Author: LANKA24X7

පිළිකාව යනු මිනිස් ජීවිතයේ පැවැත්මට දැඩි තර්ජනයක් එක්කර තිබෙන රෝගී තත්ත්වයකි. එම නිසාම ඊට එරෙහිව ප්‍රතිකාර සෙවීමට මේ වනවිට ලෝකයේම අවධානය යොමුවී තිබේ. එවැනි පසුබිමක පිළිකා සෛල නසන පෝෂක ඖෂධයක් සොයාගැනීමට කොළඹ සරසවියේ ජෛව රසායන, අණුක ජීවවිද්‍යා සහ ජෛව තාක්ෂණ ආයතනය සමත්වී තිබේ. මිනිස් ශරීරයේ කොටසක අසාමාන්‍ය සෛල පාලනයකින් තොරව වර්ධනයවීම පිළිකාවක් ලෙස හැඳින්වෙන අතර එය මුල් අවස්ථාවේ හඳුනාගෙන ප්‍රතිකාර නොකළහොත් මරණය පවා ගෙනදිය හැකිය. ගෝලීය වශයෙන් ගත්කළ වසරකට මිලියන 10කට ආසන්න පුද්ගලයින් සංඛ්‍යාවක් පිළිකාව හේතුවෙන් මරණයට පත්වන අතර ශ්‍රී ලංකාවේ වසරකට පිළිකාව හේතුවෙන් මියයන පුද්ගලයින් සංඛ්‍යාව 15,000 ත් – 20,000ත් අතර වෙයි. මෙම තත්ත්වය හමුවේ ගෝලීය වශයෙන් මෙන්ම දේශියවද…

Read More

අල්ලස් කොමිසම විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා විසින් ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප පෙත්සම විමසීම සඳහා ලබන 08 වනදා කැඳවන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය. මෙම ඇප ඉල්ලීම අද (03) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි එහි සහකාර අධ්‍යක්ෂ ජනරාල් අනුෂා සම්මන්දප්පෙරුම මහත්මිය විසින් මෙම පෙත්සමට අදාළ ලිඛිත විරෝධතා අධිකරණයට ඉදිරිපත් කළාය. එහිදී මනුෂ නානායක්කාර මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා අධිකරණය ඉල්ලා සිටියේ, මෙම විරෝධතාවලට පිළිතුරු ගොනුකිරීම සඳහා දිනයක් ලබාදෙන ලෙසය. ඒ අනුව එම ලිඛිත…

Read More

දෛනික ගනුදෙනු සැසියක් අතරවාරයේ දී ඒකක 22,000 සීමාවට සියලු කොටස් මිල දර්ශකය පැමිණි ඉතිහාසයේ පළමු අවස්ථාව මෙයයි. අද පෙරවරු 09.35ට පමණ මෙලෙස මෙම සුවිශේෂී මංසළකුණ අතික්‍රමණය කිරීමට සියලු කොටස් මිල දර්ශකයට හැකියාව ලැබිණ. ඒ වන විට සියලු කොටස් මිල දර්ශකය ඒකක 22,017.56ක් ලෙසින් සටහන්ව තිබුණි.

Read More

වර්තමානයේදී පළාත් සභා මැතිවරණය අවශ්‍ය බව පවසන්නේ පවතින ආණ්ඩුවට එරෙහිව ජනමතයක් පවතින බවට හුවා දැක්වීමට පමණක් බව හිටපු මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. කිසිඳු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු පාර්ලිමේන්තුව තුළ හෝ පළාත් සභා මැතිවරණය අවශ්‍ය බවට කිසිදු ප්‍රශ්නයක් යොමු කරමින් විසමා නොමැති බවද ඔහු සඳහන් කළේය. පළාත් සභා මැතිවරණය අවශ්‍ය වන්නේ කුමකටද යන්න සම්බන්ධයෙන් ජනතාවට තේරුම් කර නොදී, මෙය පැවැත්වීම අවශ්‍ය බවට වන මතය ජයග්‍රහණය කළ නොහැකි බව මහින්ද දේශප්‍රිය මහතා පැවසීය. පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් කොළඹ පැවැති සම්මන්ත්‍රණයකට එක්වෙමින් හිටපු මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මේ බව සඳහන් කළේය.

Read More

ඉන්දියාවේ සිට මුහුදු මගින් රේගු නීතී උල්ලංඝණය කරමින් නීතී විරෝධීව මෙරටට ගෙන්වන ලද,ඉන්දියන් බීඩී කොළ ඇසුරුම් 13 ක්,බොලෙරෝ කැබ් රියකින් ප්‍රවාහනය කරමින් සිටියදී එහි රියදුරු ද සමඟ කල්පිටිය ඒත්තාල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව කල්පිටිය පොලිසිය කියයි. මෙම බීඩී කොළ තොගයේ දළ වටිනාකම ලක්ෂ 400 ක් පමණ බව කියයි. බීඩී කොළ ඇසුරුම් ජලය කාන්දු නොවන සේ ඉතා සුරක්ෂිතව අසුරා තිබුණු අතර,කිලෝ ග්‍රෑම් 408 ක් එහි තිබිණි. සැකකරු පස් වන හරස් වීදීය පුත්තලම යන ලිපිනයේ ස්ථිර පදිංචිකරුවකු වන අතර, තලවිල ප්‍රදේශයේ තාවකාලිකව පදිංචි 28 හැවිරිදි අයෙකි. සැකකරු සහ නඩු භාණ්ඩ කටුනායක රේගු කාර්‍යාලය වෙත භාර දීමට නියමිත ය.කල්පිටිය පොලිසිය වැඩි දුර…

