Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
උතරු,උතුරු – මැද, ඌව, නැගෙනහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් කුරුණෑග සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් පස්වරු 1.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහි වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවට මිලි මීටර් 75 තරමක තද වැසි ඇති විය හැකිය බස්නාහිර පළාතෙත් ගාල්ල,මාතර ස පුත්තලම දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇතිවේ.
අමෙරිකාව, ශ්‍රී ලංකාවෙන් ආනයනය කරනු ලබන භාණ්ඩ මත පැනවූ අන්‍යේන්‍ය තීරු බදු ප්‍රතිශතය සියයට 30 සිට 20 දක්වා අඩුකර තිබේ. ධවල මන්දිරය නිවේදනය කළේ, මෙම නව තීරු බදු ප්‍රතිශත ක්‍රියාවට නැංවෙන්නේ, අගෝස්තු මස 7 වනදා සිට බවය. මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළ මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා සඳහන් කළේ, “මේ අභියෝගත් එක්කම අලුත් අවස්ථාත් ලැබී තිබෙනවා. ඒකෙන් පෙනෙන්නේ රටවල් දෙකටම.. අන්‍යේන්‍ය වශයෙන් අවශ්‍ය කරන ප්‍රතිලාභ මේ තුළින් ඉදිරියේදී අපිට උදාවෙන්නට නියමිතයි. මේක විශාල ජයග්‍රහණයක් විදියට තමයි රටක් ලෙස අපි දකින්නේ. මෙම සාකච්ඡා අපි ඉදිරියට කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා.” මේ අතර අමෙරිකාව මෙරටට පැනවූ තීරු බදු අනුපාතය 20% දක්වා…
මාසික මිල සංශෝධනය අනුව ලාෆ්ස් ගෑස් මිල සම්බන්ධව එම ආයතනය දැනුම් දීමක් සිදුකර තිබේ. ඒ අනුව අගෝස්තු මාසයට අදාළව ලාෆ්ස් ගෑස් මිලේ කිසිදු වෙනසක් සිදු නොවන බව එහි අධ්‍යක්ෂ ආචාර්ය නිරෝෂන් ජේ.පීරිස් මහතා පවසයි. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4100ක් වන අතර කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,645 කි.
ජාත්‍යන්තර ජයග්‍රහණ කරා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගෙනයාමට තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශය අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පැවසීය. තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශය විසින් සංවිධානය කරන ක්‍රීඩා සතිය වැඩසටහනේ සමාප්ති උළෙල අමතමින් අමාත්‍යවරයා මේ බව කීය. මෙහිදී ස්වවායු ව්‍යායාම වැඩසටහන ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍යායතනයේ අධ්‍යාපනය ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ සහභාගීත්වයෙන් හා රිද්ම යෝගා ඇකඩමියෙහි (Rhythmic Yoga Academy) ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ සහභාගීත්වයෙන් ටොරිංටන් ක්‍රීඩාංගනයේ දී පැවැති යෝගා වැඩසටහනත් සමඟින් ක්‍රීඩා සතිය නිමාවට පත්විය. මෙම අවස්ථාවට එක්වෙමින් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පැවසුවේ දියුණු ක්‍රීඩා සංස්කෘතියක් ඇති කිරීමත්, අනාගතයේ දක්ෂ ක්‍රීඩක ක්‍රිඩිකාවන්…
රක්ෂිත බන්ධනාගාර ගතව සිටි හිටපු අමාත්‍ය එස්. එම් චන්ද්‍රසේන මහතා ඇප මත මුදාහරිණ ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (1) නියම කළේය. 2014 වසරේ දී අනුරාධපුර දිස්ත්‍රික්කයේ දිළිඳු ගොවීන් සඳහා සහනදායි මිල ගණන් යටතේ බෙදාදීමට රුපියල් මිලියන 25ක මුදලක් වැයකර මිලදී ගනු ලැබූ බඩඉරිඟු බීජ, නීත්‍යානුකූල ක්‍රමවේදයට පටහැනිව එම වසරේ පැවැති ජනාධිපතිවරණයේදී තමන්ට වාසියක් අත්කර ගැනීමේ අරමුණින් තම හිතවතුන් හා ආධාරකරුවන් අතර බෙදාහැරීම තුළින් ‘දූෂණය’ නැමති වරද සිදුකළේ යැයි චෝදනා කරමින් ඔහු අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියේය. අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ විත්තියේ නීතිඥවරු විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය…
