Author: LANKA24X7

ඉන්දියානු ණය සහනාධාර යටතේ ඉන්ධන ආනයනය කිරීමට ගත් ණය පියවීම සඳහා රුපියල් කෝටි විසි තුන් දහස් එකසිය පනහක ( 23150) ප්‍රතිපාදන අනුමත කිරීම සඳහා පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කිරීමට රජය තීරණය කර ඇත. මෙම පරිපූරක ඇස්තමේන්තුවට රජයේ මුදල් පිළිබඳ පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිවිය. එම ඇස්තමේන්තුවට කැබිනට් මණ්ඩලයේද අනුමැතිය ලැබී ඇත. රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගිය 31 වැනිදා රැස්විය. පරිපූරක ඇස්තමේන්තුවට අනුමැතිය හිමි වූයේ එම රැස්වීමේදීය. මේ අනුව මෙම මුදල් ලංකා ඛනිජ තෙල් සංස්ථාව මහා භාණ්ඩාගාරයෙන් ගත් ණය පියවීමටත් මහා භාණ්ඩාගාරය ඉන්දියානු ණය සහනාධාර යටතේ ගත් ණය…

Read More

ආර්ථිකය ගොඩනැඟීම සඳහා පෞද්ගලික අංශයෙන් ලබාදෙන යෝජනා මෙවර අයවැයට ඇතුළත් කිරීමට අවධානය යොමු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ පෞද්ගලික අංශයේ ආයතන ප්‍රධානීන් සමඟ ජනාධිපති ලේකම් කාර්‍යාලයේ දී පැවැති 2024 අයවැය පූර්ව සාකච්ඡාවකට එක්වෙමිනි. රට මුහුණපා ඇති ආර්ථික අර්බුදයෙන් මිදී ප්‍රකෘතිමත් වීම සහ තිරසාර වර්ධනයක් කරා ගමන් කිරීම අරමුණු කරගත් ප්‍රතිසංස්කරණ වැඩසටහන් පිළිබඳව ද ජනාධිපතිවරයා පෞද්ගලික අංශයේ නියෝජිතයන් සමඟ මෙහිදී සාකච්ඡා කළේය. පෞද්ගලික අංශය දෙන යෝජනා සම්බන්ධයෙන් එක් එක් ක්ෂේත්‍රයන්ට අදාලව වෙන වෙනම සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය. එහිදී පෞද්ගලික අංශයේ ආයතන ප්‍රධානීහු රාජ්‍ය ආදායම සහ කාර්යක්ෂමතාව ඉහළ…

Read More

ලංකා සතොස කිරිපිටි මිල පහළ දැමීමට තීරණය කර තිබේ. ඒ අනුව ලංකා සතොස සම්පූර්ණ යොදය සහිත කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 22කින් පහළ දමා තිබේ. ඒ අනුව එහි නව මිල රුපියල් 948කි. සතොස කිරිපිටි මිල පහළ දැමීම ඊයේ සිට ක්‍රියාත්මකය. මේ අතර අද සිට සතොස මුං ඇට සහ කඩල මිල ද පහළ දමා තිබේ. මුං ඇට කිලෝවක රුපියල් 77කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 998කි. කඩල කිලෝවක මිල රුපියල් 9කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 540කි.

Read More

සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් සඳහා ඉදිරි අයවැයේදී බැංකු ණය සහන ලබාදීමට අදහස් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (01) පස්වරුවේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේ පැවති ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උළෙල 2023 අමතමිනි. සිඟමන් යදින රටක් වෙනුවට ශක්තිමත් ආර්ථිකයක් ඇති රටක් ගොඩනැඟීමට නම් කෙතරම් අසීරු වුවද අද දවසේ ගත යුතු තීන්දු තීරණ නිසි ලෙස ගැනීමට සිදුවන බවද ජනාධිපතිවරයා එහිදි අවධාරණය කළේය. වැට් බද්ද 18%කින් වැඩි කිරීමට ගත් තීන්දුව තමා හෝ ඇමති මණ්ඩලය කැමැත්තෙන් ගනු ලැබූවක් නොවන බවත්, එය රටේ ආර්ථික ස්ථාවරත්වය පවත්වාගෙන යාම වෙනුවෙන් ගත යුතු තීන්දුවක් බවත් මෙහිදී පෙන්වා…

