Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු මැති ඇමැතිවරුන් විස්සකට ආසන්න පිරිසක් එම පෙරමුණේ ජාතික සංවිධායක නීතිඥ නාමල් රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡා පවත්වා ඇතැයි වාර්තාවේ. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ මදුර විතානගේ මහතාගේ නිවසේ පැවති මෙම සාකච්ඡාවේදී රටේ වර්තමාන දේශපාලන තත්වය සහ ආණ්ඩුවේ කටයුතු සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා කර ඇතැයි දැනගන්නට ඇත. මෙයට අමතරව දේශපාලනිකව එක්ව කටයුතු කිරීමේ අවශ්‍යතාව පිළිබඳවද මෙහිදී සාකච්ඡා කර ඇත. මෙම සාකච්ඡාවට ඩීවී චානක, තේනුක විදානගමගේ,ඉන්දික අනුරුද්ධ, වෛද්‍ය රමේෂ් පතිරණ රෝහිත අබේගුණවර්ධන පවිත්‍රා වන්නිආරච්චි, ජානක වක්කුඹුර, අජිත් රාජපක්ෂ, සම්පත් අතු කෝරළ අනූප පැස්කුවල් , මදුර විතානගේ ප්‍රේමනාත් සී දොළොවත්ත විජිත බේරුගොඩ චින්තක මායාදුන්නේ යන මහත්වරු සහභාගිවී ඇත. කෙසේ වෙතත්…
අන්තර්ජාලය ඔස්සේ මුදල් ඔට්ටුවට සූදු ක්‍රීඩාවේ යෙදුණු ඉන්දීය ජාතික තරුණියන තිදෙනකු ඇතුළු සැකකරුවන් 11 දෙනකු අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය කියයි. සැකකරුවන් සමඟ ජංගම දුරකථන 20 ක් ලැෆ්ටොෆ් පරිගණක 3 ක් හා ටැබ් යන්ත්‍රයක් මෙලෙස පොලිස් භාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් හා සැකකාරියන් වයස අවුරුදු 22 – 43 අතර පසුවන්නන්ය.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රිකකවලත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. උතරු,උතුරු – මැද,ඌව සහ නැගෙනහිර පළාත්වලත අද පස්වරු 1.00 පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි.
මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයට සමගාමීව සිදු කරන විශේෂ සෝදිසි මෙහෙයුමකදී ජාතික හැඳුනුම්පත් 08ක් තබාගත් පුද්ගලයෙකු ඇතුළු පුද්ගලයන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගත් බව මහනුවර කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක මහතා පවසයි. මෙවර රන්දෝලි පෙරහර නැරඹීම සඳහා අතිවිශාල බැතිමතුන් පිරිසක් පැමිණේයැයි අනුමාන කරන බැවින් රාජකාරියේ නියුතු පොලිස් නිලධාරීන්ට අමතරව පොලිස් කණ්ඩායම් යෙදවීමට බලාපොරොත්තුවනන බවද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා පවසයි. මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක මහතා ඒ බව අවධාරණය කර සිටියේ ඊයේ (04) පොලිස් අධිකාරී කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදීය. පෙරහර බලන මුවාවෙන් ජනතාව අතර සිටිමින් විවිධ අපරාධ ක්‍රියාවලට යොමුවිය හැකි පුද්ගලයන් සිටින බැවින් වැනි සැකකටයුතු පුද්ගලයන් හඳුනා ගතහොත් වහාම…
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එම ධූරයෙන් නෙරපීමේ යෝජනාව පාර්ලිමේන්තුවේදී හෙට(5) විවාදයට ගැනීමට නියමිතය. විවාදයෙන් අනතුරුව එදින පස්වරුවේ ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත. පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එම ධූරයෙන් නෙරපීමේ යෝජනාව පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට අද (4) ඇතුළත් කෙරුණු ඇතැයි එහි ආරංචි මාර්ග සඳහන් කළේය. මෙම යෝජනාව දැනට පවතින්නේ පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයේය.යෝජනාව න්‍යාය පුස්තකයේ සම්පූර්ණ දින පහක් තැබීමෙන් පසු පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කෙරෙන බව පාර්ලිමේන්තු ප්‍රකාශකයෙක් පැවසීය.ෙමේ අතර විවාදය පැවැත්වෙන දින කොළඹ රැඳී සිටින ලෙස ආණ්ඩුව ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට දැනුම් දී ඇත. මෙම යෝජනාව සම්මත වීමට නම් නොපැමිණි මන්ත්‍රීවරුන්ද ඇතුළුව සියලු මන්ත්‍රීවරුන්ගෙන් හරි අඩක්(113) ඡන්දය ප්‍රකාශ කිරීම ප්‍රමාණවත්ය. පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සංයුතිය අනුව…
මේ වසරේ පළමු මාස හයේදී වරායේ මෙහෙයුම් ලාභය රුපියල් කෝටි 2441ක් බව ප්‍රවාහන මහා මාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පැවසීය එය ගිය වසරට සාපේක්ෂව සියයට හැට හයක වර්ධනයකි. රටේ ආර්ථිකය පැත්තෙන් බැලූ කල මෙය සතුටුදායක ආරංචියක් බව නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.
