Author: LANKA24X7

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට අලුයම් කාලයේ මීදුම් සහිත තත්වයක් පැවතිය හැකියි.

Read More

මෙරට ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්ති සහ උපාය මාර්ග සංවර්ධනය වෙනුවෙන් සැලසුම් සකස් කර ගැනීම සඳහා වන “ජාතික සෞඛ්‍ය සංවර්ධන කමිටුව” රැස්වී තිබේ. ජනතාවට ගුණාත්මක, ඵලදායි හා කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් ලබාදීම සහ ඉදිරි කාලයේ මෙරට සෞඛ්‍ය ප්‍රතිපත්ති සකස් විය යුතු ආකාරය පිළිබඳව එහිදී පුළුල් ලෙස සාකච්ඡා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේය. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පදනම් ආයතන ශ්‍රවණාගාරයේ මෙම රැස්වීම පවත්වා ඇත. පසුගිය අයවැයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය සඳහා වෙන් කරන ලද මුදල් නියමිත ආකාරයෙන් යොදවා ඇද්ද යන්න පිළිබදවත්, ඉදිරියේදී සෞඛ්‍ය ක්ෂේත්‍රයට වෙන්වන මුදල් නිසි සැලසුමකට අනුව යෙදවීම පිළිබඳවත් මෙහි දී අවධානය යොමු ව…

Read More

ත්‍රීරෝද රථ, පාසල් ප්‍රවාහන සේවා, ඇතුළු කුලි රථ ගමන් සේවාවන් නියාමනය කිරීමට තීරණය කර ඇති බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ඉංජිනේරු පී.ඒ චන්ද්‍රපාල මහතා පවසයි. ඔහු, අද (30) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කියා සිටියේ, පළමු අදියරේදී මෙම ප්‍රවාහන සේවාවන් සම්බන්ධයෙන් දත්ත එක්රැස් කිරීම සිදුකරන අතර එම වැඩසටහන නොවැම්බර් පළමුවැනිදා සිට ආරම්භ කරන බවය. “ත්‍රීරෝද රථ, පාසල් හා කාර්යාල ප්‍රවාහන සේවා, කුලී රථ සහ විශේෂ චාරිකා සේවා නියාමනය කිරීමේ අරමුණින් මෙම වැඩසටහන ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් ආරම්භ කළේ. පොදුවේ මේ කේෂ්ත්‍රයේ නියැලෙන විශාල සංඛ්‍යාවකගේ ආරක්ෂාව වෙනුවෙන් රාජ්‍ය නොවන ප්‍රවාහන සේවකයින්ගේ මණ්ඩලය ලෙස ආයතනයක් පිහිටුවීමට කටයුතු කරනවා. ඒ තුළින් ඔවුන්ගේ ජීවන…

Read More

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නව අතිරේක කොමසාරිස් ජනරාල්වරයා වශයෙන් කේ.පී.එන් තාරක නිරෝෂන් දේවප්‍රිය මහතා පත්කර තිබේ. ඒ අනුව අද (30) දින ඒ මහතා සිය තනතුරේ රාජකාරි ආරම්භ කළේය. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නව තනතුරක් වන මෙම අතිරේක කොමසාරිස් ජනරාල් තනතුරට පත් වූ පළමු අතිරේක කොමසාරිස් ජනරාල් වශයෙන් ද තාරක නිරෝෂන් දේවප්‍රිය මහතා ඉතිහාසයට එක්වුණි. ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වන තාරක නිරෝෂන් දේවප්‍රිය මහතා 2003 පරිපාලන සේවා කණ්ඩායමේ සාමාජිකයෙකු වේ. ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර ප්‍රාදේශීය ලේකම්වරයා වශයෙන් රාජ්‍ය සේවයට එක් වූ මෙතුමා සිය රාජ්‍ය සේවා කාලය තුළ මුදල් අමාත්‍යාංශය, රේගුව වැනි රාජ්‍ය ආයතන කිහිපයක සේවය කළ අතර…

