Author: LANKA24X7

වෙලම්බොඩ පොලිස් වසමේ කෝවිල්කන්ද ප්‍රදේශයේ නිවසක සිටි දැරියකට විදුලි සැර වැදී මියගොස් තිබේ. ඊයේ (20) සවස් කාලයේදී මෙම සිදුවීම වාර්තා වූ බව පොලීසිය පවසයි. මියගිය දැරිය කෝවිල්කන්ද, වට්ටප්පොළ ප්‍රදේශයේ පදිංචිව සිටි 11 හැවිරිදි අයෙකි. මරණකාරිය ඊයේ එම නිවසේ ස්ලැබ් එක මතට ඉනිමඟක් ආධාරයෙන් නැඟ ඇති අතර එම ස්ලැබ් එක මතට රිළවුන් පැමිණෙන නිසා වෙන් විදුලි කම්බි ඇද තීබී ඇත. එහිදී දැරියට විදුලි සැර වැදි දැරිය මියගොස් ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි. මෘත ශරීරය මහනුවර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර වෙලම්බොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Read More

මිරිස්ස මුහුදේ දිය නාමින් සිටි විදෙස් ජාතික කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු දිය වැළකට හසුව ගසාගෙන යමින් සිටියදී පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් විසින් බේරා ගෙන තිබේ. ඊයේ (20) දහවල් කාලයේදී මෙම විදෙස් ජාතිකයින් දෙපළ මෙම අනතුරට මුහුණ දුන් බව පොලීසිය පවසයි. එම අවස්ථාවේදී ජීවිතාරක්ෂක රාජකාරියේ යෙදී සිටි නිලධාරීන් වහාම ක්‍රියාත්මක වී මහත් පරිශ්‍රමයක් දරා ඔවුන් බේරාගෙන මූලික ප්‍රථිකාර ලබා දී ඇත. අනතුරට පත් පුද්ගලයා වයස අවුරුදු 31ක් වන බංග්ලාදේශ ජාතිකයෙකු වන අතර අනතුරට පත් කාන්තාව වයස අවුරුදු 20ක් වන ස්විස්ටර්ලන්ත ජාතික කාන්තාවකි. මිරිස්ස පොලිස් ජීවිතාරක්ෂක ඒකකයට අනුයුක්ත පොලිස් කොස්තාපල් 104435 සරත්චන්ද්‍ර හා පොලිස් කොස්තාපල් 105268 සිසිර යන නිලධාරීන් විසින් මෙම විදෙස්…

Read More

ජනතාවට කොලේ වහලා සීයට දහ අටකින් විදුලි බිල වැඩි කරන්න ආණ්ඩුවට හැකියාවක් නැතැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. “අප නම් ඒකට සහය දෙන්නේ නෑ. ඒක සම්පූර්ණයෙන්ම වැරදි වැඩක්” යනුවෙන්ද හර්ෂද සිල්වා මහතා කීය. “විදුලි බිල සියයට 18.3වැඩි කරන්න ආණ්ඩුව ඉල්ලීමක් කර තිබෙනවා. අයි.එම්.එෆ් එකෙන් ගොඩ ගිය රටක් නෑ කියලා මේ උදවිය කලින් කිව්වා.ඔබලා පටන් ගත්ත ප්‍රතිසංස්කරණ සියල්ලම රිවස් කරලා තියෙනවා.පුනර්ජනනීය විදුලි බල උත්පාදනය සම්පූර්ණයෙන්ම විනාශ කර තිබෙනවා, යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.

