Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
ගැනීමට එරට රජයේ අවධානය යොමුව තිබේ. තායිලන්ත රජය උපුටා දක්වමින් එරට මාධ්ය සඳහන් කර ඇත්තේ, ඔක්තෝබර් මස 28 වන දින ශ්රී ලංකා රජය සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවය. ඇතුන් දෙදෙනා සම්බන්ධයෙන් ශ්රී ලංකා රජය දක්වන අයහපත් සැලකිල්ල හේතුවෙන් තායිලන්ත රජය මෙම තීරණය ගෙන ඇති බව සඳහන්ය. 2023 වසරේ දී ශ්රී ලංකාවේ සිට තායිලන්තයට නැවත රැගෙන ගිය Plai Sak Surin හෙවත් ‘මුතුරාජා’ හස්තියා මෙරටින් රැගෙන යෑමට අනුගමනය කරන ලද ක්රියාවලියම මෙම ඇත්තු දෙදෙනා රැගෙන යෑමට භාවිත කිරීමට නියමිත බව ද වාර්තා වේ. Plai Pratu Pha සහ Plai Srinarong යන නම්වලින් මෙම ඇත්තු දෙදෙනා හඳුන්වනු ලබයි. ඉන් එක් ඇතෙකු වයස…
ඉන්දියාවේ ආන්ද්රා ප්රදේශ්හි අද (24) අළුයම බස් රථයක් ගිනිගැනීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයින් 25කට වැඩි පිරිසක් මියගොස් තවත් පිරිසක් තුවාල ලබා රෝහල්ගත කර ඇත. හයිද්රාබාද් සිට බැංගලෝර් දක්වා ධාවනය වෙමින් තිබූ බස් රථයක් කර්නූල්හිදී මෙම අනතුරට ලක්ව තිබේ. අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ පුද්ගලයින් 39 දෙනෙකු සිට ඇත. බස් රථයේ යතුරුපැදියක් ගැටී, එම යතුරුපැදිය බස් රථය යටට ගොස් ඉන්ධන ටැංකියේ වැදීම හේතුවෙන් මෙම ගින්න ඇතිව තිබේ. අනතුර සිදුවන අවස්ථාවේ මගීන් රැසක් නින්දේ සිට ඇති අතර, එය මරණ සංඛ්යාව ඉහළ යෑමට හේතුවී ඇත. කෙසේ නමුත් අවදිව සිටි මගීන් කෑගසමින් බස් රථයෙන් පිටතට පැන තිබේ. තුවාල ලැබූවන් කර්නූල් මහ රෝහලට ඇතුළත් කර…
2026 වසරේ සිට දිවයින පුරා සියලුම පෙරපාසල් සඳහා එකම විෂය මාලාවක් ක්රියාත්මක කරන බවට මීට පෙර අධ්යාපන අමාත්යාංශය නිවේදනය කළද එය 2027 වසර ලෙස නිවැරදි විය යුතු බවට නිවේදනය කර තිබේ. ඒ අනුව නිවැරදි කරන ලද නිවේදනය පහතින් දැක්වේ. – උපුටාගැනීම – අධ්යාපන, උසස් අධ්යාපන සහ වෘත්තීය අධ්යාපන අමාත්ය, අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්රධානත්වයෙන් අධ්යාපන ප්රතිසංස්කරණ පිළිබඳ පාර්ලිමේන්තු අනුකමිටුව ඊයේ (22) පාර්ලිමේන්තුවේ දී රැස්විය. මෙම අවස්ථාවේ දී පාර්ලිමේන්තු මන්ත්රීවරුන් විසින් ඉදිරිපත් කළ ප්රශ්නවලට පිළිතුරු ලබාදෙමින් අග්රාමාත්යතුමිය පැවසුවේ, 2027 වසරේ සිට දිවයින පුරා සියලුම පෙරපාසල් සඳහා එක ම විෂය මාලාවක් ක්රියාත්මක කරන බවය. ඇය තවදුරටත් පැවසූවේ, පූර්ව ළමාවිය විෂයමාලා රාමුව…
රුසියාවේ විශාලතම තෙල් සමාගම් දෙක ඉලක්ක කරගනිමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් විසින් නව සම්බාධක ප්රකාශයට පත්කර තිබේ. යුක්රේන සාම ගිවිසුම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මොස්කව් වෙත බලපෑම් කිරීමේ අරමුණිනේ මෙම සම්බාධක පනවා ඇති බව විදෙස් මාධ්ය වාර්තා කළේය. ඒ අනුව රුසියාවේ විශාලතම තෙල් සමාගම් වන රොස්නෙෆ්ට් සහ ලුකොයිල් ඉලක්ක කරගනිමින් අමෙරිකාව විසින් නව සම්බාධක පනවා තිබේ. මෙලෙස සම්බාධක පැනවීම සාම සාකච්ඡා පැවැත්වීම සඳහා උපකාරී වනු ඇති බවට තමන් විශ්වාස කරන බව ද අමෙරිකානු ජනාධිපතිවරයා ප්රකාශ කර ඇති බව සඳහන් වේ.
