Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
මේ වන විට පවතින ඖෂධ හිඟයට හේතුව මූල්‍ය ගැටලුවක් නොවන බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි අම්පාර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවේ ප්‍රසම්පාදනයේ පවතින ගැටලු හේතුවෙන් මෙම තත්ත්වය මතුව ඇති බවය. එමෙන්ම මේ වන විට ඖෂධ ගෙන්වීම සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලීන් ආරම්භ වී ඇති බවත් ඒ අනුව එළැඹෙන නොවැම්බර් මාසයෙන් පසුව අදාළ ඖෂධ ගෙන ඒමටද නියමිත බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා “සමහර ඖෂධ ප්‍රයිවට් මාර්කට් එකෙත් නෑ, එළියෙත් නෑ, වෙළෙඳපොළෙත් නෑ, ෆාමසිවලත් නෑ. එහෙම ප්‍රශ්නයක් තියෙනවා. අපි ඖෂධ ලියාපදිංචියේදී අසීමිත ලෙස මිල ගණන් ඉදිරිපත් කරලා ලියාපදිංචි කරන්න දෙන්නේ නැහැ දැන්. දකුණු…
කළුවාංචිකුඩි පොලිස් වසමේ කෝට්ටේකල්ලාර් ප්‍රදේශයේ නිවසක් තුළ කාන්තාවක් මියගොස් ඇති බවට කළුවාංචිකුඩි පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත විර්මශන ආරම්භ කර තිබේ. මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 57ක් වූ කෝට්ටේකල්ලාර් ප්‍රදේශයේ පදිංචිකාරියකි. අදාළ කාන්තාව සිය නිවසෙහි තනිව ජිවත්ව සිට ඇති බව මූලික විමර්ශනවලදි අනාවරණය වී ඇත. සිද්ධිය සම්බන්ධයෙන් කළුවාංචිකුඩි පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
එක්සත් ජාතීන්ගේ 80 වැනි රාජ්‍ය නායක සමුළුව ලබන සතියේ අමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේ පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී පැවැත්වීමට නියමිතය. ඒ සඳහා සහභාගිවීමට නියමිත පලස්තීන ජනාධිපති මොහොමඩ් අබ්බාස් ට වීසා ලබාදීම අමෙරිකාව ප්‍රතික්ෂේප කළේය. කෙසේවෙතත් එම සමුළුව වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඇමතීමට ඔහුට හැකියාව ලබාදෙන යෝජනාවක් එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල බහුතර ඡන්දයෙන් සම්මත කරගෙන ඇත. මෙම සමුළුවේ දී පලස්තීනය වෙනම රාජ්‍යයක් ලෙස පිළිගැනීමටද සැලසුම් කර ඇති බව වාර්තා වෙයි.
ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටයේ තරග ආරම්භ කරමින් ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරගය අද (20) පැවැත්වීමට නියමිතව ඇත. තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 8ට ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ. සුපිරි 4 වටය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම තරග 3කට ක්‍රීඩාකරනු ලබයි. ඒ යටතේ ශ්‍රී ලංකාව එළැඹෙන 23වනදා පාකිස්තානයට එරෙහිව අබුඩාබිහිදී හා සැප්තැම්බර් 26වනදා ඉන්දියාවට එරෙහිව ඩුබායිහිදී ශ්‍රී ලංකාව ක්‍රීඩාකිරීමට නියමිතය. සුපිරි 4 වටය අවසානයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නා කණ්ඩායම් ද්විත්වය අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගනු ඇත.
ශ්‍රී ලංකා පොලීසිය විසින් දිවයින පුරා සිදුකරනු ලබන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම්වලට අදාළව ඊයේ (18) දිනයේ දී පුද්ගලයින් 736 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. කොට්ඨාස මට්ටමින් සියලුම ප්‍රාදේශීය පොලිස් ස්ථාන ආවරණය වන පරිදි මෙම විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත. අදාළ මෙහෙයුම්වලදී පුද්ගලයින් 28,705 දෙනෙකු පොලීසිය විසින් පරීක්ෂාවට ලක්කර තිබේ. මේ අතර බීමත් රියදුරන් 50ක් හා අපරික්ෂාකාරී ලෙස රිය පැදවීම් සම්බන්ධයෙන් පුද්ගලයින් 20ක් ද අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය වැඩිදුරටත් පැවසීය.
ඉදිරි අයවැය රටේ සංවර්ධනයට අඩිතාලමක් වනු ඇති බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ පවතින සීමිත මුදල් ප්‍රමාණය මෙරටට ආයෝජන ගෙනෙන වැඩපිළිවෙළ සඳහා යොදවා යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට රජය අපේක්ෂා කරන බවය. අයවැය පිළිබඳ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා මේ බව සඳහන් කළේය.
