Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
සමාජයේ විවිධ හේතූන් වර්තමානයේ පාසල් සිසුන් යම් මානසික පීඩනයන්ට ගොදුරු වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. එහි මානසික සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලයේ වැඩබලන අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ලක්මිනි මාගොඩරත්න මහත්මිය සඳහන් කළේ, පසුගිය වසරේ සිදුකළ සමීක්ෂණයකින් මේ බව අනාවරණය වී ඇති බවය. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය ලක්මිනි මාගොඩරත්න මහත්මිය සඳහන් කළාය. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු විශේෂඥ වෛද්‍ය ලක්මිනි මාගොඩරත්න මහත්මිය. “2024 වර්ෂයේ ශ්‍රී ලංකාවේ පාසල් සෞඛ්‍ය සමීක්ෂණයක් තිබ්බා එතනදී අපේ දරුවන්ගේ දත්ත බැලුවහම 22.4% දරුවෝ තනිකමින් පෙළෙනවා. මේ පාසල් යන අවුරුදු 13 – 17 වයස්වල ළමයි 11.9%ක් කිව්වා රෑට නිදාගන්න අමාරුයි එයාලා මොනවාහරි දේකට කනස්සල්ලට පත්වෙන නිසා…
සීමාවාසික පුහුණූව අවසන් කළ ප්‍රාථමික ශ්‍රේණියේ වෛද්‍ය නිලධාරීන් 1408 දෙනකු බඳවා ගැනීම සඳහා අයදුම්පත් කැඳවා ඇතැයි සෞඛ්‍ය අමාතයාංශය පවසයි. ඒ අනුව 2024 ඔක්තෝම්බර් 29 දිනට සීමාවාසික පුහුණූව අවසන් කළ පිරිස් සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයට යටතේ ප්‍රාථමික ශ්‍රේණියේ වෛද්‍ය නිලධාරීන් ලෙසින් පත්වීම් ලබාදීම සඳහා අයදුම්පත් කැඳවා ඇතියි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා) II වෛද්‍ය එච්.එම්.අර්ජුන තිලකරත්න මහතා සඳහන් කරයි. ඉහත තනතුරු සඳහා සුදුසුකම් ලද වෛද්‍යවරු සෞඛ්‍ය අමාත්‍යාංශයේ මානව සම්පත් කළමනාකරණ හා තොරතුරු පද්ධතියට පිවිස අයදුම් කරන ලෙස ඔහු පවසයි. සියලු අයදුම්කරුවන් අගෝස්තු 11 වන දින මධ්‍යහන 12.00 ට පෙර මාර්ගත ක්‍රමය ඔස්සේ අයදුම්පත් යොමු කරන ලෙස ද ඔහු…
ශ්‍රී ලංකා විදුලි බල සංශෝධන පනත් කෙටුම්පත වැඩි ඡන්ද අනූ හයකින් පාර්ලිමේන්තුවේදී ඊයේ පස්වරුවේ සම්මත විය. පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 121ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 25 ක් පමණි. සමග ජන බලවේගයේ මන්ත්‍රීවරු පනතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ. සමස්ත බලශක්ති ක්ෂේත්‍රය ඒකාබද්ධ කර පුළුල් බල ශක්තිය ආයතනයක් ස්ථාපිත කිරීමට මෙම පනතෙන් ප්‍රතිපාදන සැලසේ. මෙයට අමතරව විදුලි සේවකයන්ගේ අයිතීන් සුරැකීමද මෙම පනත් කෙටුම්පතේ තවත් අරමුණකි. බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පනත් කෙටුම්පත විවාදය සඳහා ඉදිරිපත් කළේය.
