Author: LANKA24X7

වැල්ලවාය මහෙස්ත්‍රාත් මංජුල රත්නායක මහතාගේ වැඩතහනම් කර තිබේ. පොලිස්පතිවරයාගේ පැමිණිල්ලක් අනුව අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් මෙම වැඩතහනම් කිරීම සිදුකර ඇත. ඔහුගේ නඩු තීන්දු කිහිපයක් පිළිබඳ පොලිස්පතිවරයා විසින් අගවිනිසුරුවරයා වෙත කරන ලද පැමිණිල්ලක් මත අධිකරණ සේවා කොමිෂන් සභාව සිදුකරන විමර්ශනයක් මෙම වැඩතහනම් කිරීමට හේතු වී ඇති බව සඳහන් වෙයි. ඊයේ (30) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම නියෝගය ලබා දී ඇත.

Read More

ආරක්ෂාව ඉල්ලා සිටින මන්ත්‍රීවරුන් සියලුදෙනා සඳහා ආරක්ෂාව ලබාදීමට පොලිස්පතිවරයා සහ කථානායකවරයා එකඟ වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානගේ මහතා සඳහන් කළේය. විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම මත මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විශේෂ සාකච්ඡාවක් අද (31) පාර්ලිමේන්තුවේදී පැවතියේය. මේ සඳහා පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාද එක්විය. එහිදී මන්ත්‍රීවරුන් ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත. එහිදී ආරක්ෂාව ඉල්ලා සිටින මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව ලබා දීමට පොලිස්පතිවරයා මෙන්ම කථානායකවරයාද එකඟතාව පළ කර තිබේ.

Read More

හෙද උපාධිධාරීන් හත්සීයක් බඳවා ගැනීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව අනුස්ථාපන හා සමායෝජන පාඨමාලා පුහුණුව සඳහා විද්‍යාවේදී හෙද උපාධිධාරීන් 700 දෙනකු බඳවා ගන්නා බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසයි. මෙවැනි පිරිසක් බඳවා ගන්නේ වසර හතරකට පසුව බව ද අමාත්‍යාංශය කියයි. අදාල පුහුණුවට බඳවා ගැනීම සඳහා පත්වීම් ලිපි ප්‍රදානය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා ජාතික රෝහල් බාහිර රෝගී අංශ ශ්‍රවණාගාරයේ දී අද සිදුකිරීමට නියමිතව තිබේ.

Read More

පාතාලය සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණ වල කොතැනක හෝ පොලිස් නිලධාරියෙකුගේ සබඳතාවයක් ඇතැයි හෙළිදරව් වී තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. විෂ මත් ව්‍යසන පරදන ” රටම එකට” ජාතික මෙහෙයුම වැඩසටහන කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී ඊයේ (30) අරඹමින් ජනාධිපතිවරයා මේ බව කීය. ෙමේ කාර්යය කළ හැකි යැයි සමාජයේ විශාල බලාපොරොත්තුවක් තිබෙනවා.මෙය පරාජය කරන්න නම් පොලිසිය සුද්ද කළ යුතුයි.පොලිසියේ වැඩිම වැඩ තහනමට ලක්වූ යුගය මේ යුගයයි. ඔබ රැකියා සුරක්ෂිත බව නිල ඇඳුමේ ගෞරවය රැකගෙන ඉදිරියට යන්න.නැතිනම් ඉවත් වෙන්න.එහෙම නැතිනම් අප ඉවත් කරනවා යනුවෙන්ද ජනාධිපතිවරයා කීය.

Read More

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ වන සතුන්ගේ තර්ජනවලින් ආරක්ෂිත ගුවන්තොටුපළක් ලෙස සිවිල් ගුවන් සේවා අධිකාරිය විශේෂ සහතිකයක් දී අැත මේ සහතිකයදී අැත්තේ මත්තල ගුවන්තොටුපළට වන සතුන්ගෙන් එල්ල වන තර්ජන වැලැක්විමට පියවර ගැනීමෙන් පසුවය ඒ අනුව මත්තල ගුවන්තොටුපළට මෙහෙයුම් කරන ගුවන් සේවා සංඛ්‍යාව වැඩි කර ගැනීමේ සකාච්ඡා ආරම්භ කළ බව වරාය හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය රුවන් කොඩිතුවක්කු මහතා සඳහන් කළේ ය. මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළට මෙහෙයුම් කරන ගුවන් සේවා සංඛ්‍යාව 4කි. නව ගුවන් සේවා පැමිණීමත් සමග ගුවන්තොටුපළේ මෙහෙයුම් අලාභය අඩු කර ගත හැකි බව නියෝජ්‍ය අමාත්‍යවරයා විශ්වාසය පළ කෙළේය මත්තල ගුවන්තොටුපළට මාසිකව රුපියල් කෝටි 25 ක පාඩුවක් ලබයි.

