Author: LANKA24X7

කතානායකවරයා කොළඹ ලොරිස් පටුමගේ පදිංචි නිවසේ කුලිය ඔහුගේ වැටුපෙන් ගෙවන බව පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය පවසයි. කතානායකවරයා සිය නිල නිවස පෞද්ගලිකව හෝ රැස්වීම් සඳහා හෝ වෙනත් කටයුත්තක් සඳහා හෝ භාවිත නොකරන බවත් කතානායකවරයාට අදාළ සියළු නිල රැස්වීම් සහ රාජතාන්ත්‍රික හමුවීම් සියල්ල පාර්ලිමේතුවේ කතානායක කාර්යාලයේදී පවත්වන බවත් සදහන් කරයි එම කාර්යාලය මෙසේ පැවසුවේ පාර්ලිමේන්තුවේ කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට සහ ඔහුගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට පාර්ලිමේන්තුව සපයා ඇති පහසුකම් පිළිබඳ මාධ්‍යවල පළවන විවිධ ප්‍රවෘත්ති සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමිනි. එම නිවේදනයේ මෙසේද දැක්වේ. එතෙක් පැවති අසීමිත ඉන්ධන පහසුකම වෙනුවට වත්මන් කතානායකවරයාගේම යෝජනාවකට අනුව කතානායකවරයාට ලබා දෙන ඉන්ධන පහසුකම කැබිනට් අමාත්‍යවරයෙකුට ලබාදෙන පහසුකම්වලට සමාන…

Read More

රජයේ රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ගනු ලබන රෝගීන්ට ගුණාත්මක, ප්‍රනීත ආහාර වේලක් ලබා දීමේ විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබේ. ඊට අදාළව විශේෂ සාකච්ඡාවක් පසුගිය දා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේ දී පැවැත්විණි. මෙම විශේෂ වැඩපිළිවෙළ ආරම්භ කිරීමේ නියමු ව්‍යාපෘතිය මහරගම අපේක්ෂා රෝහල කේන්ද්‍රගත කරගනිමින් ආරම්භ කිරීමට ද අමාත්‍යාංශය තීරණය කර තිබේ. ඒ අනුව එම රෝහලේ අධ්‍යක්ෂවරයා ඇතුළුව පරිපාලනයට සහ මෙම විෂයට අදාළ නිලධාරීන්, ශ්‍රී ලංකා පෝෂණ විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යාතනයේ වෛද්‍යවරුන්, පෝෂණවේදීන්, ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම හමුව පැවැත්විණි. මෙහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ සෞඛ්‍ය අමාත්‍යාංශය වාර්ෂිකව අති විශාල මුදලක් රජයේ…

Read More

දිවයින පුරා සිදුකරනු ලබන විශේෂ මදුරු මර්දන සතිය තුළ ගතවූ දින තුන තුළ මදුරුවන් බෝවිය හැකි ස්ථාන සහිත පාසල් 121ක් හඳුනාගෙන ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. එහි විශේෂඥ වෛද්‍ය අනෝජා ධීරසිංහ මහත්මිය පවසන්නේ දිස්ත්‍රික්ක 08ක අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවල තෙදිනක් පුරා මෙම විශේෂ මදුරු මර්දන වැඩසටහන ක්‍රියාත්මක කළ බවය. එහිදී පාසල් 229ක් පරීක්ෂාවට ලක්කර ඇති අතර පාසල් 29ක මදුරු කීටයන් සහිත ස්ථාන හඳුනාගෙන ඇති බව සඳහන්ය. මෙය ඉතා අවදානම් තත්ත්වයක් බැවින් පාසල්වල එම තත්ත්වය මඟ හරවා ගැනීමට පාසල් බලධාරීන් මෙන්ම අදාළ පාර්ශව ද වැඩි අවධානයක් යොමු කළ යුතු බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ විශේෂඥ වෛද්‍ය අනෝජා ධීරසිංහ…

Read More

ජාතික අනතුරු නිවාරණ සතියක් ප්‍රකාශයට පත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. ඒ අනුව හෙට (07) දිනයේ සිට එළැඹෙන 11 වැනි දිනය දක්වා මෙම ජාතික අනතුරු නිවාරණ සතිය ක්‍රියාත්මක වනු ඇත. එහිදී ජූලි 7 වැනි දින මාර්ග අනතුරු වැළැක්වීම, ජූලි 08 වැනි දින සේවා ස්ථානයන්හී අනතුරු වැළැක්වීම, ජූලි 09 නිවෙස් සහ වැඩිහිටි නිවාසවලදී අනතුරු වැළැක්වීම, ජූලි 10 දියේ ගිලීම්වලින් වන අනතුරු වැළැක්වීම, සහ ජූලි 11 වැනි දිනය පාසල්, පෙර පාසල් සහ දිවා සුරැකුම් මධ්‍යස්ථානවල සිදුවන අනතුරු වැළැක්වීමේ දිනය ලෙසත් සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබේ. මෙම කාලය තුළදී, අනතුරු නිවාරණය පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමටත්, අනතුරු සිදුවීමට අවදානමක් ඇති විවිධ ස්ථාන පරීක්ෂා…

Read More

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (35-45) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක.

