Author: LANKA24X7

ලෝක ළමා දිනය සැමරීමට සිය විදුහලට මත්වතුර බෝතලයක් රැගෙන පැමිණි අම්බලන්ගොඩ පාසලක සිසුන් සිවු දෙනකු අත්අඩංගුවට ගත් බව මීටියාගොඩ පොලීසිය කියයි. මෙසේ බාරයට ගත් සිසුහු සිව් දෙනා මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිටින අය වෙති. ඔවුන්ට දැඩි ලෙස අවවාද කර ඔවුන්ගේ මවුපියන්ට පෙරේදා (1) පස්වරුවේම බාර දුන් බව ද පොලීසිය කියයි. අනතුරුව මෙම සිව් දෙනා මවුපියන්ගේ කැමැත්ත සහිතව එම පාසලෙන් ඉවත් කර ගෙන ඇතැයි විදුහල් ආරංචි මාර්ග කියයි. ලෝක ළමා දිනය පැවැති පෙරේදා (1) සිසුන් සිව්දෙනා වතුර බෝතලයකට මත්පැන් පුරවා පාසලට රැගෙන පැමිණ ඇති බවත් පොලිසිය කියයි. මත් වතුර රැගෙන ආ බවට විදුහලෙන් ලැබුණු තොරතුරකට අනුව ඔවුන් සිව්දෙනාම…

Read More

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය 26 වැනි වරටත් සංවිධානය කරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ඉතාමත් සාර්ථකව පැවැත්වෙන බව පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ සභාපති දිනේෂ් කුලතුංග මහතා පැවැසීය. මේ දින කිහිපයේ පමණක් ජනතාව ලක්ෂ එකහමාරකට වැඩි පිරිසක් පොත් ප්‍රදර්ශනය නැරඹීමට හා පොත්පත් මිලදී ගැනීමට පැමිණ ඇති බව ද ඔහු සඳහන් කළේය. පසුගිය වසර වලට වඩා බොහෝ සාර්ථක ලෙස පොත් ප්‍රදර්ශනය මෙවර පැවැත්වෙන බවත් පොතපත හොඳින් අලෙවි වන බවට කුටි සංවිධායකයන් ප්‍රකාශ කරන බවත් ඔහු කීය. මෙවර ප්‍රදර්ශනය ආරම්භයේ සිටම සති අන්ත හෝ සතියේ දින යැයි නොසලකා ජනතාව ඇදෙමින් සිටින බව ද වෙන වසරවල එවැනි තත්වයක් නොතිබූ බව ද ඔහු කීය. මෙවර පොත්…

Read More

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන ප්‍රශ්න කරන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු හා සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මන්දිනු පද්මසිරි පෙරේරා නොහොත් කෙහෙල් බද්දර පත්මෙ නැමැත්තාගෙන් අනාවරණය වූ තොරතුරු අනුව මයික්‍රෝ වර්ගේ ගිනි අවියක් හා මැගසිනයක් සොයාගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි. පසුගියදා ඉන්දුනීසියාවේ ජාකාරතා නුවරදී කෙහෙල් බද්දර පද්මෙ නමැත්තා ඇතුළු පස්දෙනෙකු නැමැත්තා ඇතුළු ඉඳුල් නිසා උන පොලිසිය සහ පෑලියගොඩ උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් ඒකාබද්ධව සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගැනුණි . කෙහෙල් බද්දර පද්මේ නමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශ 3 හි රඳවාගෙන සිදුකළ ප්‍රශ්න කිරීමේදී විවිධ අපරාධ සතා යොදාගත් ගිනිි අවියක් ඌරගස් මං හන්දිය,කොස්ගොඩ මාර්ගයේ ඇති අතුරු මාර්ගයක බෝක්කුවක් යට ගිනිඅවියක් සඟවා තිබෙන බවට…

Read More

විශ්‍රාමික පවුල් සෞඛ්‍ය සේවිකාවගේ නිවස ඉදිරි පස බෑගයක අසුරා දමා ගොස් තිබූ දිනක් පමණ වයසක බිළිදියක් හමු වී ඇතැයි මහව මූලස්ථාන පොලිසිය කියයි. මෙසේ දමා ගිය බිළිඳිය 166 කෝන්වැව, ඉපලෝගම , මහව ලිපිනයේ පදිංචි ඉන්ද්‍රාණි අනුලා මහත්මියගේ නිවසේ තිබියදී සොයා ගන්නා ලද බව පොලිසිය සඳහන් කරයි. ‎බිළිඳිය සොයා ගන්නා විට නිරෝගීව සිටි බවත් වහාම නිකවැරටිය මූලික රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කළ බවත් මහව මුලස්ථාන පොලිසිය සඳහන් කරයි. ‎සිද්ධිය සම්බන්ධයෙන් මහව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක ඒ.ඒ.පි.ඒ. කුලතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් කාන්තාව පොලිස් ඒකකයේ ස්ථානාධිපති කාන්තා පොලිස් පරීක්ෂක අපේක්ෂා ඇතුළු කණ්ඩායමක් විසින් වැඩිදුර විමර්ශන සිදු කරති. ‎සිද්ධිය ඇසින් දුටු ඉන්ද්‍රාණි අනුලා මහත්මිය මෙසේ…