Read More

චීන ජනාධිපති ෂී ජින්පිං සහ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා අතර හමුව අද (30) දකුණු කොරියාවේ Busan නගරයේදී සිදුව තිබේ. චීනයේ හා අමෙරිකාවේ ජාතික තත්ත්වය වෙනස් වීම හේතුවෙන් මතභේද මඟහැරීම කළ නොහැක්කක් වන අතර, ලෝකයේ දැවැන්තම ආර්ථික දෙකක් ලෙස ගැටුම් හට ගැනීම සාමාන්‍ය බව ෂී ජින්පිං මහතා එහිදී පෙන්වා දී ඇත. එබැවින් නොසන්සුන්භාවය හා අභියෝගයන්ට මුහුණ දීමේදී, චීන අමෙරිකා සබඳතාවන් හි විධිමත් හා සුමට ගමනක් සහතික කිරීම සඳහා, තමා සහ ට්‍රම්ප් ජනාධිපතිවරයා එහි නායකත්වය ගෙන නිවැරදි දිශානතියකින් යුතුව සමස්ත තත්ත්වය මනා ලෙස කළමනාකරණය කළ යුතු යැයි ද චීන ජනපතිවරයා පවසා තිබේ. චීනයේ සංවර්ධනය සහ පුනර්ජීවනය, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ ‘අමෙරිකාව…

Read More

සේවය හැරගිය රජයේ වෛද්‍ය නිලධාරීන්ගෙන් රුපියල් මිලියන 1,277කට අධික මුදලක් රජයට අය විය යුතු බව ජාතික විගණන කාර්යාලය පවසයි. එම කාර්යාලය පෙන්වා දෙන්නේ තනතුරු අත්හැර ගිය වෛද්‍ය නිලධාරීන්ගෙන් 2024 වර්ෂයේ ඔක්තෝබර් 31 දිනට රජයට අය විය යුතු බැදුම්කර, දඩ මුදල්, ණය අත්තිකාරම් ශේෂයන්ගේ එකතුව රුපියල් මිලියන 1,277ක් බවය. ජාතික විගණන කාර්යාලය විසින් සේවය අත්හැර ගිය වෛද්‍ය නිලධාරින්ගෙන් රජයට අයවිය යුතු හිඟ මුදල් සහ විදෙස් පුහුණුව ලද විශේෂඥ වෛද්‍ය නිලධාරින් අනුයුක්ත කිරීම සම්බන්ධයෙන් වූ විශේෂ විගණන වාර්තාව මගින් මේ බව අනාවරණය කරගෙන තිබේ. වර්තමානයේ දී සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ පශ්චාත් උපාධි පාඨමාලාවට අදාළව පුහුණුව සඳහා සහ විදේශ රැකියා සඳහා මෙන්ම අනෙකුත් හේතූන්…

Read More

කාන්තාවන්ගෙ ගැටලු නිරාකරණය කිරීම සඳහා කාන්තා කොමිෂන් සභාවක් පත්කිරීමට රජය තීරණය කර ඇත. මෙම කොමිෂන් සභාවට දැනටමත් සත් දෙනෙකුගෙන් යුත් සාමාජිකයින් පිරිසක් පත්කර ඇතැයි වාර්තා වේ. 2024 අංක 34 දරණ කාන්තාවන් සවිබල ගැන්වීමේ පනතේ බලතල අනුව මෙම සාමාජිකයින් පත්කර ඇත. කාන්තා කොමිෂන් සභාවට රජයේ මෙන්ම පෞද්ගලික අංශයේ රැකියා ස්ථානවලදී කාන්තාවන්ට සිදුවෙන ගැටලු, හිරිහැර සහ අසාධාරණකම් සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට හැකියාව ලැබෙනු ඇත.