Read More

ළමුන්ට එරෙහිව පසුගිය වසර තුන තුළදී ලිංගික අතවර, මිනීමැරුම්, දූෂණ ආදී බාල අපරාධ 8, 492ක් සිදුවී ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කොට ඇති විගණන වාර්තාවක් මගින් අනාවරණය වී ඇත. ළමුන්ට එරෙහිව සිදුවන අපරාධ ප්‍රමාණාත්මකව වැඩි වී ඇති බවද විගණන වාර්තාවේ සඳහන්වේ. මෙම කාලය තුළ ළමුන්ට එරෙහිව සිදු වීඇති ලිංගික අතවර සංඛ්‍යාව 4309 කි. ළමුන් 54 දෙනෙකු පසුගිය වසර තුන තුළදී ඝාතනයට ලක්වී ඇති බවද විගණන වාර්තාවේ සඳහන් වෙයි. 2022 වර්ෂයේදී ළමුන්ට එරෙහිව බල අපරාධ 2821.2023 වර්ෂයේදී ළමුන්ට එරෙහිව බල අපරාධ 2764 ක් සිදුවී ඇත.2024 වර්ෂයේදී ළමුන්ට එරෙහිව බල අපරාධ 2907 ක් සිදු වී ඇතිබවද විගණනය මගින් අනාවරණය කොට…

Read More

අපනයන අභිමුඛ කර්මාන්තකරුවන්ට හානිදායක තත්ත්වයක් ඇති කරන බැවින් SVAT අහිමි කරන්න එපා යැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ – නියෝජිතයන් හමුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (2) කොළඹදී ඉල්ලීමක් කළේය. කරුණු ගණනාවක් හරහා අයිඑම්එෆ් ක්‍රියාවලිය තුළ රටේ ජනතාව සමාජ ගැටලු රැසකට මුහුණ දෙමින් ඇති මොහොතක ජනතාවට සහන හා ශක්තිය ලබා දීමට මීට වඩා වැඩිදියුණු වැඩපිළිවෙළක අවශ්‍යතාව පවතින බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ – නියෝජිත පිරිස හමුවූ අවස්ථාවේදීය. ඔක්තෝබර් 1 වැනිදා සිට ක්‍රියාත්මක SVAT පහසුකම ඉවත් කිරීම නිසා අප රටේ අපනයනකරුවන්ට විශාල හානියක් සිදුවන බැවින්…

Read More

‘අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත’යටතේ පුද්ගලයෙක් වරදකරු නොකර ඔහුගේ දේපළ රාජසන්තක කළ හැකි බවත් එවැනි දේපළ පිළිබඳව විමර්ශන ආරම්භ කළ බවත් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල්, මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා ඊයේ (2) පැවසීය. කොළඹ පිහිටි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභා ප්‍රධාන කාර්යාලයේදී ඊයේ (2) පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී රංග දිසානායක මහතා එසේ පැවසීය. යම් දේපළක් පිළිබඳව එහි හිමිකරු නිෂ්චිත පිළිතුරක් සැපයීමට අපොහොසත් වෙන්නේ නම් එම දේපළ සම්බන්ධයෙන් වෙනත් වරදක් අනාවරණය නොවුණත් ඔහුව වරදකරු නොකර දේපළ රාජසන්තක කළ හැකි බවත් 2025 අංක 5 දරණ ‘අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත’ ඉතාම වැඳගත් පනතක් මෙන්ම එම පනත මෙම…

Read More

මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විශාල වංචා හා දුෂණ සහිත කැලයක් බවත් ඒවා ක්‍රමානුකූලව නිරවුල් කරගෙන ඉදිරියට යාමට පියවර ගන්නා බවත් ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවැසීය. ඔහු මෙසේ පැවැසුවේ අනුරධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ අනුරාධපුර දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදීය. අනුරාධපුර දිස්ත්‍රික්කයේ පවතින ප්‍රවාහන කේෂත්‍රයේ ගැටලු සහ ඉදිරියේදී සංවර්ධනය විය යුතු කටයුතු පිළිබදව මෙහි දී සාකච්ජාවට ලක්විය. ප්‍රවාහන හා මාර්ග කටයුතු සම්බන්ධයෙන් සංවර්ධන කටයුතු පහසු කිරීම හා නිසියාකාර කිරීම උදෙසා වන දිස්ත්‍රික් කමිටුවක් පිහිටුවීම ද මෙහිදී සිදු කෙරිණි. එහි සභාපතිවරයා ලෙස ජාතික ජනබල වේගය අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත කුමාර නවරත්න මහතා පත් කෙරිණි.…

Read More

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන පොලිස් නිලධාරීන්ට හානි කරන අපරාධකරුවන්ට උසාවියෙන් කිසිඳු සමාවක් නැතැයි සඳහන් කළ කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනවිය මත්ද්‍රව්‍ය වැටලීමක නිරතව සිටි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරියකු කාරයට යටකර මරා දැමීමට තැත් කළ මත් ජාවාරම්කරුවකුට වසර 15ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කරමින් පැවසුවාය. වසර 17කට පෙර දෙහිවල නැදිමාල ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය වැටලීමක නිරතව සිටි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් සැරයන් වීරසිංහ බණ්ඩාර මහතා මත්ද්‍රව්‍ය තොගයක්ද සමඟ විත්තිකරු පැමිණී කාර් රථය නතර කරන ලෙස සංඥා කළ අවස්ථාවේදී ඔහු යටකර බරපතල තුවාල කිරීම සඟ මරා දැමීමට තැත් කිරීම යන චෝදනාවන්ට වරදකරු කළ විත්තිකරුවකුට එලෙෂ දඬුවම්…

Read More