Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
කහල්ල කරවිලගල රක්ෂිතයේ ඇති ගස් කොළන් කපා දමා ඩෝසර් කොට ඉඩම් අත්පත් කරගැනීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව ප්‍රදේශවාසීහු පවසති. මේ වන විටත් රක්ෂිතය තුළ විශාල භූමි ප්‍රමාණයක් ඩෝසර් යොදාගෙන ගහකොළ විනාශ කරමින් ඉඩම් අත්පත් කර ගෙන ඒවාට විදුලි වැටවල් සවිකර ඇතැයි ප්‍රදේශවාසීහු පෙන්වා දෙති. ඇතැම් රාජ්‍ය නිලධාරීන්ගේ ද සහාය ඇතිව මෙම ක්‍රියාවලිය සිදු කරනු ලබන්නේ වගා නොකළ ඉඩම් නැවත වගා කිරීම සඳහා රජය ගෙන ඇති ප්‍රතිපත්ති තීන්දුවලට ඉතා සූක්ෂම ලෙස මුවා වෙමින් බව ද ඔවුහු පෙන්වා දෙති. කහල්ල පල්ලෙ කැලේ රක්ෂිතය කුරුණෑගල මාතලේ සහ අනුරාධපුර යන දිස්ත්‍රික්ක තුනට මායිම්ව පිහිටා ඇති ප්‍රදේශයකි, මෙය අභය භූමියක් ලෙස නම් කොට තිබුනද එහි…
හික්කඩුව දොඩන්දූව ධීවර වරායේ සිටි මාලු ව්‍යාපාරිකයකු ඉලක්ක කර අද උදෑසන එල්ල කළ වෙඩි පහර පත්තු නොවීමෙන් නාදුනන තුවක්කුකරුවන් පලා ගොස් ඇති බව හික්කඩුව පොලීසිය කියයි. පරණ කෝන්තරයක් මත මේ මාලු ව්‍යාපාරිකයා වෙඩි තැබීමට නාදුනන තුවක්කුකරුවන් දෙදෙනකු යතුරු පැදියකින් දොඩන්දූව ධීවර වරායට පැමිණ ඇති බවත් ඔවුන් දෙදෙන අදාල පුද්ගලයා ඉලක්ක කරගෙන වෙඩි තැබීමට උත්සහා දරා ඇති බවත් ගිනි අවිය කියාත්මක නොවීමෙන් නාදුනන තුවක්කුකරුවන් පලා ගොස් ඇති බවත් පොලීසිය කියයි.
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රටවල් ගණනාවකින් ආනයනය කරන භාණ්ඩ සඳහා 41% දක්වා වූ නව අන්‍යෝන්‍ය තීරුබදු ප්‍රකාශයට පත් කර අවසන්ය. ට්‍රම්ප් පරිපාලනය පැහැදිලි කර ඇති ආකාරයට, මෙය සිදු කර ඇත්තේ වෙළඳ හිඟයන් අවම කර ගැනීමේ අරමුණින්, හදිසි බලතල භාවිත කරමිනි. මෙම නව ගාස්තු අද (අගෝස්තු 1 වැනිදා) සිට ක්‍රියාත්මක වෙයි. පහත දැක්වෙන්නේ රට අනුව නව ගාස්තු අනුපාත ලැයිස්තුවයි: ඇෆ්ගනිස්ථානය: 15% ඇල්ජීරියාව: 30% ඇන්ගෝලාව: 15% බංගලාදේශය: 20% බොලිවියාව: 15% බොස්නියා සහ හර්සගොවිනා: 30% බොට්ස්වානා: 15% බ්‍රසීලය: 10% බෲනායි: 25% කාම්බෝජය: 19% කැමරූන්: 15% චැඩ්: 15% කොස්ටාරිකාව: 15% කෝට් ඩි’අයිවෝර්: 15% කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය: 15% ඉක්වදෝරය: 15% යුරෝපීය සංගමය: 0%–15% එක්වටෝරියල් ගිනියාව:…
උතුරු-මැද, ඌව, නැගෙනහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් කුරුණෑගල, වවුනියාව, මුලතිව් සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල අද (01) සවස 1න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවල මිලිමීටර් 75ක පමණ තරමක තද වැසි ඇති වවන බවද එම දෙපාර්තමේන්තුව කියයි. බස්නාහිර පළාතෙත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැක.
