Author: LANKA24X7

ඉරාන අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ඝාතනය කිරීමේ සැලසුම සකස් කිරීමේදී ඊශ්‍රායලය ටෙහෙරාන් නුවර ආවේක්ෂණ කැමරා පද්ධතියට අනවසරයෙන් පිවිස එහි දත්ත සොරාගත් ආකාරය ඉන්දීය මාධ්‍ය මෙලෙස වාර්තා කර තිබේ. එමගින් කමේනිගේ එදිනෙදා ගමන්, රථවාහන ගාල් කරන ආකාරයේ සිට ඔහුගේ ආරක්ෂකයින්ගේ වැඩ මුර වැනි සියුම් කරුණු ද සමීපව නිරීක්ෂණය කර ඇති බවත් මෙහිදී අනාවරණ කෙරුණි. ඒ ඔස්සේ ලබාගත් දත්ත ජාලයක් සකසනු ලැබ ඇත්තේ මොසාඩ් සංවිධානයේ එයිටි ටූ හන්ඩ්‍රඩ් නම් ඒකකය මගිනි. ප්‍රහාරය එල්ල වූ දිනයේදී කමේනිගේ කාර්යාලය තුළ දුරකථන සන්නිවේදන ක්‍රියාවලියට බාධා කර ඇති අතර, එහි සිටි ඔත්තුකරුවන්ගේ ද සහායෙන් යුතුව සැලසුම තහවුරු කර ඇති බව වාර්තා වෙයි. මෙවන් ප්‍රහාරයක් එල්ලවනු…

Read More

මෙරට අවසන් මුඛ සෞඛ්‍ය සමීක්ෂණයට අනුව අවුරුදු 12 දරුවන්ගේ දත් දිරා යාම 30%ක ප්‍රතිශයක පැවතුණු බවත් පළමු මුඛ සෞඛ්‍ය සමීක්ෂණයේ එම තත්ත්වය 70%කට ආසන්න වූ බව දන්ත සේවා විශේෂඥ වෛද්‍ය චන්දන ගජනායක මහතා පවසයි. එළැඹෙන මාර්තු මස 10 වැනි දින සිට ආරම්භ කිරීමට නියමිත මෙරට 05වන ජාතික මුඛ සෞඛ්‍ය සමීක්ෂණය පිළිබඳව දැනුවත් කිරීම වෙනුවෙන් අද පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් විශේෂඥ වෛද්‍යවරයා මේ බව පැවසීය. විශේෂඥ වෛද්‍යවරයා පැවසුවේ මෙරට ජාතික මුඛ සෞඛ්‍ය සමීක්ෂණයක් අවසන් වරට මෙරට තුළ සිදුකර ඇත්තේ 2015-2016 වසරේදී වන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශය වනුයේ වසර 10කට වරක් ජාතික මුඛ සෞඛ්‍ය සමීක්ෂණයක් පැවැත්වීම බවය. ඒ අනුව වසර 10ක්…

Read More

මධ්‍යම පෙරදිග කලාපයේ උග්‍ර වෙමින් පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 150 දක්වා ඉහළ යා හැකි බවත්, එමගින් නව බලශක්ති අර්බුදයක් නිර්මාණය වීමේ අවදානමක් පවතින බවත් කටාර් බලශක්ති අමාත්‍ය සාද් අල්-කාබි (Saad al-Kaabi) අනතුරු අඟවයි. ඔහු පෙන්වාදෙන්නේ යුද ගැටුම් කඩිනමින් අවසන් වුව ද ඉන් සිදුවන බලපෑම් යථා තත්වයට පත්වීම සඳහා දීර්ඝ කාලයක් ගතවනු ඇති බවය. ඊශ්‍රායලය සහ අමෙරිකාව විසින් ඉරානයට එල්ල කළ ප්‍රහාර හමුවේ ඉරානය විසින් කටාර් රාජ්‍යය ඇතුළු මැදපෙරදිග අමෙරිකානු හමුදා කඳවුරු ඉලක්ක කරගනිමින් ප්‍රහාර එල්ල කරනු ලැබීය. කටාර්හි පිහිටි අමෙරිකාවේ විශාලතම හමුදා කඳවුර වන අල් උදෙයිද් ගුවන් හමුදා කඳවුර වෙත අද දිනයේ ද…

