Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
රුපියල් කෝටියකට අධික වටිනා හෂිෂ් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව හිරණ පොලිසිය කියයි. එම පුද්ගලයා සන්තකයේ තිබී හෂිෂ් කිලෝ ගෑම් 1 ක් උපයා ගත් බවට සැක කරන මුදල් රුපියල් 18000 ක් පොලිස් භාරයට ගෙන ඇත. පුද්ගලයකු මත්ද්‍රව්‍ය රැගෙන හිරන ඒජන්ත වංගුව ප්‍රදේශයට පැමිණෙන බවට හිරන පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමීර සිල්වා මහතාට ලද තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.සැකකරු මීට මාස දෙකකට පමණ ඉහතදී එම ප්‍රදේශයේ නිවසකට ගල්කිස්ස ප්‍රදේශයේ සිට කුලී පදනම මත පැමිණ ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම් සහ පොලිස්පතිවරයා එන සතියේ හමුවේ සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ තීරණය කර ඇත. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ආරක්ෂක නිලධාරීන් පාවිච්චි කළ සියලුම වාහන රජය ලබා ගැනීමෙන් ඔහුට ආරක්ෂාව ලබාදීමට බරපතළ ගැටලුකාරී තත්වයක් පැන නැගී ඇති හෙයින් මෙම තීරණයට පැමිණි බව හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ ගමගේ මහතා පැවසීය. හිටපු ජනාධිපතිවරයාට ලබා දී තිබූ වෙඩි නොවදින රථය සහ තවත් වාහන දෙකක් රජයේ දැනුම් දීම අනුව පසුගියදා බාරදෙනු ලැබීය. මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක නිලධාරීන්ට ගමන් කිරීමට මේ වන විට එකම වාහනයක් හෝ නොමැති ඇති බවද මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.
ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. එම නිවේදනය අද (05) රාත්‍රී 11 දක්වා වලංගු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ වයඹ පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බවය. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකියි. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.
තැපැල් සේවාවේ නිරත නිලධාරීන්ගේ වංචනික සහ අකාර්යක්ෂම ක්‍රියාකලාපය හේතුවෙන් තමන් දැඩි අපහසුතාවට පත්ව සිටින බව තැපැල්පති රුවන් සත්කුමාර මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කළේ තැපැල් දිනයට සමගාමීව හපුතලේ තැපැල් කාර්යාලයේ පැවති උත්සවයකකට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ තැපැල්පති රුවන් සත්කුමාර මහතා, “කෝටි ගාණක් ඇඟිලි සළකුණු තියන්නේ නැතිව හොරට OT අරන් තියෙනවා. එහෙම තියෙනකොට අපි මේකට උත්තරයක් දෙන්න ඕනේ නැද්ද? අපේ තියෙනවා වර්ක්ෂොප් එකක්. ඒකේ වාහන හදනවා.. මං දන්නේ නෑ හදනවාද නැද්ද කියලා.. එකේ ඉරිදාට වාහන සර්විස් කරනවා. ඒ කරන්නේ OT එකට සර්විස් කරන්න දෙන්නෙක් ඉන්නවා එතනින් එහාට තව 10 දෙනෙක් විතර ඉන්නවා වාහනේ සර්විස් කරන්න.. වාහනයක් සර්විස් කරන්න පැය…
පවතින අධික වර්ෂාපතනය හමුවේ ඊයේ (04) දිස්ත්‍රික්ක කිහිපයකට අදාළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට පැනවූ නාය යාමේ අනතුරු ඇඟවීම් නිවේදනය අනුව එම ප්‍රදේශ ආශ්‍රිතව ජීවත් වන ජනතාව අවධානයෙන් සිටිය යුතු බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. එම සංවිධානය පැවසුවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරි දින කිහිපය තුළද වැසි අපේක්ෂා කළ හැකි බව මේ වන විට දැනුම්දී ඇති බවය. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ඊයේ දිනයේදී බදුල්ල දිස්ත්‍රික්කයේ හාලිඇල, ඇල්ල, බදුල්ල, පස්සර, කුරුණෑගල දිස්ත්‍රික්කයේ නාරම්මල, මාතලේ දිස්ත්‍රික්කයේ උකුවෙල, රත්තොට, මොනරාගල දිස්ත්‍රික්කයේ බඩල්කුඹුර, බිබිල, නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා විමසිලිමත් බවින් සිටින ලෙස නායයාම් අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කළේය. එම නිවේදනය…
