Author: LANKA24X7

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දිවයින පුරා රජයේ රෝහල්වල පළාත් මට්ටමින් ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය අද (03) උතුරු පළාතේ රෝහල්වල ක්‍රියාත්මක කෙරෙයි. මෙම සංකේත වැඩවර්ජ‍න ක්‍රියාමාර්ගය ඊයේ (02) දිනයේ ඌව පළාතේ සියලුම රජයේ රෝහල්වල ක්‍රියාමත්මක කෙරුණි. ඒ අනුව අද උතුරු පළාතේ රෝහල් කේන්ද්‍ර කරගනිමින් පැය 24ක සංකේත වැඩවර්ජනයක් ආරම්භ කරන බව රජයේ ‍වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේය. එළඹෙන 06 වනදා වයඹ පළාතේත්, 07 වනදා සබරගමුව පළාතේත් සියලුම රජයේ රෝහල්වල මෙම වැඩවර්ජන ක්‍රියාමාර්ග අදියර වශයෙන් ක්‍රියාත්මක කිරීමට නියමිතය. බදු බර, ජීවන වියදම, සෞඛ්‍ය අර්බුදය, විදුලි ගාස්තු ඉහළ නැංවීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගනිමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සිදුකරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය…

Read More

දැනට පවතින වැසි සහිත කාලගුණ තත්වය තවදුරටත් වර්ධනය විමක අද දිනයේ බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. සවස 1.00 පසු දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇති වේ. සබරගමුම,මධ්‍යම,ඌව සහ උතුරු මැද පළාත්වලත්,පුත්තලම, සහ මන්නාමර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැකියි. සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලි මිටර් 50ක තරමක තදවැසි ඇති වේ. නැගෙනහිර පළාතේ සහ යාපනය හා මුලතිව් දිස්ත්‍රික්කවල උදෑසන කාලයේ වැසි ඇති විය හැකිය.

Read More

පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් තවත් සේවා දිගුවක් ලබා දී තිබේ. පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාට මෙම සේවා දිගුව ලැබෙන්නේ හතරවැනි වතාවටයි. මීට පෙර මාස තුන බැගින් දෙවතාවක් ද සති තුනක සේවා දිගුවක් ද සී.ඩී වික්‍රමරත්න මහතාට ලබා දී තිබුණි. ඊයේ(2) දායින් සති තුනක සේවා දිගුවේ කාලය අවසන් විය.

Read More

අසාධාරණ බදු ප්‍රතිපත්තියට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ගෙන යන වෘත්තීය ක්‍රියාමාර්ග සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය ද සහයෝගය ලබාදෙන බව එහි සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පැවසීය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අදාල වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සහයෝගය ලබා දෙන්නේ වෛද්‍යවරුන් ලංකාවේ රඳවා ගැනීමට දරන උත්සාහයක් වශයෙන් යැයිද බෙල්ලන මහතා සඳහන් කළේය. අසාධාරණ බදු ප්‍රතිපත්තිය නිසා වෛද්‍යවරුන් රට අතැර යාම වැඩි වී තිබෙන බව කී බෙල්ලන මහතා ඒ අනුව වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ප්‍රසාදාත්මකව අගය කරන බවද සඳහන් කළේය.

Read More

කොටගල මවුන්ට් වර්නන් වතුයායේ පහළ දිඹුල කලාපයේ නිවාස දස දහසක ව්‍යපෘතිය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉන්දීය මුදල් ඇමැතිනී නිර්මාලා සීතාරාමන් මහත්ම මහත්මීහු කොළඹ සිට මාර්ගත ක්‍රමය මගින් මුල් ගල තැබූහ. ඉන්දියානු සම්භවයක් සහිත දෙමළ ජනයා ශ්‍රී ලංකාවට පැමිණ වසර 200ක් පිරීම වෙනුවෙන් පැවැත්වූ ‘නාම් 200’ සංවත්සර උත්සවයේදී මෙම මුල් ගල තැබීම සිදු කෙරිණි. කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී මෙම උත්සවය පැවැත්විණි.