Read More

මැදපෙරදිග මතුව ඇති යුදමය වාතාවරණය හමුවේ ඉදිරි සති කිහිපය මෙරටට තීරණාත්මක කාල පරාසයක් විය හැකි බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පවසයි. අද (06) පාර්ලිමේන්තුවේදි අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ඒ අනුව ඉදිරියේදී අත්‍යවශ්‍ය සේවාවන් සැපයීමේදී යම් ප්‍රමාදයක් ඇති වීමට ඉඩ ඇති බවය. පවතින යුදමය වාතාවරණය හමුවේ නැව් ගමනාගමනයට මෙන්ම ගුවන් යානා ගමනාගමන කටයුතු සඳහා සීමාවන් පැනවී ඇති බවත් එය මෙම ප්‍රමාදයට හේතුවන බවද අමාත්‍යවරයා සඳහන් කළේය. ඒ අනුව මෙරට අත්‍යවශ්‍ය සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා මෙරට පනවා තිබූ හදිසි තත්ත්වය තවදුරටත් දීර්ඝ කිරීමට රජය පියවර ගත් බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් පැවසීය. “ඇතිවෙලා තියෙන වර්තමාන යුදමය වාතාවරණයෙන්…

Read More

දිවයිනේ ප්‍රදේශ රැසක පවතින අධික උණුසුම් සහිත කාලගුණික තත්ත්වය ලබන අප්‍රේල් මස මැද දක්වාම අපේක්ෂා කළ හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සුළගේ වේගය ද අඩු ස්වභාවයක් පෙන්නුම් කිරීම හේතුවෙන් මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වයේ ඉහළ යාමක් පෙන්නුම් කරන බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මෙම තත්ත්වය තුළ අධික වෙහෙසකින් යුතුව වැඩකටයුතු කරන පුද්ගලයින් තම ශරීර සෞඛ්‍ය පිළිබඳ විමසිලිමත් විය යුතු බවත්, වැඩි වශයෙන් ජලය පානය කිරීම සිදුකළ යුතු බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. විශේෂයෙන් පාසල් දරුවන් ක්‍රීඩා කටයුතු සඳහා යෙදවීමේදී ගුරුවරුන් ඒ පිළිබදව විශේෂ අවධානයක් යොමු කළ යුතු බවද එම දෙපාර්තමේන්තුව දැනුම් දුන්නේය. ඊයේ (5) දිනයේ උපරිම වර්ෂාපතනය මොනරාගල දිස්ත්‍රික්කයේ හඳපානාගල ප්‍රදේශයෙන්…

Read More

අන්තර්ජාලය ඔස්සේ සිදු කෙරෙන අපරාධ සම්බන්ධයෙන් කොතෙක් දැනුවත් කිරීම් කළද එම ජාලය පරිහරණය කරන ඇතැම් වංචාකාරී පුද්ගලයන්ගේ උගුල්වලට හසුවන පිරිස්වල අඩුවක් තවමත් දක්නට නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි. මේ අතර මුහුණු පොත හරහා සිදු කෙරෙන වංචාවන් සහ රැවටීම් සංඛ්‍යාවද දිනෙන් දින ඉහළ යන බවද වාර්තා වේ. මෙලෙස රැවටීම්වලට හසුවන බොහොමයක් කාන්තාවන් වීමද විශේෂත්වයකි. මීට මාස කිහිපයකට පෙර නිරූපිකාවන් ලෙස පෙනී සිටීමට කැමැති යුවතියන්ට සහ පාසල් ශිෂ්‍යාවන්ට මුහුණු පොත ඔස්සේ කෙටි පණිවුඩ එවමින් ඔවුන් රවටා ඔවුන්ගේ නිරුවත් පින්තූර ලබාගැනීමේ ජාවාරමක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් අනාවරණය කරගෙන තිබිණි. ගුරුවරියක් විසින් එම කොට්ඨාසයට කරන ලද පැමිණිල්ලකට අනුව…

