Author: LANKA24X7

ශ්‍රී ලංකාවේ ඩෙංගු මර්දන කටයුතු සඳහා ශ්‍රී ලංකාවේ පූර්ණ සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්ද්‍රේස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගොරිඩෝ මහතා ජනාධිපති අනුර දිසානායක මහතා හමුවේ අද පැවසීය. ඩෙංගු උවදුර මර්දනය කිරීමේදී කියුබාව ලබා ඇති සාර්ථකත්වය පිළිබඳ පෙන්වා දුන් කියුබානු තානපතිවරයා ශ්‍රී ලංකාවේ ඩෙංගු උවදුර තුරන් කිරීම සඳහා අවශ්‍ය මහජන සෞඛ්‍ය වැඩසටහන් වලට අවශ්‍ය විශේෂඥ දැනුම බෙදා හදා ගැනීම කියුබානු රජය කැමැත්තෙන් පසුවන බව ද සඳහන් කළේය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්ද්‍රේස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගොරිඩෝ මහතා හමුව අද (2) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදුවිය. දෙරට අතර පවතින දීර්ඝ කාලීන රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සහ මිත්‍රත්වය ශක්තිමත්…

Read More

ඉන්ධන මිල අඩු කිරීමට සමගාමීව බහලුම් රථ ප්‍රවාහන ගාස්තු සියයට 4 කින් ඊයේ (1) මධ්‍යම රාත්‍රීයේ සිට අඩු කළ බව සමස්ත ලංකා බහලුම් රථ හිමියන්ගේ සංගමයේ සභාපති සනත් මංජුල මහතා පැවසීය.

Read More

පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්විම සඳහා ගාල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් ස්වාධින කණ්ඩායමක් ඇප මුදල් තැන්පත් කළ බව ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් ඩබ්ලිව්.එච්.ආර්.විජය කුමාර මහතා පැවසිය. ගාල්ල දිස්ත්‍රික්කයේ මැතිවරණ කොට්ඨාස දහයක් තිබුණද මහජන ඡන්දයෙන් තෝරා පත් කර ගන්නා මන්ත්‍රි සංඛ්‍යාව නව දෙනෙකි. ඒ සඳහා අපේක්ෂකයින් 12කගෙන් යුත් නාම යෝජනා පත්‍රයක් ඉදිරිපත් කළ යුතුවේ.

Read More

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයන්ගේ සංගමයේ කැඳවුම්කරු බුද්ධික ද සිල්වා මහතා පැවසීය. විෂ තෙල් අානයනය සදහා එම ආනයනකරුවන් ඇමරිකානු ඩොලර් කෝටි 11000ක් වැය කර ඇතැයි පැවසූ හෙතෙම මෙය සමාජ සමූල ඝාතනයකට යටත් වන මහ මිනීමැරුමකැයිද ප්‍රකාශ කළේය. ඔහු මෙසේ පැවසුවේ කොළඹදී පෙරේදා(30) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය. රසායනිකව පිරිපහදු කරන ලද ආනයනික කෘතීම තෙල් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යයක් ලෙස සලකා වැට් බද්දෙන් නිදහස් කර දේශීය පොල්තෙල්කරුවන්ගේ පොල්තෙල් කිලෝවකට රජය රුපියල් 160 ක වැට් බද්දක් අය කිරීම අසාධාරණ බවත් බුද්ධික ද…

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන්ත්‍රී දීමනාව ගෙවීම ප්‍රමාද කිරීමට සිදුව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය. පාර්ලිමේන්තුව පසුගිය 24 වැනිදා විසුරුවා හැරි හෙයින් එදින දක්වා ගණනය කර මන්ත්‍රී දීමනාව ගෙවීමට කටයුතු කෙරෙන බව පාර්ලිමේන්තු ප්‍රධානීහු පවසති. මීට පෙර එවැනි හිඟ බිල්පත් ඉදිරි මාසවලින් හෝ පියවා ගැනීමට හැකියාව තිබූ හෙයින් මාසික දීමනාව ගෙවීම ප්‍රමාදයකින් තොරව කළ බව පාර්ලිමේන්තු නිලධාරියෙක් පැවසීය. මෙය මන්ත්‍රීවරුන්ගේ අවසාන දීමනාව හෙයින් එම හිඟ මුදල් සම්පූර්ණයෙන්ම කපා ගැනීම අවශ්‍යවී අැතැයිද ඔහු සඳහන් කළේය. පසුගිය මාසයේ දීමනාව ප්‍රමාදවීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තු…