Read More

බෝගම්බර සිපිරි ගෙයි සිට සිය භාර්යාව සමග සම්බන්ධවී විදෙස් සංචාරක බෝකර්වරයෙක් ලෙස රගපාමින් අම්බලන්ගොඩ තිදෙනෙකුගෙන් වංචා සහගත ලෙස මුදල් ගිණුමට දමා ගත්තේ යයි කියන එම රක්ෂිත බන්ධනාගාර ගතව සිටින සැකකරුගේ බිරිය ඊයේ (2) පස්වරුවේදී සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව අම්බලන්ගොඩ පොලීසිය කියයි. මේ සැකකාර යුවළම නුවර පදිංචිකරුවන් බවත් මේ වංචාව සිදු කිරීමට හවුල් යයි සැකකෙරෙන කාන්තාව නුවර සිට අම්බලන්ගොඩට ගෙන්වා ගෙන සැකපිට පශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව ද පොලීසිය කියයි. මේ සැකකාරියගේ සැමියා මත්ද්‍රව්‍ය නඩුවක් සම්බන්ධයෙන් බෝගම්බර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාරගතව සිටින බවත් ඔහු එහි සිට ජංගම දුරකතන ඔස්සේ තමා විදෙස් සංචාරක බෝකර් වරයකු බව හදුන්වා…

Read More

මාතලේ ,පලාපත්වල කිරිගල්පොත්ත ප්‍රදේශයේ නිවසක පදිංචිව සිටින අවුරුදු 14ක් වයස දැරියකට පිහියකින් කොටා බරපතළ තුවාල සිදු කළේ යැයි කියන එම දැරියගේ පියා මාතලේ මුලස්ථාන පොලීසිය විසින් ඊයේ (2) සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. පිහි පහර කෑම් වලට ලක්වූ දැරිය මාතලේ මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් පසුවන බව පොලිසිය කියයි. මෙම දැරියගේ අත් දෙකේ,කන ප්‍රදේශයේ සහ නළල ප්‍රදේශයේ කැපුම් තුවාල දක්නට ඇතැයි මාතලේ මූලස්ථාන පොලිසියේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය. මාතලේ මූලස්ථාන පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.

Read More

පළාත් සභා යටතේ ඇති පළාත් පාලන ආයතන වල මෙතෙක් ස්ථිර නැති සේවකයින් 8400 දෙනකු කැබිනට් අනුමැතිය ලැබුණු වහාම රජයේ ස්ථිර සේවයට බඳවා ගැනීමට කටයුතු කරන බව පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසීය. පළාත් පාලන ආයතනවල වරිපනම් ගෙවීම, කඩකුලි ගෙවීම් සහ ස්ථාන වෙනක්ර ගැනීම් ආදී කටයුතු මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදු කිරිමට අදාලව මෘදුකාංගයක් සකස් කිරීම ඉදිරි සති දෙකක් වැනි කාලයක් ඇතුලත නිම කිරිමට අපේක්ෂා කරන බව කී රාජ්‍ය අමාත්‍යවරයා එහි පළමු අදියර යටතේ මධ්‍යම පළාත සහ බස්නාහිර පළාතේ මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ගෙවීම් කිරීම නොවැම්බර් 30 දින වන විට ආරම්භ කිරිමට නියමිත බව සඳහන් කළේය. පළාත් සභා…

Read More

ගාසා තීරයේ ඊජිප්තුව හා සම්බන්ධ රෆා දේශසීමාව, හමාස් සටන්කාමින්ගේ ප්‍රාණ ඇපයේ සිටි විදේශිකයන් සඳහාත්, තුවාල ලැබූ පලස්තීනුවන් සඳහාත් මේ වනවිට විවෘත වී ඇත. විදෙස් මාධ්‍ය වාර්තා කළේ දේශසීමා පිවිසුම හරහා ඊජිප්තුවට පැමිණි පිරිස 491 ක් බවය. ඔවුන් අතරේ තුවාල ලැබූ පලස්තීන වැසියෝ 76 ක් සිටිති. ඊට අමතරව, හමාස් ප්‍රාණ ඇපයේ සිටි නිදහස ලැබූ විදෙස් ගමන් බලපත්‍ර ඇති විදේශිකයෝ 335 ක් සිටිති.

Read More

ස්පාඤ්ඤයේ ඔටුන්න හිමි ලියොනෝර් කුමරිය, ඇගේ 18 වැනි ඡන්ම දිනය දා ස්පාඤ්ඤ ව්‍යවස්ථාවට අනුව දිවුරුම් දුන්නාය. ඒ අනුව, ලියොනෝර් කුමරියට, ඇගේ පියා 6 වැනි පිලිපේ රජුගෙන් පසු රජකමට පත් වීමට හැකිවනු ඇත. සම්ප්‍රදායට අනුව, කුමරිය දිවුරුම් දුන්නේ, ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම සහ රටේ ව්‍යවස්ථාපිත වටිනාකම් රකින බවට ප්‍රතිඥා දෙමිනි.

Read More