Author: LANKA24X7

මෙම වසර මුල සිට ගතවූ මාස 9 ක කාලය තුළ විවිධ වැරැදි සම්බන්ධයෙන් බන්ධනාගාර ගත කළ කාන්තාවන් සමග කුඩා දරුවන් 47 දෙනකු බන්ධනාගාරයේ රැදී සිටින බව බන්ධනාගාර මූලස්ථානය පවසයි. එම දරුවන් අතර පිරිමි දරුවෝ 20 දෙනෙක් සහ ගැහැණු දරුවෝ 27 දෙනෙක් සිටිති. ජනවාරි මස 1 වැනිදා සිට ඉකුත් (27) දින දක්වා ගත වූ මාස 9 ට කාන්තාවෝ 1483 ක් බන්ධනාගාර ගත කර සිටිති. එම කාන්තාවන් අතරින් 229 දෙනෙක් වරදකරුවන්වූ සිරකාරියෝ වෙති. ජනවාරි මස 1 වැනිදා සිට ජූලි මස 31 වැනිදා දක්වා ගතවූ මාස 7 ක කාලය තුළ මත්ද්‍රව්‍ය වැරැදි සම්බන්ධයෙන් සිර දඩුවම් ලද කාන්තාවෝ සංඛ්‍යාව 184 දෙනෙකි. ඒ අතර අයිස්…

Read More

“අන්‍යෝන්‍ය ගෞරවය පවත්වා ගත හැකි වූ දේශපාලන සංස්කෘතියක අප දෙදෙනාම සමකාලීනයන්” බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රනිල් වික්‍රමසිංහ මහතා තමා බලන්නට පැමිණීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසයි. “හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මා අතර හමුවක් තංගල්ල කාල්ටන් නිවසේදී පැවැත්විණි. එහිදී අපි දෙදෙනා ඉතා සුහද පිළිසඳරක යෙදුණෙමු. දේශපාලනමය වශයෙන් වෙනත් මතයන් දරද්දීත්, ජාතික වගකීම් ඉටුකරමින් අන්‍යෝන්‍ය ගෞරවය පවත්වා ගත හැකි වූ දේශපාලනය සංස්කෘතියක අප දෙදෙනාම සමකාලීනයන්ය. හිතවත් රනිල් වික්‍රමසිංහ මහතාගේ පැමිණීම සම්බන්ධයෙන් ස්තුතිවන්ත වෙමි. මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියවද ගෞරවයෙන් සිහිපත් කරමි” යනුවෙන් ද මහින්ද රාජපක්ෂ මහතා කියයි. මහින්ද රාජපක්ෂ මහතා මෙසේ පවසන්නේ ඔහුගේ නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමිනි.

Read More

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. වයඹ පළාතේ වැසි ස්වල්පයක් ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.

Read More

විදුලි බල මණ්ඩලය2014 වර්ෂයේ සිට 2022 වර්ෂය දක්වා රුපියල් කෝටි පනස් නව දහසකට වැඩි පාඩුවක් ලබා ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ දී (කෝප් කමිටුව) තොරතුරු අනාවරණය විය මේ පිළිබඳ තොරතුරු අනාවරණය වූයේ ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ 2022 සහ 2023 වර්ෂයන්ට අදාළ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පරීක්ෂා කිරීමට පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (24) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

Read More

පුත්තලම ගල් අඟුරු ව්‍යාපෘතිය වෙනුවෙන් කෝටි 12 කට වැඩි මුදලක් වැයකර මිලදීගත් වාහන 6ක් කොන්ත්‍රාත්කරු මේ වනතුරුද විදුලි බල මණ්ඩලයට බාරදී නැති බව වාර්තාවේ. ව්‍යාපෘතිය අවසන් වීමෙන් අනතුරුව මෙම වාහන ගිවිසුම ප්‍රකාරව විදුලිබල මණ්ඩලයට පවරා දිය යුතු වුවත් තවමත් එම වාහන විදුලිබල මණ්ඩලයට පවරාදී නොමැත. මෙහිදී පොදු දේපළ අවභාවිත වීමක් සිදුව ඇති හෙයින් මේ සම්බන්ධයෙන් අවශ්‍ය ඉදිරි පියවර ගන්නා ලෙස කෝප් කාරක සභාව විදුලි බල මණ්ඩලයට නිර්දේශ කර ඇත.