Read More

වැල්ලවත්ත හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ නිවසක් තුළ තිබි අඩක් රන් ආලේපිත ටි 56 වර්ගයේ ගිණි අවියක් සහ මැගසිනයක් සොයා ගත් බව වැල්ලවත්ත පොලිසිය කියයි. එම මහල් නිවාස සංකීර්ණයේ පදිංචි කාන්තාවක් සිය මෝටර් රථය වාහන ගාල් කරන ස්ථානයේ නවතා එහි ඩිකියේ තබා තිබු ගිනි රැගෙන අත දරාගෙන උඩුමහලේ පිහිටි නිවස කරායාමේදී ඒ බව ආරක්ෂක නිලධාරීන් විසින් දැක පොලිසියට දැනුම් දීමෙන් අනතුරුව මෙම ගිනි අවිය පොලිස් භාරයට ගෙන තිබූ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. එම කාන්තාවගෙන් ඒ සම්බන්ධයෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී ඇය සිතා ඇත්තේ දරුවකු සෙල්ලම් කිරීම සඳහා යොදාගත් සෙල්ලම් ගිනි අවිය දරුවකු විසින් මෝටර් රථයේ ඩිකියේ තබන්නට ඇතැයි යැයි සිතා…

Read More

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සිදුව තිබෙන දූෂණ හා අක්‍රමිකතා පිළිබඳ සොයා බැලීමට ජනාධිපති කාර්යාලය මූලික කරගත් කමිටුවක් පත් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදාළ අංශවලට ඊයේ (20) උපදෙස් දුන්නේය. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය සහ ඊට අනුබද්ධ සියලුම වෘත්තීය සමිතිවල නියෝජිතයන් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේ ඊයේ (20) පස්වරුවේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන් අතර ඊට අදාළ සාකච්ඡාව පැය 4කට ආසන්න කාලයක් පැවැත්විණි. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිමිකාරීත්වය රජය සතුව පවත්වා ගැනීමට ගනු ලැබූ ප්‍රතිපත්තිමය තීරණය අනුව යමින් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සකස් කරන ලද ව්‍යාපාර සැලැස්මෙහි ඉලක්ක ළගා කර ගැනීම පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. ඒ…

Read More

බොරැල්ල ආර්යා ළමා රෝහලට ඊයේ (20) දහවල් ඇතුළු වූ පුද්ගලයෙකු සාත්තු සේවිකාවන්ගේ මුදල් සොරාගෙන පලා ගොස් ඇතැයි බොරැල්ල පොලිසිය කියයි. පලායමින් සිටි එම පුද්ගලයා අල්ලා ගැනීමට ගිය සුළු සේවකයෙකු ද පිහි ප්‍රහාරයට ලක්ව තුවාල ලබා රෝහල් ගත කර ඇත. වායු සමීකරණ අළුත්වැඩියා කරන මුවාවෙන් ඍජුවේ ආර්යා ළමා රෝහලේ තෙවන මහලේ හත්වෙනි වාට්ටුවට ඇතුළුව තිබූ එම පුද්ගලයා මුදල් පසුම්බි වල තිබූ මුදල් සොරා ගන්නා අයුරු අයුරු එහි සේවිකාවක් දැකීමෙන් අනතුරුව මෙම පුද්ගලයා එම ස්ථානයෙන් පලායාමේදී ඔහු පසුපස හඹා ගිය සුළු සේවකයෙකු ඔහු අල්ලා ගැනීමට තැත් කිරීමේදී සඟවාගෙන සිටි උල් පිහියකින් ඔහුගේ හිස ප්‍රදේශයට පහර කීපයක් එල්ල කර පිටුපස තාප්පයෙන් පලා ගොස්…

Read More

කොළඹ දිස්ත්‍රික්කයේ ශීඝ්‍රයෙන් පැතිර යන ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝගය පැතිරීම දක්නට ලැබෙන බැවින්, ඇළ මාර්ග සහ කාණු පද්ධතිය කඩිනමින් පිළිසකර කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදාළ අංශ වෙත උපදෙස් ලබා දුන්නේය. ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශය සහ ඊට අදාළ ආයතනවල නිලධාරීන් සමඟ ඊයේ (20) ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ය. කොළඹ දිස්ත්‍රික්කයේ ඇළ මාර්ග සහ කාණු පද්ධති නිසි ලෙස නඩත්තු නොවීම පිළිබඳ මෙහිදී නිලධාරීන්ගෙන් විමසූ ජනාධිපතිවරයා අවිධිමත් ලෙස සිදුකර තිබෙන කසළ බැහැර කිරීම මෙන්ම අපජලය බැහැර කිරීම සම්බන්ධව තිරසාර විසඳුම් සහිත සැලැස්මක් සකස් කරන ලෙසද නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් ලබා…

