Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
දුම්රිය රියදුරන් පිරිසක් අද (06) දහවල් 12 සිට මුහුදු බඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයෙන් ඉවත් වීමට තීරණය කර ඇතැයි ලොකොමොටිව් ඔපරේටින් ඉංජීනියස් රියදුරු සංගමය පවසයි. පානදුර හා මොරටුව අතර පවතින දුම්රිය සං දුම්රිය සංඥා දෝෂය නිවැරදි නොකිරීම ධාවනයෙන් ඉවත් වීමට හේතුව බව ලොකොමොටිව් ඔපරේටින් ඉංජීනියස් රියදුරු සංගමයේ ලේකම් චන්දන වියන්දූව මහතා පැවසීය. මේ සම්බන්ධව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා සහ රියදුරු සංගමය අතර විශේෂ සාකච්ඡාවක් අද පෙරවරු 9.30 ට පැවැත්වෙන බවත් ඒ මහතා සඳහන් කළේය.දහවල් 12 සිට දුම්රිය රියැදුරන් මුහුදු බඩ මාර්ගයේ ධාවනයෙන් ඉවත්වෙයි
ලංකාවට ගෙනා අලුත් ගුවන් යානයේ වයිපරේ වැඩ නැතැයි කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය. ගුවන් යානය පිළිගන්නට කටුනායක ගුවන් තොටේදී වතුර ඉසින විට තමා ඒ බව දුටුවේ යැයිද නලින් බණ්ඩාර මහතා කීය. “ගුවන් සේවය ඩොලර් බිලියනයක පමණ ණය වෙලා තියෙනවා කියන එකයි ඇත්ත කතන්දරේ.ශ්‍රී ලංකන් ගුවන් සේවය මෙතනට වැටුනේ කොහොමද?2002 -2004 කාලෙදි අපේ ආණ්ඩුව මෙය එමිරේට්ස් ආයතනය සමඟ ඒකාබද්ධ කළා.ඒ තීරණය නිසා ජනතාව මත පැටවුණු බර ඉවත් වුණා.නැවත රාජපක්ෂ ආණ්ඩුව ඇවිත් එමිරේට්ස් ආයතනය පන්නා දැමුවා.2005 මේ රටේ මහින්ද රාජපක්ෂ ජනාධිපති කළේ අපිද?එදා ජවිපෙ ගත්ත දේශපාලන තීන්දු නිසා ඒ තක්කඩි පාලනය ඇතිවුණා යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වර්තමාන පරිපාලන මෙරට ආර්ථිකයේ හදවත බදු කොළඹ වරායට ස්වාභාවික මරණයක් අත්කරදීමට කටයුතු කරමින් සිටින බවත් ඒ පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දැනුවත්ව සිටින්නේ දැයි සැකයක් ඇති බවත් වරාය වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානයේ සම කැඳවුම්කරු ශ්‍යාමාල් සුමනරත්න මහතා ඊයේ (5) පැවසීය. වරාය අධිකාරියේ වර්තමාන පරිපාලන දුර්වලතා සහ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා වරාය වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය කොළඹදී ඊයේ (5) පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවේදී ශ්‍යාමාල් සුමනරත්න මහතා එසේ කීය. වර්තමාන ආණ්ඩුව යටතේ වරාය අධිකාරියේ පරිපාලනයක් නොමැතිව අයාලේ යන තත්වයක් උද්ගතවී ඇති බව කී සුමනරත්න මහතා මෙම තත්වය පිළිබඳව දැනුවත් කිරීම සඳහා වරාය…
පරිපූරක වෛද්‍ය වෘත්තීය වේදීන්ගේ වැඩ වර්ජනය තනිකරම දේශපාලන අරමුණ සඳහා කරන වැඩක් බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. එවැනි වැඩ වර්ජන සඳහා මුහුණ දීමට සූදානම් බව බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා කීය. හැමදාම මෙය සෙල්ලමක් කරගෙන සෞඛ්‍ය පද්ධතිය කඩාකප්පල් කරන්නට වැඩ කරනවා නම් ඒ අයත් සමඟ සාකච්ඡා කරන්නට සූදානම් නැතැයි ද නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේය. දැන් සතියට පැය 24 පැය 48 ආදී ලෙස වර්ජන කැඳවන්න පටන් අරගෙන තියෙන බව කී අමාත්‍යවරයා එය සෙල්ලමක් නොවන බවද සඳහන් කළේය. කරුණාකර වැඩට එන්නැයි කී සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩට පැමිණි පසුව සාකච්ඡා කරන්නට සූදානම් බව ද සඳහන් කළේය. තඹුත්තේගමදී මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් සෞඛ්‍ය අමාත්‍යවරයා…
