Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
ජපාන රජයේ ආරාධනයකට අනුව ජපානයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (30) පෙරවරුවේ ටෝකියෝ හි ඉම්පීරියල් හෝටලයේදී නිපොන් පදනමේ ආරම්භක සභාපති යොහෙයි සසකාවා මහතා හමුවී සාකච්ඡාවක නිරත විය. ජපානය සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගු කාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු විය. ශ්‍රී ලංකාව තුළ සියලු ප්‍රජාවන්ගේ ජීවනෝපායන් නඟා සිටුවීම සඳහා අඛණ්ඩව සහයෝගය ලබා දෙන බව යොහෙයි සසකාවා මහතා මෙහිදී ජනාධිපතිවරයා හමුවේ ප්‍රකාශ කළේය. එසේම උතුර සහ නැගෙනහිර පළාත්වල පාසල් 100 ක් ප්‍රතිසංස්කරණය කිරීම සහ නවීකරණය කිරීම සඳහා වන ඉදිරි සැලසුම් ද ඔහු විසින් ඉදිරිපත් කරන ලදී. ශ්‍රී ලාංකික ජනතාවගේ සංවර්ධනය සහ යහපැවැත්ම…
ඉකුත් මහ මැතිවරණයේදී කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා තේරී පත්වීම බල රහිත කිරීමේ තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය අද (30) ප්‍රතික්ෂේප කළේය. පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.
මැදිරිගිරිය මණ්ඩලගිරිය ජාතික පාසලේ සිසු දරු දැරියන් 40කට අධික පිරිසක් ශ්‍රමදානයක් අතරතුර හදිසියේ රෝගීවීම හේතුවෙන් අද (30) උදෑසන මැදිරිගිරිය මූලික රෝහලට ඇතුළත් කර තිබේ. උදෑසන පාසලේ පන්ති කාමර අවට පිරිසිදු කිරීමේ වැඩසටහනකට සහභාගි වීමෙන් අනතුරුව මෙම දරු දැරියන් කැසීමේ රෝග ලක්ෂණ ඉස්මතු කර ඇති අතර, පසුව ඔවුන්ගේ කිහිපදෙනෙකුට මෙම රෝග ලක්ෂණ කැපී පෙනීම හේතුවෙන් රෝහල්ගත කර ඇත. මේවන විට දරුවන් පස් දෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ලබන අතරින් අනෙක් දරුවන් ප්‍රතිකාර ලබා රෝහලින් පිටව ගොස් තිබේ. සිද්ධිය සම්බන්ධව මේ වන විටත් පාසලේ විදුහල්පතිවරයා විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
අරගල කරුවන් විසින් 2022 දී ගිනිබත් කර විනාශයට පත් කළ කිරිඉබ්බන්වැව , මහවැලි අධිකාරියට අයත් ඉඩමේ දේපළ සඳහා රජයේ නිලධාරීන්ට බලපෑම් කර වන්දි ලබාගත්තේ යැයි කියන හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාගේ ශරීරයේ සෝඩියම් සාන්ද්‍රණය වැඩිවී වකුගඩු වලට බලපෑම්වීම සම්බන්ධයෙන් පූර්ණ වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා අද (30) බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළේය. පොදු දේපල පනත යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරුට ඇප ලබාදීමටට තරම් සුවිශේෂී කරුණක් ඉදිරිපත් වී නොමැති බව ප්‍රකාශ කළ මහේස්ත්‍රාත්වරයා සැකකරු ලබන 14 දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය. සැකකරුට රෝග ඇත්නම් එය තත්කාලීන විය…
ප්‍රවේශ පත්‍රයක් නොමැතිව බස් රථවල ගමන් කරන මගීන්ට හෙට (01) දිනයේ සිට දඩයක් නියම කරන බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පවසයි. එහි ධාවන කළමනාකරු ජීවින්ද කීර්තිරත්න මහතා පෙන්වා දෙන්නේ, ප්‍රවේශ පත්‍ර ලබානොදෙන කොන්දොස්තරවරුන්ට ද දඩයක් නියම කරන බවය. ඒ අනුව හෙට දිනයේ සිට බස්නාහිර පළාතේ ධාවනය වන බස්රථවල ගමන් ගන්නා මගීන් ප්‍රවේශ පත්‍රය ළඟ තබාගැනීම අනිවාර්යය බව ජීවින්ද කීර්තිරත්න මහතා සඳහන් කළේය. මේ අතර බස්නාහිර පළාත් මාර්ගස්ත මගී ප්‍රවාහන අධිකාරියේ සභාපතිවරයාද පැවසුවේ බස්නාහිර පළාතේ ධාවනය වන මගී ප්‍රවාහන බස් රථ සඳහා හෙට (30) දිනයේ සිට මගීන්ට ප්‍රවේශපත් නිකුත් කිරීම අනිවාර්ය වන බවය. ඒ අනුව හෙට දිනයේ සිට මගියා…
ජපාන රජයේ ආරාධනයකට අනුව ජපානයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ටෝකියෝ හි ඉම්පීරියල් හෝටලයේදී ජපාන ආරක්ෂක අමාත්‍ය ඩී එම් නකටානි (DM Nakatani) මහතා හමුවී සාකච්ඡාවක නිරත විය. දෙරටේ දීර්ඝ කාලීන මිත්‍රත්වය, කලාපීය ආරක්ෂාව සහ ආරක්ෂක කටයුතු සම්බන්ධව ශ්‍රී ලංකාව සහ ජපානය අතර පවතින සහයෝගීතාව තව දුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ඇතුළු ශ්‍රී ලංකා නියෝජිත පිරිසද මෙම අවස්ථාවට එක් වූහ.