Read More

දේශපාලඥයන් ඔවුන්ගේ හෙංචයියන් ඇතුළු විවිධ තරාතිරම්වල පුද්ගලයන් 712ක් අනුරාධපුර නුවර වැව රක්ෂිතයේ ඉඩම් අත්පත් කරගෙන ගෙවල්,හෝටල් සහ පිහිනුම් තටාක ඉදිකර ඇතැයි ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය සුසිල් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (20) පැවසීය. වැව් රක්ෂිත අල්ලා ගැනීම අද සෙල්ලමක් බවට පත්ව ඇතැයි පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු මේ ගැන පරීක්ෂණ අාරම්භ කළ යුතු බවද සඳහන් කළේය. ඔහු මෙසේ පැවසුවේ අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී සුසන්ත කුමාර නවරත්න මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

Read More

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතික රණවිරු සැමරුමට සහභාගී නොවීමට සැලසුම්කර සිටි බවත් ඔහු එම උත්සවයට සහභාගී නොවන බව කලින්ම ප්‍රසිද්ධ කිරීම නිසා සමාජයෙන් එල්ල වූ පීඩනය හමුවේ ජනාධිපතිවරයා එම උත්සවයට අකමැත්තෙන් සහභාගී වූ බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍යවරයෙක් වන විමල් වීරවංශ මහතා ඊයේ (20) පැවසීය. විමල් වීරවංශ මහතා කොළඹදී ඊයේ (20) විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් එසේ පැවසීය. ජනාධිපතිවරයා එම උත්සවයේදී කළ කතාවේ තහනම් වචන ගොඩක් ඇති බව කී විමල් වීරවංශ මහතා එහිදී රණවිරුවෝ යන වචනය තහනම් වචනයක් බවට පත් වූ බව ද ඒ මහතා සඳහන් කළේය. ජීවිත පරිත්‍යාග කළ සොල්දාදුවෝ, නිලධාරීන් ලෙස එහිදී ජනාධිපතිවරයා රණවිරුවන් හැඳින්වූ බවත්…

Read More

රණවිරු සේවා අධිකාරියේ ඉල්ලීමකට අනුව රණක්ෂිතයට පත් සෙබළුන්ගේ ප්‍රතිකාර සහ පුනරුත්ථාපන කටයුතු වෙනුවෙන් පවත්වාගෙන යන සුවසහන නිකේතන සඳහා අඩුපාඩුවක්ව පැවැති වාහන 05ක් පිරිනැමීම ජනාධිපති කාර්යාලයට අයත් ශ්‍රාවස්ති පරිශ්‍රයේදී අද (20) පස්වරුවේ සිදුවිණි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් මත පිරිනමන ලද මෙම වාහනවලට අදාළ ලිපි ලේඛන ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් රණවිරු සේවා අධිකාරියට භාර දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදය කළේය. එහිදී ශ්‍රී ලංකා යුද හමුදා මූලස්ථානයේ රණවිරු සේවා අධිකාරිය වෙනුවෙන් මේජර් එරංග රත්නායක මහතා විසින් එම ලේඛන භාර ගනු ලැබීය. මෙම වාහන අනුරාධපුරය, කඹුරුපිටිය සහ පාන්ගොල්ල පිහිටි අභිමංසල නිකේතනයන්හි සහ අත්තිඩිය මිහිදු සෙත් මැදුර, රාගම…

Read More