Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
නේපාලයේ පැවැති ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් එරට සංචාරක අංශයට බලපෑම් එල්ල කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තාකරන්න, නේපාලයේ සංචාරක පැමිණීම 30% කින් පහත වැටී ඇති බවය. නේපාල සංචාරක අධිකාරිය, හෝටල් හිමියන් සහ සංචාරක සංවිධායකයින් පැවසුවේ පසුගිය වසරේ මෙම කාලයට වඩා සංචාරක පැමිණීම් 30% කින් පහත වැටී ඇති බවත්, ඇතැම් සංචාරක වෙන්කර ගැනීම අවලංගු කර ඇති බවත්ය. කත්මණ්ඩු නුවර කාර්යබහුල සංචාරක මධ්‍යස්ථාන, සාප්පු, සහ අවන්හල් පාළුවට ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි. නේපාල පැවැති විරෝධතා හේතුවෙන් ජීවිත 72ක් අහිමි වූ විය. ඉන් 59ක් විරෝධතාකරුවන් වන අතර, රැඳවියන් 10ක් හා පොලිස් නිලධාරීන් 3ක් සිටින බව සඳහන් වේ. නේපාලයේ කත්මණ්ඩු අගනුවර පාර්ලිමේන්තුව අබියස…
රට තුළ මේ වන විට පවතින කීරි සම්බා සහ සම්බා සහල් හිඟය සම්බන්ධව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා අද (15) අදහස් දැක්වීමක් සිදු කළේය. එහිදී අදහස් දක්වමින් සභාපතිවරයා පැවසුවේ මේ සම්බන්ධව තොරතුරු පාරිභෝගික කටයටුතු පිළිබඳ අධිකාරියට ලැබුණු බවත් සිදුකළ සොයා බැලීමකදි එවැනි සහල් හිඟයක් සම්බන්ධව අධිකාරියට කරුණු අනාවරණය වූ බවත්ය. කෙසේ නමුත් ගැසට් පත්‍රයක් මගින් සහල් සඳහා පාලන මිලක් නියම කර ඇති බවත් එම මිලට වඩා වැඩි මිලකට සහල් අලෙවි කරන්නේ නම් පවත්නා නීතිය යටතේ අවශ්‍ය නීතිමය කටයුතු සිදුකිරීමට අධිකාරිය පියවර ගනු බවය. මේ හේතුවෙන් ගැසට් පත්‍රයට අනුකූල ලෙස කටයුතු කළ හැකි පරිදි වී මිලදී ගැනීම් ක්‍රියාවන්…
ශ්‍රී ලංකා මහ බැංකුවේ 75 වැනි සංවත්සරය සැමරීම නිමිත්තෙන් පසුගිය පසුගිය මස 29 වැනි දින නිකුත් කරන ලද රුපියල් 2000සේ සමරු නෝට්ටුව සම්බන්ධව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන්ව ඇත්තේ නව මුදල් නෝට්ටුව පහසුවෙන් මුදල් සංසරණයට අනුගත කිරීම සඳහා, බලපත්‍රලාභී වාණිජ බැංකු ඔවුන්ගේ මුදල් හැසිරවීමේ යන්ත්‍ර ක්‍රමාංකනය කිරීමේ (Calibration) ක්‍රියාවලියක යෙදී සිටින බවය. මෙම ක්‍රියාවලියේ ප්‍රගතියට අනුකූලව, නව මුදල් නෝට්ටුව බලපත්‍රලාභී වාණිජ බැංකු හරහා ක්‍රමයෙන් මුදල් සංසරණයට නිකුත් කරනු ලබන බවද ශ්‍රී ලංකා මහ බැංකුව දැනුම් දී තිබේ. ක්‍රමාංකනය කිරීමේ ක්‍රියාවලිය අවසන් වීමත් සමඟ නව මුදල් නෝට්ටුව සියලුම බැංකු මාධ්‍යයන් හරහා මුදල් සංසරණයට අනුගත වීම…
අයථා ලෙස රුපියල් මිලියන 97කට අධික වටිනාකමකින් යුත් වත්කම් උපයා ගැනීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ, දියණියන් තිදෙනා සහ බෑනාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු ඇති නඩුව ඔක්තෝබර් 01 වනදා යළි කැඳවීමට කොළඹ මහාධිකරණය නියම කළේය. ඒ මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදීය. මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේ විත්තිය විසින් ඉල්ලා සිටි ලේඛන අතුරින් කිහිපයක් අල්ලස් කොමිසම විසින් විත්ති පාර්ශවයට විවෘත අධිකරණයේදී භාර දෙනු ලැබීය. තවදුරටත් ලේඛන අවශ්‍ය නම් ඒවා අද දින සිට සති දෙකක් ඇතුළත අධිකරණයට දැනුම් දෙන ලෙස එහිදී අධිකරණය විසින් විත්ති පාර්ශවයට නියම කර ඇත. ඉන් අනතුරුව නඩුව යළි…
මොරගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් සිදුකළ මෙහෙයුමකදී ඇත් දළ යුගලක් සන්තකයේ තබාගෙන සිටි විශ්‍රාමික යුධ හමුදා සෙබළෙකු අත්අඩංගුවට ගෙන ඇත. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ විශ්‍රාමික යුධ හමුදා සෙබලෙකු වන හල්මිල්ලවැව ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි පුද්ගලයෙකි. මොරගොඩ පොලීසියට ලද තොරතුරක් අනුව මොරගොඩ හල්මිල්ලෑව ප්‍රදේශයේදි සිදුකළ මෙහෙයුමකදී එම ඇත් දළ යුගලය සොයා ගෙන ඇති බව වාර්තා වේ. සැකකරුට අයිති හේන් බිමක රොඩු ගොඩක් යට ඉතා සුක්ෂම ලෙස සඟවා තිබියදී එම ඇත් දළ යුගලය සොයා ගැනීමට පොලිසිය සමත්ව ඇති අතර එම ඇත් දළ යුගලය අඩියක් පමණ දිගකින් යුක්ත වන බව පොලිසිය සඳහන් කළේය. පොලීසිය සිය භාරයට ගෙන ඇති ඇත් දළ යුගලය හා සැකකරු…