Read More

පාසල් දරුවන් අතර කෘෂභාවය සහ අධිබර වැඩි වී ඇති බව පවුල් සෞඛ්‍ය කාර්යංශය නිවේදනය කරයි. එහි මාතෘ හා ළමා සෞඛ්‍ය අංශයේ අධ්‍යක්ෂ ප්‍රජා වෛද්‍ය විශේෂඥ චිත්‍රමාලී ද සිල්වා මහත්මිය පැවසුවේ, ප්‍රජනන සෞඛ්‍ය සම්බන්ධයෙන් වැඩි දැනුමක් දරුවන්ට ලබාදීම සඳහා නව චක්‍රලේඛ සකස්කර ඇති බවයි. මෙරට ජනගහනයෙන් පාසල් දරුවන් ගේ ප්‍රතිශතය 20%කි. එම දරුවන් ගේ කෘශභාවය සහ අධිබර පසුගිය වසරට සාපේක්ෂ ව වැඩි වී ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධනය කාර්යාංශය අනාවරණ කර ඇත. ඊට හේතුව ලෙස විශේෂඥ වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ, දරුවන් ගේ ආහාර පරිභෝජන රටාවයි. එමෙන්ම මෙහි දී පාසල් දරුවන් ගේ ප්‍රජනන සෞඛ්‍ය සම්බන්ධයෙන් ද වැඩි අවධානයක් යොමු කර තිබේ.

Read More

සූරියවැව රෝහලේ සැකකටයුතු ලෙස මියගිය කාන්තාවකගේ සිරුරක් හමුවී තිබේ. ඊයේ (01) උදෑසන මේ පිළිබඳ එම රෝහලෙන් ලද තොරතුරක් මත සුරියවැව පොලීසිය විමර්ශන ආරම්භ කර ඇත. මියගොස් ඇත්තේ අවුරුදු 35ක් වන සූරියවැව ප්‍රදේශයේ පදිංචිකාරියකි. මෘත ශරීරය පරීක්ෂා කිරීමේදී දකුණු වැලමිට තුවාල වී ඇති බවත් දකුණු කනෙන් ලේ වහනය වී ඇති බවක් දක්නට ලැබුණු බවත් මෙය සැකකටයුතු මරණයක් බවත් පොලීසිය පවසයි. සිද්ධිය සම්බන්ධව සූරියවැව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි. මේ අතර පොළොන්නරුව දුම්රියපොල අසල පිහිටි පොදු ළිඳෙහි පුද්ගලයෙකු වැටී මියගොස් ඇති බව පොළොන්නරුව පොලීසිය සඳහන් කරයි. මරණකරුගේ අනන්‍යතාව මේ වන තෙක් හඳුනාගෙන නොමැති අතර මහෙස්ත්‍රාත් පරීක්ෂණ සිදුකිරීමෙන් අනතුරුව මෘත ශරීරය පොළොන්නරුව රෝහලේ තැන්පත්…