ස්වර්ණාභරණ මිලදීගන්නා මුවාවෙන් මහනුවර නගරයේ ස්වර්ණාභරණ ආයතන වලට ඇතුළු වී ස්වර්ණාභරණ පරීක්ෂා කරන අතරතුර ඊට ව්‍යාජ ස්වර්ණාභරණ තබා නියම ස්වර්ණාභරණ සොරකමේ යෙදුණ බව කියන තරුණ විවාහක යුවළක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. මහනුවර නගරයේ ස්වර්ණාභරණ අලෙවි සැලකින් මහනුවර මූලස්ථාන පොලිසියේ අපරාධ අංශයට ලද දුරකථන ඇමතුමකට අනුව වහාම ක්‍රියාත්මක වී ඇති එහි නිලධාරීන් අදාළ ස්වර්ණාභරණ ආයතනයට ගොස් සැක කටයුතු යුවළ පරීක්ෂා කිරීමේදී ඔවුන් විසින් සොරකම් කරන ලද ස්වර්ණාභරණ සඟවාගෙන සිටියදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. කළාතුඔය ඇතුල්ගම ප්‍රදේශයේ පදිංචිකරුවන් වන එමයුවළ අවුරුදු 20-22 වයසේ පසුවන්නන් බව පොලිසිය කියයි. ඔවුන්ගෙන් ලද තොරතුරු වලට අනුව මහනුවර ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ බැංකු වලට උගස්කොට තිබූ…
බිඳ දැමීමට කරන උත්සහයන් තුළින් තව තවත් බැඳීම් ශක්තිමත් විය හැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි. මහින්ද රාජපක්ෂ මහතා මේ බව පවසන්නේ සිය නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබමිනි. මහින්ද රාජපක්ෂ මහතා මෙසේද කියයි. ජීවිතයෙන් බොහෝ කාලයක් ජනතාව අතර ගතකළ මට ජනතාවගේ ආදරය හුරුපුරුදුය. විශ්වාසය සහ අන්‍යෝන්‍ය ගෞරවය යන කරුණු මත පදනම් වූ ජනතා ආදරය ලාභ අරමුණු වලින් තොර වූවකි. එමනිසා, එහි වටිනාකම අන් කිසිදාටත් වඩා වැඩිය. මෙය දේශපාලනික සම්බන්ධතාවයක් පමණක් නොවූ හෘදයාංගම බැඳීමක් නිසාම බිඳ හෙලීමට ද අපහසු බව කිව යුතුමය. බිඳ දැමීමට කරන උත්සහයන් තුළින් තව තවත් බැඳීම් ශක්තිමත් විය හැක. ජන නායකයෙකු ලෙස ලැබිය හැකි…
ජාතික ජන බලවේග ආණ්ඩුව ඉතාම හොඳින් ලෝකය දිනාගෙන ඉදිරියට යමින් සිටින බව හිටපු අමාත්‍ය එස්.බී. දිසානායක පැවසීය. මේ ගමනේදී ජපානය, චීනය, වියට්නාමය වැනි රටවල් ලංකාවට උදව් කරනු ඇතැයි තමා විශ්වාස කරන බව පැවසූ හිටපු අමාත්‍යවරයා චීන කොමියුනිස්ට් ආණ්ඩුව කළ ආකාරයටම ආයෝජකයන් අතර විශ්වාසය තහවුරු කර අයෝජකයන් රටට නොපමාව කැඳවාගත යුතු බව ද අවධාරණය කළේය. ආණ්ඩුව ශක්තිමත් වෙමින් පවතින බවත් විපක්ෂය දවසින් දවස දුර්වල වෙමින් පවතින බවත් ඔහු පෙන්වා දුන්නේය. එස්බී දිසානායක මහතා මෙසේ පැවසුවේ මාධ්‍ය හමුවක් පවත්වමිනි.
අම්බලන්ගොඩ විහාරස්ථානයක් සංවිධානය කර තිබූ පෙරහරක කාවාඩි නටමින් සිටි 20 හැවිරිදි තරුණයකු හදිසියේම අසනීපවී මරුමුවට පත්වී ඇති බව අම්බලන්ගොඩ පොලීසිය කියයි. මරුමුවට පත්වී ඇත්තේ ඇත්කඳුර තණබද්දෙගම පදිංචි පී.එම්.මහීෂ පභාෂණ නමැති 20 හැවිරිදි තරුණයෙකි. අම්බලන්ගොඩ මාදම්පේ නගරය හරහා වීථි සංචාරය කරමින් සිටියදී කාවාඩි සංදර්ශණයේ යෙදී සිටි මේ තරුණයා නැටීමට නොහැකිව රෝගාතුර වීමෙන් පසු බලපිටිය රෝහලට රැගෙන ගෙනගිය බවද පොලීසිය කියයි. පෙරහරේ කාවාඩි නටමින් සිටියදී රෝගාතුරවූ මේ තරුණයා රෝහලට ඇතුලත් කරනවිටත් මිය ගොස් ඇති බවද පොලීසිය කියයි. ඔහුට වෙනත් කිසිදු බෝනොවන රෝගයක් නොතිබූ බවත් මෙසේ මේ තරුණයා මිය යාම අදහා ගැනීමටවත් බැරි කියාවක් බව පවුලේ ඥාතීහු කියති. අම්බලන්ගොඩ පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර…
රාත්‍රී කාළයේදී පා ගමනින් යමින් සිටි සිව් හැවිරිදි පෙර පාසල් දරුවෙකු විෂ සහිත සත්වයෙකු හෝ කෘමියෙකුගේ සපා කෑමට ලක්ව රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් ඇතැයි මීගොඩ පොලිසිය පවසයි මිය ගිය දරුවා හෝමගම ලෙනගල ප්‍රදේශයේ තිබූ සැණකෙළියක් නැරඹීම සදහා තම සීයා සහ ආච්චි සමගින් පා ගමනින් යන අතරතුර කඩියෙකු තම කකුල සපා කෑ බවට පවසමින් හඩා ඇති බවත් පසුව සැණකෙළිය නරඹන අතරතුර උදරාබාධයක් ඇති වීමෙන් පසු දරුවා නිවසට රැගෙන ගොස් ඇත. අනතුරුට නිවසේ දී දරුවාට වමනය ගොස් දැඩි ලෙස රෝගාතුර වීම නිසාවෙන් හෝමගම මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි ද පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ දැඩිගමුව ලෙනගල සුහද මාවත පදිංචිව…