ලංකා විදුලි බලමණ්ඩලය කොටස් හතරකට වෙන් කිරීමට එරෙහිව අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද (15) සිට තීව්‍ර කරන බව විදුලි බල මණ්ඩල සේවක සංගම් පවසයි. පසුගිය සතියේ ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අදියර තුනක් ලෙස සිදුකිරීමට ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය ඇතුළු අනෙකුත් සංගම් තීරණය කර තිබුණේය. ඒ අනුව එහි පළමු අදියර ලෙස අකුරට වැඩකිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කරනු ලැබීය. පසුගිය 4 වනදායින් ආරම්භ කළ වර්ජනය සදහා අදට දින 11ක් ගතවුවද මෙතෙක් බලධාරීන් සිය ගැටලුවලට විසදුම් ලබා දීම වෙනුවෙන් සාකච්ඡාවක් හෝ ලබා දීමට අපොහොසත් වී ඇති බව ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය සඳහන් කළේය. එම සංගමය වැඩිදුරටත් පවසා සිටියේ…
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) ප්‍රකාශයට පත් කළ නවතම විස්සයි20 කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව 7 වන ස්ථානය දක්වා එක් ස්ථානයක් ඉදිරියට පැමිණ තිබේ. ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති තරගයේදී බංග්ලාදේශයට එරෙහිව ලැබූ ජයග්‍රහණයත් සමඟ මෙලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරියට පැමිණ ඇත. ඒ අනුව 7 වන ස්ථානයේ රැදී සිටි පාකිස්තාන කණ්ඩායමට 8 වන ස්ථානය දක්වා පියවරක් පසුබැසීමට සිදුව ඇත. වත්මන් ශ්‍රේණිගත කිරීම අනුව ඉන්දීය කණ්ඩායම තවමත් අංක එක රැකගෙන සිටියි. එහි දෙවන ස්ථානය ඔස්ට්‍රේලියාවටත්, තෙවන ස්ථානය එංගලන්තයටත් හිමිව ඇත.
මිද්දෙණියෙන් සොයාගත් අයිස් ඖෂධ නිෂ්පාදනය සඳහා යොදා ගන්නා බව කියන රසායනික ද්‍රව්‍ය අඩංගු බහාලුම් වාර්තාව පොලීසිය වෙත භාර දී තිබේ. ඒ මේ සම්බන්ධ ජාතික අන්තරායකර ඖෂධ පාලන මණ්ඩලය විසින් සිදුකළ විමර්ශනයෙන් අනතුරුවය.
2026 වර්ෂය තුළ අනුගමනය කළ යුතු පාසල් වාර සටහන අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබේ. ඒ අනුව, සිංහල හා දෙමළ පාසල් සඳහා පළමු වාරයේ පළමුවන අදියර ආරම්භ වන්නේ, 2026.01.01 බ්‍රහස්පතින්දා සිට 2026.02.13 සිකුරාදා තෙක්ය. පළමු වාරයේ පළමු වන අදියරයේ නිවාඩු ලබාදෙනු ලබන්නේ 2026.02.14 සිට 2026.03.02 වනදා තෙක් බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කළ පාසල් වාර සටහනේ දැක්වෙයි. ඉන් අනතුරුව පළමු වාරයේ දෙවන අදියරය 2026.03.03 අඟහරුවාදා සිට 2026.04.10 සිකුරාදා තෙක් පැවැත්වෙයි. පළමු වාරයේ දෙවන අදියරය සඳහා නිවාඩු ලබාදෙනු ලබන්නේ, 2026.04.11 සිට 2026.04.19 වනදා තෙක්ය. දෙවන පාසල් වාරය 2026.04.20 සඳුදා සිය 2026.07.24…
කොළොම්බියාවේ කෝකා හි නීති විරෝධි රත්‍රං පතලක් කඩාවැටීමෙන් පුද්ගලයින් 7 දෙනෙකු ඒ තුළ සිරවී සිටින බව විදෙස් වාර්තා සඳහන් කරයි. පසුගිය බ්‍රහස්පතින්දා සිට එම පිරිස මෙලෙස පතල තුළ සිරවී සිටින බව වාර්තා වේ. ඔවුන් පොළොව මට්ටමේ සිට මීටර 28ක් ගැඹුරින් රැඳී සිටින බව සඳහන්. කෙසේ වෙතත් මුදාගැනීම් කටයුතු සඳහා බලධාරීන්ගේ සහාය ප්‍රමාණවත්ව නොලැබෙන බවත්, ඒ හේතුවෙන් ප්‍රදේවාසීන් විසින් එම කටයුතු සිදුකරමින් සිටින බවත් විදෙස් වාර්තාවන්හි දැක්වේ. අක්‍රමවත් නීති විරෝධි රත්‍රං පතල් බහුල කලාපයක් වන මෙම කෝකා ප්‍රදේශයේ මෙවැනි අනතුරු නිරන්තරයෙන් සිදුවන බව සඳහන්.
