Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
ඇමැති බංගලා වසා දමා වසරකට ආසන්න කාලයක් ගතවී ඇතත් ඒ සම්බන්ධයෙන් රජය තවමත් ස්ථිර තීරණයකට පැමිණ නැතැයි වාර්තාවේ. මේ හේතුවෙන් එම බංගලා දවසින් දවස ජරාවාස වෙමින් පවතින බව ආරංචි මාර්ග සඳහන් කළේය. ඇමති බංගලා වලට අමතරව පසුගිය කාලයේදී වසා දමා තිබූ ගොඩනැගිලි කිහිපයක් සම්බන්ධයෙන්ද කැබිනට් මණ්ඩලය ඉදිරියේදී තීරණයක් ගැනීමට නියමිතය එම ගොඩනැගිලි කාලයක් රජයේ නිලධාරීන් පාවිච්චි කළ ඒවාවේ. මේ සම්බන්ධයෙන් අප රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබේරත්න මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ ඇමති බංගලා සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය ළඟදීම තීරණයක් ගනු ඇති බවයි. ඒ බංගලා ඇතුළු ගොඩනැගිලි සම්බන්ධයෙන් සියලු වාර්තා භාරදී අවසන් බවද ඔහු සඳහන් කළේය.…
කුලී රථ හිමිකරුවන්ගේ සහ රියදුරන්ගේ ජාතික එකමුතුවේ නියෝජිතයෝ පිරිසක් ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට සිය යෝජනා සහ අදහස් ඉදිරිපත් කළහ. ප්‍රවාහන ක්‍ෂේත්‍රය හා සම්බන්ධ නීතිමය රාමුව ශක්තිමත් කීරීම අරමුණු කර ගනිමින් මෙසේ කරුණු ඉදිරිපත් කර ඇත්තේ එම අනු කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රීනී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවියගේ ප්‍රධානත්වයෙන් පසුගිය 26 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය. මෙහිදී අනු කාරක සභාව පෙන්වා දුන්නේ රියදුරා, මගියා යන සියලු පාර්ශ්වයන්ට සාධාරණ ආකාරයෙන් ප්‍රවාහන අංශය සම්බන්ධයෙන් නිර්නායක සකස් විය යුතු බවයි. කුලී රථ කර්මාන්තය සම්බන්ධයෙන් එම වෘත්තීන්වල නිරතවන පුද්ගලයින්ගේ අදහස් සහ යෝජනා මෙහිදී වැදගත් වන බව අනු…
රුපියල් මිලියන 194ක බදු මුදලක් නොගෙවා පැහැර හැරියේ යැයි කියන අවුරා ලංකා සමාගමේ සභාපති විරංජිත් තාබුගල විත්තිකරුට වැට් බදු වාර්තා ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් නොවැම්බර් 25 දින අධිකරණයේ පෙනී සිට කරුණු දක්වන ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් සජිවිකා ඉයන්දල මහත්මිය සිතාසී නිකුත් කරමින් නියෝග කළාය. අවුරා ලංකා සමාගම වෙනුවෙන් 2019 තුන්වෙනි කාර්තුව සඳහා ලබා දිය යුතු වැට් බදු වාර්තා ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් දේශීය ආදායම් කොමසාරිස්වරයා පැවරූ පැමිණිල්ලක් සලකා බැලීමෙන් පසුව මෙම සිතාසිය නිකුත් කළාය. දෙශීය ආදායම් කොමසාරිස්වරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දිනේෂ් පෙරේරා මහතා කරුණු දක්වමින් කියා සිටියේ විත්තිකරුට අධිකරණයේ පෙනී සිටීමට සිතාසි නිකුත් කර තිබුණද ඔහු පෙනී සිට නොමැති බවය. පැමිණිල්ලේ…
මෝදර අලුත් මාවත ප්‍රදේශයේ නගර සභා වැඩ බිමක් අසල පාසල් බෑගයක තිබී අත්අඩංගුවට ගත් අත්බෝම්බ 10 ය නිශ්ක්‍රීය කර රජයේ රස පරීක්ෂක වාර්තා කැඳවීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඕෂද මිගාර මහාරච්චි මහතා මෝදර පොලිසියට ඊයේ (01) නියෝග කළේය. ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට ලද තොරතුරක් මත විශේෂ පොලිස් කණ්ඩායමක් මගින් මෙම බෝම්බ තොගය අත් අඩංගුවට ගත් බවට බී වාර්තාවක් ගොනුකරමින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කළේය. පොලිසියේ වැඩිදුරටත් අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ සැකකරුවන් අනාවරණය කර ගැනීම සඳහා සීසීටිවී දර්ශන ඔස්සේ විමර්ශන සිදු කරන බවය. ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා බෝම්බ නිස්ක්‍රීය කිරීමට අවසර ලබාදෙමින් රජයේ රසපරීක්ෂක…
ලෝක ළමා දිනය සැමරෙමින් තිබූ අද දින වයස අවුරුදු හතරක කුඩා දරුවකු නිවස පිටුපස ළිඳට වැටීමෙන් අවාසනාවන්ත ලෙස මියගොස් ඇතැයි නවගගමුව පොලිසිය පවසයි. මෙසේ මරණයට පත්වූයේ ඉහළ බෝමිරිය, පදිංචි ව සිටි සේනුක නිල්ශාන් හෙට්ටිආරච්චි (4) නැමති දරුවෙකි. නීවස පිටුපස ඇති මේ ළිඳ දැලකින් ආවරණය කොට ඇතත් වැඩිහිටි අවධානය මග හැරුනු දරුවා ළිඳට එබී බලන්නට ගොස් ඒ තුලට වැටෙන්නට ඇති බවට පොළිසිය සැක පහල කරයි. අද දින පෙරපාසලට ගොස් එහි ළමා දින උත්සවයටද සහභාගි වී තෑගි භෝග ලබාගෙන නිවසට පැමිණ සෙල්ලම් කරමින් සිටියදී මෙලෙස අනතුරට ලක්ක මියගොස් ඇතැයිද පොලිසියය පවසයි.
