Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති ලෙවාන් එස්. ජගාරියන් (Levan S. Dzhagaryan) මහතා අද (01) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය. එහිදී රුසියා තානාපතිවරයා රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මහතාගෙන් පෞද්ගලික පණිවිඩයක් ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත පිළිගැන්වීය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය යටතේ දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා වඩ වඩාත් ශක්තිමත් වනු ඇතැයි අපේක්ෂා කරන බව ජනාධිපති පුටින් මහතා සිය පණිවිඩයේ සඳහන් කරනු ලැබ තිබිණි. ශ්‍රී ලංකාව සහ රුසියාව අතර දීර්ඝ කාලීන ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳව මෙම සාකච්ඡාවේදී විශේෂ අවධානය යොමු වූ බව ජනාධිපති කාර්යාලය පවසයි . වෙළඳාම, ආයෝජන, සංස්කෘතිය සහ අධ්‍යාපනය වැනි ප්‍රධාන…
ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලන්ගමුව මහතාත් ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ඒ. ඒ. ජේ. ප්‍රනාන්දු මහතාත් ගරු සේවා පදනම් මත පත් කිරීම පිණිස කැබිනට් අනුමැතිය ලැබී ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 ව්‍යවස්ථාවේ (1) ව්‍යවස්ථාවෙි බලතල ප්‍රකාරව අමාත්‍ය මණ්ඩලයේ අදහස් විමසා සිය කාර්ය මණ්ඩලය පත් කිරීම පිණිස ජනාධිපති වෙත බලතල හිමිවී ඇත. ඒ අනුව, 2024-09-24 දින සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ පත්කිරීම සිදුකර තිබේ.
ඩීසල් මිල අඩුවීමේ වාසිය ජනතාවට ලබාදෙමින් බස් ගාස්තු අඩු කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබේ. ඊට අදාළ ගණනය කිරීම් ආරම්භ කර ඇති බව එහි ප්‍රකාශකයකු පැවසීය. ඒ අනුව අද දිනය ඇතුළත නව බස් ගාස්තු ප්‍රකාශයට පත්කිරීමට අපේක්ෂා කරන බවත් ඔහු තවදුරටත් සඳහන් කළේය.
සියලුම හිටපු අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර තිබූ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍ර (deplomatic passport) පාර්ලිමේන්තුව විසුරු හැරීමෙන් පසු අවලංගුවූ බවට පාර්ලිමේන්තුවේ මහලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මිය ආගමන විගමන දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට දැනුම්දී ඇත. එසේම එම ගමන් බලපත්‍ර අහෝසි වූ බවට සියලුම මන්ත්‍රීවරුන්ට පෞද්ගලිකවද දැනුම් දුන් බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහා ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය. මේ අනුව ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සභාවේ සිටින කතානායක නියෝජ්‍ය කතානායක විපක්ෂ නායක සාමාජික මන්ත්‍රීවරුන් තිදෙනා හැර පාර්ලිමේන්තුවේ සෙසු මන්ත්‍රීවරුන් 219කගේ සහ ඔවුන්ගේ ළඟම ඥාතීන්ගේ එම රාජ්‍ය තාන්ත්‍රික ගුවන් බලපත්‍රය අහෝසිවනු ඇත. සාමාන්‍ය ක්‍රමවේදය අනුව ඇමතිවරුන්ට රාජ්‍ය ඇමතිවරුන්ට ඔවුන්ගේ බිරින්දෑවරුන්ට සහ අවුරුදු…
දරුවන්ට හිමි ළමා කාලය නැවත දරුවන්ට ලබා දීම තම පුනරුද යුගයේ ප්‍රමුඛ අරමුණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලෝක ළමා දිනය වෙනුවෙන් ප්‍රකාශයක් කරමින් පවසයි. විභාග කේන්ද්‍රීය අධ්‍යාපන රටාව වැනි අගතිගාමී වැඩ වලින් දරුවන් මුදා ගන්නා බවද ජනාධිපතිවරයා සඳහන් කරයි. ජනාධිපතිවරයා මෙසේ ද කියයි. මේ සහශ්‍රකයේ දරුවන් මුහුණ දෙන අභියෝග ලෙස දිළිඳුකම, මන්දපෝෂණය, සෞඛ්‍ය සහ සනීපාරක්ෂාව, පරිසර විනාශය, අධ්‍යාපනයේ අසමතුලිත බව, සමාජ අවස්ථාවල අසමාන බව, මත්ද්‍රව්‍ය මෙන්ම තාක්ෂණය අනිසි ලෙස භාවිතයේ ගොදුරු බවට පත්වීම යනාදිය අපි හඳුනාගෙන ඇත්තෙමු. එසේම දරුවන්ගේ මනෝ සමාජයීය සංවර්ධනයට බාධා කරන සමාජයීය සාධක මෙන්ම ආතතියෙන් පිරුණු විභාග කේන්ද්‍රීය අධ්‍යාපන රටාව යනාදී අගතීන් ගෙන් වත්මන් ළමා…
ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට ලබාදෙන පෙළඹවීමේ දීමනාව සම්පුර්ණයෙන්ම නවතා ඇති බවට පළවන පුවත් අසත්‍ය බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. ප්‍රභූ ආරක්‍ෂක රාජකාරි සඳහා යොමු කර ඇති ත්‍රිවිධ හමුදා සාමජිකයින් වෙත ලබාදෙනු ලබන පෙළඹවීමේ දීමනාව ලබාදීම සම්පුර්ණයෙන්ම නවතා ඇති බවට ඇතැම් මාධ්‍ය හා සමාජ ජාලා ඔස්සේ කරුණු ප්‍රචාරණය වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් ආරක්ෂක අමාත්‍යාංශය මෙම දැනුම් දීම කරයි. ආරක්‍ෂක අමාත්‍යංශය ත්‍රිවිධ හමුදාපතිවරුන් වෙත ලිපියක් යවමින් දන්වා ඇත්තේ හිටපු ප්‍රභූවරුන්ගේ ආරක්‍ෂාව සඳහා යොදවා තිබුණු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් 2024 සැප්තැම්බර් මස 22 වන දිනයෙන් පසු ප්‍රභූ ආරක්‍ෂක රාජකාරියන්හි නොයෙදෙන බැවින්, ඔවුන්ට ගෙවන ලද පෙළඹවීමේ දීමනාව 2024 සැප්තැම්බර් මස 22 දින දක්වා…
දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. මධ්‍යම, සබරගමුව, වයඹ සහ උතුරුමැද පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩිතරමකතද වැසිද ඇති විය හැක. දකුණු පළාතේ උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
අවුරුදු දොළහට අඩු දරුවන්ට ලෝක ළමා දිනය නිමිත්තෙන් ලංකාවේ සියලුම සත්වෝද්‍යාන වලට අද(1) නොමිලේ පිවිසීමට අවස්ථාව දෙන බව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව දෙහිවල ජාතික සත්වෝද්‍යානය, පින්නවල අලි සුරැකුම් මධ්‍යස්ථානය, පින්නවල සත්වෝද්‍යානය, හම්බන්තොට සෆාරි යන උද්‍යානයන් සදහා වයස අවූරදු 12 න් පහල සියලු ළමුන්ට නොමිලයේ ඇතුල්වීමට පහසුකම් සලසා තිබේ. සෑම දරුවෙකුටම – සෑම අයිතියක්” යන තේමාව යටතේ ලෝක ළමා දිනය සැමරීමේ වැඩසටහනක් පින්නවල සත්වෝද්‍යානය සංවිධානය කර තිබේ. සත්වෝද්‍යානය නැරඹීමට පැමිණෙන කුඩා දරුවන් සඳහා සත්වෝද්‍යානයට ඇතුල් වීමේ දී තම මුහුණු සතුන්ගේ හැඩතල සහිතව වර්ණ ගන්වා ගැනීමට කැමැත්තක් දක්වන්නේ නම් ඒ සඳහා මුහුණු වර්ණ ගැන්වීමේ වැඩසටහනක් ප්‍රවේශ පත්‍ර කවුළුව ආශ්‍රිතව පැවැත්වීමට සංවිධානය…
තමන් ජනාධිපති ධුරයෙන් විශ්‍රාම ගන්නාවිට බැංකු ගිණුමේ මුදල් නොතිබූ බවත් මේ වනවිට තමා ජීවත් වන්නේ ඉඩම් විකුණමින් බවත් හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි. ආණ්ඩුවෙන් තමන්ට කිසි දෙයක් නොලැබෙන බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අවුරුදු නවයක් තමන්ට විශ්‍රාම වැටුප ලබා නොදුන් බවත් ඇය සඳහන් කරයි අපි කාගෙන්වත් කාලා නැහැ. අපේ තියෙන ඒවා අනික් අයට දුන්නා පමනයි යැයි ද ඇය සඳහන් කරයි. ජනාධිපති ධුරයෙන් ගෙදර යනකොට තම බැංකු ගිණුම ඕවර් ඩ්‍රාෆ්ට්වී තිබූ බවත් සිය සේවක මණ්ඩලයේ පඩි ගෙවන්නේ ද තමා බවත් ලයිට් බිල්, වතුර බිල් ගෙවන්නේ ද තමාම යැයි ද ඇය සදහන් කරයි. තමාට ලැබිලා තියෙන්නේ රජයේ ගෙයක් සහ…
කලින් පුරෝකථනය කළ ප්‍රමාණයට වඩා ඉහළ ආර්ථික වර්ධනයක් මේ වසරේ (2024) දී වාර්තා කරනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඒ සඳහා ප්‍රබල සාක්ෂි පවතින බවද නවතම ආර්ථික දර්ශක මගින් ඒ බව පෙන්නුම් කරන බවද මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක දැක්වේ. ඉකුත් අප්‍රේල් මස නිකුත් වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ 2023 වාර්ෂික වාර්තාවේ සඳහන් වූයේ මේ වසරේ ආර්ථිකය සියයට 3කින් වර්ධනය වනු ඇති බවයි. මේ අනුව සියයට 3 ඉක්මවා ගිය ආර්ථික වර්ධනයක් මේ වසරේ වාර්තා කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. මේ වසරේ පළමු කාර්තුවේදී සියයට 5.3කින් සහ දෙවන කාර්තුවේදී සියයට 4.7කින් ශ්‍රී ලංකා ආර්ථිකය වර්ධනය වූ අතර මෙසේ වසරේ පළමු…