Read More

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතුරින් රජයේ බංගලා තවමත් බාරදී ඇත්තේ තිදෙනකු පමණක් බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කළේය. අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් දස දෙනෙකු නිවාස බාරදීම සඳහා කරුණු විමසීම් කර ඇති බවද එම ආරංචි මාර්ග ප්‍රකාශ කරයි. අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන්(හිටපු) සඳහා නිකුත් කර තිබූ රජයේ බංගලා සංඛ්‍යාව පනහකි. සියලුම රජයේ බංගලා බාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යංශය සියලුම හිටපු අමාත්‍යවරුන්ට සහ රාජ්‍ය අමාත්‍යවරුන්ට පසුගියදා දැනුම් දුන්නේය. නිල නිවාස බාර නොදෙන හිටපු අමාත්‍යවරුන්ට ඉදිරියේදී නඩු පවරන බව අමාත්‍යාංශ ප්‍රකාශකයෙක්…

Read More

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. නැගෙනහිර, මධ්‍යම සහ උතුරුමැද පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසිද ඇති විය හැක.‍ෙදකුණු සහ බස්නාහිර පළාත්වල වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි ස්වල්පයක් ඇති විය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

Read More

අනුරාධපුර, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ නව තාක්ෂණ පීඨය විවෘත කිරීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග සහ ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකාවේ අධ්‍යක්ෂ Takafumi Kadono යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් දින සිදුකෙරුණි. නව පීඨය ඉදිකිරීම, ආසියානු සංවර්ධන බැංකුවේ අරමුදල් මත ක්‍රියාත්මක වන, රජයේ විද්‍යා හා තාක්ෂණ මානව සම්පත් සංවර්ධන ව්‍යාපෘතිය යටතේ සිදු කෙරුණු අතර, ඇමෙරිකානු ඩොලර් මිලියන 33 ක මුදලක් ඒ සඳහා වැයකොට තිබේ. මෙහි ඉදිකිරීම් 2021 වසරේදී ආරම්භ කෙරැණ අතර වත්මන් කර්මාන්ත වලට ගැලපෙන පරිදි, තාක්ෂණික , අධ්‍යාපනික හා පර්යේෂණ පහසුකම් නගාසිටුවීම හරහා තාක්ෂණය මත පදනම් වූ ශ්‍රම බලකාය ඉහළ නැන්වීම මෙහි ප්‍රධාන අරමුණයි. නව පීඨය අක්කර 2…

Read More

ඉරානය විසින් ඊශ්‍රායලය දෙසට මිසයිල ප්‍රහාර එල්ල කිරීමට පටන් ගෙන ඇතැයි ඊශ්‍රායල හමුදාව පවසයි.ඒ අනුව ඊශ්‍රාලය පුරා හදිසි අනතුරු ඇඟවීම් සංඥා නිකුත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Read More

කරුවලගස්වැව ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල ප්‍රදේශයට අයත් මූණමල්ගස්වැව ශ්‍රී සුබෝධාරාම විහාරස්ථානයේ අභිනව විහාරමන්දිරය ඉදිකිරීමට ආධාර පිණිස සංවිධානය කළ පිංකම් මාලාවක එක්දිනක රාත්‍රී පැවැති මල්බඳුන් වෙන්දේසියට ඉදිරිපත් කළ මල්බඳුන රුපියල් හත්ලක්ෂ දසදහසක මුදලකට වෙන්දේසි වී තිබේ. එම විහාරස්ථානයේ විහාරාධිපති රාජකීය පණ්ඩිත මූණමල්ගස්වැව අනුරුද්ධ හිමියන්ගේ අනුශාසනා පරිදි විහාරස්ථ දායක සභාව මෙම පිංකම් මාලාව සංවිධානයකර ඇත. ඒ අනුව ඉකුත් 27 හා 28 දෙදින රාත්‍රී මෙම පිංකම් මාලාව පවත්වා ඇති අතර එහි අවසාන දිනය වූ 28 දා රාත්‍රී පැවැති මල්බඳුන් වෙන්දේසියට ඉදිරිපත් කළ මල්බඳුන (මල්වට්ටිය) මෙසේ වාර්තාගත මුදලකට වෙන්දේසි වූ බව විහාරාධිපති රාජකීය පණ්ඩිත මූණමල්ගස්වැවේ අනුරුද්ධ හිමියෝ පැවසූහ.

Read More