සබරගමු පළාත් සභාවේ ගරුපත්විම් ලබාදෙන පවසා උපාධිධාරින් 23 දෙනකුගෙන් රුපියල් ලක්ෂ ගණනක මුදල් ලබාගත් බවට සැකපිට පාසල් ගුරුවරියක සහ ඇගේ සැමියා බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව රත්නපුර පොලිසිය කියයි. සැකකාර ගුරුවරිය ඇහැළියගොඩ නගරාසන්න විදුහලක ඉංග්‍රීසි විෂය උගන්වන ගුරුවරියක බවද පොලිසිය පැවසීය. ඇය තිස් අට හැවිරිදි තැනැත්තියකි. කලකට පෙර දේශපාලනඥයකුට සමීපව දේශපාලනය කළ තැනැත්තියක බව ද පොලිසීය පවසයි. එම කාල වකාවනුවේ උපාධිධාරින්ට සබරගමු පළාත් සභාවේ ගුරුපත්වීම් ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ දෙක, ලක්ෂ තුන, ආදි වශයෙන් ලබගෙන ඇති බවට පොලිසියට පැමිණිලි ගණනාවක් ලැබී ඇතැයිද, උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය
සංවිධානාත්මක අපරාධකරුවකු සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන කෙහෙල්බද්දර පද්මේගේ මෙරට තුළ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන තිළිණ සම්පත් හෙවත් වලස් කටා නැමැත්තා අත්අඩංගුවට ගත් බව බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය කියයි. එම සැකකරු සන්තකයේ තිබී රුපියල් ලක්ෂ 50 කට අධික වටිනා හොරයින් මත්කුඩු තොගයක් පොලිස් භාරයට ගෙන ඇත. ඒ කෙහෙල්බද්දර පද්මේගේ සමීපතම ගෝලයාවන පස් දේවා නම් පුද්ගලයාගෙන් රඳවාගෙන ප්‍රශ්න කළ පසු හෙළිකළ තොරතුරුවලට අනුවයි. වලස් කටා නැමැත්තා සීදුව ප්‍රදේශයේදී මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී ලද තොරතුරක් අනුව අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදී සිදුකළ පරීක්ෂා කිරීමේදී මෝටර් රථයේ සඟවා තිබූ හෙරොයින් ග්‍රෑම් 550ක් සොයා ගත් බව පොලිසියකියයි ඔහු ගණේමුල්ල ප්‍රදේශයේ 36 හැවිරිදි පදිංචිකරුවෙකි
පොලිස්පති ධුරයෙන් දේශබන්දු තෙන්නකෝන් මහතා ඉවත් කිරීම නීතිය සැමට එක සමානව ක්‍රියාත්මක කිරීමට පූර්වාදර්ශයක් බව සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමන් කොළඹදී පැවසූහ. රාජ්‍ය නිලධාරීන්, දේශපාලඥයන් ඇතුළු ඕනෑම කෙනෙකු සම්බන්ධයෙන් තරාතිරම නොබලා මේ ආකාරයෙන් නීතිය ක්‍රියාත්මක විය යුතුව ඇතැයිද උන්වහන්සේ සඳහන් කළහ. කතෝලික සභාව කොළඹදී කැඳවූ මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමන් තවදුරටත් මෙසේද කීවේය. “දේශබන්දු තෙන්නකෝන් මහතාට තිබූ චෝදනා සම්බන්ධයෙන් චෝදනාපත්‍රයක් භාරදීලා ඒ පිළිබඳ කමිටුවක් පත් කරලා ඒ කමිටුවෙන් එම චෝදනා විමර්ශනය කළා. ඒ චෝදනාවලින් වැඩි ප්‍රමාණයකට ඔහු වැරදිකරු බවට වන වාර්තාවක් පාර්ලිමේන්තුවට ලබා දීලා තියෙනවා. එහි ඉදිරි පියවර විදියට පාර්ලිමේන්තුවේ බහුතරයකින් ඔහු ඉවත් කිරීමේ යෝජනාව සම්මත කරගත්තා. ඒ…
මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යය පැවැත්වෙන පරිශ්‍රයට බෝතලයක දමාගත් ඇසිඩ් වැනි ද්‍රාවණයක්, පිහියක් සහ කරාටේ ක්‍රීඩාවේදී යොදා ගන්නා නංචක්කුවක් අතැතිව ඇතුළුවීමට උත්සාහ කළ පුද්ගලයකු ඊයේ (06) වන දා අත්අඩංගුවට ගෙන තිබේ. පෙරහර මාර්ගයේ යටිනුවර හන්දියේ මාර්ග බාදකයේ පෙරහර මාර්ගයට ඇතුළුවන්නන්ගේ ශරීර පරීක්ෂාව සිදු කරමින් සිටි පොලිස් නිලධාරීන්ට එම සැක කටයුතු පුද්ගලයා හමුව තිබේ. ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු සමග පැමිණි ඔහුගේ දියණියට තර්ජන ඇති බැවින් එම භාණ්ඩ රැගෙන ආ බව පවසා ඇති බව පොලිසිය කියයි. එම සැකකටයුතු පුද්ගලයා සහ ඔහුගේ දියණිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මහරගම නාවින්න බස් නැවතුම්පළ ඉදිරිපිටදී හයිලේවල් මාර්ගයේ කූලි රථ සමාගමක ලියාපදිංචි යතුරුපැදියක යමින් සිටි පුද්ගලයකුට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලැබූ තරුණයකු කලුබෝවිල ශික්ෂණ කෝහලට ඇතුලත් කළ බව මහරගම පොලිසිය පවසයි. තුවාල ලබා ඇත්තේ දෙහිවල කළුබෝවිල විමලසාර මාවතේ තරුණයෙකි. මෙම පුද්ගලයා නුගේගොඩ දෙස සිට මහරගම දෙසට යතුරුපැදියක යමින් සිටියදී එම දෙසටම ධාවනය වූ තවත් යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් වෙඩි ප්‍රහාරයක් එල්ල කොට පලා ගොස් ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි. වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මීටර් දහයක් පමණ දුරට දිවගොස් වැටී ඇති බව පොලිසිය කියයි. සිද්ධිය වාර්තා වීමත් සමඟ…
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ඌව පළාතෙත් මඩකළපුව,අම්පාර සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් පස්වරු 1.00න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ගිගුරුම් සහිත වැසි සමග තාවකාලිග සුළං ද ඇති විය හැකියි.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්යමණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා අද (06) පෙරවරුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණ තිබේ.
