Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
ප්‍රහාරයට ලක්වූ IRIS Dena නෞකාවේ සිට කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබා සුවය ලැබූ නාවිකයින් 22 දෙනෙකු කොග්ගල ගුවන් හමුදා කඳවුර වෙත යොමු කර තිබේ. පසුගිය මාර්තු 4 වෙනිදා ගාල්ල වරායට නාවික සැතපුම් 40ක පමණ දුරින් අනතුරකට ලක්වූ ඉරාන නාවික හමුදාවට අයත් නෞකාවේ සිටි 35 දෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදාවේ මුදාගැනීමේ කණ්ඩායම් විසින් ගොඩබිමට රැගෙන එනු ලැබීය. පසුව ඔවුන්ව ගාල්ල, කරාපිටිය රෝහල වෙත ප්‍රතිකාර සඳහා ඇතුළත් කරනු ලැබීය. ඒ අනුව තවත් දස දෙනෙකු මේ වනවිටත් රෝහල්ගත ප්‍රතිකාර ගන්නා බවට සඳහන්ය. IRIS Dena නෞකාවට එල්ල වූ ප්‍රහාරයෙන් මියගිය ඉරාන නාවිකයන් 84කගේ දේහයන් පිළිබඳ පශ්චත් මරණ පරීක්ෂණ කටයුතු පසුගිය දා ගාල්ල ජාතික රෝහලේදී සිදුකෙරිණි.…
බේරූට්හි හෝටලයකට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තිබේ. එමෙන්ම තවත් පුද්ගලයින් 10 දෙනෙකුට අධික පිරිසක් තුවාල ලබා ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) පැවැත්වීමට නියමිතව තිබේ. අද රාත්‍රී 7.00ට මෙම තරගය ඉන්දියාවේ අහමදාබාත්හී නරේන්ද්‍ර මෝදී ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. මෙම තරගය සඳහා ඉන්දියාව සහ නව නවසීලන්තය සුදුසුකම් ලබා ඇත. පන්දුවාර විස්ස20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයක් සඳහා ඉන්දියාව මීට පෙර අවස්ථා තුනකදී සුදුසුකම් ලබා ඇති අතර ඉන් අවස්ථා දෙකකදී ඔවුන් ශූරතාවය හිමිකරගෙන තිබේ. 2014 වසරේදී ඉන්දියාව අනුශූරතාවය හිමිකර ගත් අතර එම වසරේ ශූරතාවය හිමිකර ගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමය. නවසීලන්ත කණ්ඩායම 2021 වසරේදී පමණක් ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ඇති අතර එහිදී ඔවුන් අනුශූරයෙන්…
ජාත්‍යන්තර කාන්තා දිනය අදට (08) යෙදී තිබේ. කාන්තාවන් සමාජීය, ආර්ථික, සංස්කෘතික සහ දේශපාලනික වශයෙන් ලබා ඇති ජයග්‍රහණ ඇගයීමටත්, ස්ත්‍රී පුරුෂ සමාජභාවී සමානතාවය තහවුරු කිරීමටත් මෙම දිනය වෙන් කර ඇත. මෙය හුදෙක් සැමරුමක් පමණක් නොව කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නැගීමේ ව්‍යාපාරයක්ද වේ. පළමු කාන්තා දිනය 1909 පෙබරවාරි 28 වන දින අමෙරිකාවේදී සමරා ඇති අතර 1910දී ජර්මානු ක්‍රියාකාරිනියක වූ ක්ලාරා සෙට්කින් විසින් මෙය ජාත්‍යන්තර දිනයක් ලෙස යෝජනා කළ බවත් සඳහන් වේ. පසුව 1975 වසරේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නිල වශයෙන් මාර්තු 08වන දින ජාත්‍යන්තර කාන්තා දිනය ලෙස නම් කෙරූ බවත් වාර්තා වේ. ජාත්‍යන්තර කාන්තා දිනය ප්‍රධාන වර්ණ තුනකින් භාවිතා වන අතර දම්,…
හොර්මුස් සමුද්‍ර සන්ධිය හරහා තෙල් ප්‍රවාහන නෞකා සඳහා ආරක්ෂාව සැපයීමට අමෙරිකානු නාවික හමුදා යාත්‍රා යොදවන ලෙස ඉරාන විප්ලවීය බළකායේ ප්‍රකාශකයෙකු විසින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට අභියෝග කර ඇති බව ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි. අවශ්‍ය වුවහොත් අමෙරිකානු නාවික හමුදා වෙත හොර්මුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන තෙල් ප්‍රවාහන නෞකා සඳහා ආරක්ෂාව සැපයීම ආරම්භ කළ හැකි බවට ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය අඟහරුවාදා ප්‍රකාශ කර තිබුණි. මේ අතර මැදපෙරදිග කලාපයේ පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් හොර්මුස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන නාවික ගමනාගමනය සහ බලශක්ති අපනයනයන් දැඩි ලෙස අඩාල වී ඇති බවද විදෙස් වාර්තා සඳහන් කරයි. ලෝකයේ තෙල් ප්‍රවාහනයේ වැදගත්ම මාර්ගවලින් එකක් ලෙස සැලකෙන හොර්මුස්…
ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ඉහළින් අද (7) පෙරවරුවේ පිපිරිමක් සිදුව තිබේ. විදෙස් වාර්තා පවසන්නේ පිපිරීමෙන් පසු ගුවන්තොටුපොළ ඉහළ අහසේ දුමාරයක් ඇති වූ බවය. ‘Flightradar24’ වෙබ් අඩවියද පෙන්වා දුන්නේ, පිපිරීමත් සමග ගුවන්යානා ගොඩබෑමට නොහැකිව ගුවන්තොටුපොළට ඉහළ රැදී සිටි බවය. මේ සම්බන්ධයෙන් ඩුබායි මාධ්‍ය කාර්යාලය සිය ‘X’ ගිණුමේ සටහනක් තබමින් දන්වා සිටියේ, අදාළ පිපිරීම සුළු සිදුවීමක් බවය. වැඩිදුර තොරතුරු හෙළි නොකරන එම මාධ්‍ය කාර්යාලය ගුවන්තොටුපොළ පිළිබඳ පැතිර යන වාර්තා ප්‍රතික්ෂේප කර තිබේ. ඉරානයට එරෙහිව එක්සත් ජනපද-ඊශ්‍රායල ප්‍රහාරවලින් පසු ඇතිවූ යුදමය වාතාවරණය මධ්‍යයේ මේ වනවිට ඩුබායි ගුවන්තොටුපොළේ කාර්ය මණ්ඩලය සමාජිකයන් සිව්දෙනෙකු මේ වනවිට තුවාල ලබා ඇති අතර, ගුවන්තොටුපොළටද හානි සිදුව ඇත. එක්සත් අරාබි එමීර්…
ඉරානයේ බන්ඩාර් අබ්බාස් ප්‍රදේශයට බටහිර දෙසින් අද (7) පෙරවරුවේ රික්ටර් මාපකයේ 4.1ක භූමිකම්පාවක් ඇති වූ බව අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) පවසයි. භූමිකම්පාව බන්ඩාර් අබ්බාස් සිට කිලෝමීටර් 74ක් බටහිරින් සහ කිලෝමීටර් 10ක් ගැඹුරට සිදුව ඇති බව එහි දත්තවල දැක්වේ. ඒ අනුව සතියක් ඇතුළත ඉරානය තුළ සිදුවූ දෙවන භූමිකම්පාව මෙය වේ. පසුගිය අඟහරුවාදා ද ෆාර්ස් පළාතේ ගෙරාෂ් හි රික්ටර් මාපකයේ 4.3ක භූමිකම්පාවක් ඇති විය. එය කිලෝමීටර 10 ක් (සැතපුම් 6.21ක්) ගැඹුරින් සිදුවී ඇති බව අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පැවසීය.
2026 වසරේ පෙබරවාරි මාසය තුළ විදෙස් ශ්‍රමිකයින් විසින් අමෙරිකානු ඩොලර් මිලියන 729ක විදෙස් ප්‍රේෂණ ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට එවා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මහ බැංකුව විසින් නිකුත් කර ඇති නවතම වාර්තාවකට මේ බව සඳහන් වෙයි. 2025 වසරේ පෙබරවාරි මාසයේදී මෙරටට ලැබුණු විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 548.1ක් ලෙස වාර්තා වී තිබුණි. ඒ අනුව, 2026 වසරේ පෙබරවාරි මාසයේ විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව අමෙරිකානු ඩොලර් මිලියන 180.9කින් ඉහළ ගොස් ඇති බව සඳහන් වේ. මේ අතර, 2026 වසරේ ජනවාරි සිට පෙබරවාරි දක්වා කාලය තුළ විදේශ සේවා නියුක්තිකයන් විසින් මෙරටට එවා ඇති මුළු ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර්…
මැදපෙරදිග කලාපයේ ඇතිව තිබෙන යුදමය වාතාවරණය හේතුවෙන් බොරතෙල් මිලේ සීඝ්‍ර වැඩිවීමක් සිදුව ඇති බව විදසේ වාර්තා පවසයි. ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඊයේ (6) තිබූ අගයට වඩා 9%කින් ඉහළගොස් ඇති අතර, මේ වනවිට එහි අගය අමෙරිකානු ඩොලර් 93 ඉක්මවා ගොස් තිබේ. මෙලෙස තෙල් මිල ඉහළගොස් ඇත්තේ වසර 2කට පසුවය. අවසන්වරට 2023 වසරේදී සැප්තැම්බර් – නොවැම්බර් කාලසීමාවේ බොරතෙල් මිල ඉහළගොස් තිබී ඇත.
ඉරාන නෞකා කාර්ය මණ්ඩල ඉරානයට ආපසු නොයැවිය යුතු බවට කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලය ශ්‍රී ලංකා බලධාරීන්ට බලපෑම් කරමින් සිටින බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. යුද නෞකාවක් වන IRIS Dena ගිලී යාමෙන් පසු බේරාගත් ඉරාන නාවිකයින් නැවත ගෙන්වා නොගන්නා ලෙසට අමෙරිකාව ශ්‍රී ලංකාවෙන් ඉල්ලා ඇති බවට එහි සඳහන් වේ. අමෙරිකානු අභ්‍යන්තර රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග උපුටා දක්වමින් එම සේවය මේ බව කියයි. මෙරට තුළ රඳවාගෙන සිටින නාවිකයින් ප්‍රචාරක අරමුණු සඳහා යොදා ගැනීමට ඉරානය ගන්නා ඕනෑම උත්සාහයක් අවම කළ යුතු බවට අමෙරිකාව ඉල්ලා ඇති බව සඳහන් වේ. බදාදා (04) ගාල්ලේ සිට නාවික සැතපුම් 19ක් පමණ දුරින් ඉන්දියානු සාගරයේදී එක්සත් ජනපද…