සංවිධානාත්මක අපරාධ කල්ලි නායක කෙහෙල් බද්දර පද්මේ නමැත්තාට අයත් මයික්‍රෝ වර්ගේ ගිනි අවියක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි. එක් සැකකරුවකු එම සිද්ධියට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත.ඔහු රියදුරෙකු ලෙස කටයුතු කරන අයෙකි. ඉන්දුනීසියාවේ ජාකාර්තා නුවරදි පසුගියදා අත්අඩංගුවට ගත් කෙහෙල් බද්දට පත්මෙ නැමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශයේ ඒකකයේ රඳවාගෙන සිදුකළ ප්‍රශ්න කිරීමේදී අපරාධ සිදුකිරීම සඳහා ලබාදුන් ගිනි අවියක් කැලණිය නාතුඩුව ප්‍රදේශයේ පුද්ගලයකුට භාරදී ඇති බවට අනාවරණය වීමෙන් අනතුරුව එම සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. එම සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී එම සිද්ධියට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් ජාඇල වැලිගම් පිටිය ප්‍රදේශයේපදිංචි…
රන්දෙනිගල මහනුවර මාර්ගයේ ගමන් කරමින් තිබූ පෞද්ගලික බස් රථයක් කීර්ති බණ්ඩාරපුර ප්‍රදේශයේදී අනතුරකට පත්වීම හේතුවෙන් එහි ගමන් කරමින් සිටි මඟින් 12 දෙනකු කැන්කැටිය ග්‍රාමීය රෝහලට ඇතුළත් කොට ඇති බව වලපනේ පොලීසිය කියයි. බස් රථය ඇඟලුම් කම්මලක සේවකයන් ප්‍රවාහනය කරමින් සිටියදී ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් මාර්ගයෙන් ඉවතට පැන ගල්වැටියක වැදීමෙන් මෙම අනතුර සිදුවී ඇති බව පොලිසිය කියයි. සිද්ධිය සම්බන්ධයෙන් වලපනේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි..
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සඳහා වන මෙහෙයුම් මණ්ඩල ප්‍රධානී, Evan Papageorgiou මහතා අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ඊයේ (29)හමුවිය. රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රතිසංස්කරණ වැඩසටහනේ ප්‍රගතිය එහිදී ඔහුගේ ඇගයීමට ලක් වූ අතර, විශේෂයෙන්ම පාලනය ශක්තිමත් කිරීමට සහ දූෂණය අවම කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව ප්‍රශංසා පළ කළේය. බදු ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ වල වැදගත්කම, බදු නිදහස් කිරීම් (tax exemptions) සම්බන්ධයෙන් ගෙන ඇති පියවර පිළිබඳව ද ඔහු සිය අවධානය යොමු කළේය. එසේම, 2026 ජාතික අයවැයෙන් සමාජ ආරක්ෂණ පද්ධතිය සඳහා සම්පත් වෙන් කිරීම ද පැපජෝර්ජියු මහතාගේ ඇගයුමට ලක් විය. 2026 අයවැයෙන් ජනතාව සවිබල ගැන්වීමට පියවර ගැනීමේ වැදගත්කම මෙහිදී අග්‍රාමාත්‍ය ආචාර්ය…
තමා ජනතා විමුක්ති පෙරමුණේ කිසිම වැඩ පිළිවෙලකට තමා කිසිම අවස්ථාවක සම්බන්ධ වී නැතැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා පැවසීය . නන්දන ගුණතිලක මහතාගේ ප්‍රකාශය කිසිම පදනමක් නැති එකක් බවද ඔහු ප්‍රකාශ කළේය. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ආරම්භ කරන ලද විමර්ශන කඩාකප්පල් කිරීමේ කිසියම් උත්සාහයක් පවතින බවද හෙතෙම සඳහන් කරයි. මේ කාරණය සම්බන්ධයෙන් කොමිසමේ අවධානයට යොමු කිරීමට අධ්‍යක්ෂ ජනරාල්වරයා බලාපොරොත්තු වෙයි.