සිය ගැටලුවලට විසඳුම් නොලැබෙන්නේ නම් ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් තීව්‍ර කරන බව විදුලි වෘත්තීය සංගම් පවසයි. අත්තනෝමතික ලෙස විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට විරෝධය පළ කරමින් පසුගිය 04 වන දින සිට විදුලි වෘත්තීය සමිති අකුරට වැඩකිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කළේය. එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ තවත් අදියරක් ලෙස ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රිමායාර්ගය ඊයේ (17) දිනයෙන් ආරම්භ කරුණු ලැබීය. ඒ අනුව එම වෘත්තීය ක්‍රියාමාර්ගය දෙවන දිනටත් අද ක්‍රියාත්මක කෙරෙන බව විදුලි වෘත්තීය සංගම් සඳහන් කළේය. කෙසේවෙතත් සිය ඉල්ලීම සම්බන්ධයෙන් බලධාරීන් විසින් තවදුරටත් නොසලකා හරින්නේ නම් ආරම්භ කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තවදුරටත් තීව්‍ර කරන බව ලංකා විදුලිබල…
ඊශ්‍රායලය ගාසා තීරයේ පලස්තීනුවන්ට එරෙහිව ජන සංහාරයක් සිදුකර ඇති බව එක්සත් ජාතීන්ගේ විමර්ශන කොමිසම පවසයි. ජාත්‍යන්තර නීතිය යටතේ අර්ථ දක්වා ඇති ජන සංහාරක ක්‍රියාවන් පහෙන් හතරක් 2023 දී හමාස් සමඟ යුද්ධය ආරම්භ වූ දා සිට ඊශ්‍රායලය සිදුකර ඇති බවට නිගමනය කිරීමට සාධාරණ හේතු ඇති බව නව වාර්තාවක සඳහන් වේ. කණ්ඩායමක සාමාජිකයින් ඝාතනය කිරීම, ඔවුන්ට බරපතළ ශාරීරික හා මානසික හානියක් සිදු කිරීම, කණ්ඩායම විනාශ කිරීමට සැලසුම් කළ කොන්දේසි හිතාමතාම ඇති කිරීම සහ දරු උපත් වැළැක්වීම. එය ඊශ්‍රායල නායකයින්ගේ ප්‍රකාශ සහ ඊශ්‍රායල හමුදාවල හැසිරීම් රටාව, ජන සංහාරක අභිප්‍රාය පිළිබඳ සාක්ෂි ලෙස උපුටා දක්වයි. ඊශ්‍රායල විදේශ අමාත්‍යාංශය පැවසුවේ එම වාර්තාව “විකෘති හා අසත්‍ය”…
මිනිස් ජාවාරම්කරුවන් විසින් අතරමං කර දමා ගොස් ඇතැයි සැකකෙරෙන පුද්ගලයින් 06දෙනෙකු තලෛයිමන්නාරම වැලිපර ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට ගෙන තිබේ. පසුගිය 13 වනදා සිදුකරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම පිරිස නාවික හමුදා භාරයට ගෙන ඇත. මිනිස් ජාවාරම්කරුවන් විසින් මෙම පිරිස නීතිවිරෝධී ලෙස ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙනවිත් ඇති බව නාවික හමුදා පවසයි. ඔවුන් අවුරුදු 08ත් 56ත් අතර වයසේ පසුවන වව්නියාව, මඩු සහ කොක්කඩිචෝලේ යන ප්‍රදේශයන්හී පදිංචි පුද්ගලයින් බවට අනාවරණය වී තිබේ. ඔවුන් නාවික හමුදා භාරයට ගන්නා අවස්ථාවේදී විජලනයට පත්ව දැඩි සෞඛ්‍ය අපහසුතාවයට ලක්ව පීඩාවට පත්ව සිට ඇති බව වාර්තා වෙයි. එම පිරිස ඉදිරි නීතිමය කටයුතු සඳහා තලෙයිමන්නාරම පොලීසිය…
තමා සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකරන ද්වේශ සහගත සහ අසත්‍ය ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත්කළ බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ අදාළ ප්‍රකාශය නිර්මාණය කළ හා සමාජ මාධ්‍ය හරහා එය ප්‍රචාරය කළ පාර්ශවයන්ට එරෙහිව සිවිල් හා අපරාධ නීතීය යටතේ නඩු පැවරීමට කටයුතු කරන බවය. කොළඹ ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක නිවසක් මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා මිලදීගෙන ඇති බවට මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයක් සිදුව තිබුණි. අදාළ ප්‍රචාරය සම්බන්ධයෙන සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පෙන්වා දෙන්නේ එය සාවද්‍ය සහ අවලාදාත්මක ප්‍රචාරයක් බවය. එම…