Read More

ගතවූ මාස දහයේ දකුණු කොරියාවේ රැකියා සඳහා ශ්‍රි ලාංකික තරුණ තරුණියන් 3253 දෙනකු පිටත්ව ගොස් තිබෙන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. දකුණු කොරියාවේ නිශ්පාදන අංශයේ රැකියා සඳහා සුදුසුකම් ලැබූ තරුණ තරුණියන් 72 දෙනෙක් ඊයේ (29) දකුණු කොරියාව බලා පිටත්ව ගිය අතර, මෙම කණ්ඩායමට තරුණියෝ දෙදෙනෙක්ද අයත් වෙති. ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා දකුණු කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනය අතර ඇති කර ගත් අවබෝධතා ගිවිසුම අනුව E-9 වීසා කාණ්ඩය යටතේ මෙම රැකියා අවස්ථා හිමිවන අතර, දකුණු කොරියාවේ නිශ්පාදන, ඉදිකිරීම්, ධීවර හා කෘෂිකාර්මික යන ක්ෂේත්‍රවල රැකියා මෙමගින් හිමිවේ. වඩාත් විනිවිදභාවයකින් යුතුව රැකියා අපේක්ෂිතයින් Online ක්‍රමයට තෝරාගන්නා අතර, විභාගය UBT…

Read More

බලංගොඩ පින්නවල පොලිස් බල ප්‍රදේශයට අයත් පල්ලෙවෙල වලව ගග අද්දර ප්‍රදේශයේ පතලකට යටවී ඊයේ (29) සවස තරුණයෙකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. බලන්ගොඩ පල්ලෙවෙල ගඟ අද්දර ප්‍රදේශයේ පදිංචිව සිටි කේ.ජි.නදික සාරද ගුණතිලක නැමති 26 හැවිරිදි තරුණයෙකු මෙලෙස මියගොස් ඇතැයි පොලිසිය පැවැසීය. මැණික් පතලක මොහු තවත් පිරිසක් වැඩ කරමින් සිට තිබෙන අතර එම අවස්ථාවලදී පතලයට පස් කණ්ඩියක් කඩා වැටි තිබෙන අතර එහිදී මරණ කරු පස් කණ්ඩියට යට වි තිබෙි. ප්‍රදේශයේ ජනතාව හා පින්නවල පොලිසිය විසින් දැඩි උත්සාහයක් ගෙන පැය දෙකක පමණ කාලයක් දැඩි පරිශ්‍රමක් දරා පසූව මොහු ගොඩට ගෙන බලංගොඩ රෝහලට රැගෙන ගොස් ඇති අතර රැගෙන එහිදී මියගොස් ඇත. එම පස් කන්දට…

Read More

පොළොන්නරුව මහවැලි බි කලාපයේ ගල්තලාව ප්‍රදේශයේ කුඩාඔය අමුණේ රොන්මඩ ඉවත්කරන මුවාවෙන්, කිසියම් පිරිසක් අමුණට යන්ත්‍ර සූත්‍ර දමා වැලි ගොඩ දැමීමේ ජාවාරමක් ක්‍රියාත්මක කරන බව ගල්තලාව ගොවීහු චෝදනා කරති. දින කිහිපයක සිට මෙම රොන්මඩ ඉවත් කිරීමේ ජාවාරම පිටුපස වැලි පමණක් ඉවත් කිරීමේ ව්‍යාපෘතිය ඔවුන් විසින් දියත් කර ඇති බවත්, මෙම ජාවාරමට ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය වගකිව යුතු බවත්, මේ වනවිට කුඩාඔය අමුණට දැඩි ලෙස හානි සිදුව ඇති බවද ගොවි සංවිධාන නියෝජිතයෝ හා ගොවීන් පෙන්වා දෙති.‍ෙ පරිසර නීති උල්ලංඝනය කර සිදුකරන මෙම ජාවාරම පිටුපස රාජ්‍ය නිලධාරින් මෙන්ම දේශපාලනය අධිකාරිය සිටින බව පවසති ගංගා ඇළ දොළවලට මෙන්ම අමුණුවලට කිසිසේත්ම යන්ත්‍ර සූත්‍ර දැමිය නොහැකි…

Read More