ඉඹුල්පේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුගේ ඉල්ලීමකට අනුව සබරගමුව විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ ගොවිපල ඉඩමෙන් කොන්ත්‍රාත්කරුවකුට නොමිලේ පස් කියුබ් පන්සියයක් කපා ගැනීමට විශ්ව විද්‍යාල පාලක සභාව අවසර ලබා දී ඇතැයි කෝප් කමිටුවේ දී අනාවරණය විය. අදාල සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා සබරගමු විශ්වවිද්‍යාලයේ ඉහළ කළමනාකාරීත්වය කෝප් කමිටුවට කැඳවූ අවස්ථාවේදී මේ කරුණු අනාවරණය විය. මෙහිදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී කෝප් කමිටු සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා කීවේ. 2022 වසරේ ඉඹුල්පේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුගේ පෞද්ගලික ඉල්ලීමකට අනුව කොන්ත්‍රාත්කරුවකුට විශ්වවිද්‍යාල භූමියෙන් පස් කියුබ් පන්සියයක් නොමිලේ කපා ගැනීමට පාලක සභා අනුමැතිය ලබා දී තිබෙන බවයි. මෙලෙස පස් කපා ගැනීමට අවසර දුන්නේ කවුදැයි කෝප් කමිටුව විශ්ව විද්‍යාල පාලක…
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ඌව, නැගෙනහිර පළාත්වලත් වව්නියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේදි ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
පාස්පෝර්ට් දෙපාර්තමේන්තුවෙි හොර පාස්පෝර්ට් හැදූ රේගුවෙන් භාණ්ඩ එළියට දැමූ නිලධාරී යාන්ත්‍රණයට අලුත් වෙන්නට කාලය ඇවිත් තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (5) පැවසීය. දූෂිත නිලධාරී යාන්ත්‍රණය පරණ පුරුදු අතහැර වෙනස් නොවුනහොත් රජය මැදිහත් වී වෙනස් කරන බවද ජනාධිපතිවරයා කීය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව කීවේ කෑගල්ල නිදහස් මාවතේ අද පැවැති ජගත් පරිසර දින සැමරුම් උලෙළට එක් වෙමිනි. “ ප්ලාස්ටික් භාවිතය දුරලමු” යන ජාත්‍යන්තර පරිසර දින තේමාවෙන් සහ “දලුලන්න – ඉඩදෙන්න” යන ලාංකික තේමාව යටතේ මෙවර පරිසර දිනය සමරනු ලබයි. කොන්ක්‍රීට් ප්ලාස්ටික් මත විනාශයට පත් වූ පරිසරය යළි ප්‍රතිෂ්ඨාපනය කිරීමට සෑම දෙනාටම පුරවැසි වගකීමක් තිබෙන බව ජනාධිපතිවරයා…
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ සංඥා පද්ධතියේ දෝෂයක් හේතුවෙන් දුම්රිය දෙකක් එකම දුම්රිය පිල්ලේ එකම දිසාවට ළංව ධාවනය වීමේ පුවතක් අද (05) වාර්තා විය. අද පෙරවරු 9.45 ට පමණ පානදුර සිට කොළඹ කොටුව බලා ධාවනය වූ අංක 328 දරන මන්දගාමී දුම්රියට පානදුර, මොරටුව අතර ප්‍රදේශයේදී ඉදිරියට ධාවනය වීම සඳහා එම සංඥා කුලුනේ කොළ පැහැති සංඥාව ලැබී තිබියදී තවත් දුම්රියක් එදෙසටම ධාවනය වී තිබේ. මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ලොකොමොටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමය පැවසුවේ, මුහුදුබඩ මාර්ගයේ වර්ණාලෝක සංඥා පද්ධතියේ බරපතළ දෝෂයක් හේතුවෙන් මෙවැනි තත්ත්වයක් මතුව ඇති බවය. ඒ අනුව කඩිනමින් අදාළ සංඥා දෝෂයට විසදුම් ලබාදිය යුතු බව එම සංගමය දුම්රිය බලධාරීන්ට ලිඛිතව දැනුම් දී…
දින දෙකක් වයසැති කුඩා බිළිඳෙකු රුපියල් 75,000ක මුදලකට අලෙවි කිරීමට තැත් කිරීමේ චෝදනාවට වරදකරු වූ 46 හැවිරිදි තිදරු මවකට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩසහිත වසර 7ක සිරදඬුවම් නියම කර තිබේ. කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා විසින් මෙම තීන්දුව ලබා දුන්නේය. සිරදඬුවමට අමතරව රුපියල් විසිදහසක දඩ මුදලක් ද එම දඩ මුදල නොගෙවන්නේ නම් තවත් මාස 6ක ලිහිල් සිරදඬුවමක් නියම කරන බවත් විනිසුරුවරයා නියෝග කළේය.
පෞද්ගලික බස් කර්මාන්තය මුදා නොගත් කලාප තිබෙන කර්මාන්තයක් බවට පත්වී තිබෙන බව ප්‍රවාහන මහා මාර්ග වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. ජාතික ගමනාගමන කොමිෂන් සභා (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් බිමල් රත්නායක මහතා මේ බව කීය. ශ්‍රී ලංගම ආයතනය පිහිටවනු ලැබුවේ පනස් අට වසරේදී.අප රටේ ප්‍රවාහන ක්ෂේත්‍රයේදී පෞද්ගලික බස් රථත් සැලකිය යුතු සේවයක් කරනවා.එමෙන්ම සැලකිය යුතු ව්‍යාපාරික පැලැන්තියක්ද ගොඩනැගී තිබෙනවා. පෞද්ගලික බස් රථ නියාමනය කිරීම මෙන්ම සේවක සුභසාධනය ආදී ක්‍රියා රැසක් කළ යුතුව තිබෙනවා. පාරට ගියාට පස්සේ බස් එක ලංගමද පෞද්ගලිකද කියල අදාළ වෙන්නේ නෑ.අප කවුරුත් මහ මඟ හරියට පාවිච්චි නොකළොත් විශාල ගැටලු වලට…
