Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
මහ ඔය සහ දැදුරු ඔය ද්රෝණි පහළ ප්රදේශවලට මේ වනවිට ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර, එය තවදුරටත් වලංගු වන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. වාරිමාර්ග අධ්යක්ෂ, ජලවිද්යා ආපදා කළමනාකරණ සූරියබණ්ඩාර මහතා සඳහන් කර සිටියේ, මේ වනවිට පවතින දැඩි වර්ෂාව සමඟ වර්ෂාපතනය හේතුවෙන් ගංගා ද්රෝණි කිහිපයක ජලමට්ටම ඉහළ ගොස් ඇති බවය. ඒ අනුව බද්දේගම සහ ඒ අවට බොහෝ ප්රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී අතර, වැඩිම වර්ෂාපතනය ලෙස මි.මී 172ක් බද්දේගමින් වාර්තා වු බව ද ඒ මහතා පැවසීය. කළු, කැලණි ගංගා සහ අත්තනගලු ඔය, කිරිඳිඔය ආශ්රිත ප්රදේශවලට විශාල වර්ෂාපතනයන් ලැබෙමින් පවතින බව ද වාරිමාර්ග අධ්යක්ෂවරයා කියා සිටියේය. ඒ අනුව කැලණි, කළු,…
ප්රංශයේ පැරිස් අගනුවරට උතුරින් පිහිටි දිස්ත්රික්ක හරහා ඊයේ (20) ඇති වූ ටොනේඩෝවකින් ඉදිකිරීම් දොඹකර තුනක් පෙරළී ගොස් පුද්ගලයෙකු මිය ගොස් තවත් සිව්දෙනෙකු බරපතළ තුවාල ලබා තිබේ. පැරීසියේ සිට කිලෝමීටර් 20 ක් පමණ ඊසාන දෙසින් පිහිටි එර්මොන්ට් ප්රදේශයේ හදිසියේ ඇති වූ මෙම කුණාටුවෙන් දිස්ත්රික්ක 10 ක් පමණ හානි සිදුවී ඇති බව වාර්තා වේ. මියගොස් ඇත්තේ ගොඩනැගිලි ඉදිකිරීම් භූමියක සේවය කරමින් සිටි 23 හැවිරිදි සේවකයෙකු වන අතර තවත් පුද්ගලයින් සිව්දෙනෙකු බරපතළ තුවාල ලබා තිබේ. එමෙන්ම තවත් 10 දෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන් වේ.
ඇමසන් වෙබ් සේවාවල හදිසි බිඳවැටීමක් හේතුවෙන් ලොව විශාලතම වෙබ් අඩවි සහ යෙදවුම් බොහොමයක් අක්රිය වී ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරයි. මේ හේතුවෙන් ඇමසන් cloud සේවා ලබන Amazon Prime, Perplexity, Fortnite, Alexa, Snapchat ඇතුළු යෙදවුම් රැසක් අක්රීය වී ඇති අතර බැංකු ගනුදෙනුකරුවන්ටද බලපෑම් එල්ලවී ඇති බව වාර්තා වෙයි. විදෙස් මාධ්ය පෙන්වා දනේනේ මේ හේතුවෙන් ලොව ප්රධාන පෙළේ බැංකු සේවා වන ලොයිඩ් සහ හෙලිෆැක්ස් යන බැංකු සේවා ද බලපෑමට ලක්වී ඇති බවය. ඒ අනුව මෙහි බලපෑමට ලක්වූ ආයතන ගණන 500කට අධිකය. එම සේවා නැවත යථාවත් කරමින් පවතින බවට ඇමසන් ආයතනය සඳහන් කර තිබේ.