Read More

වගා ව්‍යාපෘති සහ සංචාරක ක්ෂ්ත්‍රයේ ආයෝජනය කිරීමෙන් ප්‍රතිලාභ අත්කර දෙන බවට පවසා ජනතා මුදල් වංචා කළෙ යැයි කියන කුණ්ඩසාලේ නගරය කේන්ද්‍ර කොට ගෙන රට පුරා ව්‍යාප්ත කළ තවත් මහා පරිමාණ පිරමීඩ සමාගමක් පිළිබඳව විමර්ශන ආරම්භ කළ බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා හමුවේ කරුණු දැක්වූ රහස් පොලිසියේ මුල්‍ය අපරාධ වාණිජ විමර්ශන කොට්ඨාසය අද දැනුම් දුන්නේය. ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍යය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා කරන ලද පැමිණිල්ලක් අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන අංශයේ පොලිස් පරීක්ෂක දංගල්‍ල නිලධාරියා විසින් මෙම කරුණු අධිකරණයට ඉදිරිපත් කළේය. නෙට් ෆො ජාත්‍යන්තර පුද්ගලික සමාගම නමින් පවත්වාගෙන ගිය මෙම නීති විරෝධී…

Read More

කෑගල්ල බන්ධනාගාරයේ රැදවියකුට දීමේ අරමුණින් මාවනැල්ලේ පාවහන් වෙළදසලකදී පාවහන් යුගළයක් තුළට ජංගම දුරකතන දෙකක් දුම්කොළ දමා මසද්දී සැකකරුවන් දෙදෙනකු ජංගම දුරකතන දෙකක් දුම්කොළ සමග ඊයේ සවස අත් අඩංගුවට ගත් බව මාවනැල්ල පොලිසිය පැවසීය. මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ අරණායක අරම උඩගම්මැද්ද පදිංචි 33 හැවිරිදි කාන්තාවක හා මාවනැල්ල දනාගම පදිංචි 53 හැවිරිදි සපත්තු මසන්නකු බව පොලිසිය පැවසීය. අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමකට අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව දැනට කෑගල්ල රිමාන්ඩ් බන්ධනාගාරයේ රදවා තබා ඇති සැකකරුවකුට දීම සඳහා ඔහුගේ උපදෙස් මත දුරකතන දෙකක් හා දුම්කොළ ග්‍රෑම් 42 ක් පාවහන් යුගළයක් ඇතුළතට දමා මාවනැල්ලේ පාවහන් අලෙවි සලක මසමින් සිටින බවට ලැබුණු තොරතරුකට අනුව…

Read More

ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිවලට දායකත්වය දැක්වීමට ඇති ආයෝජන අවස්ථා සොයා බැලීම සදහා චීන රජයේ සහ එරට ප්‍රමුඛතම ව්‍යාපාරික සමාගම්වල නියෝජිතයෝ දස දෙනෙක් අද මෙරටට පැමිණියහ. ඔවුන් චීන – ශ්‍රී ලංකා ව්‍යාපාරික සබදතා ශක්තිමත් කෙරෙන ” සේද මාවත” වැඩසටහන යටතේ පැමිණ තිබුණි . මෙම චීන ආයෝජකයන් පිරිස ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය , කෘෂි , වානිජ , වාරි යන අංශවල යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම සදහා ආයෝජනය කිරීමට අපේක්ෂා කෙරේ .

Read More

ගණේමුල්ලේ සංජීව ඝාතනයට ඉෂාරා සෙව්වන්දි නැමැත්තියට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කඩවත ප්‍රදේශයේ නීතීඥවරිය ඉකුත් 2023 වසරේදී මැඩගස්කර පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවන් වන සලිදු මල්ෂිත ගුණරත්න හෙවත් පානදුරේ කුඩු සලිදු සහ හරක් කටා නැමැත්තන් වෙනුවෙන් පෙනී සිටීම සදහා තවත් නීතීඥවරුන් දෙදෙනකු සමග මැඩගස්කරයට ගොස් තිබූ බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් නීතීඥවරිය සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් රැසක් සමග සමීප සම්බන්ධතා පවත්වා ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. ඉෂාරා සෙව්වන්දි නැමැත්තියට අධිකරණ භූමියට ඇතුළුවීමට නීතීඥ හැදුනුම්පත්, නීතිඥ කබාය සහ නඩු විධාන සංග්‍රහය පොත, නීතිඥ හැදුනුම්පත් නිර්මාණය කරදී ඊට…

Read More

කොළඹ මුහුදු මාවතේ වෙළදසලකින් රුපියල් දස කෝටි විසි ලක්ෂයක මුදලක් සොරා ගත්තෙ යැයි අත්අඩංගුවට ගත් සුරාබදු නිලධාරීන් පස්දෙනා ලබන 06 දින හඳුනා ගැනීමේ පෙරටුවකට යොමු කරන ලෙස නියෝග කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා සැකකරුවන් ලබන 07 දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි නියෝග කළේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් සුරාබදු දෙපාර්තමේන්තුවේ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් වන සැකකරුවන් ආවරණ සහිතව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය. මීට දින පහකට පෙර කොළඹ මුහුදු මාවතේ වෙළදසලකින් රුපියල් දස කෝටි විසි ලක්ෂයක මුදලක් සොරාගැනීමේ සිද්ධියකට අදාලව ප්‍රකාශයක් ලබාදීමට පැමිණි අවස්ථාවේදී අද පස්වරුවේදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බවත්,සැකකරුවන් පිළිබඳ විමර්ශන…

Read More