Read More

පශ්චාත් උපාධි අධ්‍යයන කටයුතු සඳහා විදේශගත වූ වවුනියාව විශ්ව විද්‍යාලයේ අධ්‍යයන කාර්ය මණ්ඩලයේ නිලධාරීනියක එම වැඩසටහන නිමවීමෙන් පසු සේවයට වාර්තා කර නැතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන්වේ. ඇය මෙසේ සේවයට වාර්තා කර නැතත් රුපියල් දෙකෝටියකට වැඩි බැඳුම්කර වටිනාකම අැයගෙන් අය කර ගැනීමට විශ්ව විද්‍යාල පාලනාධිකාරය පියවර ගෙන නැතැයිද එම වාර්තාවේ දැක්වේ. මේ සම්බන්ධයෙන් විගණනයට කරුණු දක්වා ඇති විශ්ව විද්‍යාල පාලනාධිකාරිය ප්‍රකාශ කර ඇත්තේ හිග ශේෂය තවදුරටත් නොගෙවන්නේ නම් අැයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි. රුපියල් ලක්ෂ හතළිහක පමණ මුදලක් අැය දැනට ගෙවා ඇති අතර තවත් රුපියල් එක්කෝටි හතළිස් හතර ලක්ෂයකට වැඩි මුදලක් අය කර ගැනීමට නියමිත බවද…

Read More

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධාන ආරක්ෂ නිලධාරී මේජර් නෙවිල් වන්නිආරච්චි මහතා මීට සුළු මොහොතකට පෙර අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. ඒ අල්ලස් සහ දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිෂන් සභාව හමුවේ අද පෙනී සිටි අවස්ථාවේදීය.

Read More

තාජුදීන් ඝාතනය සම්බන්ධයෙන් වැඩ බලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කී කතාව ගැන නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ලොකුවට කලබල විය යුතු නැතැයි කම්කරු නියෝජ්‍ය නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පැවසීය. මේ සම්බන්ධයෙන් මෙතරම් කලබල වන්නේ ඇයි දැයි ජනතාව සිතා බැලිය යුතු බවත් තාජුඩීන් ඝාතනය මහා බැංකු හොරකම වැනි සිද්ධි සම්බන්ධයෙන් මේ රටේ ජනතාව යම් විමසිල්ලකින් සිටින බවත් ඔහු සඳහන් කළේය. එම සිද්ධි පරීක්ෂණවලට බාධාවක් නොවන ආකාරයට යම් ප්‍රමාණකට දැනගැනීමට ජනතාවට අයිතියක් ඇති බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා නීතිය පසිඳලන ආයතන දේශපාලන ඇඟිලි ගැසීමෙන් තොරව අද ස්වාධීනව ක්‍රියාත්මක වන බවද සඳහන් කළේය.

Read More

මන්නාරම සුළං විදුලි බලාගාර ව්‍යාපෘති අඛණ්ඩව පවත්වාගෙන යන ලෙස ඉල්ලමින් සහ එයින් ජනතාව වෙත ලැබෙන ප්‍රතිලාභ පිළිබඳව දැනුවත් කිරීමේ අරමුණින් අද උදෑසන මන්නාරම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අසලදී ප්‍රදේශවාසීන්ගේ සහභාගීත්වයෙන් සාමකාමී විරෝධතාවක් පවත්වා ඇති බවට වාර්තාවේ. එහිදී ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීම සඳහා අදාල ඉල්ලීම් ඇතුලත් ලිපියක්ද මන්නාරම දිස්ත්‍රික් ලේකම්වරයා වෙත භාරදී ඇත. සුළං විදුලි බලාගාර ව්‍යාපෘතියේ ඉදිකිරීම් නතර කරන ලෙස ඉල්ලා විරෝධතාවයන් පැවැත්වෙන අවස්ථාවකදී මෙසේ තවත් ප්‍රදේශවාසීන් කොටසක් පැමිණ මෙම ව්‍යාපෘති සිදුකරන මෙන් අදාල බලධාරීන්ගෙන් මෙහිදී ඉල්ලා ඇත. මෙම අවස්ථාවේදී දෙපාර්ශවය අතර සුළු ගැටුමක්ද ඇතිවී ඇත එහිදි පොලීසිය විසින් එය සමථයකට පත්කර ඇති අතර, මෙම ව්‍යාපෘති සිදු කරන ලෙස ඉල්ලා මන්නාරම…

Read More

තාජුදීන් ඝාතනය ගැන අලුත්ම තොරතුරු ලැබී ඇතැයි අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය මේ අපරාධ කළේ ගමේ සිරිපාල හෝ ඥානරත්න නොවන බව කී හෙතෙම රට පාලනය කරපු අය අපරාධ වසා දැමූ බවද සඳහන් කළේය මේ රජයට මාස 60ක කාලයක් ඇති බවත් තවම ගතවී ඇත්තේ මාස දොළහක් පමණක් බවත් ඔහු කීවේය මාස 48 ඉවර වෙනකොට සියලු දෙනා නීතිය අනුව ඇතුළේ ඉඳීවි යැයිද බිමල් රත්නායක මහතා ප්‍රකාශ කළේය.

Read More

කළුතර බන්ධනාගාරයට ඉතා සූක්ෂම ලෙස කලිසම් වාටියේ සඟවා හෙරොයින් මත්කුඩු ලබාදීමට පැමිණි කාන්තාවක් ඇතුළු තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත්බව කළුතර අපරාධ කොට්ඨාසය පවසයි . මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි කාන්තාවක සහ තවත් පුද්ගලයකු බව පොලිසිය කීය. බස්නාහිර පළාත් බුද්ධි නිළධාරින්ට ලද තොරතුරක් මත සැකසහිත ත්‍රීවිල් රථය පරීක්ෂා කිරීමේදී බෑගයක තිබූ කලිසමක වාටියේ ඉතා සූක්ෂම ලෙස සගවා තිබූ හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 6 ක් ,ජාවාරම සදහා යොදාගත් ජංගම දුරකථන 2 ක් සහ ත්‍රිරෝද රථය සමග සැකකරුවන් අත්අඩංගුවට ගත්බව පොලිසිය කීය. සැකකරුවන් කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

Read More