නීතී විරෝධී ලෙසින් ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවට ඩිංගි යාත්‍රාවකින් ප්‍රවාහනය කරමින් තිබූ කෝටි 14 කට වැඩි වටිනාකමින් යුතු රන් කිලෝ හතරයි ග්‍රෑම් 454 ක්,සැකකරුවන් දෙදෙනෙකු ද සමගින් ඊයේ (1) කල්පිටිය කළපුවේ සින්න අරිච්චල් ප්‍රදේශයේ දී ,කල්පිටිය විජය නාවුක ආයතනයේ මුර සංචාරක යාත්‍රාවක් මගින් අත් අඩංගුවට ගෙන ඇත. ධීවරයින් ලෙසින් වෙස්වලාගෙන ධීවර දැල් ආම්පන්න සහිත යාත්‍රා කරමින් තිබූ මෙම යාත්‍රාව,නාවුක නිළධාරීන් විසින් පරීක්ෂා කර බැළීමේ දී මෙම රන් තොගය අත් අඩංගුවට ගෙන ඇත. සැක කරුවන් දෙදෙනා කල්පිටිය ආණවාසල හා ජනසවිපුර පදිංචි වයස අවුරුදු 25 ක් වන තරුණයෝ වෙති. මෙම රත්‍රං තොගය මුහුදේ දී වෙනත් ඉන්දිය යාත්‍රාවක භාර දීම පිණිස මෙසේ රැගෙන…
රජය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දේශපාලන වාසි තකා මහජන මතය වෙනතකට යොමු කිරීමට විවිධ සටකපට උත්සාහ දරමින් සිටින්නේ යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා චෝදනා කරයි. හිටපු යහපාලන ආණ්ඩුව සහ වත්මන් ආණ්ඩුව රාජපක්ෂවරුන් ඉලක්ක කරගෙන නොයෙක් අභූත චෝදනා ගොඩනැගූ බවද ඔහු සඳහන් කළේය. තජුඩින්ගේ නඩුව සම්බන්ධයෙන් නාරාහේන්පිට පොලිස් ස්ථානාධිපති ලවා බොරු සාක්ෂි කියවීමට එදා හිටපු නිලධාරීන් කටයුතු කළ බව පැවසූ රාජපක්ෂ මහතා එම නිලධාරීන්ම අද ඉහළ පුටුවල වාඩි වී සිටින බවද සදහන් කළේය
දිවයිනේ බොහෝ ප්‍රදේශවල හෙට(03) සිට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයන් ඇතිවෙමින් පවතින බව කාලගුණවිද්‍යාෙදපාර්තමේන්තුව කියයි. දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවද එම දෙපාර්තමේන්තුව කියයි. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇති වේ.
එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ (UNFPA) ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ දේශීය කාර්යාල බාර නිලධාරී ෆුන්ට්ෂෝ වැන්ග්යෙල් (Phuntsho Wangyel) සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහත්වරුන් අතර හමුවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී සිදු විය. මෙරට සෞඛ්‍ය සේවා පද්ධතියේ වත්මන් ක්‍රියාකාරීත්වය සහ ඉදිරි සැළසුම් සහ අභියෝගයන් පිළිබඳව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ ෆුන්ට්ෂෝ වැන්ග්යෙල් මහත්වරුන් අතර අදහස් හුවමාරු විය. එහිදී මෙරට ළමා හා මාතෘ සෞඛ්‍ය ප්‍රවර්ධනය සහාය දැක්වීම මෙන්ම එම සේවා සඳහා අවශ්‍ය වෛද්‍ය උපකරණ ලබාදීම, මෙරට ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තිය සාර්ථකත්වයට පත් කිරීම උදෙසා දැනුම හා අත්දැකීම් හුවමාරු කර ගැනීම මෙන්ම ලිංගික අධ්‍යාපනය සඳහා වන වැඩපිළිවෙල ශක්තිමත්…
ශ්‍රී ලංකාවට වාහන ආනයනය සඳහා පනවා තිබූ සීමා ඉවත් කිරීමත් සමඟ 2025 වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා මාස 08ක කාලපරිච්ඡේදය තුළ දී, මෙරටට වාහන ආනයනය සඳහා එක්සත් ජනපද ඩොලර් මිලියන 1,007.5ක වියදමක් දරා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද 2025 අගොස්තු විදේශීය අංශ ක්‍රියාකාරීත්ව වාර්තාවෙහි මේ බව සඳහන් වේ. මෙහිදී මෙම වසරේ තනි මාසයක් තුළ සිදුකළ වැඩිම වාහන ආනයන වියදම 2025 අගෝස්තු මාසයේ දී වාර්තා වන අතර එය ඩොලර් මිලියන 255.7ක් වේ. 2025 වසරේ මේ දක්වා එක් එක් මාසය තුළ දී මෙරටට වාහන ආනයනය සඳහා දරා ඇති වියදම පහතින් දැක්වේ. (ඩොලර්…