Read More

ත්‍රීවිල් රථයකින් වැටී තිබුණු මුදල් පසුම්බියක් අහුලා එහි තිබුණු රුපියල් 98,000ක මුදලක් පොලීසියට භාරදුන් සිද්ධියක් අනුරාධපුර ප්‍රදේශයෙන් වාර්තා වේ. පසුම්බිය හමු වූ කාන්තාව එය අනුරාධපුර මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට භාර දී ඇති අතර, පසු ව පොලීසිය විසින් පසුම්බියේ භාරකරු සොයා එය ඔහුට ලබා දීමට කටයුතු කර ඇත. පසුම්බියේ හිමිකරු පවසා ඇත්තේ, තමා නිවසට විදුලි උපාංග රැගෙන යාමට පැමිණි අවස්ථාවේ දී මෙම මුදල වැටී ඇති බවයි. මෙවන් ආර්ථික අපහසුතා රාශියක් තිබෙන කාලයක මෙවැනි සත් ක්‍රියාවක් කිරීම පිළිබඳ එම කාන්තාවට හා පොලිස් ස්ථානාධිපතිවරයා සිය ස්තූතිය පළ කළ බව ද වාර්තා වේ.

Read More

දකුණු අප්‍රිකානු කණ්ඩායම එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ඊ (1) සමත් විය. තරගාවලියේ පළමු වටයේ 32 වැනි තරගය ලෙස පූනේහිදී ඊයේ (1) පැවැති තරගයේදී දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෝ ලකුණු 190 කින් නවසීලන්තය පරාජය කරමින් පහසු ජයක් ලැබීමට සමත් වූහ. දකුණු අප්‍රිකාව මේ වන විට සහභාගි වූ තරග 7 න් හයක් ජය ලබා ප්‍රසාද ලකුණු 12 ක් සමගින් ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයට පත්ව සිටියි. දකුණු අප්‍රිකානු පිල ඕවර 50 යෙදී කඩුලු 4 ට 357 (කුවින්ටන් ඩී කොක් 114, රෙසල් වෑන්ඩර් ඩුසේන් 133, ඩේවිඩ් මිලර් 53, හෙන්රිච් ක්ලාසීන් නොදැවී 15, ටිම් සවුති 77/2) නවසීලන්ත පිල ඕවර 35.3…

Read More

කොළඹ කලාපයේ බස් රථ ප්‍රමුඛථා මංතීරු වැඩ සටහන සිට 14 දා දක්වා සති දෙකක කාලයක් නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට පොලිසිය පියවර ගෙන තිබේ . මේ අනුව මෙට සිට 14 දා දක්වා මෙම නියමු ව්‍යාපෘතිය වැල්ලවත්ත සැවෝයි සිනමා ශාලාව අසල සිට ගාලු පාර ,පිටකොටුව දක්වා බස් රථ ඇතුළුවීම පෙරවරු 6.00 සිට 9.00 දක්වාද මරදාන පාර බොරැල්ල හන්දියේ සිට පිටකොටුව ඕල්කට් මාවත ඇතුළුවීම පෙරවූ 6.00 සිට 9.00 දක්වාද පිටවීම පස්වරු 4.00 සිට 9.00 දක්වාද වන ලෙස ක්‍රියාත්මක කෙරෙන බව පොලිසිය පවසයි. ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් සියලු බස් රථ ,පුද්ගලික බස් රථ ,පාසල් බස් හා වෑන් රථ ,කාර්යාල කාර්ය මණ්ඩල ප්‍රවාහනය කරන…

Read More

කාන්තා අධ්‍යාපනයට වැඩි අවධානයක් ලබාදීමෙන් රටේ ආර්ථිකය ශක්තිමත් වීම, නිෂ්පාදන ධාරිතාව වර්ධනය වීම මෙන්ම ශ්‍රම බලකායේ කාන්තා සහභාගිත්වය ඉහළ යන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසිය. ඒ තුළින් කාන්තා අයිතීන්, සමාජීය අයිතීන් හා ආර්ථික අයිතීන් කාන්තාවන් තුළ නිර්මාණය වන බවත් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කාළ්ය. ජනගහනයෙන් සියයට 52ක් වන කාන්තා පරපුර අමතක නොකළ යුතු යැයි රජයට මතක් කරන බවත් නුගේගොඩ ශාන්ත ජෝසෆ් බාලිකා විද්‍යාලයේ පැවැති නාද අභිමන් වැඩසටහන එක්වෙමින් ඔහු පැවසීය.

Read More