Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
සිංහල සිනමාවේ රැජින ලෙස විරුධාවලිය ලත් මාලනී ෆොන්සේකා මහත්මිය අද (24) අලුයම සිය දිවි ගමන නිමා කළාය. මිය යනවිට ඇය 78 වැනි වියෙහි පසුවූවාය. කලක් තිස්සේ දැඩි රෝගාතුරව සිටි මාලනී ෆොන්සේකා මහත්මිය කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අදඅලුයම අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතීහු සනාථ කළහ. කැලණිය ප්‍රදේශයේදී වන්නි ආරච්චිගේ මාලනී සෙනෙහෙලතා ෆොන්සේකා නමින් 1947 අප්‍රේල් මස 30 වැනි දා උපත ලැබූවාය. වේදිකා නාට්‍ය හරහා රංගනයට පිවිසි මාලනී ෆොන්සේකා මහත්මිය, පුංචි බාබා චිත්‍රපටයෙන් සිනමාවට 1968 වසරේදී පිවියාය. නිධානය, බඹරු ඇවිත්, වෑකන්දේ වලව්ව, ආරාධනා, අම්මාවරුනේ වැනි විත්‍රපට මාලනී ෆොන්සේකා මහත්මියගේ රංගන කුසලතාව ප්‍රකට කළ විශිෂ්ඨ නිර්මාණ ලෙස සනිටුහන් වේ. 2010 වසරේදී…
හත් හැවිරිදි බාලවයස්කාර දැරියක් නීත්‍යානුකූල භාරකාරත්වයෙන් අපහරණය කොට බරපතළ ලිංගික අපයෝජනයක් සිදුකිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු 62 හැවිරදි පස් දරු පියෙකුට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර 17ක සිරදඬුවම් නියම කර තිබේ. දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා විසින් මෙම තීන්දුව ලබා දුන්නේය. ඊට අමතරව විත්තිකරුට රුපියල් 30,000ක දඩයක් නියම කළ මහාධිකරණ විනිසුරුවරයා එම දඩ මුදල ගෙවීම පැහැර හැරියහොත් අමතරව වසරක සිරදඬුවම් නියම කරන බවත් නියෝග කළේය. ඊට අමතරව වින්දිත දැරියට රුපියල් ලක්ෂ තුනක වන්දියක් ද ඇයගේ මවට තවත් රුපියල් ලක්ෂයක වන්දියක්ද ගෙවිය යුතු බවත් විනිසුරුවරයා නියෝග කළේය. එම වන්දි ගෙවීම පැහැර හරිනු ලැබූහොත් අමතරව තවත්…
මඩකලපුව ශ්‍රී මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන හිමියන් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. අම්පාර උහන පොලිස් ස්ථානයේදී කලහකාරී ලෙස හැසිරීමේ සිද්ධියක් මුල්කරගනිමින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ. උහන පොලීසිය විසින් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමේදී ඔහු සමග සිටි දරුවන් දෙදෙනා අනාරක්ෂිත අයුරින් ත්‍රිරෝද රථයක රැගෙන යාමට විරෝධය පළකර උන් වහන්සේ එම පොලිස් ස්ථානය තුළ එලෙස කලහකාරී ලෙස හැසිරී ඇති බව වාර්තා වේ.
අඹතලේ ජල පවිත්‍රාගාරයේ අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙන් එළැඹෙන 25වනදා (ඉරිදා) පෙ.ව. 8 සිට ප.ව. 8 දක්වා පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙයි. මේ හේතුවෙන් කොළඹ නගරය ඇතුළව තදාසන්න ප්‍රදේශ රැසක ජනතාවට සිදුවන අපහසුතාව මගහරවා ගැනීමට අවශ්‍ය ජලය කල්තබා රැස්කර ගන්නා මෙන් ඉල්ලා සිටියි. ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ, කොළඹ 1 සිට15 දක්වා, කෝට්ටේ, කඩුවෙල, බත්තරමුල්ල, කොලොන්නාව, කොටිකාවත්ත, මුල්ලේරියාව, IDH, මහරගම, දෙහිවල, ගල්කිස්ස, රත්මලාන සහ මොරටුව
මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කර අලෙවි කළ බවට සැකපිට පුද්ගලයින් 8 දෙනෙකු හලාවත, තොඩුවාව ප්‍රදේශයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මෙහිදී පොලීසිය විසින් එම මත්ද්‍රව්‍ය අලෙවිකර උපයාගෙන ඇති බවට සැකකෙරෙන රුපියල් මිලියන 18ක මුදලක්ද සිය භාරයට ගෙන තිබේ.