වයස අවුරුදු 25ට වැඩි සෑම සිව්දෙනෙකුගෙන් එක් අයෙකුට ජීවිත කාලය තුළ ආඝාත රෝගී තත්ත්වයක් ඇති විය හැකි බව සෞඛ්ය අංශ පවසයි. කළුතර ශික්ෂණ රෝහලේ ස්නායු විශේෂඥ වෛද්ය සුරංගි සෝමරත්න මහත්මිය සඳහන් කළේ ආඝාත රෝගීන්ගෙන් 30%ක් පමණ අවුරුදු 20ත් 60ත් අතර වයසේ පසුවන අය බවය. ලබන 29 වන දිනට යෙදී ඇති ලෝක ආඝාත දින සැමරුම් උත්සවයකට සමගාමීව පැවැත්වූ මාධ්ය හමුවට එක්වෙමින් ස්නායූ විශේෂඥ වෛද්ය සුරංගි සෝමරත්න මහත්මිය මේ බව සඳහන් කළාය. මෙම රෝඟය වැළඳීම පාලනය කිරිම සඳහා ගත යුතු ක්රියාමාර්ග සම්බන්ධයෙන් විශේෂඥ වෛද්ය සුරංගි සෝමරත්න මහත්මිය මෙලෙස කරුණු පැහැදිලි කළාය.
වැලිගම ප්රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්රමසේකර මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් ඉදිරිපත්කළ හැකි කරුණු පමණක් ඉදිරියේදී පාර්ලිමේන්තුවට අනාවරණය කරන බව සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. වැලිගම ප්රාදේශීය සභාවේ සභාපතිවරයා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්ය ආනන්ද විජේපාල මහතා ඉදිරියේදී ප්රකාශයක් සිදුකිරීමට නියමිත බව ද අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේය. විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා විසින් මෙම ඝාතන සිද්ධිය ගැන අද (22) පාර්ලිමේන්තුවේදී යොමුකළ ප්රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්යවරයා මේ බව කියා සියේය. අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා පවසා සටියේ, වැලිගම ප්රාදේශීය සභාවේදී අද සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්රියාත්මක බවත් රට තුළ සිදුවන…
වෙඩි ප්රහාරයකට ලක්ව බරපතළ තුවාල ලබා සිටි වැලිගම ප්රාදේශීය සභාවේ සභාපති, ලසන්ත වික්රමසේකර හෙවත් ‘මිදිගම ලසා’ ජීවිතක්ෂයට පත්ව තිබේ. අද (22) උදෑසන ප්රාදේශීය සභාවේ සභාපති පුටුව මත දී යතුරුපැදියකින් පැමිණි නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනෙකුගේ වෙඩිතැබීම හමුවේ සභාපතිවරයා බරපතළ තුවාල ලැබීය. පසුව ප්රාදේශීය සභා නිලධාරීන් එක්ව සභාපතිවරයාව මාතර මහ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත්තේය. සභාපතිවරයා හමුවට ලිපියක් අත්සන් කර ගැනීමට පැමිණි දෙදෙනෙකු ලෙස මෙම වෙඩික්කරුවන් ප්රාදේශීය සභාව තුළට පැමිණ ඇතැයි අනාවරණය වුණි.
රුසියාව, යුක්රේන බලශක්ති යටිතල පහසුකම්වලට ප්රහාර එල්ල කිරීම හේතුවෙන් ප්රදේශ කිහිපයකම සම්පූර්ණයෙන් විදුලිය ඇණහිට තිබේ. විදෙස් වාර්තා සඳහන් කළේ, රුසියානු මිසයිල සහ ඩ්රෝන යානා මඟින් මෙම ප්රහාර එල්ල කර ඇති බවය. යුක්රේනයේ චර්නිහිව් නගරය සම්පූර්ණයෙන්ම විදුලි බලය නොමැති වීම හේතුවෙන් ලක්ෂ සංඛ්යාත ජනතාවක් පීඩාවට පත්ව සිටින බව සඳහන්ය. මෙම ප්රහාර හේතුවෙන් කුඩා දැරියක් ඇතුළු තවත් පුද්ගලයින් සිව්දෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වේ. රුසියාව යුක්රේනය පූර්ණ වශයෙන් ආක්රමණය කිරීමේදී බලශක්ති සැපයුම්, දුම්රිය, නිවාස සහ ව්යාපාර ඉලක්ක කර ගනිමින් සිවිල් යටිතල පහසුකම් මත එල්ල කිරීම ආරම්භ කර ඇති බව විදෙස් වාර්තා පවසයි. චර්නිහිව් කලාපය රුසියාව සහ බෙලරුස් යන දෙඅංශය සමඟම දේශසීමාවක්…
වහාම ක්රියාත්මක වන පරිදි නව ප්රධාන තනතුරක් ප්රදානය කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ. ඒ අනුව දේශපාලන බලමුළු ගැන්වීමේ නියෝජ්ය මහලේකම් (Deputy Secretary General of Political Mobilization) ලෙස හිටපු අමාත්ය හරීන් ප්රනාන්දු මහතා පත්කර ඇත. මෙරට සියලු දේශපාලන පක්ෂ ඒකරාශී කර පොදු වැඩ පිළිවෙලකට සම්බන්ධ කරගැනීම හිටපු අමාත්ය හරීන් ප්රනාන්දු මහතාට ලබා දුන් තනතුරේ වගකීම බව එක්සත් ජාතික පක්ෂය නිවේදනය කරයි. ඊට අමතරව එක්සත් ජාතික පක්ෂය සංවිධානය කරන රැස්වීම් 1,000 භාරය ක්රියා කරන්නේද හරීන් ප්රනාන්දු මහතා බව වාර්තා වේ.
මෙරට රන් මිල සෙනසුරාදා දිනයට සාපේක්ෂව රු 5,000කින් පහළ ගොස් තිබේ. ඒ අනුව අද (21) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක් මිල රු. 356,000ක් දක්වා පහළ ගොස් තිබේ. සෙනසුරාදා දිනයේ දී එය දැක්වුණේ රු. 360,800ක් ලෙසය. මේ අතර සෙනසුරාදා දිනයේ දී රු. 390,000ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල අද වනවිට රු. 385,000ක් දක්වා පහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්රං වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.