උතුරු, උතුරු – මැද සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවද එම නිවේදනයේ සඳහන් වේ. ඒ අනුව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසය.
පියා විසින් කපා තිබූ වැසිකිළි වළට වැටී ඔහුගේ බාල පුත්‍රයා ජීවිතක්ෂයට පත්ය ඇති පුවතක් බගවන්තලාව ප්‍රදේශයෙන් වාර්තා විය. මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතය හැරගොස් ඇත්තේ බගවන්තලාව කිව් වතුයායේ ඉහළ කොටසේ පදිංචිව සිටි එම වතුයායේම 3 වන වසරේ අධ්‍යාපනය ලබමින් සිටි හෙලෝන් සසාන් නැමති 08 හැවිරිදි සිසුවාය. එම වතුයායේ ඉහළ කොටසේ වතුකම්කරුවෙකු විසින් අලුතින් ඉදිකරමින් පවතින නිවසට වැසිකිළියක් ඉදි කිරීම සඳහා අඩි 06ක පමණ ගැඹුරකින් යුත් වළක් මෙම පියා විසින් කපා තිබී ඇත. මෙම කුඩා දරුවා වැසි ජලය පිරී තිබූ එම වළ අසළින් ඊයේ (03) ගමන් කරමින් සිටි අවස්ථාවක ඔහු එම වළට වැටෙන්නට ඇති බවට සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන පොලිස් නිලධාරීන් සැකපල…
අධිවේගී මාර්ගයේ කොළඹ පිටත වටරවූම් මාර්ගයේදී කන්ටේනර රථ රියදුරෙකු ලොරියක ගැටී සිදු වූ අනතුරකින් මියගිය බව අතුරුගිරිය අධිවේගී මාර්ග අනුපාලක මධ්‍යස්ථානය සඳහන් කරයි. අනතුරින් මියගොස් ඇත්තේ අලවතුගොඩ සයිස්ටන් පෙදෙස පදිංචිව සිටි ඩබ්ලිව් කේ .ඒ. පි. වර්ණසිරි (49) යන අයයි. මියගිය කන්ටේනර් රථ රියදුරා ටයිල් තොගයක් පටවාගෙන කඩවත පිවිසුමෙන් ඇතුළුව මාතර දෙසට ධාවනය කරමින් සිටියදී ටයිල් තොගය ආවරණය කර තිබූ ටෙන්ට් රෙද්ද ගැට ගසා තිබූ ලණු බැමි බුරුල්වීම හේතුවෙන් කොළඹ පිටත වටරවුම් ප්‍රදේශයේ කිලෝමීටර් 5 යි දශම 8 ප්‍රදේශයේදී කන්ටේනර් රථය නවතා එහි පිටුපසට පැමිණ ලනු බැමි නැවත ගැට ගසමින් සිට ඇතැයි පොලිසිය කියයි. එම අවස්ථාවේදී පොල්ලෙහි රැගෙන යාම සඳහා කඩුවෙල…
පසුගිය මාස හයක කාලයක් තුළ සංචාරකයන් පැමිණීමෙන් ඩොලර් බිලියන 3.7ක ආදයමක් උපයා ඇති බව විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. මේ වසර අවසානය වන විට තවත් ඩොලර් බිලියන 3.7ක ආදයම් ඉලක්කයක් අපේක්‍ෂා කරන බව ඔහු සඳහන් කළේය. නුවරඑළිය සීතා අම්මන් කෝවිලේ, පැවති උත්සවයට එක්වෙමින් අමාත්‍ය විජිත හේරත් මහතා මෙම අදහස් පළ කළේය. “ඉන්දියානුවන් තමයි ලංකාවට වැඩියෙන්ම සංචාරකයින් විදියට පැමිණෙන්නේ. ගොඩක් අය ආගමික සංචාරකයින් වෙනවා. කොනේෂ්වරන් කෝවිලට, කතරගමට විවිධ ස්ථාන දැකබලා ගන්න ඉන්දියානු සංචාරකයින් විශාල ප්‍රමාණයක් පැමිණෙනවා. අපිට ඒක ලොකු හයියක්. ඔබ දන්නවා අපි ආර්ථික වශයෙන් බංකොළොත් වෙලා හිටියේ. ඒ තත්ත්වයෙන් මිදෙන්න නම්, අපි සංචාරක කර්මාන්තය…