Read More

මුදල් විශුද්ධිකරණය වැලැක්වීමේ පනත යටතේ අධිකරණයට ඉදිරිපත් කර මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින බැකෝ සමන් නමැත්තාගේ බිරිඳ වන සාධිකා ලක්ෂානි නමැත්තිය සතුව තිබු ඇයගේ ජංගම දුරකථන පිළිබඳව විමර්ශනයක් සිදුකරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (29) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය. මෙම පැමිණිල්ල අද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් ගොනුකළ මෝසමක් මාර්ගයෙන් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී පොලිසිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් සැකකාරීය අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඇය සතුව තිබී සොයා ගන්නා ලද ජංගම දුරකථන දෙකෙහි සැකකාරියගේ “මුහුණු මුරපදය” තිබෙන බවත් එය ඉවත් කර ගැනීමට අවශ්‍ය බවත් දැනුම් දුන්නේය. මෙම සිද්ධියට අදාළ ඉදිරි විමර්ශන සිදුකිරීම…

Read More

ඉන්දියාවේ සංචාරයක නිරත බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා සහ ඉන්දීය බලශක්ති, නිවාස හා නාගරික කටයුතු අමාත්‍ය ශ්‍රී මනෝහර් ලාල් කට්ටාර් සහ පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය ශ්‍රී ප්‍රලාද් ජෝෂි යන මහත්වරුන් අතර හමුවක් පැවැත්විය. එහිදී, දෙරට අතර බලශක්ති සහයෝගීතාව වර්ධනය කිරීම, දැනට ඉන්දියාව සමග මෙරට ආරම්භ කර ඇති ව්‍යාපෘති වල ප්‍රගතිය මෙන්ම අනාගත ආයෝජන අවස්ථා පිළිබදවත් සාකච්ඡා කර තිබේ. විශේෂයෙන්ම ඉන්දියානු පුනර්ජනනීය බලශක්ති අමාත්‍යවරයා සමග ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සම්බන්ධයෙන් ලංකාවේ පුනර්ජනනීය බලශක්තිය සඳහා අවම මිලක් ලබාගැනීම සඳහා අවශ්‍ය ප්‍රසම්පාදන ක්‍රමවේදයන් ඇතුලු කරුණු රැසක්ද මෙරට සූර්ය පැනල නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය සහයෝගය ලබාගැනීම සඳහා මෙන්ම පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ වැඩිදුර…

Read More

මාවනැල්ල, අලුත්නුවර, මාණික්කාව ප්‍රදේශයේ තාප්පයක් බඳිමින් සිටි තිදෙනකු මතට පස් කන්දක් කඩා වැටී ඇතැයි පොලීසිය කියයි. මේ වන විට ඔවුන් බේරාගැනීමේ කටයුතු සිදුවන බවද පොලීසිය සඳහන් කළේය.

Read More

ජාඇල මිනුවන්ගොඩ මාර්ගයේ මොන්ටා හන්දිය අසලදී ජාඇල දෙස සිට මිනුවන්ගොඩ දෙසට ධාවනය වූ කාර් රථයක් මාර්ගය හරහා ගමන් කළ පදික පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව තිබේ. අනතුරින් පදික පුද්ගලයා බරපතළ තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඔහු මියගොස් ඇත. මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 60ක් වූ කණුවන, ජා ඇල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. එමෙන්ම දෙනියාය අකුරැස්ස මාර්ගයේ 61 වන කිලෝ මීටර් කනුව ආසන්නයේදී දෙනියාය දෙසට ධාවනය වූ යතුරු පැදියක් ඉදිරියෙන් ධාවනය වූ කැබ් රථයකට හා බස් රථයකට ඉස්සර කිරීමට යාමේදී බස් රථයේ ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් පැදිකරු හා පසුපැදිකරු බරපතළ තුවාල ලබා කොස්නිල්ගොඩ රෝහලට ඇතුලත් කිරීමේදී පැදිකරු මියගොස්…

Read More

මෙවර අයවැය ලේඛනයෙන් අලුත් කිසිදු බද්දක් හඳුන්වා නොදී ඉන්නට උත්සාහ කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජපානයේ දී ඊයේ (28)පැවසීය. තවත් ඉදිරියට යාමේදී පවතින බදු ප්‍රතිශතයන් අඩු කිරීමටද කටයුතු කරන බව ජනාධිපතිවරයා කීය. ජනාධිපති අනුර දිසානායක මහතා මේ බව කීවේ ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව සමඟ ටෝකියෝහිදී පැවැති රැස්වීමකදීය. බදු බර වැඩි යැයි ඇතැමුන් කියන බව කී ජනාධිපතිවරයා එලෙස බදු බර වැඩි වන්නේ ඇයි දැයි සලකා බැලිය යුතු බව කීය. මෙලෙස රජයට ආදායම් උපයා ගන්නට සිදුවී ඇත්තේ එළියේ ආර්ථිකය කුඩා නිසා යැයි ද එළියේ ආර්ථිකය විශාල වුණොත් බදු ප්‍රමාණය අඩු කරන්න පුළුවන් කම ඇතැයි ද ජනාධිපතිවරයා සඳහන් කළේය.රජයට එවැනි…

Read More