දේශපාලන නියෝජිතයන් ලෙස තේරී පත්වීම මෙන්ම බිම් මට්ටමේ දේශපාලන ක්‍රියාකාරීත්වයේදී කාන්තාවන් බල ගැන්වීම සිය අපේක්ෂාව බව අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවසුවාය. දසවැනි පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරියන් විසිදෙනෙක් සිය පක්ෂයෙන් තේරී පත්වීම කාලයක් තිස්සේ ක්‍රියාත්මක කරන ලද කාන්තාවන් බල ගැන්වීමේ ක්‍රියාදාමයේ ප්‍රතිඵලයක් බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරිය එය පක්ෂ භේදයකින් තොරව ඉදිරියට ගෙනයාම මන්ත්‍රීවරියන්ගේ සංසදයේ අරමුණ බව ප්‍රකාශ කලාය. අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් පළ කළේ පළාත් පාලන ආයතන, පළාත් සභා සහ පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය වැඩි කිරීම සහ ලාංකීය දේශපාලනයේ කාන්තාවන්ට සමාන අවස්ථාවන් සහ සම සහභාගීත්වයක් ලබාදීම සඳහා පොදු අදහස් ලබා ගැනීමේ අරමුණින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය එහි…
අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑමයකට අධික තොගයක් සමග පුද්ගලයෙකු බොරැල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ. බොරැල්ල පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත බොරැල්ල, සිරිසර උයන මහල් නිවාසය අසලදී යතුරුපැදියක් පරීක්ෂා කිරීමේ දී අදාල මත්ද්‍රව්‍ය තොගය සමග සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පැවසුවේය. එහිදී ඔහු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 01 ග්‍රෑම් 105ක් හා හෙරොයින් ග්‍රෑම් 125ක් සොයාගෙන ඇති බව සදහන් වේ. එම තොගයේ වටිනාකම රුපියල් කෝටිය ඉක්මවන බව වාර්තා වේ. අත්අඩංගුවට ගත් සැකකරු 23 හැවිරිදි අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහු සංවිධානාත්මක අපරාධකරුවෙකගේ ගෝලයකු බව ද අනාවරණය වී ඇත. සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
විධිමත්, විද්‍යාත්මක හා නිවැරදි වනඅලි සංගණනයක් කඩිනමින් පැවැත්විය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය අලි-මිනිස් ගැටුම අවම කිරීමට 2010 වසරේදී නිර්මාණය කළ ජාතික සැලසුම ද වහා ක්‍රියාත්මක කළ යුතු බව විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය. අලි-මිනිස් ගැටුම වැළැක්වීම සඳහා රජයට දස වැදෑරුම් වැඩපිළිවෙලක් ඉදිරිපත් කරමින් විපක්ෂ නායකවරයා මෙසේ පැවසීය
මහනුවර පෙරහැර කටයුතු සඳහා සහභාගීවී සිටි ඇත්ගොව්වෙකුගේ සහායකයෙකුගේ මළසිරුරක් අද (31) උදෑසන මහනුවර වැව් ඉවුරේ පාවෙමින් තිබියදී සොයා ගෙන තිබේ. මෙම පුද්ගලයා මහනුවර කතරගම දේවාලයේ පෙරහරට සහභාගී වීම සඳහා අරණායක ප්‍රදේශයේ සිට පැමිණ ඇත. ඔහු අලියෙකුගේ ප්‍රධාන පාලකගේ සහායක වශයෙන් කටයුතු කර තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ අචලංක නැමැති 28 හැවිරිදි පුද්ගලයෙකි. මේ සම්බන්ධයෙන් මහනුවර මූලස්ථාන පොලීසිය පරීක්ෂණ පවත්වයි.
මේ වසරේ ගතවු කාලය තුළ දිවයිනට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 13 ඉක්මවා ගොස් තිබේ. ඒ අනුව ජනවාරි පළමු දින සිට ජූලි මස 27 වන දින දක්වා කාලය තුළ දිවයිනට සංචාරකයින් 1,341,953 දෙනෙකු පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි. ඉන් වැඩි දෙනෙකු ඉන්දීය ජාතිකයින් වන අතර එම සංඛ්‍යාව 274,919කි. ඊට අමතරව බ්‍රිතාන්‍ය, රුසියාව, ජර්මනිය, චීනය, ප්‍රංශය, ඔස්ට්‍රේලියාව සහ නෙදර්ලන්තය ඇතුළු රටවලින් ද සංචාරකයින් වැඩි වශයෙන් දිවයිනට පැමිණ ඇති බව සඳහන් ය. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය තොරතුරු ඉදිරිපත් කර ඇති පරිදි ජූලි මාසයේ ගතවු දින 27ක කාලය තුළ සංචාරකයින් 173,909 දෙනෙකු දිවයිනට පැමිණ ඇති බවයි. තවද ජූලි…
මේ වසරේ ගත වු පළමු මාස 06 තුළ අල්ලස් ලබාගැනීමේ සිදුවීම් සම්බන්ධයෙන් පුද්ගලයින් 34 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කළේ මේ වසරේ ජනවාරි මස පළමු වන දින සිට ජුනි මස 30 වන දින දක්වා කාලය තුළ පැමිණිලි 3,022ක් ලැබී ඇති බවයි. එම කාලය තුළ වැටලීම් 54ක් සිදුකර ඇති අතර ඉන් සැකකරුවන් 34 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එම සැකකරුවන් අතර ශ්‍රී ලංකා පොලීසියේ නිලධාරීන් දසදෙනෙකු අධිකරණ අමාත්‍යාංශයේ නිලධාරින් 5 දෙනෙකු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් දෙදෙනෙකු, ලංකා ගමනාගමන මණ්ඩලයේ නිලධාරින් දෙදෙනෙකු වන බව ද සඳහන් වේ. ඊට අමතරව සිවිල් පුද්ගලයින් 6 දෙනෙකු ද අල්ලස් ලබාගැනීමේ සිදුවීම්…