Read More

රුපියල් එක් කෝටි පනස් ලක්ෂයක් වටිනා රටබීම සහ කරදමුංගු තොගයක් , කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගීන් සිව් දෙනෙකු අද (06) අලුයම ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . මොවුන් කොළඹ සහ හැටන් ප්‍රදේශ වල පදිංච් , විදේශ සංචාරයක නිරත වී ආපසු පැමිණෙමින් සිටි ගුවන් මගීන් සිව් දෙනෙකි . ඔවුන් රැගෙන ආ ගමන් මලු 20 ක් තුළ විදේශීය ගුවන් තොටුපොළක තීරු බදු රහිත සාප්පු සංකීර්ණයකින් මිළදී ගත් රටබීම බෝතල් 378 ක් සහ කරදමුංගු කිලෝ ග්‍රෑම් 132 ක් තිබී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

Read More

ආණ්ඩුව ඇතුළේ දූෂණ සහ වංචාව සම්පූර්ණයෙන්ම අවසන් කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය කේඩී ලාල් කාන්ත මහතා පැවසීය. කෙසේ වෙතත් විපක්ෂය ඇතුළේ දූෂණය වංචාව තවමත් අවසන්වී නැතැයි පැවසූ අමාත්‍යවරයා විපක්ෂයේ ඇත්තන් පාර්ලිමේන්තුව ඇතුළේත් පිටතත් විවිධ බොරු වපුරමින් සුපුරුදු දේශපාලනයේ යෙදී සිටින බවද ප්‍රකාශ කළේය. ඔහු මෙසේ පැවසුවේ මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් ලබා දෙමිනි.

Read More

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා රාජ්‍ය දේපළ අවභාවිත කරන බව පවසමින් නව ජනතා පෙරමුණ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පෙරේදා පැමිණිල්ලක් කළේය. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන එම පක්ෂයේ නායක සුගීස්වර බණ්ඩාර මහතා පවසන්නේ කතානායකවරයා පහළොස් දෙනෙකුගෙන් යුතු කාර්ය මණ්ඩලයක් සිය කටයුතු සඳහා යොදාගෙන ඇති බවයි. එසේම කතානායකවරයා සිය නිල වාහන දෙකට අමතරව තවත් වාහනයක් ලබාගෙන ඇති බවත් එම වාහනය ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා වෙනුවෙන් වෙන්කර ඇති බවත් ඔහු සඳහන් කළේය. කතානායකවරයා සිය නිල රථ සඳහා පාර්ලිමේන්තු මහ ලේකම්වරියගේ අවසරය ඇතිව ඉන්ධන ලීටර් 900ක් ලබා ගන්නා බව පැවසූ බණ්ඩාර මහතා කථානායක වෙනුවෙන් නිල නිවසක් තියෙද්දී කොළඹ ලොරිස් මහල් නිවාස සංකීර්ණයෙන්…

Read More

සංචාරක කර්මාන්තයෙන් ශ්‍රී ලංකාව මෙම වසරේ පළමු මාස 6දී ඇමෙරිකානු ඩොලර් බිලියන 1.71 ක මුදලක් උපයා ඇති බවත් එය පෙර වසරට සාපේක්ෂව සියයට 10 වර්ධනයක් බවත් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම දත්ත වාර්තාවල සඳහන් වේ. පසුගිය වසරේ පළමු මාස 6 තුළ ශ්‍රී ලංකාව සංචාරක කර්මාන්තය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.55 ක මුදලක් උපයා තිබිණි. එසේම පසුගිය මාසයේදී සංචාරක කර්මාන්තයෙන් ශ්‍රී ලංකාව ඇමෙරිකානු ඩොලර් මිලියන 169.5 ක් උපයා තිබූ අතර එය 2024 වසරේ ජූනි මාසයේදී උපයා ගත් ඇමෙරිකානු ඩොලර් මිලියන 151.1 ට සාපේක්ෂව එය සියයට 12.1 වර්ධනයකි. ශ්‍රී ලංකාව, මෙම වසරේදී සංචාරක කර්මාන්තයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 5 ක මුදලක් උපයා…

Read More

මහනුවර දළදා වීදිය ප්‍රදේශයේ නවාතැන්පොළක අත් විලංගු ජෝඩුවක් දමා ගොස් තිබූ කැලණිය පොලිසියේ පොලිස් සැරෙන්වරයකු අත්අඩංගුවට ගත් බව මහනුවර පොලිසිය පවසයි. මාසයකට වැඩි කාලයක් එම අත්විලංගු යුවල බෑගයක දමා නවාතැන් පොලේ දමා ගොස් තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත. එම නවාතැන් පොලේ කළමනාකරු බෑගය පරීක්ෂා කර බැලීමේදී මෙම අත්විලංගු ජෝඩුව හමුවීමෙන්අනතුරුව එම අත්විලංගු පොලිසියට බාර දී ඇත. අනතුරුව පොලිසිය සිදුකළ විමර්ශන වලදී එම අත්විලංගු කැලණිය පොලිසියේ සැරයන්වරයකු විසින් දමා ගොස් තිබූ බව අනාවරණය වී තිබුණි. එම අත් විලංගු යුවල බන්ධනාගාර දෙපාර්තමේන්තුවට අයත් බවට පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන ඇත. අනතුරුව එම සැරයන්වරයා මහනුවර පොලිසියට කැඳවා ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් අනතුරුව…

Read More