Read More

ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්යයන් සහ රාජකාරි මාරු කරමින් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර ඇත. එම ගැසට් නිවේදනය මාර්තු 09 වන දින සිට බලපැවැත්වෙන පරිදි නිකුත් කර තිබේ. ගැසට් පත්‍රයට අනුව, විදුලිබල උත්පාදනය, සම්ප්‍රේෂණය, බෙදාහැරීම සහ පද්ධති මෙහෙයුම් සඳහා අනුප්‍රාප්තික සමාගම් හයක් පිහිටුවීම සඳහා විධිවිධාන සලසා ඇත. ඒ අනුව, 2024 අංක 36 දරන ශ්‍රී ලංකා විදුලිබල පනත, නිශ්චිත අංශ හැර, ලංකා විදුලිබල මණ්ඩලය ඵලදායී ලෙස ප්‍රතිව්‍යුහගත කරමින් 2026 මාර්තු 9 වන දින සිට බලාත්මක වනු ඇත.

Read More

අවි බිම තබා වහාම යටත්වන ලෙස අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයේ විප්ලවවාදී ආරක්ෂක බළකායට, එහි හමුදාවන්ට සහ පොලීසියට දැනුම්දී තිබේ. ඔවුන් එසේ කළහොත් ඔවුන්ගේ ආරක්ෂාව සහතික කරන බවත්, එසේ නොකරන්නේ නම් නියත මරණයකට මුහුණදීමට සිදුවන බවත් අමෙරිකානු ජනධිපතිවරයා අනතුරු අඟවා ඇත. ධවල මන්දිරයේ පැවති උත්සවයකදී තවදුරටත් අදහස් දැක්වූ ට්‍රම්ප්, “මම නැවත වරක් ඉරාන විප්ලවවාදී ආරක්ෂක බළකායේ සියලුම සාමාජිකයින්ට, හමුදාවට සහ පොලීසියට ඔවුන්ගේ අවි බිම තබන ලෙස දන්වා සිටිනවා. එසේ කළහොත් ඔබ සම්පූර්ණ වශයෙන් ආරක්ෂිතයි. නමුත් එසේ නොකළහොත් ඔබට නියත වශයෙන්ම මරණයට මුහුණ දීමට සිදුවනු ඇත. මට ඒක දකින්න අවශ්‍ය නෑ” යනුවෙන් පවසා ඇත.

Read More

ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයේ නැංගුරම්ලා තිබෙන ඉරානයේ ‘IRIS Bushehr’ නෞකාවේ සිටි කාර්ය මණ්ඩල සාමාජිකයින්ගෙන් 204 දෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ආරක්ෂිතව කොළඹ වරායට රැගෙන ආ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි. මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද ඊයේ (5) පවසා සිටියේ, අදාළ නෞකාවද ත්‍රිකුණාමලය වරාය වෙත ගෙන ඒමට කටයුතු කරන බවය. අදාළ නෞකාවේ 208ක කාර්ය මණ්ඩලයක් සිටින බව සඳහන් විය.

Read More

ජේකොබ් බෙතෙල්ගේ අනපේක්ෂිත ප්‍රහාරය අවසන් මොහොතේ නවත්වාගත් ඉන්දීය කණ්ඩායම, එංගලන්තය ලකුණු 7කින් පරාජය කර මෙවර විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා සුදුසුකම් ලබාගැනීමට (5) රාත්‍රියේ සමත් විය. මුම්බායිහි වන්කඩේ ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ ඉන්දියාවෙන් හිමිවූ ලකුණු 254ක දැවැන්ත ඉලක්කයට පිළිතුරු ලෙස එංගලන්තය පන්දුවාර 20 තුළදී කඩුලු 7කට ලකුණු 246ක් රැස්කළේය. එහිදී ප්‍රහාරාත්මක ඉනිමක් ක්‍රීඩාකළ ජේකොබ් බෙතෙල් පන්දු 48කට පමණක් මුහුණදෙමින් ලකුණු 105ක් රැස්කරගෙන සිටියදී දුවද්දී දැවීයාමකට ලක්විය. ඒ වනවිට ඔහු හයේ පහර 7ක් හා හතරේ පහර 8ක් එල්ලකර තිබුණි. ඉන්දියාව ලැබූ ජයත් සමග ඔවුන් අඛණ්ඩව දෙවන වරටටත් විස්සයි20 ලෝක කුසලාන අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගත්තේය. මෙලෙස අඛණ්ඩ අවස්ථා දෙකකදී…

Read More