ඉන්දියාවේ පැවැත්වෙන 2025 ලෝක රූ රැජින කිරුළ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරන අනුදි ගුණසේකර, එම තරගාවලියේ ප්‍රධානතම අභියෝගය ලෙස සැලෙකන ‘හෙඩ් ටු හෙඩ්’ වටයට සහභාගී වෙමින්, ඇය කවුරුන්දැයි ලොවට හදුන්වා දුන්නාය. 25 හැවිරිදි අනුදි, වේදිකාවේ සිට ඇය කවුරුන්දැයි හඳුන්වා දුන්නේ, ධම්ම පදයෙන් උපුටා ගැනීමක් ද කරමිනි. මෙය බොහේ දෙනාගේ අවධානය දිනා ගැනීමට සමත් විය. සබ්බ පාපස්ස අකරණං; කුසලස්ස උපසම්පදා; සචිත්ත පරියොදපනං; එතං බුද්ධානසාසනං. මේ වදන් මා උපුටා දක්වන්නේ ධම්ම පදයෙන්. මෙහි අර්ථය සෑම ආකාරයකම නපුරෙන් (අකුසලයෙන්) මිදෙන්න; කුසල් රැස් කරන්න. මම විශ්වාස කරන්නේ මගේ ජීවිතයේ අරමුණ මෙයයි. යැයි පවසමින් අනුදි පසුගිය (21) සවස, හයිද්‍රාබාද් නුවර ලෝක රූ රැජින වේදිකාවේ සිට…
වැල්ලවත්ත හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ දි කාන්තාවන් දෙදෙනකු සමග අත්අඩංගුවට ගත් රන් ආලේපිත ටි 56 වර්ගයේ ගිණි අවිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වෙත පැවරූ බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතා පැවසීය. ඒ වැඩ බලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස් මතය. ගිනි අවිය එම කාන්තාවන් දෙදෙනාට ලබා දුන් බව කියන අනුරාධපුරය දිස්ත්‍රික්කය නියෝජනය කළ හිටපු ඇමැතිවරයකුගේ කෝකියෙකු ලෙස කටයුතු කළ පුද්ගලයකු වැල්ලවත්ත පොලිසිය මගින් රුවන්වැල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබිණි.
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ 2025/26 සඳහා විදේශ ශිෂ්‍යයන් සහ කැඩෙට් නිලධාරීන් පමණක් බඳවා ගැනීමට රජය තීරණය කර ඇතැයි ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (22) පැවසීය. කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ පාඨමාලා සඳහා ශිෂ්‍යයන් බඳවා ගැනීමට මෙම මැයි 21දා ප්‍රසිද්ධ දැන්වීම් පළ කර තිබෙන බව කී ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා එහි වෛද්‍ය පීඨය සඳහා ශිෂ්‍යයන් බඳවා ගැනීම සම්බන්ධ වගන්ති වල නිවැරදි කිරීමක් කළ යුතුව තිබෙන බව පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
පසුගිය ආර්ථික රටාව තුළ රාජ්‍ය සේවයේ ගෞරවය සම්පූර්ණයෙන්ම විනාශ කර ඇති බවත් දේශපාලනය සහ රාජ්‍ය සේවය නිසා සමස්ත රටම බිඳවැටුණු බවත් කෘෂිකර්ම, පශු සම්පත් සහ වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත මහතා ඊයේ (22) පැවසීය. හයිලන්ඩ් වරලත් අළෙවිසැල් 500 ක් ආරම්භ කිරීම වෙනුවෙන් කෘෂිකර්ම අමාත්‍යංශයේදී ඊයේ (22) පැවැති උත්සවයේදී කෘෂිකර්ම, පශු සම්පත් සහ වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත මහතා එසේ පැවසීය. හොරකම, දූෂණ සහ වංචාව සියයට 100 ක්ම නවතා ජනතාවට සහතික කර ඇති බවත් වර්තමානයේ හොර ගුහාව දේශපාලන ක්ෂේත්‍රය නොව රාජ්‍ය සේවය බවත් අමාත්‍ය ලාල් කාන්ත මහතා කීය. වර්තමානයේ රට පරිවර්තනීය යුගයක ඇති අතර ඒ සඳහා වන දේශපාලනීය පරිවර්තනය…
වැලිගම උඩුකාව පෙදේශයේ ඇඟලුම් කර්මාන්තශාලාව අද (23 ) අළුයම ගින්නක් හට ගෙන තිබු බව වැලිගම පොලිසියිය පවසයි . සිද්දිය පිළිබඳව තොරතුරු සැලවීමෙන් වැලිගම මුලස්ථාන පොලිසියිය ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් කුමාර මහතාගේ උපදෙස් මත නිලධාරීන් කණ්ඩායමක් වහාම එම ස්ථානයට ගොස් ගිනින් නිවිමට අවශ්‍ය සහයෝගය දී ඇත. මාතර නගර සභාවෙි ගිනි නිවීමේ රථ ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කළේය ගින්න නිසා ඇඟලුම් කර්මාන්ත ශාලාවේ යන්ත්‍ර සූත්‍ර ඇතුළු දේපලවලට බරපතල හානි සිදුව තිබේ.