උඩරට දුම්රිය මාර්ගයේ දුම්රියක් පිලී පැනීම හේතුවෙන් අද (20) රාත්රී තැපැල් දුම්රිය ඇතුළු තවත් දුම්රිය ගමන්වාර 07ක් අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. ඊයේ දිනයේ ඉහළ කොට්ටේ දුම්රිය ස්ථානය ආසන්නයේ පස් කන්දක් කඩා වැටී සිදුවූ පිලි පැනීම හේතුවෙන් අද උදෑසනද දුම්රිය ගමන්වාර 07ක් අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගනු ලැබීය. මේ අතර කඩිගමුව හා බලන අතර දුම්රිය මාර්ගයට පස් කඳු කඩා වැටී තිබීම හේතුවෙන් එම ස්ථානය වෙත ළගා වීම දුෂ්කරව ඇතැයි ද වාර්තා වේ. මේ හේතුවෙන් අද දින සවස හා රාත්රී පහත සඳහන් දුම්රියයන් අවලංගු කිරීමට කටයුතු යොදා ඇති බව දුම්රිය දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය. අවලංගු කර ඇති දුම්රිය…
ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානය ආසන්නයේදී මහනුවර සිට කොළඹ කොටුව බලා ධාවනය වූ නගරාන්තර සීඝ්රගාමී දුම්රිය මතට ඊයේ (19) දින පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් සිදුවූ දුම්රිය පීලි පැනීම යථා තත්ත්වයට පත් කිරීම තවදුරටත් ප්රමාද විය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. ඒ හේතුවෙන් අද උදෑසන දුම්රිය ගමන්වාර 07ක් අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගනු ලැබීය. එම දුම්රිය පිලීගත කිරීමේ කටයුතු තවදුරටත් ප්රමාද විය හැකි බැවින් තවත් දුම්රිය ගමන්වාර දෙකක් අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. ඒ අනුව පස්වරු 12.40ට කොළඹ කොටුව දෙස සිට නානුඔය බලා ධාවනය වන දුම්රිය සහ පස්වරු 03.00ට මහනුවර සිට කොළඹ කොටුව බලා ධාවනය වන ශීඝ්රගාමී දුම්රියද…
මුන්දලම පොලිස් වසමේ බත්තුළුඔය ප්රදේශයේදී ඉස්සන් ගොවිපොළක ජල ටැංකියකට වැටීමෙන් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 24ක් වූ වව්නියාව ප්රදේශයේ පදිංචිකරුවෙකි. මියගිය පුද්ගලයා අපස්මාර රෝගී තත්ත්වයෙන් ජල ටැංකියට වැටී ඇති බවට දැනට සිදු කරන ලද මූලික විමර්ශනවල දී අනාවරණය වී ඇත. මුන්දලම පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.
ග්රෑන්ඩ්පාස් පොලිස් වසමේ සිරිමුතු උයන නිවාස සංකීර්ණය ආසන්නයේදී සිදු කළ වැටලීමක දී කුෂ් කිලෝ 09 ග්රෑම් 555ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදු කර ඇත. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 27ක් වන කොළඹ 14 ප්රදේශයේ පදිංචිකරුවෙකි. කොළඹ අපරාධ කොට්ඨාසය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.
ගනේමුල්ල සංජීව ඝාතනයට සම්බන්ධ ඉෂාරා සෙව්වන්දිට නවාතැන් පහසුකම් ලබා දුන් මතුගම ප්රදේශයේ කාන්තාව එළැඹෙන 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්රාත් අධිකරණය නියෝග කර තිබේ. අදාළ කාන්තාව අධිකරණ වෛද්ය නිලධාරීවරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කොළඹ අපරාධ කොට්ඨාසයේ සිට කොළඹ මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය. සැකකාර ඉෂාරා සෙව්වන්දිට නවාතැන් පහසුකම් ලබා දීම සම්බන්ධයෙන් මතුගම වැලිපැන්න නිවසේ හිමිකාරිය වූ 52 හැවිරිදි වූ මෙම කාන්තාව පසුගියදා පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
පැවැත්වීමට නියමිතව තිබූ තුන්කොන් විස්සයි20 ක්රිකට් තරගාවලියෙන් ඉවත් වූ ඇෆ්ගනිස්තාන කණ්ඩායම වෙනුවට සිම්බාබ්වේ කණ්ඩායම ක්රීඩා කරන බව පාකිස්තාන ක්රිකට් ආයතනය පවසයි. තරගාවලිය නොවැම්බර් මස 17 වැනිදා සිට 29 වැනිදා දක්වා පාකිස්තානයේ රාවල්පින්ඩි සහ ලාහෝර්හිදී පැවැත්වීමට නියමිතව තිබේ. ලබන වසරේ ඉන්දියාවේ සහ ශ්රී ලංකාවේ පැවැත්වෙන ICC විස්සයි20 ලෝක ක්රිකට් කුසලානයට පෙර සූදානමක් ලෙස කණ්ඩායම් තුනටම සූදානමක් ලබා දීම සඳහා මෙම තුන්කොන් තරගාවලිය සැලසුම් කර ඇත. තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය නොවැම්බර් 17 වන දින රාවල්පින්ඩි ක්රිකට් ක්රීඩාංගණයේදී සත්කාරක පාකිස්තානය සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වේ. දෙවන තරගය නොවැම්බර් 19 වන දින ශ්රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර තරගයද එම ක්රීඩාංගණයේදී පැවැත්වේ. මෙම…
ප්රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කර තිබේ. අද (18) දහවල් 12.00ට නිකුත් කරන ලද එම නිවේදනය අද ප.ව. 11.00 දක්වා වලංගු වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එම නිවේදනයේ දැක්වෙන්නේ මධ්යම, උතුරුමැද, සබරගමුව, ඌව, සහ වයඹ පළාත්වලත් අම්පාර, මන්නාරම සහ වව්නියා දිස්ත්රික්කවලත් ගිගුරුම් සහිත වැසි සමග ප්රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බවය. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකියි. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