දොඩන්ගස්ලන්දේ වරකාවැහැර හා හිරියාලේ දේතිලිඅංග ගම්මාන දෙක යා කරමින් දැදුරු ඔය හරහා සංගිලි පාලමක් ඉදිකිරීමේ යෝජනාව වසර 26ක් තිස්සේ මුල් ගලකට පමණක් සීමා වී තිබෙන බව ප්‍රදේශවාසීහු පවසති. මීට වසර 26 කට ඉහතදී එනම් 1999 ජනවාරි 24 වැනිදා එවක රජයේ මහාමාර්ග අමාත්‍ය ඒ.එච්.එම්.ෆවුසි මහතා අතින් අදාළ පාලම ඉදිකිරීම සඳහා මුල්ගල් තබා සිහිවටන පුවරු විවෘත කළත් මෙතෙක් ඉදිවූ පාලමක් නම් නොමැති බව එම ගම්මාන දෙකේ ජනතාව පවසති. මෙම සංගිලි පාලමේ ඉදිකිරීම් නතර වීම පිළිබඳ සොයා බැලීම සදහා දේතිලිඅංග ගමට යෑමට සිදුවූයේ වරකාවැහැර ගමට පැමිණ ඉණවටකටත් වඩා ගැඹුරු දැදුරු ඔය තරණය කරමිනි. මේ පාලම ඉදිනොවීම නිසා දොඩන්ගස්ලන්ද රිදීගම වරකාවැහැර හා ඒ අවට…
යටිනුවර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක චම්පික නිලන්ත විජේරත්න මහතා සියදිවි නසා ගැනීමට කලින් ලියා තිබූ පිටු පහක ලිපියෙන් මෙම සිද්ධියට වගකිවයුතු බවට චෝදනා නගා තිබූ මහනුවර කෝටිපති ව්‍යාපාරිකයාගෙන් විශේෂ පොලිස් කණ්ඩායමක් පැය හතරකට ආසන්න කාලයක් තිස්සේ ප්‍රශ්න කර ප්‍රකාශයක් ගත් බව පොලිසිය සඳහන් කරයි. කෝටිපති ව්‍යාපාරිකයාට කරන ලද දැනුම් දීමක් අනුව මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා පත් කර තිබෙන ගම්පොළ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එරික් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු විශේෂ පොලිස් කණ්ඩායම හමුවේ ඊයේ උදේ එකොළහට පමණ පෙනී සිට ඇති අතර එම ප්‍රශ්න කිරීම් සවස තුන දක්වා සිදු කළ බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කළේය. සිද්ධියට අදාළව ප්‍රශ්න කර…
බදුල්ල එළදලුව කන්දේ හටගත් හදිසි ගින්නකින් අක්කර දහයක් පමණ විනාශ වී ඇතැයි ආපදා කළමනාකණ මධ්‍යස්ථානය පවසයි. ගින්න තවදුරටත් කන්දේ පැතිර යමින් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි . පවතින වියලි දේශගුණික තත්ත්වයත් සමග මෙසේ එළදලුව කන්දට කිසිවකු විසින් ගිනිතැබීම නිසාවෙන් මෙම ගින්න හටගන්නට ඇති බවට සැකකරයි . කෙසේ වෙතත් මෙම ගින්න නිවාදැමීමට බදුල්ල එළදලුව 112 පාබල බල සේනා යුධ හමුදා කදවුරේ නිළධාරින් කංඩායමක් මේවනවිටත් රේක්ක භාවිතා කරමින් ගිනිපටි කපමින් කටයුතු කරන බවත් වියලි දේශගුණික තත්ත්වයත් සමග ගින්න සීග්‍රයෙන් කන්ද පුරා පැතිර යමින් පවතින බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේය .
නියමිත කාලයේදී වත්කම් බැරකම් ප්‍රකාශ භාර නොදුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 25 දෙනෙකුට සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියයකට ආසන්න පිරිසකට අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ දැනුම් දීම අනුව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අවවාද ලිපි යවා ඇත. වත්කම් බැරකම් පනත අනුව සෑම මන්ත්‍රීවරයකුම සෑම වසරකම මාර්තු 31 වනවිට පැවතුණ සියලුම වත්කම් පිළිබඳ විස්තර සෑම වසරකම ජුනි මස 30 වැනිදාට පෙර කතානායකවරයාට බාරදිය යුතුවේ. මේ අතර ජුනි මස 30 වැනිදාට වත්කම් බැරකම් ප්‍රකාශ භාරදීමට නොහැකිව ජූලි මස 1 වෙනිදා සිට අගෝස්තු 31 වැනිදා දක්වා කාලයේදී වත්කම් බැරකම් ප්‍රකාශ බාරදෙන මන්ත්‍රීවරුන්ගෙන් දඩ මුදලක් අය කෙරෙන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
අධිවේගී මාර්ගවල ගමන් ගන්නා සැහැල්ලු වාහනවල පිටුපස ආසනවල සිටින මගීන් ද ආරක්ෂිත බඳ පටි පැළඳවීම අද (01) සිට අනිවාර්ය කර තිබේ. ඒ අනුව දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව පිවිසුම අසලදී එම මාර්ගයේ ගමන් ගන්නා සැහැල්ලු වාහනවල රියදුරන් දැනුවත් කිරීම අද උදෑසන සිදු කෙරිණි.
