේ. ඒ තුළ මහජන සේවා ලබාදීම විශාල ගැටලුවක් වෙලා තියෙනවා. ඒ වගේම විශේෂයෙන්ම මහජනතාවට පිංපඩි, විශ්‍රාම වැටුප්, රජයේ විවිධ ගෙවීම් සිදුකරනවා. මේ ගෙවීම් සිදුකිරීමට අවශ්‍ය මුදල්…

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිල සංචාරයක් සඳහා මෙම 14 වැනිදා චීනය බලා පිටත්ව යාමට නියමිතය. ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී චීන රජය සමග සාකච්ඡා වටයක් පැවැත්වීමට ද නියමිත ය. මෙම සංචාරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ චීන ජනාධිපති ෂී ජින් පින් මහත්වරුන් අතර විශේෂ හමුවක් ද පැවැත්වීමට නියමිත බව ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය. ශ්‍රී ලංකාවෙි වැඩිම ණය හිමියා වන්නේද චීනයයි.

Read More

විදුලිබල මණ්ඩලයේ ඉල්ලීමක කර ඇති ආකාරයට මෙම මස සිට විදුලි ගාස්තු ඉහළ දැමීමට ක්‍රියාත්මක කිරීමට අනුමැතිය දීමේ හැකියාව ඇති බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ උසස් නිලධාරියෙක් ඊයේ (10) පැවසීය. ගාස්තු ඉහළ දැමීමට අනුමැති දෙන දිනයේ සිට එය ක්‍රියාත්මක වන බව කී එම නිලධාරියා මහජන උපයෝගිතා පනත ප්‍රකාරව ජනතාවගේ අදහස් ගැනීමට දින 21 ක කාලය ද දී ඇති බව ද සඳහන් කළේය. ජනතාවගෙන් වාචික අදහස් ගැනීම මේ මස 18 වැනිදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව කී එම නිලධාරියා ඉන් පසුව අනුමැතිය දීම හෝ නොදීම පිළිබඳව තීරණය කළ හැකි බව ද සඳහන් කළේය.

Read More

ඉන්දියානු සාගර කලාපීය වටද්දර සංගමයේ (IORA) අමාත්‍ය මණ්ඩල රැස්වීමට සහභාගී වීම සඳහා දිවයිනට පැමිණ සිටින එක්සත් රාජධානියේ ඉන්දු-පැසිෆික් කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ඈන්-මාරී ට්‍රෙවෙලියන් මහත්මිය (Anne-Marie Trevelyan) සහ දකුණු අප්‍රිකාවේ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය නලේඩි පැන්ඩෝර් මහත්මිය (Dr. Naledi Pandor) ඊයේ (10) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී සාකච්ඡා පැවැත්වූහ. එක්සත් රාජධානියේ ඉන්දු-පැසිෆික් කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ඈන්-මාරී ට්‍රෙවෙලියන් මහත්මිය (Anne-Marie Trevelyan) පළමුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වූ අතර ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය ඇතුළු මාතෘකා රැසක් පිළිබඳ එහිදී සාකච්ඡාවට ලක් විය. සත්‍ය හා ප්‍රතිසන්ධානය පිළිබඳ පනත් කෙටුම්පත, මාර්ගගත ආරක්ෂණය පිළිබඳ පනත් කෙටුම්පත සහ ප්‍රතිත්‍රස්ත…

Read More

බේරුවල ගාලු පාර හෙට්ටිමුල්ල වද කහවෙල ප්‍රදේශයේ නිවසක මෙහෙකරු සමග වාසය කළ විවාහක කාන්තාවකගේ ගෙල නයිලෝන් වර්ගයේ කඹයකින් ගැටගසා හිසට ද මල් පෝච්චියකින් පහර දී තුවාල කර ඝාතනයකර ඉකුත් 7 දින පැනගොස් සිටි නිවසේ මෙහෙකාර 58 හැවිරිදි සැකකාර පුද්ගලයා මිරිහාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව බේරුවල පොලිසිය ඊයේ (10)පස්වරුවේ පැවසීය. මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ බේරුවල, ගාලු පාරහෙට්ටිමුල්ල වද කහ වෙල ප්‍රදේශයේ පදිංචිව සිටී පාලමුනිශාන්ති ඇලෙක්සැන්ඩ්‍රා ජයසිංහ (75) නමැති විවාහක කාන්තාවක බව පොලිසිය කීය. මෙම නිවසේ මෙහෙකරු වෘත්තීයයේ නියුතු කම්කරු පුද්ගලයා පසුගිය හත්වන දින දින හතරක නිවාඩුවට බලංගොඩ විකිලිය වත්ත ඔහුගේ ගමට ගොස් එදින සවස මෙම නිවසට නැවත සේවයට පැමිණ තිබෙන අතර…

Read More